මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට
ඊයේ දහවල් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුර නිසා ජීවිත 5 ක් අහිමි වුණා. මෙම සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝව ඊයේ සවස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමෙන් පසුව මෙම අනතුරේ වරද කා අතද යන්න ගැන විවිධ මතිමතාන්තර පළවුණා.
එක් මතයකින් කියැවුනේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ බසයට ජීප් රථය දුර සිට පෙනෙන බැවින් කල් ඇතිව මන්දගාමීකර හෝ පැත්තකට හරවා අනතුර වළක්වන්නට තිබුණ බවයි. තවත් මතයකින් කියැවුනේ පාරේ වංගුවක තනි ඉර තිබියදී වාහනයක් ඉස්සර කරන්නට ගිය ජීප් රථයේ වරද ඇති බවයි. ඒ සමගම තවත් අය කියන්නේ ජීප් රථය ඉස්සර කරන්න යද්දී කඩ ඉරි තිබුණ නිසා ඒ ගිය ගමන වරදක් නැති බවයි. මේ අතර ජීප් රථය පැමිණි දෙසින් ගමන් කළ බස් රථය මන්දගාමීවීම හා පැත්තකට කපා අනතුරින් බේරන්නට හැකි උත්සාහය යෙදීමද ඇතැමුන් අගය කරමින් කථා කර තිබුණා. කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ අධිකරණය ලබාදුන් තීන්දුව මේ විවාදයන්ට තරමක් අමුතුය. එහිදී අනතුරේ වරදකරුවන් ලෙස බස් රථ රියදුරන් දෙදෙනාම සලකා ඇති බව පෙනෙන්ට තිඛෙයි. පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද ඔවුනගේ රියදුරු බලපත්‍ර අහෝසි කර තිඛෙන අතර ඇප මත මුදාහැර ඇත්තේ එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මතයි.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන දින යළි කැඳවීමටද නියම කර ඇත.
කෙළියා නේද සත්තරන්? මම නම් මීට පස්සේ ඔය වගේ එකක් ආවොත් පට ගාලා පාරෙන් අහකට කරලා නවත්තනවා. ඇයි ඌ මලොත් මට නෙ සම්බුව

Last edited: