ඔන්න ඉතින් කතා නැති එකේ මම කතාවක් කොටන්ඩ යන්නේ

මේක මගේ පලවෙනි කට්ට

හැබැයි පොලා මාමි වගේ ලස්සන නැති වෙයි
මේක ඉතින් අවුරුදු 15 කට විතර කලින් වෙච්ච එකක් හොදේ
මන් එතකොට පොඩි එකා
අපේ බාප්පාගේ පුතාල බෝර්ඩ් වෙලා හිටියේ st තෝමස් කොලේජ් එකේ ගුරුතලාවේ
ඉතින් දවසක් මේයාලව නිවාඩුවට අරන් එන්ඩ යද්දි මටත් එන්ඩ කිවුව තනි නොතනියට යන්ඩ
මමත් ඉතින් කම්මැලි කමට ගියා
අපි ගියේ එයාගේ land rover එකේ
පාන්දර 4 ට විතර තමයි ගමන පටන් ගත්තේ
මෙන්න ඉතින් අපි යනවා අවීස්සාවෙල්ල හරියට යන්ඩ පුළුවන් shortcut එකකකින්
එක පැත්තක කන්ද අනිත් පැත්තේ පල්ලම පාරත් පටුයි
බාප්පා තමයි driver මම අනිත් පැත්තේ ඉදන් නිදි කිරනවා තාම එලිය වැටිලාත් නැහැ
අපිට වැඩි දුරක් යන්ඩ හම්බුන්නැහැ එක පාරටම දඩබඩොන් ඩොන් ඩොන් .......
ගාල මම හිටිය පැත්ත බිම
මව උඩ ගිහින් බිම වැටුන බිම කිවුවට seat එකේ හරිද
බැහැල බැලුවහම තමයි තරු පෙනුනේ
හබෙයි ඉතින් මට නම් බහින්ඩ දෙයක් නැහැ කොහොමත් බිම වගේ තමයි
බෙලුවහම මන් හිටිය පැත්තේ ඉස්සරහ රෝදේ නැහැ අනික කළුවරේ
ඩ්රම් එක තාර පාරට උම්මා දෙනව
ටෝර්ච් එකකුත් නැහැ ලග පාත ගෙවල් ඇත්තෙත් නැහැ
කරන්ඩ දෙයක් නැතිතැන පොඩ්ඩක් එළිය වැටෙනකන් හිටිය ඊට පස්සේ රෝදේ හොයන්ඩ ගියා
හම්මෝ රෝදේ තනියම කැලේ කඩාගෙන කම්බි වැටවල් වලින් රිංගල පල්ලම් බැහැල
හැබැයි වැඩේ හුගක් දරුණු නැහැ
ඇන කෙඩිලත් නැහැ ඩ්රම් එකෙත් shape වගේ landrover හින්ද හෙන හයයි මන් හිතන්නේ
ඔන්න ඉතින් බප්පයි මමයි ගිහිල්ල අමාරුවෙන් උඩට අරන් ආවා රෝදේ
දැන් කෝ යකුනේ රෝදේ හයිකරන්ඩ nut
අනේ ඉතින් දැන් ආපු පාර දිගේ යනවා වැටිච්ච nut බලබලා
හම්බුනාද නැත නැත .... හම්බුනේ නැත
බාප්පාගේ ටිකිරි මොලේ දාලා ගැලෙවුව අනිත් රෝද වල nut 4 න් එක එක
දැන් අපිට nut 3ක් අතේ
ඊට පස්සේ shape එකේ අඩ තිය තිය jakaව නැග්ගුව රෝදේ දාගන්ඩ පුළුවන් ගානට
ගලව ගත්තු nut වලින් රෝදේ හයිකර ගත්ත
ඊට පස්සේ ඉතින් කිසි අවුලක් නැතුව ගමන ගිහින් ආවා
ගමනට කලින් දවසේ ටයර් මරුකරපු එකා හරියට තද කරලා තිබිල නැහැ
කියවූ ඔබ සැමට ඉස්තුති .......