ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා
ලිදට ගල් ගසාලා වතුර බොරකරයි මිනිසා
වතුර බොරකරයි මිනිසා ගගට ආවඞයි
ගහේවැල එතීලා යාවී හැදී
පසුව පිළිල වීලා සාරේ යදී
කාලා බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි
ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...
ඉනිමං දමාලා නැගීලා බලයි
එයට පහර දීලා කඩාලා දමයි
අතීතේ නසාලා දිනූවා සිතයි
තිබූ තැනද නැතී වී පරාජේ වැටෙයී
ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...
ගහේවැල එතීලා යාවී හැදී
පසුව පිළිල වීලා සාරේ යදී
කාලා බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි
ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා...