මම දන්නා පොරක් ඉන්නව ඩොල්ෆින් ඒක ලක්ස 5 යි ලු ගට්ටේ ටව්න් එස් ලොටෝ එක 4.50 යි දෙකම තාම දුවනව
2000 ඩි වගේ ඩොල්ෆින් හයිරුෆ් ඔරිජිනල් පසෙන්ජර් සුපිරි වන්දියක් ගෙනාව පොරක් ලක්ස 15 සේල් ඒකෙන්
දැනට අවුරුදු 11 විතර කලින් අපේ යාලුවෙක් ඩොල්ෆින් හයිරූෆ් වෑන් දෙකක් ගෙනාවා, දෙකේම නම්බර්ස් එක ලග, එකම අවුරුද්දේ හදල තියෙන්නේ (2001), දෙකේම සේරම ඔප්ෂන්ස් එකමයි, දෙකම ගෙනාවෙ 55 යි, ටිකක් කාලෙකට පස්සේ අපි එකක් ගත්තා 30 කට (2005 දි ) ඒකෙම අනික් වෑන් එක රටේ අනික් කෙලවරට විකිනුව ඒ දවස්වලම 33 කට, මේ ලගදි ආරංචි උනා අපේ එකෙම අනික් නම්බර් වෑන් එක විකුනන්න තියෙනව කියල, ගිහින් බැලුවහම වාහනේ හොදට තියෙනව, අවුරුදු දහයක් ඇතුලත 500,000.00 km දුවපු වෑන් එක 45ක් කියුව කියපන්කො, අපි හොදටම දන්න තැනක තිබුනු වෑන් එක, මොනව කරන්නද හැම තැනම ඇවිදලා හරියන එකක් තුබුනෙ නැති නිසා අපේ යාලුව 33 කට දුන්න වෑන් එක (අපිට වාහන දෙකම ගන්න කියුව 60 ) අපි ආපහු ගෙනාව 44 කට. අනේ මන්ද බන්, මේ වගෙ අතල් තියෙන්නේ අපේ රටෙ විතරයි මන් හිතන්නේ.