මහින්දගේ මංගල රැලිය බංකොලොත් රැලියක් වෙය
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය අද අනුරාධපුරයෙන් ආරම්භ විය. එම රැලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියක් නොවූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවතුන් එය වර්ජනය කිරීම හේතුවෙනි. නිමල් සිරිපාල ද සිල්වා එහි සිටියද ඔහුගේ මුහුණ කළු වී අමනාප ස්වභාවයක් දක්නට ලැබිණි. සිය විපක්ෂ නායකකමට ද කෙලීමට මාන බලන බල පෙරේත මහින්ද දකින විට ඔහුට නයාට අඳුකොළ වැනි තරහක් ඇති වීම ස්වභාවිකය.
මෙම රැලියේ ජනතාව නොදත් රසවත් තැන් රැසක් ඉදිරිපත් කිරීමට තොරතුරු අප සතුව පවති.
මෙම රැලිය පස්වරු 2.30ට ආරම්භ වීමට සැලසුම් කර තිබූ අතර ආරම්භ වන විට එම නියමිත වේලාව ඉක්ම ගොස් තිබිණි. ඒ සෙනග අඩුවක් පැවති හෙයිනි. පස්වරු 3.30ට පමණ මහින්ද රාජපක්ෂ ඔහු නැවතී සිටි හෝටලයේ සිට සල්ගාදු ක්‍රීඩාංගණයේ සිටි එස්.එම්. චන්ද්‍රෙස්නට දුරකතන ඇමතුමක් දුන්නේ ක්‍රීඩාංගණයේ සිටින සෙනග සංඛ්‍යාව ගැන ඉඟියක් ලබා ගැනීමටය. ඔහු කීවේ විශාල පිරිසක් සිටින බවයි. එහෙත් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ලෙස ක්‍රියා කරන පොලිස් නිලධාරී පුෂ්පකුමාර ක්‍රීඩාංගණයේ සිටි පොලිස් නිලධාරියෙකුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එහි සෙනග 5000ටත් වඩා අඩු බවයි.
මෙය දැනගත් වහාම එස්.එම්. චන්ද්‍රෙස්න ඇමතූ මහින්ද රාජපක්ෂ ඔහුට පලු යන්න බනිමින් කීවේ “කෝ ඕයි තමුසෙ කිව්ව සෙනග” කියාය. ඉන්පසු සෙනග ගෙන ඒමට පොරොන්දු වී සිටි මහින්දානන්ද අලුත්ගමගේ (නුවරඑළිය), කුමාර වෙල්ගම (කළුතර), විමල් වීරවංශ (කඩුවෙල), දිනේෂ් ගුණවර්ධන (කොළඹ) ඇතුලු සියලු දෙනා අමතමින් ඇසුවේ “දැන් ඉන්නේ කොයි හරියෙද?” යනුවෙනි.
ඒ අනුව, මුළු රටෙන්ම අහුලාගත් පිරිසක් දමා ක්‍රීඩාංගණය පුරවන තුරු මහින්ද රාජපක්ෂ එම ස්ථානයට පැමිණීයේ නැත. පසුව ඔහු වේදිකාවට ගොඩ වුණු අතර මහින්ද හඳුන්වා දීමට නිවේදකයා කෙතරම් කෑගැසුවද රැස්ව සිටි පිරිස කිසිදු ඔල්වරසන් හඬක් නොනැගීම විමතියට කරුණක් විය. අවසානයේ නිවේදනයාට සිදුවූයේ “ඔබ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පැමිණි සිටිනවා ඔහුට අත්පුඩි ගසා පිලිගන්නා” ලෙස ඉල්ලා සිටීමටය. එම ඉල්ලීම නිසා දෙතුන් දෙනෙකු අත් එසවූ අතර සෑහෙන වේලාවක් ගත වන තුරු මහින්ද අත් වැනුවද ජනතාවගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් ඔහු අසුන් ගත්තේය.
මහින්ද රාජපක්ෂගේ කතාව හොදින් අසා සිටි පුද්ගලයින්ට වැටහුණේ ඔහු දැඩි කෝපයක් සමගින් මානසික ආතතියක පෙලෙන බවයි. වරෙක ඔහු සදහන් කලේ තමන් පරා (මාළු) හොදින් අදුනන අතර පරයාවත් දන්නා බවයි. මෙය සාමාන්‍යෙයන් ප්‍රසිද්ධ වේදිකාවක කිව යුතු දෙයක් නොවේ.
මේ අතර, සිය පාලන සමයේ කිසිදු අමාත්‍යවරයෙකුට එතනෝල් බලපත්‍ර නොදුන් බවට කෙප්පයක්ද මහින්ද එහිදී ඇද බෑවේය. ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ මාතලේ අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරාට එම බලපත්‍ර දුන් බවට සාක්ෂි අප සතුව ඇත. එපමණක් නොව ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමි තැබෑරුම් 137ක් රට පුරා විසිරී තිබේ.
මේ අතර රැලිය නිම වීමෙන් අනතුරුව අප ඇමතූ සන්ධානයේ ආසන සංවිධායකින් රැසක් ප්‍රකාශ කලේ මහින්ද වෙනුවෙන් ජනතාව එකතු කිරීම අසීරු කටයුත්තක් වී ඇති බවයි. එය තේරුම් නොගන්නා මහින්ද සෙනග ගෙනඑන ලෙස තමන්ට බල කරන බව ඔවුහු පැවසූහ.
- http://lankaleaks.info/2015/07/18/මහින්දගේ-මංගල-රැලිය-බංකො/

Last edited: