Marvel Cinematic Universe [Phase 3]

Status
Not open for further replies.

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Marvel ලගේ Phase 1 සහ phase 2 එකට අදාල ෆිල්ම්ස් ටීවී සිරිස් මොනාද ඒවා හරියට ගැලප ගන්නේ කොහොමද කියල කලින් thread 2ක් දාලා තියෙනවා.
    බලපු නැති අයට {Marvel Cinematic Universe [Phase 1]} {Marvel Cinematic Universe [Phase 2]}
    දැන් කියන්න යන්නේ දැනට තවමත් marvel ලගේ release වුන නැති ෆිල්ම්ස් ටීවී සිරිස් මොනාද කියල. ඒවා තවමත් release වෙලා නැති නිසා හරි order එකට ගලපන විදිය දන්නා කියන්න බෑ. ඒ නිසා ෆිල්ම්ස් ටීවී සිරිස් release වෙන පිලිවලටයි දන්නා වෙන්නේ. හැබැයි තව දෙයක් මතක් කරන්න ඕනි. අපි කලින් පොස්ට් දෙකේ කතා කලේ දැනට release වුන ෆිල්ම්ස් ටීවී සිරිස් ගැන විතරනේ. ඒ වගේම phase 2 Ant Man එකෙන් ඉවර වෙනවා කියලත් කිව්වා.හැබයි ෆිල්ම් එකක් විදියට Ant Man වලින් ඉවර වුනාට Captain America: Civil War (Phase 3 පටන් ගැනීම) වෙනකම් තියෙන ටීවී සිරිස් ටික phase 2 එකටයි අයත් වෙන්නේ.



    25. Agents of S.H.I.E.L.D. (S03)

    32229fc4_o.jpeg


    ලබන මාසේ 29 වෙනිදා සීසන් 3 පටන් ගන්නවා. මේ සීසන් එක ලබන අව්රුද්දෙ පෙබරවාරි 23 තම ඉවර වෙන්නේ ඒ නිසා මේකත් Phase 2 එකට තම අයිති වෙන්නේ.





    26. Jessica Jones (S01)

    354318e1_o.jpeg


    marvel ලගේ පටන් ගන්න අලුත්ම ටි සිරිර්ස් එක මේ අව්රුද්දෙ දෙසැම්බර් මුල් සතියේ වගේ පටන් ගන්නවා.මේ ටීවී සිරිස් එක netflix විකාශනය කරන නිසා daredevil වගේ ඔක්කොම episode ටික එක දවසෙම දෙන්නත් පුළුවන්. ඒ වගේම Jessica Jonesගැන කිව්වොත් මෙය කොමික් වල එන්නේ මැට් ගේ (Daredevil) බොඩිගාඩ් විදියටයි. හැබැයි මෙය daredevil වලටනම් සම්බන්ද වෙන එකක් නෑ.. මොකද Daredevil සීසන් 1 එකේදී අපි මෙයාව දැක්කේ නෑ ..ඒ වගේම සීසන් 2 එකට සම්බන්ද වෙයි කියල හිතන්නත් අමාරුයි. ඒ වගේම Jessica Jones ගේ husband වන Luke Cage ගේත් වෙනම ටීවී සිරිස් එකක් එනවා..ඒ ගැන ඉස්සරහට කියන්නම්..





    27.Daredevil (S02)

    a5bf583c_o.jpeg


    මේකේ සීසන් 2 පටන ගන්නවා ලබන අව්රුද්දෙ අප්‍රේල් මාසේ..මේක තම MCU Phase 2 එකේ අන්තිම.. මෙතනින් marvel ලගේ Phase 2 ඉවර වෙනවා. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි.




    28. Captain America: Civil War

    5da1bbc5_o.jpeg


    MCU එකේ Phase 3 එක මෙතනින් පටන් ගන්නවා. ඒ වගේම Phase 3 එකේ ඔවුන් ඉදිරපත් කර ඇති ෆිල්ම්ස් වලින් වඩාත්ම ජනප්‍රියම ෆිල්ම් එක එක තමයි මේක. එකට හේතු ගොඩක් තියෙනවා. ඉන් ප්‍රධානම දේ තම මෙතෙක් කාලයක් MCU නොදැකපු Spider Man ගේ සම්ප්‍රාප්තිය. ඒ වගේම මෙහි Cap සහ Iron Man සුපිරි වීරයන් ගේ කණ්ඩයක් දෙකක සිතල යුද්දය, Spideman ඇතුළු තවත් අලුත් සුපිරි වීරයන්ගේ පැමිණීම, අවසානයේ cap මිය යනවයි යන මතවාදය මෙහි ජනප්‍රියත්වයට තවත් හේතු වේ. මගේ මතයට අනුවනම් මේකෙදි cap මිය යන්නේ නෑ .කොහොම වුනත් එක දන ගන්නනම් ෆිල්ම් එක release වෙනකම්ම ඉන්න වෙනවා. මේක 2016 මැයි 3 වන දින තිරගත් වීමට නියමිතයි.





    29. Doctor Strange

    c3f8868b_o.jpeg


    මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙන්නේ මන් අසම කරන කෙනක් වෙන Benedict Cumberbatch. දන්නවා ඇතිනේ sherlock ටීවී සිරිස් එකේ මෙය රගපම. මේ ෆිල්ම් එක 2016 නොවැම්බර් 4 වන දින තිරගත වීමට නියමිතයි.





    30. Luke Cage (S01)

    ac356d25_o.jpeg


    මන් කලින් කිව්වා වගේ Jessica Jones ගේ husband තම Luke කියන්නේ. මෙයාගේ ටීවී සිරිස් එකක් වෙනම එනවා 2016 දෙසැම්බර් මාසේ.





    31. Guardians of the Galaxy Vol. 2

    7ce6a8ac_o.jpeg


    2017 මැයි 5 වන දින තිරගත් වීමට නියමතය.





    32. Spider-Man

    8a07138a_o.jpeg


    අවරුදු ගානක් Mravel ල කරපු සටනක ප්‍රතිපලයක් තම මේ ෆිල්ම් එක.. ඒ Sony සමාගමට අයිතව තිබුන Spider -Man ව Mavel ලගේ ෆිල්ම්ස් වලට යොදා ගැනීමට අවසර ලැබීමයි. මන් කලින් කිව්වා වගේ Civil War එකේ තම Spider-Man ව marvel ලගේ ෆිල්ම් එකක ඉස්සෙලම දකින්න ලැබෙන්නේ. හැබැයි Timeline එක ගැන කිව්වොත් මන් හිතන විදියට මේ ෆිල්ම් එක Civil War එකට කලින් එන කතාවක් වෙන්න ඕනි. මොකද Civil War එකේදී spider ගැන හැදින්වීමක් යන අවස්ථාවක් නැති විය හැකි නිසා. ඒවගේම මේ ෆිල්ම් එකට Marvel ල තම හරි Title එකක් දීල නෑ .. ගොඩක් අය එක එක ඒවා පාවිච්චි කරනවා. Untitled Spider-Man, Untitled Spider-Man Reboot, The Spectacular Spider-Man වගේ. 2017 ජුලි 28 මෙය තිරගත් වීමට නියමිතයි.





    33. Thor: Ragnarok

    5f2b0308_o.jpeg


    තෝ චිත්‍රපට මාලාවේ 3 වැනි ෆිල්ම් එකයි මේ. 2017 නොවැම්බර් 3 වන දින තිරගත වීමට නියමිත වේ.





    34. Iron Fist (S01)

    9408138c_o.jpeg


    Netflix මගින් telecast කිරීමට නියමිත මේක marvel ලගේ තවත් ටීවී සිරිස් එකක්. 2017 අග භාගයේදී වගේ බලාගන්න පුළුවන්.





    35. Avengers: Infinity War – Part 1

    7c277c37_o.jpeg


    Avengers චිත්‍රපට මාලාවේ 3 වැනි ෆිල්ම් එක. MCU එකේ එන මුල් ෆිල්ම්ස් වලදී සිට එන Infinity Stones හා සම්බන්ද වීමක් වේ. 2018 මයි 8 දින නිකුත් වීමට නියමිත වේ.





    36. Black Panther

    fb835808_o.jpeg


    කලින් Civil War එකේදී සදහන් කරපු තවත් එක සුපිරි වීරයෙක් ගැනයි මේ ෆිල්ම් එක.Black Panther ගේ දර්ශන Civil war වල set එකේ තියෙනවා ගිය දවස් ටිකේ internet එකේ තිබුන..එහෙම වුනොත් බොහෝ දුරට මන් කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකත් MCU Timeline එකේ ඉස්සරහට යනන ඉඩ තිබෙනවා Civil War එකට කලින්. 2018 ජුලි 6 වන දින තිරගත වීමට නියමිතයි.




    37. Captain Marvel

    3bf2ee28_o.jpeg


    දැනට marvel ල ඉදිරිපත් කරලා තියෙන ෆිල්ම්ස් අතරින් පලවෙනි women superhero ෆිල්ම් එක. 2018 නොවැම්බර් 2 වන දින තිරගත වීමට නියමිත වේ.





    38. The Defenders (S01)

    64cc44f7_o.jpeg


    MCU එකට අදාල ටීවී සිරිස් වන Daredevil, Jessica Jones, Luke Cage, Iron Fist මේ ඔක්කොම team එකක් එකතුවෙල ටිවි සිරිස් එකක් විදියට තම මේ සිරිස් එක එන්නේ.. ඒ වගේම මේක MCU එකේ Avengers: Infinity War – Part 2 ලට සම්බන්ද වෙයි කියල කතාවකුත් තියෙනවා. 2018 අනිතිමට වගේ මේ ටීවී සිරිස් එක එනවා.




    39. Avengers: Infinity War – Part 2

    56cc889c_o.jpeg


    MCU එකේ Phase 3 එකට අදාල Avengers ලගේ අන්තිම ෆිල්ම් එක මේකයි. මේකෙදි කලින් කතා කල සුපිරි වීරයින් සියලු දෙනාම වගේ මේකෙදි දැක අගන්න පුළුවන් Guardians of the Galaxy එකේ අයත් එක්කම. 2019 මැයි 3 නියමිතයි.





    40. Inhumans

    fdbe8014_o.jpeg


    MCU Phase 3 එකේ අවසාන ෆිල්ම් එක. මේක Avengers ලට කිසි සේත්ම සම්බන්ද වීමක් නැති ෆිල්ම් එකක්.නමුත් Agents of S.H.I.E.L.D. ලට පොඩි සම්බන්දයක් තියෙනවා. 2019 ජුලි 12 තිරගත වේ.





    මෙතැනින Phase 3 එකට අදාල ෆිල්ම් සහ ටීවී සිරිස් ටික ඉවර වෙනවා. සමහර විට Phase 3 එකට Spider - Man රිංගුවා වගේ තව ටීවී සිරිස් කීපයක් එන්න පුළුවන්..ඒවගේම Phase 4 එකක් ගැන Marvel තම කිසිම සදහනක් කරලා නෑ .

    තව දෙයක් කියන්න ඕනි. ඉදිරියේදී සමහර විට මන් සදහන් කරපු ටීවී සිරිස් වල සීසන් වැඩි වෙන්න පුළුවන්..එහෙම වුනොත් ඒවා ඒ ඒ කාල අනුව order එක හරි ගැස්ස ගන්න වෙනවා.

    ජනවාරි 6 වෙනිදා එන්න තියන Agent Carter සීසන් 2 එක අදාල වෙන්නේ Phase 1 එකට නිසා මම එක මෙතනට දැම්මේ නෑ .

    මෙතනදි Infinity Stones ගැන කතා කල නිසා ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකකින් පස්සේ එන්නම්..
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එල බන්.
    මචන් මොකද්ද මේ සීන් එක..මෙහෙම TV Series එකකුත් එනවද.?

    tumblr_nt0gkrmcow1rexmmuo1_1280-625x880.jpg
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    එල බන්.
    මචන් මොකද්ද මේ සීන් එක..මෙහෙම TV Series එකකුත් එනවද.?

    tumblr_nt0gkrmcow1rexmmuo1_1280-625x880.jpg

    ඕක ගැන හරියටම කියන්න බෑ මචන්. තාම Marvel ල නම් ඔහොම ටීවී සිරිස් එකක් ගැන කියල නෑ :rolleyes:
     
    Status
    Not open for further replies.

    Similar threads