ඇති යාන්තම් උඹට ඇත්ත කියවිල තියෙනව. ඉන්දියන්, මැලේසියන් ලබ්බවල් ගන්නවට වඩා හොඳයි පරණ ජපන් ලඩියක් ගන්න එක කියල කියපු මනුස්සය දැන් මරුටියක් හරි කමක් නෑ අවුරුද්ද අලුත් එකක් ගනින් කියනවා.
ඕක තමයි තත්වෙ. වැඩ දන්න, ගරාජ් ගානෙ ලගින්න වෙලාව තියෙන අයට හොඳ උනාට, මම වගේ මාසෙ පඩියෙන් ජීවත් වෙන, එදිනෙදා පාවිච්චියට වාහනයක් හොයන අයට පරණ කුණු ගොඩවල් අරන් හරියන්නෙ නෑ.
අතේ තියෙන ගානට අවුරුද්ද අලුත් කාර් එකක් ගන්න මම ලන්කාවෙ කවුරුත් ලේසියෙන් අත නොගහන වාහන ගත්ත.
මුලින්ම Mitsubishi Minica 2003-2Door ගත්තෙ එකක්. ඒකත් ඩුප්ලිකේට් පේපර්, ගත්තෙ 8කට. අවුරුද්දක් විතර පැදල විකුණන්න දාල සති 3කින් වික්කා. ගත්තු පොර ලීස් එකකුත් දාගත්ත. මට පොඩි ලාබෙකුත් තිබුනා.
ඊට පස්සෙ ගත්තෙ Ford Laser Lidea (Wagon) එකක්. මම මේ මොඩල් එකේ වෙන කාර් එකක් තාම දැකල නෑ. නමුත් පාර්ට්ස් ඔක්කොම තිබ්බා. අඩු පාඩු ඔක්කොම හදල ඒකත් වික්කා. ඉක්මන් එකේ දවස් 9යි. ලාබ පාඩු නෑ, තිබ්බ අඩු පාඩු ඔක්කොම හැදුව නිසා.
දැන් තියෙන්නේ කිරි කිරි FIAT Grande Punto 2007 කාර් එකක්. ටික කාලෙකට ඇති.
මම මෙහෙම කිව්වෙ, දැන් වාහන ගැන අහල දාන ත්රෙඩ් ඔක්කොගෙම කට්ටිය කියන විදියට කරානම් මම දැන් පදින්නෙ නමසිය අනූ ගණන් වල FB14, AE 100, පුන්ටො එකේ ගානට.