ඉතින් ඔන්න මම එලකිරියෙනුත් විස්තර අහල HONDA ඩියෝ එකක් ගත්තා. මගේ අත්දැකීම ගැන පොඩි ත්‍රෙඩ් එකක් දැම්මොත් බයික් හරි ස්කූටර් හරි ගන්න හිතන කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුනා. බයික් කාපර්ලා ඉතින් ස්කූටර් කිව්වොත් ඉතින් මොකක්ද #$%# කියලා තමයි පටන් ගන්නේ.

බයික් එකක් හරි ස්කූටර් එකක් හරි ගන්න කෙනා ඒක තමන්ගේ අවශ්‍යතාව ගැන හිතල ගත්තොත් හොඳයි කියලයි මම නම් කියන්නේ.
මම 2009 ඉදන් 2014 වෙනකම් යූස් කලේ ප්ලටිනා 125 බයික් එකක්. ඒක තමයි මගේ මුල්ම බයික් එක. ඒක විකිණුවා ජපන් යද්දී
. ආයෙත් ආවම මොකක්ද ගන්නේ හිතල දැන් මාස එකහමාරකට විතර කලින් honda ඩියෝ එකක් ගත්තා. ඉතින් මගේ බයික් දැනුම ඔච්චරයි. ඔය ටිකෙන් තමයි සංසන්දනය කරන්නේ.
ප්ලටිනා එක ගන්න හේතු:
ඩියෝ එක ගන්න හේතු:
මේවා තමයි ඩියෝ එකේ වාසි විදිහට මම දකින්නේ. අවාසි තමයි කොල්ලෙක් උනාම බයික් එකක පොර වගේ යන ආතල් එක කුඩු වීම.

. හැබැයි ඉතින් ප්‍රයෝජනය අතින් නම් ඩියෝ එක ප්ලටිනා එකට වැඩිය මට සැහෙන්න වටිනවා. හොනට්, යමහා tw වගේ එව්වට කවුරුත් ආසයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික අපි එව්වා අරන් පවුල් නඩත්තු කරන්න ආදායමක් හොයන්නේ කොහොමෙයි බන්.
ඉතින් අවසන් නිගමනය විදිහට මම යෝජනා කරනවා
*ෆන් එක නම් මූලික අවශ්‍යතාව හොනට්,යමහා tw ...වගේ තව හොඳ ඒවා ඇතිනේ.අන්න එකක්.
*වැඩට උදේ හවස යන්න එන්න නම් පල්සර්,ප්ලටිනා,ඩිස්කවර් ටයිප් එකේ එකක්.
*ඉහත මම කියපු ප්‍රයෝජන ඕනේ නම් honda ඩියෝ එකක්
ලිපියේ වැදගත් කරුණු අවසානයි.
දැන් ඉතින් සුපුරුදු රෙප් හිඟාකෑම
:

බයික් එකක් හරි ස්කූටර් එකක් හරි ගන්න කෙනා ඒක තමන්ගේ අවශ්‍යතාව ගැන හිතල ගත්තොත් හොඳයි කියලයි මම නම් කියන්නේ.
මම 2009 ඉදන් 2014 වෙනකම් යූස් කලේ ප්ලටිනා 125 බයික් එකක්. ඒක තමයි මගේ මුල්ම බයික් එක. ඒක විකිණුවා ජපන් යද්දී
. ආයෙත් ආවම මොකක්ද ගන්නේ හිතල දැන් මාස එකහමාරකට විතර කලින් honda ඩියෝ එකක් ගත්තා. ඉතින් මගේ බයික් දැනුම ඔච්චරයි. ඔය ටිකෙන් තමයි සංසන්දනය කරන්නේ.
ප්ලටිනා එක ගන්න හේතු:
1.සෙල්ෆ් ස්ටාට්,
2.ඇලොවීල්,
3.පෙට්‍රල් හොඳින් වැඩකරන එක 60-68 KMPL
4.දැරිය හැකි මිල.
ප්ලටිනා එකේ අවාසි:2.ඇලොවීල්,
3.පෙට්‍රල් හොඳින් වැඩකරන එක 60-68 KMPL
4.දැරිය හැකි මිල.
1. ගියර් පහක් තියෙන ප්ලටිනා එකේ 4 වෙනි ගියර් එක හරියට වැටෙන්නේ නැහැ. සමහර වෙලාවට 4 වෙනි ගියර් එකේ යද්දී අක්සලරේට් කරද්දී එක පාරට නිව්ට්‍රල් උනා වගේ වෙනවා(නිව්ට්‍රල් තියෙද්දී රේස් කලා වගේ.). බ්‍රෑන්ඩ් නිව් ගත්තු බයික් එකේ මුල ඉදලම ඔය ලෙඩේ තිබ්බ. සර්විස් කලාම හරියයි හිතුවා. ඒත් නැහැ. සර්විස් සෙන්ටර් එකේ කොල්ල කිව්වා ප්ලටිනා එකේ ඔහොම අවුලක් තියෙනවා කියල
2.රේන් කෝට් එක දාන්න පෙට්‍රල් ටැංකියට උඩින් කවර් එක සෙට් කලාම කැතයි.

2.රේන් කෝට් එක දාන්න පෙට්‍රල් ටැංකියට උඩින් කවර් එක සෙට් කලාම කැතයි.
ඩියෝ එක ගන්න හේතු:
1.සෙල්ෆ් ස්ටාට්,
2.ඇලොවීල් ද මන්දා
. කොහොමහරි ස්පෝක් නෙමෙයි. 
3.පෙට්‍රල් වැඩකරන එක 43-48 KMPL
4.දැරිය හැකි මිල(ප්ලටිනා එකට වැඩිය නම් ගණන්)
5.සීට් එක යට ලොක් කරන්න පුළුවන් කැබින් එක(මගේ ආසම ෆීචර් එක) .මේක තමයි මට වැඩිම ප්‍රයෝජන වෙන දේ.හෙල්මට් එක, ජැකට් එක, රේන් කෝට් එක මේකේ ඔබල ලොක් කරලා ගියාට පස්සේ එද්දී උස්සල තියෙයිද කියල පපුවේ ගින්දරේ ඉන්න ඕනෙත් නෑ. යන යන හැම තැනම හෙල්මට් උස්සන් යන්නත් වදේ. අනික ප්‍රයිවට් ටියුෂන් කරද්දී ටියුෂන් පොත් එහෙමත් මේකේ දාගෙන ගියහැකි කරදරයක් නැතිව. ටියුෂන් ගෙදරකින් ජම්බු මල්ලක්, රඹුටන් කාලෙට රඹුටන් මල්ලක් එහෙම ලැබුනම ඒකත් කැබින් එකේ දාල අනිත් ටියුෂන් එකට ගියහැකි.(නැත්නම් අනික් ටියුෂන් එකේ පොඩි එවුන්ටත් දෙන්න වෙනවනේ
)
6. ඔටෝ ට්‍රාන්ස්මිෂන්(ක්ලච් නෑ, ගියර් නෑ)
හරි සරලයි. ට්‍රැෆික් වල හිට හිට යන්න උනාම (අස්සෙන් අස්සෙන් රිංග රිංග යන එකෙත් සීමාවක් තියෙන වෙලාවල් තියෙනවා සමහර පාරවල් වල) සැරින් සැරේ ගියර් මාරු කරන එක දවසම එහෙ මෙහෙ යනකොට හරිම අපහසුවක්. ඩියෝ එකේ ඒ ගැන පොඩ්ඩක්වත් වද වෙන්න දෙයක් නැහැ.මොකද ස්කූටර් ඔක්කොගෙම වගේ මේකෙත් ගියර් මාරු කරන්න ඕනේ නැහැ.
7.ෆෝන් චාජර් එකක් කැබින් එකට සෙට් කරගන්න පුළුවන්කම
මේකත් කැබින් එකක් තියෙන එකේම තව වාසියක්. හදිස්සියේ ගෙදරින් එලියට බහින කොට ෆෝන් එකේ බැටරි හිදෙන්නම බැහැල නම් බයික් එකේ කැබින් එකේ චාජ් වෙන්න දාලා ගමන ගිහින් ඒ තැනකදී ගත්තම කෝල් එකක් ගන්න පුළුවන් ගානට චාජ් වෙලා. කැබින් එක ලොක් නිසා උස්සයි කියල අවුලකුත් නෑනේ.
8. හාල් ගෝනියක් , ගෑස් සිලින්ඩරයක් වගේ දෙයක් කෙලින් අතටම ඉස්සරහින් තියාගෙන යන්න පුළුවන් කම නිසා ගැටගන්න රබර් කේබල් ගන්න ඕනේ නැහැ.
9.වැස්සකදී රේන් කෝට් එක ඉස්සරහ පෙට්‍රල් ටැංකියට වදින්නේ නැති නිසා කලිසන් ගලවන රේන් කෝට් ( පිට ගෙදරකට ගිහින් ගලවන්න නිකන් මොකක්ද වගේ එව්වා
) එකක් නැතිව ටිකක් දිග රේන් කෝට් එකකින් නොතෙමී යන්න පුළුවන් වීම.
10. මං වගේ දරු පවුල් කාරයන්ගේ වයිපර්ලාටත් හදිසියකට ගමනක් බිමනක් යන්න පුළුවන් වීම.
11.ක්ෂණිකව පිකප් වීම. (ප්ලටිනා එකට සාපේක්ෂව)
2.ඇලොවීල් ද මන්දා
. කොහොමහරි ස්පෝක් නෙමෙයි. 
3.පෙට්‍රල් වැඩකරන එක 43-48 KMPL
4.දැරිය හැකි මිල(ප්ලටිනා එකට වැඩිය නම් ගණන්)
5.සීට් එක යට ලොක් කරන්න පුළුවන් කැබින් එක(මගේ ආසම ෆීචර් එක) .මේක තමයි මට වැඩිම ප්‍රයෝජන වෙන දේ.හෙල්මට් එක, ජැකට් එක, රේන් කෝට් එක මේකේ ඔබල ලොක් කරලා ගියාට පස්සේ එද්දී උස්සල තියෙයිද කියල පපුවේ ගින්දරේ ඉන්න ඕනෙත් නෑ. යන යන හැම තැනම හෙල්මට් උස්සන් යන්නත් වදේ. අනික ප්‍රයිවට් ටියුෂන් කරද්දී ටියුෂන් පොත් එහෙමත් මේකේ දාගෙන ගියහැකි කරදරයක් නැතිව. ටියුෂන් ගෙදරකින් ජම්බු මල්ලක්, රඹුටන් කාලෙට රඹුටන් මල්ලක් එහෙම ලැබුනම ඒකත් කැබින් එකේ දාල අනිත් ටියුෂන් එකට ගියහැකි.(නැත්නම් අනික් ටියුෂන් එකේ පොඩි එවුන්ටත් දෙන්න වෙනවනේ

)6. ඔටෝ ට්‍රාන්ස්මිෂන්(ක්ලච් නෑ, ගියර් නෑ)
හරි සරලයි. ට්‍රැෆික් වල හිට හිට යන්න උනාම (අස්සෙන් අස්සෙන් රිංග රිංග යන එකෙත් සීමාවක් තියෙන වෙලාවල් තියෙනවා සමහර පාරවල් වල) සැරින් සැරේ ගියර් මාරු කරන එක දවසම එහෙ මෙහෙ යනකොට හරිම අපහසුවක්. ඩියෝ එකේ ඒ ගැන පොඩ්ඩක්වත් වද වෙන්න දෙයක් නැහැ.මොකද ස්කූටර් ඔක්කොගෙම වගේ මේකෙත් ගියර් මාරු කරන්න ඕනේ නැහැ.
7.ෆෝන් චාජර් එකක් කැබින් එකට සෙට් කරගන්න පුළුවන්කම
මේකත් කැබින් එකක් තියෙන එකේම තව වාසියක්. හදිස්සියේ ගෙදරින් එලියට බහින කොට ෆෝන් එකේ බැටරි හිදෙන්නම බැහැල නම් බයික් එකේ කැබින් එකේ චාජ් වෙන්න දාලා ගමන ගිහින් ඒ තැනකදී ගත්තම කෝල් එකක් ගන්න පුළුවන් ගානට චාජ් වෙලා. කැබින් එක ලොක් නිසා උස්සයි කියල අවුලකුත් නෑනේ.
8. හාල් ගෝනියක් , ගෑස් සිලින්ඩරයක් වගේ දෙයක් කෙලින් අතටම ඉස්සරහින් තියාගෙන යන්න පුළුවන් කම නිසා ගැටගන්න රබර් කේබල් ගන්න ඕනේ නැහැ.
9.වැස්සකදී රේන් කෝට් එක ඉස්සරහ පෙට්‍රල් ටැංකියට වදින්නේ නැති නිසා කලිසන් ගලවන රේන් කෝට් ( පිට ගෙදරකට ගිහින් ගලවන්න නිකන් මොකක්ද වගේ එව්වා
) එකක් නැතිව ටිකක් දිග රේන් කෝට් එකකින් නොතෙමී යන්න පුළුවන් වීම.10. මං වගේ දරු පවුල් කාරයන්ගේ වයිපර්ලාටත් හදිසියකට ගමනක් බිමනක් යන්න පුළුවන් වීම.
11.ක්ෂණිකව පිකප් වීම. (ප්ලටිනා එකට සාපේක්ෂව)
මේවා තමයි ඩියෝ එකේ වාසි විදිහට මම දකින්නේ. අවාසි තමයි කොල්ලෙක් උනාම බයික් එකක පොර වගේ යන ආතල් එක කුඩු වීම.

. හැබැයි ඉතින් ප්‍රයෝජනය අතින් නම් ඩියෝ එක ප්ලටිනා එකට වැඩිය මට සැහෙන්න වටිනවා. හොනට්, යමහා tw වගේ එව්වට කවුරුත් ආසයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික අපි එව්වා අරන් පවුල් නඩත්තු කරන්න ආදායමක් හොයන්නේ කොහොමෙයි බන්. ඉතින් අවසන් නිගමනය විදිහට මම යෝජනා කරනවා
*ෆන් එක නම් මූලික අවශ්‍යතාව හොනට්,යමහා tw ...වගේ තව හොඳ ඒවා ඇතිනේ.අන්න එකක්.
*වැඩට උදේ හවස යන්න එන්න නම් පල්සර්,ප්ලටිනා,ඩිස්කවර් ටයිප් එකේ එකක්.
*ඉහත මම කියපු ප්‍රයෝජන ඕනේ නම් honda ඩියෝ එකක්
ලිපියේ වැදගත් කරුණු අවසානයි.
දැන් ඉතින් සුපුරුදු රෙප් හිඟාකෑම

:
Last edited:

.girl tipe kiyala 