මහින්දගේ මංගල රැලිය බංකොලොත් රැලියක් වෙය

monson

Well-known member
  • May 7, 2007
    25,837
    29,079
    113
    මහින්දගේ මංගල රැලිය බංකොලොත් රැලියක් වෙය

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අද අනුරාධපුරයෙන් ආරම්භ විය. එම රැලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියක් නොවූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවතුන් එය වර්ජනය කිරීම හේතුවෙනි. නිමල් සිරිපාල ද සිල්වා එහි සිටියද ඔහුගේ මුහුණ කළු වී අමනාප ස්වභාවයක් දක්නට ලැබිණි. සිය විපක්ෂ නායකකමට ද කෙලීමට මාන බලන බල පෙරේත මහින්ද දකින විට ඔහුට නයාට අඳුකොළ වැනි තරහක් ඇති වීම ස්වභාවිකය.

    2eptyz7.jpg


    මෙම රැලියේ ජනතාව නොදත් රසවත් තැන් රැසක් ඉදිරිපත් කිරීමට තොරතුරු අප සතුව පවති.

    මෙම රැලිය පස්වරු 2.30ට ආරම්භ වීමට සැලසුම් කර තිබූ අතර ආරම්භ වන විට එම නියමිත වේලාව ඉක්ම ගොස් තිබිණි. ඒ සෙනග අඩුවක් පැවති හෙයිනි. පස්වරු 3.30ට පමණ මහින්ද රාජපක්ෂ ඔහු නැවතී සිටි හෝටලයේ සිට සල්ගාදු ක්‍රීඩාංගණයේ සිටි එස්.එම්. චන්ද්‍රෙස්නට දුරකතන ඇමතුමක් දුන්නේ ක්‍රීඩාංගණයේ සිටින සෙනග සංඛ්‍යාව ගැන ඉඟියක් ලබා ගැනීමටය. ඔහු කීවේ විශාල පිරිසක් සිටින බවයි. එහෙත් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ලෙස ක්‍රියා කරන පොලිස් නිලධාරී පුෂ්පකුමාර ක්‍රීඩාංගණයේ සිටි පොලිස් නිලධාරියෙකුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එහි සෙනග 5000ටත් වඩා අඩු බවයි.

    මෙය දැනගත් වහාම එස්.එම්. චන්ද්‍රෙස්න ඇමතූ මහින්ද රාජපක්ෂ ඔහුට පලු යන්න බනිමින් කීවේ “කෝ ඕයි තමුසෙ කිව්ව සෙනග” කියාය. ඉන්පසු සෙනග ගෙන ඒමට පොරොන්දු වී සිටි මහින්දානන්ද අලුත්ගමගේ (නුවරඑළිය), කුමාර වෙල්ගම (කළුතර), විමල් වීරවංශ (කඩුවෙල), දිනේෂ් ගුණවර්ධන (කොළඹ) ඇතුලු සියලු දෙනා අමතමින් ඇසුවේ “දැන් ඉන්නේ කොයි හරියෙද?” යනුවෙනි.

    ඒ අනුව, මුළු රටෙන්ම අහුලාගත් පිරිසක් දමා ක්‍රීඩාංගණය පුරවන තුරු මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණීයේ නැත. පසුව ඔහු වේදිකාවට ගොඩ වුණු අතර මහින්ද හඳුන්වා දීමට නිවේදකයා කෙතරම් කෑගැසුවද රැස්ව සිටි පිරිස කිසිදු ඔල්වරසන් හඬක් නොනැගීම විමතියට කරුණක් විය. අවසානයේ නිවේදනයාට සිදුවූයේ “ඔබ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පැමිණි සිටිනවා ඔහුට අත්පුඩි ගසා පිලිගන්නා” ලෙස ඉල්ලා සිටීමටය. එම ඉල්ලීම නිසා දෙතුන් දෙනෙකු අත් එසවූ අතර සෑහෙන වේලාවක් ගත වන තුරු මහින්ද අත් වැනුවද ජනතාවගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් ඔහු අසුන් ගත්තේය.

    මහින්ද රාජපක්ෂගේ කතාව හොදින් අසා සිටි පුද්ගලයින්ට වැටහුණේ ඔහු දැඩි කෝපයක් සමගින් මානසික ආතතියක පෙලෙන බවයි. වරෙක ඔහු සදහන් කලේ තමන් පරා (මාළු) හොදින් අදුනන අතර පරයාවත් දන්නා බවයි. මෙය සාමාන්‍යෙයන් ප්‍රසිද්ධ වේදිකාවක කිව යුතු දෙයක් නොවේ.

    මේ අතර, සිය පාලන සමයේ කිසිදු අමාත්‍යවරයෙකුට එතනෝල් බලපත්‍ර නොදුන් බවට කෙප්පයක්ද මහින්ද එහිදී ඇද බෑවේය. ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ මාතලේ අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරාට එම බලපත්‍ර දුන් බවට සාක්ෂි අප සතුව ඇත. එපමණක් නොව ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමි තැබෑරුම් 137ක් රට පුරා විසිරී තිබේ.

    මේ අතර රැලිය නිම වීමෙන් අනතුරුව අප ඇමතූ සන්ධානයේ ආසන සංවිධායකින් රැසක් ප්‍රකාශ කලේ මහින්ද වෙනුවෙන් ජනතාව එකතු කිරීම අසීරු කටයුත්තක් වී ඇති බවයි. එය තේරුම් නොගන්නා මහින්ද සෙනග ගෙනඑන ලෙස තමන්ට බල කරන බව ඔවුහු පැවසූහ.


    - http://lankaleaks.info/2015/07/18/මහින්දගේ-මංගල-රැලිය-බංකො/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,837
    29,079
    113
    තවත් හොර දෙටුවෙක් මහින්දගේ වේදිකාවේ

    රටේ ජනතාව පමණක් නොව සමස්ත අධිකරණ පද්ධතිය ද මුලාවට ලක් කල තවත් ප්‍රභූ හොර දෙටුවෙක් මහින් රාජපක්ෂගේ වේදිකාවට ගොඩ විය. ඔහු අන් කිසිවෙකුත් නොව මෙරට අධිකරණය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කල හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාය.

    වරක් කාන්තාවක සමග පාර්ලිමේන්තුව අසල මෝටර් රථයක් තුල අනඟ රැඟුම් පෑ මො‍හු මහින්ද රාජපක්ෂට එරෙහිව පැවති හෙල්පිං හම්බන්තොට නඩුව යට ගැසූ හොර මගඩියෙකි.

    පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද සමග අමනාප වී ඔහුට බැණ වැදුණු ඔහු කිවේ සුනාමි සොරකම් කල මහින්ද බේරීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවයි.

    එසේ කී මේ වංචාකරුවා එදා මැදමුලන වේදිකාවට ත් අද අනුරාධපුර වේදිකාවටත් ගොඩ වූයේ මහින්ද යලි දිනුවොත් යලිත් සොරා කෑමටය.

    මෙම වේදිකාව මහින්දගේ වේදිකාව ලෙස හැඳින්වූයේ මෙයට මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් දුමින්ද දිසානායක නොපැමිණි හෙයිනි. ඒ අනුව එම රැලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවක් නොවීය.


    - http://lankaleaks.info/2015/07/17/තවත්-හොර-දෙටුවෙක්-මහින්ද/
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ news එකත් ඔය වගේමයි:lol:
    රනිල් මෛත්‍රීපාලට කුණුහරුපයෙන් බැන පහර දීලා.
    ඊයේ රාත්‍රී ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ට සුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් අමු කුණුහරුපයෙන් බැන වදිමින් මෛත්‍රීපාලගේ කාමරය තුල යකා නටා ඇති බව එවේලෙහි එම ස්ථානයේ උන් පුද්ගලයෙක් ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය.
    තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පුද්ගලිකව හමුවීමට අවශ්‍ය බව පවසමින් රාත්‍රී 11.20 ට පමණ ජනාධිපති මන්දිරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සමග සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවේ අරමුණ වූයේ ඊට හෝරා කිහිපයකට පෙරදී ජනපති ජාතිය අමතද්දී සිදුකරන ලද ප්‍රකාශ කිහිපයකුයි. එහිදී කාමරයේ සිටි සියල්ලන්ටම ඉවත් වෙන ලෙස නියෝග කර ඔවුන් දෙදෙනා පැය බාගයකට අධික කාලයක් සාකච්ඡා කර තිබේ.
    බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා කිරීමත්, දුෂ්ඨයා පාවාදෙන්නා ආදී වශයෙන් එජාපයේ අය සිදුකළ චෝදනා ගැන ජාතියටම පැවසීමත්, තමන්ව බේරා ගැනීමට ආණ්ඩුව විසුරවපු බව පැවසීමෙන් තමන් දූෂිතයෙක් බව පැවසීමත ආදී කරුණු ගැන සංවාදයේ අග භාගයේදී රනිල් මෛත්‍රීපාලගෙන් විමසා තිබේ. ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා "මම කිව්වේ ඇත්ත, තමුන්නාන්සේ කරපු වැරදි වලට මට බෙල්ල දෙන්න බෑ" යනුවෙනි. එවිට රනිල් පවසා ඇත්තේ "තමුන්නාන්සේට ඔය පුටුව ලැබුනේ මම හින්දයි" යනුවෙනි. කෝප වූ රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි භාෂාවේ දරුණු කුණුහරුප යොදා ගනිමින් මෛත්‍රීපාලට බැන වැදි ඇත. කාමරයේ සිටි සියල්ලන්ම ඉවත් වුවද දොර ගාව සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන්ට උස් හඬින් සිදුවූ එම සංවාදය හොඳින් ඇසී තිබේ. එකෙනෙහිම ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් දොර හැර ඇතුළු වී ඇත. එවෙලෙහි රනිල් වික්‍රමසිංහ විසින් මෛත්‍රීපාල සිරිසේනගේ කනට පහරක් ගසා ඇති අතර එයින් වේදනාවටත් ලැජ්ජාවටත් පත් වූ මෛත්‍රීපාල අසල ඇති පුටුවක වාඩි වී මේසය මත හිස තබාගෙන තිබේ.
    රනිල් වික්‍රමසිංහව වහාම කාමරයෙන් ඉවතට ගත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ඔහුව පොලිසිය ගෙන්වා අත් අඩංගුවට ගැනීමට කතා කරත්ම රනිල් පවසා ඇත්තේ තමන්ව හැකිනම් අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාලට අභියෝග කරන බවයි. ලැජ්ජාවටත් වේදනාවටත් පත්ව සිටි මෛත්‍රීපාල වහාම කාමරයෙන් එලියට පැමිණ රනිල් වික්‍රමසිංහ වටේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ට ඉවත් වෙන ලෙස දන්වා තිබේ. එසේම එම සිද්ධිය එතන සිටින අයගෙන් පිට යාමට ඉඩ නොතබන ලෙස තම පී එස් ඩී ප්‍රධානියාට දන්වා තිබේ. ජනාධිපති මෛත්‍රීපාලගේ මුහුණේ දකුණු පසින් රතු පාටට අත්ලක ලකුණක් පිහිටා තිබුණ අතර, මෛත්‍රීපාලගේ දකුණු කන් පෙත්තේ යටින් ලේ බිඳු කිහිපයක් වැටෙමින් තිබුණි.
    ජනාධිපති මන්දිරයෙන් එලියට එමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, "අපි මහින්දව එලෝල කරගත්තෙ එක අතකින් මෝඩ කමක්. මේ වගේ නිවටයෙකුට පුලුවන්ද රටක් පාලනය කරන්න. ඊළඟ ඡන්දෙන් අපි දිනුවට පස්සේ දෝශාභියෝගයක් ගෙනවිත් මේකව එලෝලා මම ජනාධිපති වෙනවා" යනුවෙනි

    http://www.elakiri.com/forum/showthread.php?t=1687837
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,837
    29,079
    113
    හිටපු ජනාධිපතිවරයාට ඇති ජීවිත අවධානමට සරිලන අන්දමේ ආරක්‍ෂාවක් සපයා නොතිබූ එම රැළියේදී සිය ජීවිත අවධානමද නොතකා පැයක පමණ කාලයක් ඔහු සිය කතාව පවත්වද්දී රැස්ව සිටි අති වශාල ජනතාව ඉතා හැඟීම්බර විය. මැදිවිය ඉක්වමූ කාන්තාවන්, හැඩි දැඩි පිරිමින් පිටියේ තැන තැන රහසින් කඳුළු පිසිනු සුලභ දසුනක් විය. විටෙක ඔවුහු අත් ඔසවා මහ හඬින් අත්පොලසන් දුන්හ. තවත් විටෙක දැහැනකට සමවැදී මෙන් මේ ප‍්‍රතාපවත් මිනිසාගේ කතාව අසා සිටියේය. :lol:

    - l a n k a c n e w s . c o m/sinhala/main-news/133750/
     
    • Like
    Reactions: Robin*Hood

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol: අනේ මන්දා දැන් මොනවා ඇත්තද මොනවා බොරුද කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,691
    100,994
    113
    කෙලින්ම කතාව අහන එක හොදයි දෙපැත්තෙන් මොන පැත්තක ඇහුවත්. පට්ට පල් බොරු මුන් ලියන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    Bitch please russian fairy tales...

    Perhaps the most creative storytellers in whole wide world are sri lankans :lol:

    It's somewhat entertaining to see both parties slinging mud at each other :rofl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    S.B. Dissanayake, Shantha Bandara and Sarath Amunugama too were not seen among members who took part in the rally.

    Although Opposition Leader Nimal Siripala de Silva attended the rally, he looked stressed and pensive.

    - https://www.colombotelegraph.com/in...minda-boycotts-his-rival-gets-new-electorate/

    බොරු කියන්ඩ එපා යකෝ ශාන්ත බණ්ඩාර හිටියෙ සරත් අමුණුගම මේපාර ඉල්ලන් නෑනෙ දිලුම් අමුණුගම හිටියෙ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිටපු ජනාධිපතිවරයාට ඇති ජීවිත අවධානමට සරිලන අන්දමේ ආරක්‍ෂාවක් සපයා නොතිබූ එම රැළියේදී සිය ජීවිත අවධානමද නොතකා පැයක පමණ කාලයක් ඔහු සිය කතාව පවත්වද්දී රැස්ව සිටි අති වශාල ජනතාව ඉතා හැඟීම්බර විය. මැදිවිය ඉක්වමූ කාන්තාවන්, හැඩි දැඩි පිරිමින් පිටියේ තැන තැන රහසින් කඳුළු පිසිනු සුලභ දසුනක් විය. විටෙක ඔවුහු අත් ඔසවා මහ හඬින් අත්පොලසන් දුන්හ. තවත් විටෙක දැහැනකට සමවැදී මෙන් මේ ප‍්‍රතාපවත් මිනිසාගේ කතාව අසා සිටියේය. :lol:

    - l a n k a c n e w s . c o m/sinhala/main-news/133750/

    meka dakala matath anduna thani ahata :)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අමාත්‍ය පී. හැරිසන් මහතාගේ පෝස්ටරයක් විකෘති කළ බව කියන 12 හැවිරිදි දරුවෙකුට දණගස්වා ඇමැති ආධාරකරුවෙකු පහරදී තිබෙනවා.රාජාංගනය, යාය 10 විද්‍යාලය ඉදිරිපිටදී එම පහරදීම සිදුකර ඇති බව සඳහන්.මේ වනවිට දරුවා රාජාංගනය රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සිංහ ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළා.සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.සිද්ධිය සම්බන්ධයෙන් සිංහ ප්‍රවෘත්ති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා.එහිදී ඔවුන් සඳහන් කළේ, එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය පී. හැරිසන් මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත්, එය ව්‍යර්ථ වුණා.
    (ආශිකා බ්‍රාහ්මණ)
    අද රෑ නිවුස් බලපන්