ඔන්න මාත් කට්ටක් දානවා.
මේක brake check කරපු නැති නිසා තව පොඩ්ඩෙන් මගුල් ගෙදරක කෑම miss වෙන කට්ටක්.
මේ වෙඩිම තිබ්බේ නුවර.
ඒකාලේ ගෙදර තිබ්බ වාහනේ වායු සමීකරණ පහසුකම දරාගන්න බැරි තරම් ප්‍රබල නිසා නැන්දගේ Perodua Kenari කාර් එක අරගෙන උදෙන්ම කොළඹින් පිටත් උනා.
වරකාපොල හරිය පහු කරලා ටික දුරක් යද්දී shutter එක පොඩ්ඩක් පහත කරා මොකක් හරි හේතුවකට.
එතකොට ඇහෙනවා යකඩ ඇතිල්ලෙන සද්දයක්. සද්දේ එන්නේ වාහනෙන් බව තේරුණාම ටිකක් ඉස්ස්සරහට ගිහින් නතර කරලා බැලුව.
ඉස්සරහ රීම් එකෙන් තාප විකිරණ නිකුත් කරනවා.

වැඩේ meter උණා වාහනේ brake bind වෙලා කියල.
ඉතින් නැවැත්තුව තැන කිට්ටුව් තිබ්බ garage එකකට ඇල්ලුවා වාහනේ. ගැලෙව්වා ඉස්සරහ රෝද දෙක. ඉස්සරහ disk එකක් ගෙවෙන්නම අතිල්ලිලා තිබ්බ.
අන්තිමට brake pad දාල disk එකක් phase කරගෙන එන්න සිද්ද උනා වරකාපොලටම ගිහින්.
සෑහෙන්න වෙලා නාස්ති උනා මේක නිසා. හැබැයි වැදගත්ම දේ: කෑම මිස් උනේ නෑ
අනුන්ගේ වාහනයක් නිසා අපිට brake engaged කියල meter උනේ නෑ. මේක කලින් adjust කරපු එකා ලෙල්ලටම කරලා තියෙනවා.
නැන්දට දැනුමක් නැති නිසා ඕව ගැන උන් එහෙම කරන්නත් ඇති.

කතාවේ moral එක: වාහනේ ලෙඩ ගැන අහල ඕන වාහනයක් ගන්න.කෙසේ වෙතත් පොඩි test පාරක් දැමීම ඇඟට ගුණයි.