
බොරු කතා කියන්න එපා බං.... විදුරුවයි දොරකයි කතා නම් කිව්වේ නෑ...... ඔය වීදුරුවට යටින් තියෙන බක්කිය සම්පූර්ණයෙන් ගහන්න ඕනා කියලා තමා කිව්වේ......

ගොඩින් බේරන්න බෑ...... ඔක්කොම ඩෑෂ් බෝඩ් පවා ගලවලා තමා කරන්න ඕනා කිව්වේ...... ඒ නිසා තමා දාලා ගියේ හදන්න......

නැතුව මම මේන් මෙතන දිරලා.... මෙතන දිරලා..... ඒ උනාට එතන හදන්න එපා..... ආන් මේන් මෙතන හැදුවට කමක් නෑ..... ආ මෙතන නම් එපා ...... එහෙම කියලා ගියේ නෑ......
මම ඕක ගෙනත් දැම්මේ වතුර ඈතුලට එනවා...... ඒක හදලා දෙන්න කියලා මිසක්.... මේ මේ තැන් හදන්න... මේ මේ තැන් එපා කියලා නෙවේ.......

එදා මට නම් කිව්වේ නෑ වීදුරු ගලවන්න ඕනා වතුර යන එක නවත්තන්න නම් කතාවක්.... එහෙම කිව්වා නම් ඒකත් කරවනවා.... මොකද මට මූලික උවමනාව උනේ වතුර ඈතුලට එන එක හදලා ගන්න......
මොකද ඕක මම විකුණගන්න හැදුවේ ඔය වතුර ප්රශ්නේ හදලා...... මොකද නැත්නම් මේක ගන්න එකා.... කලින් මට විකුණපු එකාට මම හිතෙන් බැන බැන ඉන්නවා වගේ..... මටත් බනින නිසා.......

මොකද ඔය වතුර එන එකෙන් මට වාහනේ එපා උනා.....

මාස නවයයි නේද.....??

අදමයි මම ඈහුවේ නවත්තලා තියෙනකොට වාහන දිරනවා..... දුවනවා නම් දිරන්නේ නෑ කියලා........
මට ආයේ ආයෙත් කියන්න තියෙන්නේ..... මම කිව්වේ වාහනේ වතුර ඈතුලට එන එක හදලා දෙන්න මිසක්..... මේ මේ තැන හදන්න.... මේ මේ තැන එපා කියලා නෙවේ.......
වයරින් එක ඈතුලෙන් එක වයර් කෑල්ලක් නොපෙනෙන්න තිබුනේ ඕක මම ගෙනත් දානකොට හදන්න......

ඒත් ඒක හදාගෙන ආවට පස්සේ.... වයර් ඔක්කොම වැල මදුල වගේ එල්ලි එල්ලි තිබ්බේ.......

මම හදන්න ගෙනාව දවසෙම දහ අතේ ඈහුවා...... වයරින් එක අදින්නේ වයරින් බාස් කෙනෙක් නේද කියලා...... ඔව් කියලනේ කිව්වේ..... ඒ උනාට වයරින් එක ඈද්දේ ඔයාගේ මල්ලි නේ.......

මොකද මම දන්නවා ඔය පරණ වාහන වල වයරින් එක පරිස්සමින් ඈද්දේ නැත්නම් වැඩේ අල වෙන බව.......

ඒකයි මම දහ අතේ ඈහුවේ ඒක......!!
ගෙදර ගෙනාව දවසෙම.... ස්ටාර්ට් නොවී මම ආයේ කෝල් කරලා කිව්වා මතක ඈති නේ මේක ගෙනත් නැවැත්තුවට පස්සේ ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා....!! ඒ වයරින් එක කාලා තිබ්බ නිසා.......
ආයේ දවසක ආව එකට හේතුව ==>> AC එකේ ගෑස් බට ගලවලා නිසා..... AC එක හදන්න යන්න කලින්.... වයිෆ් කිව්වා කෝකටත් වතුර ටිකක් දාලා බැලුවද වතුර එනවද කියලා..... මමයි කිව්වේ ඕනා නෑ..... වතුර හෝස් එක අල්ලලම බැලුවා කියලා ගැරේජ් එකෙන් කිව්වා කියලා..... මම වතුර දාලා බලන්න නොගියේ.... උඹලගේ තැන ගැන තිබ්බ විශ්වාසෙට වගේම සංකපාලයා මගේ ෆිට් එක බව දන්න නිසා උඹලා මට අවුලක් නොකර වාහනේ හදලා දෙයි කියලා හිතලා......

ඒත් එයා සැකේට ගෙදර තේ හදන කෝප්පෙන් වතුර එකක් ගෙනල්ලා ඉස්සරහා වීදුරුවට ඩ්රයිවර් සයිඩ් එකට වක් කරේ..... එතකොට මොකද උනේ.... කලින් වගේම වතුර එනවා...... අනිත් පැත්තටත් වතුර දාලා බැලුවා.... ඒකත් එහෙමයි...... කලින් වගේමයි........

ඒ ගමන තමා මම උඹට කෝල් කරලා කිව්වේ මෙහෙමයි කියලා..... එහෙම කියලා තමා ආයේ අරන් ආවේ..... ඒ වෙලාවේ මොකද කිව්වේ....... බ්රේක් සේව් එක ලග රබර් වොෂර් එකෙන් එන්නේ..... AC බට ඈතුලට යන තැනින් එන්නේ කියලා උඹලා ශේප් උනා..... හා නැද්ද කියපන්කෝ......??
මම ඉතින් උඹලා පිලිගන්නේ නැත්නම් තවත් කතා කරලා වැඩක් නැති නිසා ගෙදර අරන් ආවා.......

දොර යට චෑසියෙත් වතුර කියලා හිලක් විදලා දැම්මේ අන්න එදා.... මතක ඈතිනේ.....??
මම බ්රේක් හදන තැනකට ගිහින් දැම්මහම ඌ කිව්වා..... මෙතනින් කොහේ වතුර එන්නද කියලා..... AC හදන තැනකට දැම්මහම උනුත් කිව්වේ ඒකම තමා..... ඉතින් තව කතා කරලා වැඩක් නෑ නේහ්......??
මම කතා කරන්නේ.... මම හදන්න දැම්ම වැඩේ ඔයාලගේ ගැරේජ් එකෙන් නොවිච්ච එක ගැන මිසක්.... වෙනත් දෙයක් ගැන නෙවේ........

කලින් දිරලා තිබ්බේ නැති ඒවා දැන් දිරලා කියලා කියනවා නෙවේ මම.....

එහෙම නොදිරා තියන්න මොකද මේ දේවල් සදාකාලිකයෑ.......

මම කතා කරන්නේ වතුර එන ප්රශ්නේ විසදුවේ නැති එක ගැනයි......

ඔව් බං කතා නොකර ඉමු...... මේ ටික බැලුවහම තේරෙනවනේ බං පෑස්සිලියි වැඩ වලයි හැටි......
මේ බලපන් කෝ මෙතන..... ඔහේ තහඩුව තියලා ගහලා තියෙන හැටි.......
හරි අපි ඒක පැත්තකින් තියමුකෝ......
පාස්සපු ඒවායෙත් හිල්..... ඈයි බං එහෙම....??
උඹම නිකන් හිතලා බලපන්.... මේ වැඩ ටිකට තහඩු ෂීට් එකකින් 1/8 ක් වත් ගිහින්ද කියලා......??
ඔන්න පහක් ගත්ත හැටි...... ඕක ගෙනත් දාපු දවසේ දුන්නා (නෙවේ ඉල්ලුවා) 3000/= ක්..... ඊට පස්සේ දවසක මම බලන්න ආව වෙලාවක ඈන්ටි අතට දුන්නා 5000/=ක්..... වාහනේ අරන් යන්න ආව දවසේ දුන්නා 7000/= ක්..... දැන් ගාන එකතු කරලා බලමු අපි.......

(වෑඩේ සැක නම් අන්න මම FB එකේ සංකයට යවලා ඈති මම සල්ලි දුන්න හැටි ගැන ලියපු කොලේ ෆොටෝ එකක්)
මට ප්රශ්නේ පහලොවක් නෙවේ තිස් දහක් හරි අරන් මගේ වැඩේ හරියට උනේ නැති එකයි......

ඔය කියලා තියෙන විදිහට... මේන් මෙතන හැදුවේ නැත්නම් ඈතුලට වතුර එන එක නවත්තන්න බෑ කිව්වා නම්..... මම එපා කියනවද බං ඕවා හදන්න....?? මම එහෙනම් ඒකත් හදපන් කියනවනේ..... මොකද මගේ ප්රධාන ප්රශ්නේ ඈතුලට වතුර එන එක නිසා.......

ඔන්න ඈත්තම කතා කරා...... අපි මීට වඩා ඕක ගැන කතා නොකර ඉමු.... ගිය දේ ගියා..... දැන් ඕක කතා කරලා වැඩක් නෑ...... පාඩුව මට...... මට ඕනා උනේ වාහනේ වතුර ඈතුලට නො එන්න හදා ගන්න.... නමුත් ඒක උනේ නෑ...... දැන් එක ගැන තව කතා කරත් ඔච්චරනේ..... ඒ නිසා ආයේ කතා නොකර ඉමු.....එච්චරයි.......
මේ ටික ටයිප් කරෙත්..... සංකපාලයා කිව්ව නිසා.... ත්රෙඩ් එකේ උත්තරයක් දාන්න කියලා...... නැත්නම් හරිදු කිව්වා ඕක ආයේ අදින්න එපා කියලත්........
අවුලක් නෑ.... හරිදුවගේ යාළුවා වැඩේ ගොඩ දාලා දෙයි දැන්.....