oke market price eka kohomada bn? thel keeyak witara karanawada?
math hena asai cefiro j31 ekatai bluebird sylphy ekatai.
මචන් ඕක බ්රෑන්ඩ් නිව් ගත්ත ෆාදර් ඉන් ලෝ කාරයගේ යාලුවෙක් කිලෝමීටර් 2000ක් ද කොහෙද දුවල තිබ්බේ. පලවෙනි සර්විස් එක විතරයි කරල තිබ්බේ. ඌ මොකක්ද හෙන බිස්නස් හුටපටේකට හිරවෙලා ඕක දුන්නේ මට. ඒ දවස්වල අපිට ඌ සල්ලි වගයක් නයත් තිබිලා අපේ කාර් එකක් දීලා බැලන්ස් එකට හිලව් කරලා හෙන මගුලක් කරලා ගත්තේ. මගේ එක 2014 නේ අව්රුද්ද ඉතින් ඒ අව්රුද්දෙම ඇලියොන් එකක ගාන වගේ වෙයි.. මොකද ඇලියොන් කියන්නේ 2007 මොඩල් එකක්. (ෆේස්ලිෆ්ට් කලාට ) මේක කෙලින්ම 2013 මොඩලයක්..
තෙල් නම් මචෝ මේකයි සීන් එක. මෙහෙම කියන්නම්කෝ, මම තනියෙන් කවදාවත් ඕකේ තෙල් ටැන්කියක් ඉවරකරල නෑ. වයිෆ් එලවනකොට 10ක් විතර කරනවා, හැබැයි මම එලවද්දි 7.5-7.8ක් වගේ තෙල් කරන මම පදින 120 එක වයිෆ් එලවද්දි 5.5ක් වගේ තමා තෙල් කරන්නේ. හිතාගනින්කෝ ඉතින්..
මම එල්ලෙව්වොත් 12න් එහානම් කරයි මචන්





