වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,389
    22,036
    113
    Gotland
    රත්තරං;18930461 said:
    UNP ආන්ඩු මොනව නැතත් ඉහල මද්‍යම පන්තියට ආතල් දෙනව බන්.. අඩු වෙනවා බලපන්කො

    මේ දැන් තියෙන ටැක්ස් ගැහිල්ල ගැහුවේ අර චන්ද්‍රිකා ගෑනි. ඊට කලින් ඩොල්ෆින් එක ලක්ශ 3.25ට තිබ්බේ (කාලයට සාපේක්ශ බව ඇත්ත, ඒත් අඩුයි

    මම දන්නා පොරක් ඉන්නව ඩොල්ෆින් ඒක ලක්ස 5 යි ලු ගට්ටේ ටව්න් එස් ලොටෝ එක 4.50 යි දෙකම තාම දුවනව

    2000 ඩි වගේ ඩොල්ෆින් හයිරුෆ් ඔරිජිනල් පසෙන්ජර් සුපිරි වන්දියක් ගෙනාව පොරක් ලක්ස 15 සේල් ඒකෙන්
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    The World's Most Searched Car Brands

    the-world-s-most-sea_800x0w.jpg


    http://www.topspeed.com/cars/car-news/the-world-s-most-searched-car-brands-infographic-ar170339.html

    ගොඩක් රටවල ටොයෝට ඒත් ලංකාවේ....:baffled:

     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මම දන්නා පොරක් ඉන්නව ඩොල්ෆින් ඒක ලක්ස 5 යි ලු ගට්ටේ ටව්න් එස් ලොටෝ එක 4.50 යි දෙකම තාම දුවනව

    2000 ඩි වගේ ඩොල්ෆින් හයිරුෆ් ඔරිජිනල් පසෙන්ජර් සුපිරි වන්දියක් ගෙනාව පොරක් ලක්ස 15 සේල් ඒකෙන්

    දැනට අවුරුදු 11 විතර කලින් අපේ යාලුවෙක් ඩොල්ෆින් හයිරූෆ් වෑන් දෙකක් ගෙනාවා, දෙකේම නම්බර්ස් එක ලග, එකම අවුරුද්දේ හදල තියෙන්නේ (2001), දෙකේම සේරම ඔප්ෂන්ස් එකමයි, දෙකම ගෙනාවෙ 55 යි, ටිකක් කාලෙකට පස්සේ අපි එකක් ගත්තා 30 කට (2005 දි ) ඒකෙම අනික් වෑන් එක රටේ අනික් කෙලවරට විකිනුව ඒ දවස්වලම 33 කට, මේ ලගදි ආරංචි උනා අපේ එකෙම අනික් නම්බර් වෑන් එක විකුනන්න තියෙනව කියල, ගිහින් බැලුවහම වාහනේ හොදට තියෙනව, අවුරුදු දහයක් ඇතුලත 500,000.00 km දුවපු වෑන් එක 45ක් කියුව කියපන්කො, අපි හොදටම දන්න තැනක තිබුනු වෑන් එක, මොනව කරන්නද හැම තැනම ඇවිදලා හරියන එකක් තුබුනෙ නැති නිසා අපේ යාලුව 33 කට දුන්න වෑන් එක (අපිට වාහන දෙකම ගන්න කියුව 60 ) අපි ආපහු ගෙනාව 44 කට. අනේ මන්ද බන්, මේ වගෙ අතල් තියෙන්නේ අපේ රටෙ විතරයි මන් හිතන්නේ.
     

    pubudu_1988

    Member
    Dec 24, 2009
    20
    14
    0
    Kottawa
    කොරොල්ලා කටුව..තෙවන කොටස.

    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.දෙවෙනි කටුවේ කිව්වා වගේම මම සිකුරාදා වාහනේ ගෑස්කට් එක දාගන්න බලාගෙනම ගෙදර ගියා.පොල් අයියගේ උපදේසෙත් ඔලුවේ තියාගෙන හීට් කටුව දිහත් හොදට ඇහැ ගහගෙනයි ගියේ.මොකද මම යන්න ඕනේ හයිවේ එකේ හන්දා.
    උදේම වාහනෙන් වැඩට ගිහින් ටිකක් වේලාසන එන්න පිටත් වුනා.ට්‍රැෆික් එකේදී AC දාන්නේ නැතිව ඇවිත් බැලුවා.හීට් එක නම් නැග්ගෙම නෑ.හයිවේ එකට දාගෙන AC on කලේ.එහෙම කරගෙන ටික දුරක් යද්දී මෙන්න බොලේ හීට් කටුව තිබුනටත් වඩා බහිනවා.:oo: ටිකක් වෙලා යද්දී මට මතක් වුන AC දැම්ම වෙලාවේ ඉදලා දිගටම Fan එක වැඩ කරනවා කියල.:nerd:.ට්‍රැෆික් එකේ එද්දිත් හීට් කටුව බාගෙටත් ගොඩක් අඩුවෙන් නැග්ගේ.හයිවේ එකේදී ඒක කාලකටත් වඩා අඩු තැනකයි තිබ්බේ.
    ඉතින් ඔහොම හිතේ සන්තෝසෙන් යද්දී මට ටයර් එකක් ඇතිල්ලෙනවා වගේ සද්දයක් එන්න ගත්තා.හැබැයි ඒක එන්නේ ස්පීඩ් එක 60 ට වැඩි වෙද්දී.එකත් හැම තිස්සෙමත් නෙමෙයි. :baffled: අන්තිමේදී මම හොදට ඉඩ තියෙන තැනක් බලලා අයිනටම කරලා වාහනේ නැවැත්තුවා.සද්දේ මොකද්ද දන්නේ නැහැනේ..වැරදිලා හරි රෝදයක් වත් ගැලවිලා ගියොත් කියල.. :eek: එහෙම ගිහින් වැටක හරි වැදුනොත් හත්මුතු පරම්පරාවම හම්බ කරපු ඒවා එකතු කරලා එපැයි මුන්ගේ දඩේ ගෙවන්න. :lol: ඊට පස්සේ වාහනේ වටේම ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියල..කිසිම වෙනසක් නෑ.රෝද ටිකත් කිසිම අවුලක් වෙලා නෑ.ඇතිල්ලුන තැනක් හොයා ගන්නවත් නෑ. :baffled:
    ඔක්කොම බලලා ෂුවර් කරගෙන මම ආයෙම යන්න පටන් ගත්තා.ඒ ගමන 80 පනිද්දීම සද්දේ එනවා. :growl: ඕනේ එකක් දැන් ඉතින් කොහොමත් වාහනේ හදන්නම අරන් යන එකනේ කියලා 75 ට වගේ තියාගෙන දිගටම ගියා.එහෙමම ගිහින් වාහනේ හදන තැනට දැම්මා.රෑම වැඩ පටන් ගත්තා.ගලවාගෙන යද්දී exhaust එකේ කවර් එක ගලවන්න බෑ.එකේ ඇන ටික වෙල්ඩ් කරලා වගේ වෙලා.ඊට පස්සේ ඒක exhaust head එක එක්කම ගලවා ගත්තා.ගලවද්දී සවුත්තු වෙලා තිබ්බ හෝස් එකකුත් දැක්කා.ඒක තව ටික දවසක් තිබ්බා නම් පැලෙන සයිස් එකෙන් තිබ්බේ.:shocked:
    හෙඩ් එක ගලවලා ගත්තම තමයි තොරණේ විස්තර හොදටම පෙනුනේ.ගෑස්කට් එක ගන්නම දෙයක් නෑ.හතරවෙනි සිලින්ඩර් එකේ වතුර ලයින් එකක් ගාවින් තමයි ගෑස්කට් එක හොදටම අවුල් වෙලා තිබ්බේ.ඒ ස්පාර්ක් ප්ලග් එකත් දුඹුරු පාට වෙලා.ඒ කියන්නේ මේ ටිකේම එන්ජිම දුවලා තියෙන්නේ ප්ලග්ස් තුනකින්..:eek:අනික්වා නම් පොල් කෑලි ටික වගේ තිබ්බා.ඊට පස්සේ අර අවුල් වෙලා තිබ්බ හෝස් ටිකයි,ලොක්ස් ටිකයි,ස්පාර්ක් ප්ලග්ස් ටිකයි ඔක්කොමත් අලුතෙන්ම දැම්මා.
    ඊට පස්සේ ඔක්කොම හදාගෙන ඉරිදා වැඩ තිබුන හන්දා කොළඹ එන්න පිටත් වුනා.මගදී පුංචි මිස් එකක් වගේ දැනුන හන්දා මග ගරාජ් එකකින් පොඩ්ඩක් ටයිමින් හදාගෙන ආවේ.ඒ එද්දී මට දැනෙනවා වාහනේ අදින්නේ නෑ කියලා. :baffled: මම කොහොමහරි ඔෆිස් එකටම ඇවිත් මිකැනික් අයියගෙන් ඇහුවා මොකද එහෙම වෙන්නේ කියලා.මිස් එක හදන්න ගිහින් ඩිස්ට්‍රිබියුටර් එක ඕනෙවට වඩා ඇඩ්වාන්ස් කරන්න ඇති,ඒක කරකවපු පැත්ත දැක්කා නම් පොඩ්ඩක් අනිත් පැත්තට කරකවලා බලන්න කිවුවා.ඉරිදා එලිවෙනකල්ම වැඩ තිබ්බා.යන්න ලැබුනේ සඳුදා රෑ.ඉතින් අපේ පාකින් එකේම තියාගෙන මම එන්ජින් එකේ සද්දේ හොදට අහගෙන ඒක ස්මූත් වෙන ගානට ඩිස්ට්‍රිබියුටර් එක ඇජස්ට් කළා.ඔන්න ඊට පස්සේ තමයි වාහනේ ලෙඩ සනීප වුනේ. ;)
    දවස් ගානක් තිස්සේ කාපු කටුවක් ඒ විදිහට ඉවර වුනා.කලින් දැම්ම කටුවලට රිප්ලයි කල,රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.කලින් වතාවේ වගේම මගේ අතින් සිද්ද වුන අඩු පාඩු මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨ කටු සාමාජිකයෝ පෙන්නලා දේවි කියලා හිතනවා... :):)එළකිරි එකට Join වෙලා ගොඩක් කල් වුනාට කාලයක්ම එන්න වුනෙත් නෑ.නිකමට එලකිරිය පැත්තේ ආයෙම ආව මට මේකේ පොස්ට් එකක් දාන්න තරම් ආසාවක් ඈති වුනේ ඔටෝමොබයිල් සෙක්ෂන් එක හන්දා.එකෙත් මේ ත්‍රෙඩ් එක හන්දා.. :cool:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙ :cool:

    හොදටම ලියල තියෙනවා, තව තියෙනවනම් ලියන්න. රේප් දෙන්න බැලු - You must spread some Reputation around before giving it to pubudu_1988 again.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.දෙවෙනි කටුවේ කිව්වා වගේම මම සිකුරාදා වාහනේ ගෑස්කට් එක දාගන්න බලාගෙනම ගෙදර ගියා.පොල් අයියගේ උපදේසෙත් ඔලුවේ තියාගෙන හීට් කටුව දිහත් හොදට ඇහැ ගහගෙනයි ගියේ.මොකද මම යන්න ඕනේ හයිවේ එකේ හන්දා.
    කටුවට ස්තුති මචං.....දිගටම ලියන්න.......රෙප් කරා........:)
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.දෙවෙනි කටුවේ කිව්වා වගේම මම සිකුරාදා වාහනේ ගෑස්කට් එක දාගන්න බලාගෙනම ගෙදර ගියා.පොල් අයියගේ උපදේසෙත් ඔලුවේ තියාගෙන හීට් කටුව දිහත් හොදට ඇහැ ගහගෙනයි ගියේ.මොකද මම යන්න ඕනේ හයිවේ එකේ හන්දා.
    .
    .
    .
    .

    කටු ලිව්වට ස්තූතී මචං :)
    You must spread some Reputation around before giving it to pubudu_1988 again.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.

    හොදට ලියල තියෙනව, ස්තුතී බන් කටුව හැමෝම එක්ක බෙදාගත්තට.
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.:cool:

    කටුවට ස්තුති මචං.....දිගටම ලියන්න.......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටු කටු කටු...... පොලා දැක්කේ නෑ කාලෙකින්.....??

    මුන් ටිකට මේ දවස්වල බිසීද කොහෙදෝ බං.
    කෝ මේ කටු ත්‍රෙඩ් වාසින් ටික. මොකද දැන් වැඩිය ඇක්ටිව් නැත්තේ. අඩුම තරමේ බඩාව ලිදේ දාන්නවත් එකතු වෙන්නෙ නැද්ද උඹලා.

    urajdrlk 415
    harindugamlath 402
    isuruimantha 315
    polwattacom 283
    Dinushasankalpa 282
    Mr.Tom 270
    isurueka 206
    IDG 167
    රත්තරං 166
    malkavi 148
    dwpsg 140
    mahesh1297 137
    shaminda peiris 128
    ~WickZ~ 123
    mldarshana 60
    speedmalli 58
    deshanshashi 56
    kiriketiya 55
    laMir 45
    Yahapala_Naya 44
    Kudnadun 37
    subash dushmantha 34
    RIDER89 32
    TomCat077 31
    aamp 29
    ජොනී බට්ට 28
    VOG 26
    chatuwa 22
    AnurangaSS 21
    NEMISIS 21
    upulpdn 19
    chathumalchandrasiri 19
    asylum 19
    Lakshan-Seram 17
    910 16
    gayan kalhara 15
    ජන්තු අයියා 15
    ChamaraGL 15
    a2mdb 13
    WICKILEAKS 12
    pubudu_1988 12
    tharindumj 11
    King_cobra 10
    ErnE 10
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.

    මොනවා වුනත් සෑහෙන දෙයක් ඉගෙනගන්න පුලුවන් වුනා මේ කට්ටෙන්.. ස්තූතියි මචං මහන්සි වෙලා ටයිප් කරලා දැම්මට... :)
    රෙප්+13
     
    Status
    Not open for further replies.