බැල්ලියක

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නිරාහාරව සිටින අවුරුදු 2ක පිරිමි දරුවකුට කිරි දී දරුවා මරණයෙන් බේරාගත් බැල්ලියක සිටින බව චිලි රාජ්‍යයේ පොලිසිය කියයි.

    ඇඳුමක්වත් නැතුව ගරාජයක අතහැර දැමූ මේ දරුවාගේ පණ නළ ගැට ගැසී ඇත්තේ බැල්ලියගේ කිරි ටික බීමෙනි. බැල්ලියද පැටවුන් වැදීමට ආසන්නව සිටි බව පොලිසිය පවසයි.

    COGjoyAUcAAp201598hgR.jpg




    අතහැර දැමුණු දරුවකුට තමාගේ සුරතල් බැල්ලිය රෙයිනා කිරි දෙන බව චිලියේ ඇරිකා ප්‍රදේශයේ ලෝරි ස්කූඩර් නම් පුද්ගලයා පොලිසියට පවසා ඇත. දැඩි ලෙස අපිරිසිදු තත්ත්වයේ සිටි දරුවාගේ හිසේ උකුණන් පිරී සිටි බවත් දරුවා බැල්ලියගෙන් කිරි බොද්දී දරුවාගේ මව අසළ සුරා සැලක මත්පැන් බොමින් සිටි බවද පොලිසිය පවසයි.

    දරුවා වහාම රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. දරුවාගේ බාරකාරත්වය පිළිබඳව චිලියේ පවුල් අධිකරණයක් ලබන සැප්තැම්බර් 22 වැනිදා තීන්දුවක් දීමට නියමිතය.

    ජීවත් වීමේ වාසනාවද වීර මාතාවක සේ සැලකිය හැකි බැල්ලියගේ කිරිද නිසා දරුවාගේ ජීවිතය බේරුණු බව චිලියේ ආරංචි කියයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බැල්ලියෝ දෙන්නෙක්ගේ වෙනස
    You must spread some Reputation around before giving it to rochel1977 again.