සුමනා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    yWgVhFB.jpg



    KlEKt5X.jpg




    yWgVhFB.jpg



    කඩුවෙල සිට කඩවත දක්‌වා අධිවේගය වැටුණේ අධිවේගයෙන් නම් නොවේ. ඉකුත් ජනපතිවරණයට පෙර මෙය විවෘත වනු ඇතැයි සිතුවද අවසානයේ එයින්ද මාස 9කට පසුය මාතර සිට කඩවතට එක හුස්‌මට යා හැකි මග විවර වන බව කියෑවුණේ. දිනය ඉකුත් 17 වැනිදාය. අධිවේගී මාර්ගයේ කඩවත - කඩුවෙල 'දිගුව' උත්සවාකාරයෙන් ජනතා අයිතියට පැවරෙන මොහොත උදාවිය. පීත්ත පටිය කැපීම පිණිස ප්‍රභූ පිරිස්‌ එදෙසට ළංවෙති. පීත්ත පටිය සහ ප්‍රභූන් අතර ඇත්තේ අඩි කිහිපයක පරතරයකි. පිරිසට දකුණු පසින් සැනෙන් ඉදිරියට දිව ආ කාන්තාවක්‌ කතුරකින් පීත්ත පටිය කපා දැමීය. සියල්ලෝ වික්‍ෂිප්තව වුණේ කුමක්‌දැයි සිතද්දි එතෙක්‌ සඟවාගෙන සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත පෝස්‌ටර එළියට ගෙන පෙන්වූ මේ කත සහ ඇය සමග සිටි තවත් කාන්තාවක්‌ හිටපු ජනපතිතුමා අගයමින් කෑගසන අතරේ නිදහස්‌ සන්ධානයේ සිය ජන්ද ලබා ජාතික ආණ්‌ඩුවකට එක්‌වූ එකී ප්‍රභූ පිරිස අතර සිටි ඇමැතිවරුන්ට බැණ වැදුණහ. පොලිසිය ඔවුන්ව එතැනින් ඉවත් කළෙන් කලබලය නිමාවිය. නමුත් පැමිණි ප්‍රභූන්ට කපන්නට වූයේ 'රීකන්ඩිෂන්' පීත්ත පටියකි. මෙරට ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය ගැහැනියක විසින් 'ගරිල්ලා ක්‍රමවේදයකින්' මෙරට ප්‍රධාන මාර්ගයක්‌ විවෘත කරන ලදී.

    මුළු රටකම අවධානය දිනාගත් එම ක්‍රියාව සිදුකළ කාන්තාව කව්ද? අපි ඇය සොයා කඩවත මහර-නුගේගොඩ ප්‍රදේශයට ගියෙමු. සාමාන්‍ය මධ්‍යම පංතියේ සංකේතයක්‌ වන්, බිම් මහලේ වැඩ තරමකට අවසන් කළ, උඩු මහලේ වැඩ අවසන් කිරීම 'දින නියමක්‌ නොමැතිව කල්ගිය' ආකාරයේ නිවසකි. නිවසේ උළුඅස්‌සෙන් හිස ඇතුළත යොමත්ම පෙනෙනුයේ උඩුමහලට නගින පියගැටපෙලේ අවසානයට මදක්‌ ඈතින් තැබූ මහින්ද රාජපක්‍ෂයන්ගේ රුව රැගත් අඩි පහ හයක්‌ උස 'කටවුට්‌' එකකි. නිවසේ සෑම අතම පාහේ මහින්ද රාජපක්‍ෂ හෝ ශ්‍රී ලංකා නිදහස්‌ සන්ධාන ලකුණු තිබුණි. වෙනකක්‌ තබා නිවසේ ඇති බිත්ති ඔරලෝසුවේද මහින්ද රාජපක්‍ෂ රූපය විය. අධිවේගයේ සිදුවීම අමුත්තක්‌ හෝ පුදුමයක්‌ නොවන බව මේ පළමු දැක්‌මෙන්ම අපට වැටහුණි. ඒ නිවස සහමුලින්ම මහින්දවාදී බලකොටුවක්‌ මෙනි. මෙවැනි තැනකින් එවැනි ප්‍රතිචාරයක්‌ බලාපොරොත්තු නොවුණා නම් එය පුදුමය.

    අප යන විටද ඇය හා කථාකිරීමට පැමිණි කිහිප දෙනෙක්‌ එහි වූහ. සුමනා ජයසූරිය නම් ඇගේ මුහුණේ ඉරියව් තුළ තිබුණේද ජයග්‍රාහී බවකි. ඇගේ හඬද ජව සම්පන්න විය. ඇය අප සමග අදහස්‌ දැක්‌වූයේ තමන් 'ජාතික යුතුකමක්‌' ඉටුකළේය යන හැඟීමකිනි.

    තමන්ට මෙවන් දෙයක්‌ කිරීමට හිතක්‌ පහළවූයේ කෙසේදැයි ඇය අපට කීවේ මෙසේය.

    'අපිට ජන්දෙ දෙන්න වයස සම්පූර්ණ වුණු දවසේ ඉඳලම අපි පක්‍ෂය වෙනුවෙන් වැඩ කරපු අය. අපිට අපේ ජනාධිපතිතුමා (ඇය හැම විටම 'අපේ ජනාධිපතිතුමා' යන වචනයෙන් හැඳින්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාවය.) මේ රටට කරපු වැඩ ගැන ලොකු ගෞරවයක්‌ තිබුණා. ඇත්තටම අපේ ජනාධිපතිතුමා නේ මේ පාරත් හැදුවේ කියන හැඟීම මට තිබුණා. ඒත් මේ පාර විවෘත කරන්න දින දෙක තුනකට කලින් මට ඇහුණා අහවල්ලු තමයි විවෘත කිරීමට එන්නේ කියලා. අපේ රණවිරුන්ට අපහාස කරපු, පාරවල් කන්නද කියල අහපු අය, අපේ ජනාධිපතිතුමා බේරලා දුන්නු රටේ, එතුමා ඇතිකරපු සංවර්ධනයෙන් බැබලෙන්න එනවා කියලා හිතද්දි මට ලොකු තරහක්‌ ආවා. මම හිතුවා එහෙම කෙනෙක්‌ට ඒ අවස්‌ථාව දෙන්නේ නැතිව අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් මම ඒ දේ කරනවා කියලා. එහෙම හිතලා තමයි මගේ යාළුවා පුෂ්පාට කථා කළේ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් අපි එතැන බෝඩ් එකක්‌ පෙන්නමු කියලා. පුෂ්පත් අපේ ජනාධිපතිතුමාට පුදුම ආදරය තියෙන කෙනෙක්‌. කව්රුහරි අපේ ජනාධිපතිතුමාට බැන්නත් එයා හරියට දුක්‌වෙන කෙනෙක්‌. නමුත් මම පීත්ත පටිය කපන්න හිතන් ඉන්නවා කියන කථාව එයාටවත් මම කිව්වේ නැහැ. අඩුම ගාණේ ගෙදර කෙනෙක්‌වත් දන්නේ නැහැ මම මෙහෙම දෙයක්‌ කරන්න යන වග '

    ඇය මේ සඳහා සූදානම් වූ ආකාරයද මෙසේ පැවසුවාය.

    'මම සාරි වැඩ දමන චූටි කතුරක්‌ අරගෙන ඒකෙ රිබන් එකක්‌ ගැටහල සූදානම් කරගෙන හෑන්ඩ් බෑග් එකට දාගත්තා. ලොකු කතුරක්‌ ගත්තේ නැත්තේ හදිසියේවත් අපි එතැනට යද්දී චෙක්‌ කරලා ඒ වගේ කතුරක්‌ අහුවුණොත් හිතන්න පුළුවන් අපි කෙනකුට අනින්න ආවාවත්ද කියලා. ඇත්තටම කිසිකෙනෙකුට නියපිටකින්වත් එහෙම හානියක්‌ කරන ෙච්තනාවක්‌ අපිට තිබුණේ නැහැනේ. ඒ නිසා අනවශ්‍ය චෝදනාවක්‌ අහන්න මට වුවමනා වුණේ නැහැ'

    මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු ආරාධනාවක්‌ ලබා නොසිටි ඔවුන් දෙදෙනා විශේෂ අමුත්තන් සමීපයටම යැමට අවස්‌ථාව සලසාගන්නේ කෙසේද? ගැහැනුන්ගේ නුවන හැඳි මිටේ යෑයි කීවේ කුමන මෝඩයෙක්‌දැයි හැඟුනේ ඒ 'ක්‍රියාන්විතය' ඇගේ වචනයෙන්ම මා ඇසූ විටය.

    'අපි එතැනට යනකොට දුර තියා පාර වහලා තිබුණේ. ආරාධනා තිබුණු අයට විතරයි එතැනින් ඇතුළට යන්න ලැබුණේ. අපි එතැන ඉඳලා අපේ ඇමැතිතුමාට කථා කළා (අපේ ඇමතිතුමා යනු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ජන්දය ඉල්ලා පසුව ජාතික ආණ්‌ඩුවට එකතු වූවෙකි) අපිට මෙතැනින් එහාට එන්න විදිහක්‌ නෑ කියලා මම ඇමැතිතුමාට කිව්වා. එතකොට ඇමැතිතුමා මට කිව්වා ඇවිත් වැඩක්‌ නැහැ සුමනා, මෙතන ලොකු උත්සවයක්‌ නැහැ. පීත්ත පටියක්‌ කපන එකක්‌ විතරයි තියෙන්නේ කියලා. එතකොට මට තේරුණා ඒ ක්‍රමයට ඇතුළට යන්න බැරිවෙනවා කියලා. පස්‌සේ අපි දෙන්නා කොහොමහරි එතැනට යනවා කියලා හිතාගෙන අධිවේගි පාරට සම්බන්ධවෙන පාරෙ පල්ලමෙන් ඒ පැත්තට ගියා. මඩ වළවල්වල බැහැලා, කාණු දිගේ ගිහින් පාරෙ මැදක්‌ දුරට යනකම් ගියා. ගිහින් අධිවේගෙ ප්‍රවේශ මාර්ගයට ගොඩවෙන්න නැග්ගා. පාර තියෙන්නේ සෑහෙන උසකින්. ඒ බෑවුමේ ගල් අතුරලා ඊට උඩින් කම්බි දැලක්‌ අතුරලා තිබුණා. අපි දෙන්නා මකුළුවෝ වගේ ඒකෙ බඩගාගෙන නැග්ගා. වෙලාවකට බෑවුමට රූටලා යනවා වගේ. ඒත් අපි අමාරුවෙන් උඩටම නැග්ගා. දැන් අපිට තියෙන්නේ පාරෙ අයිනෙ තියෙන යකඩ වැට පැනගන්න එක. අපි ඒක පනින්න බලනකොට ටී-ෂර්ට්‌ ඇඳගත්ත දෙන්නෙක්‌ එතැන ඉඳලා අපෙන් ඇහුවා මේ කොහෙන්ද පනින්නේ කියලා. අපි කිව්වා අපේ ගෙවල් ඒ පල්ලෙහා තියෙන්නේ. පාරට ඇවිත් උත්සවේ තියෙන තැනට එන්න ගියොත් ලොකු වටයක්‌. ඒක නිසයි මෙතැනින් නැගගත්තේ කියලා. කොහොමහරි අපි දෙන්නා වැටෙන් පැනලා පාර දිගේ කිසිම අමුත්තක්‌ නැතිව උත්සවය තිබෙන තැනට ගියා. පාර දිගේ අපි ආපු නිසා ඒ හැම කෙනෙකුටම හිතෙන්නේ අපිත් ආරාධනා ඇතිව ආපු අය කියලා. ඒ විතරක්‌ නෙමෙයි අපි කට්‌ටිය ඉන්න තැන කථා කළෙත් ඇමැතිවරයෙක්‌ගේ ආරාධනාවක්‌ පිට ආපු අය ගාණටයි. කව්රුවත් අපිව සැක කළේ නැහැ'

    ඇය එතැනට ආ විගස පීත්ත පටිය කැපුවේ නැත. කල්යල් බලා සිට ඇය සිදුකළේ කුමක්‌ද?

    'මට ඕනැවුණේ මේ මැති ඇමැතිවරු ඔක්‌කොටම පේන්න මේක කපන්නයි. අපි ඇපවෙලා අරන් දුන්නු අපේ පාක්‍ෂිකයන්ගේ ජන්දෙ අරගෙන දැන් ජාතික ආණ්‌ඩුවලට හේත්තුවෙලා ඉන්න අපේ ඇමැතිතුමන්ලටත් මේ වෙලාවෙම කියන්න ඕනෙ දේ කියන්න මම හිතාගත්තා. ලොක්‌කො කට්‌ටිය පීත්ත පටියට ඔහොම මෙහෙම කියලා ළංවෙනකම් බලා ඉඳලා මම දූ...වලා ඇවිත් මගේ කතුරෙන් පීත්ත පටිය කැපුවා. කපලා මම කෑගහලා කිව්වා 'ඔන්න අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් මම පාර විවෘත කළා. දැන් ඕන කෙනෙක්‌ යන්න' කියලා. ඒ විතරක්‌ නෙමෙයි අපේ ජන්දවලින් ජාතික ආණ්‌ඩු හදපු ඇමැතිවරුන්ටත් බැන්නා. ටික වෙලාවක්‌ යනකං කට්‌ටියට හිතාගන්න බැරිව බලන් හිටියා මේ මොකද වෙන්නේ කියලා. අපි බෑග්වල හංගගෙන ගියපු අපේ ජනාධිපතිතුමාගේ පෝස්‌ටර් පෙන්නලා 'අපේ ජනාධිපතිතුමාට ජයවේවා' කියලා කෑගැහුවා. පස්‌සෙ පොලිසියෙන් අපිව අරගෙන ගියා. මම පුෂ්පා නංගිට කිව්වා ඔයා මොකුත් වැරැද්දක්‌ කළේ නැහැනේ ඔයා ගෙදර යන්න කියලා. ඒත් පුෂ්පා කිව්වා සුමන අක්‌කව තනිකරලා මම යන්නේ නැහැ කියලා'

    ඇත්තටම ඇය ඒ දේ කළේ ඉනික්‌බිතිව ඇතිවිය හැකි ආන්තරාවන් ගැන කිසිවක්‌ නොසිතාද?

    'මට අවශ්‍ය වුණේ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඒ දේ කරන්න විතරයි. මම හිතුවා මම ඉස්‌සරහට පැනලා පීත්ත පටිය කපද්දි අනිවාර්යයෙන්ම මට වෙඩි තියයි කියලා. මම එදා ගෙදරින් ගියේ ආපහු ගෙදර එන්න බලාගෙන නෙමෙයි. මම එදා ගෙදරින් එනකොට ගෙදර කව්රුවත් හිටියේ නැහැ. මම ගේ වහලා යතුර අරගෙන ආවේ නැහැ. යතුර එළියෙ තියලයි ගියේ. ඒ ගියේ සමහරවිට පණපිටින් හරි නැතිනම් ගොඩක්‌ කාලයකට හරි ගෙදර එන්න බැරිවෙයි කියලා හිතාගෙනයි'

    පොලිසියට රැගෙන ගිය පසු හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඇයට දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නේ මෙසේය.

    'මෙහෙම දෙයක්‌ වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණු හැටියේ අපේ මහ ඇමැතිතුමා (බස්‌නාහිර පළාත් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග) කියලා තියෙනවා කවුරු වුණත් අපේ පාක්‍ෂිකයෙක්‌ නේ මේක කරන්න ඇත්තේ කව්ද කියලා හොයන්න කියලා. ඒ වෙලාවෙ පොලිසියට ඇවිත් හිටිය මම දන්න කෙනෙක්‌ තව කෙනෙකුට පණිවඩුය කියලා ඒ හරහා මහ ඇමැතිතුමාට දැනගන්න ලැබිලා තිබෙනවා මේ මමය කියලා. අනේ ඒ වෙලාවෙම මහ ඇමැතිතුමයි, සිසිර ජයකොඩි (පාර්ලිමේන්තු මන්ත්‍රී) තුමයි සහන් ප්‍රදීප් (පළාත් සභා මන්ත්‍රී) තුමයි ඔක්‌කොම පොලිසියට ආවා. ඒ අය රෑ එක වෙනකම් පොලිසියේ මිදුලේ හිටියා අපි හින්දා. ඔය අතරේ මහ ඇමැතිතුමා ආපු ගමන්ම වගේ අපේ ජනාධිපතිතුමාට කෝල් එකක්‌ අරගෙන මට දුන්නා. අපේ ජනාධිපතිතුමා මට ඒ වෙලාවේ කිව්වා 'අනේ ඇයි අපි වෙනුවෙන් මේ වගේ කරදර ඇතිකරගන්නේ' කියලා. ඒ වෙලාවෙ මම කිව්වා අපි ඔබතුමා වෙනුවෙන් හිර හතක යන්න වුණත් ලැහැස්‌තියි කියලා'

    පොලිසියේ ගෙවුණු ඒ රැයේ ඇය බොහෝ ප්‍රශ්න කිරීම්වලට ලක්‌විය.

    'මම හිතපු, කරපු හැමදේම ඒ අයට කිව්වා. දැන් මහත්තයාලට මේ කිව්වා වගේ. අපිත් ඔය පාරවල් වෙනුවෙන් බදුවලින් සල්ලි දීලා තියෙනවා. එහෙමනම් ඇයි අපට බැරිද මහත්තයා එහෙම පාරක්‌ විවෘත කරන්න. මම මගෙන් ප්‍රශ්න කරපු පොලිසියේ ලොක්‌කන්ගෙන් ඒ ටික අහනකොට ඒ අයට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ'

    මෙම සිදුවීමෙන් පසු තමන්ට නොසිතූ තරමේ සහයක්‌ ප්‍රතිචාරයක්‌ ලැබුණු බව සුමනා පවසන්නීය.

    'මම වෙනුවෙන් නීතිඥවරු 15 දෙනෙක්‌ එදා නොමිලේ පෙනී සිටියා. මට ඇප ලැබුණා. මීළඟ නඩු වාරයට තවත් නීතිඥවරු නොමිලේ පෙනී සිටිනවා කියලා මට පණිවුඩ එවලා තියෙනවා. මාව බලන්න ඈත දිහාවල්වල ඉඳන් කට්‌ටිය වාහන අරගෙන ආවා. මම එනකොට මගෙ ගමේ අය රතිඤ්ඤා දාලා මාව පිළිගත්තා. අපේ ජනාධිපතිතුමා කෝල් කරලා කිව්වා මාව බලන්න ළඟදීම අපේ ගෙදර එනවා කියලා...'

    මම අවසානයේ කඩවෙනි ප්‍රශ්නය ඇසුවෙමි.

    'ඒ කියන්නේ මේ තරම් කල් අනිත් අයට ජන්ද ඉල්ලලා දෙන්න මහන්සිවුණු සුමන අක්‌කා ඊළඟ ජන්දෙදි තමන් වෙනුවෙන්ම ජන්දෙ ඉල්ලයිද....?

    'අපෝ කවදාවත් නැහැ මහත්තයා. මට දැනටමත් ඒ වගේ ආරාධනා තිබෙනවා. ඒත් මම එහෙම තැනකට එන්නේ නැහැ. මම එහෙම අරමුණු ඇතිව නෙමෙයි මේ දේ කළේ. අපේ පක්‍ෂයට, අපේ ජනාධිපතිතුමාට තිබුණු ආදරයටමයි. ඒත් මම එක තීරණයක්‌ අරගෙන තියෙනවා. දැන් ඉන්න නායක නායිකාවො පක්‍ෂයේ ඉන්නතුරාවට මම නම් ආයෙ අපේ පක්‍ෂය වෙනුවෙන් කතිරයක්‌ ගහන්නේ නෑ' සුමනා අක්‌කාට වචනයෙන් පිටකරගත නොහැකි තවත් බොහෝ දේ ඇගේ දෙනෙත් අග දිළිසෙනු මම දුටුවෙමි.

    ඉන්ද්‍රජිත් සුබසිංහ

    දිවයින
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දුප්පත් උනාම එක එකාගේ දේශපාලන පක්ෂවල අතකොලු වෙනවා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පාරවල් හදලා විවෘත කරන්න උතසව ගන්න උනුත් මොඩයො. පැරදිච්ච මලකුනකට පනදෙන්න හදන උනුත් මොඩයො.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පාරවල් හදලා විවෘත කරන්න උතසව ගන්න උනුත් මොඩයො. පැරදිච්ච මලකුනකට පනදෙන්න හදන උනුත් මොඩයො.

    උත්සව ගැනීමේ නම් ලොකු වරදක් නැහැ. මොකද ඔය කඩවත මාර්ගය විවුර්ත කරන්න රනිල් වත් ජනාධිපතිවත් අවේ නැහැ. එතන තිබ්බේ රිබන් පටියක් කපල කේක් කැල්ලක් කපල බිම වීදුරුවක් බිලා පාර ඕපන් කලා. හැබැයි ඉතින් රටටම අඬබෙර ගහල ලොකු කටවුට්ස් ගහල පාර හදන්න ගිය මුදල වගේ බාගයක් ප්‍රචාරයට වියදන් කරලා ඕපන් කරන එකනම් මහම මහා මෝඩකමක්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පාරවල් හදලා විවෘත කරන්න උතසව ගන්න උනුත් මොඩයො. පැරදිච්ච මලකුනකට පනදෙන්න හදන උනුත් මොඩයො.

    මේ තියෙන්නෙ උඹලගෙ මහ එකාගෙ මල කුණ සක්කිලියෝ :yes::yes::yes:
    1332044340.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    හොදටම රිදිලා.. හා.. හා.. ඔයත් ගිහින් පීත්ත පටියක් කපාගන්නකො..


    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර මුන් දෙන්නේ බන්. අර මොක උනත් යුද්දේ දිනන්නේ බන් කියන්න වගේ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර මුන් දෙන්නේ බන්. අර මොක උනත් යුද්දේ දිනන්නේ බන් කියන්න වගේ.

    උඹට වඩා හොදට මට සක්කිලි වතු දෙමළුන්ව අදුරගන්න පුළුවන් :yes::yes::yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    උත්සව ගැනීමේ නම් ලොකු වරදක් නැහැ. මොකද ඔය කඩවත මාර්ගය විවුර්ත කරන්න රනිල් වත් ජනාධිපතිවත් අවේ නැහැ. එතන තිබ්බේ රිබන් පටියක් කපල කේක් කැල්ලක් කපල බිම වීදුරුවක් බිලා පාර ඕපන් කලා. හැබැයි ඉතින් රටටම අඬබෙර ගහල ලොකු කටවුට්ස් ගහල පාර හදන්න ගිය මුදල වගේ බාගයක් ප්‍රචාරයට වියදන් කරලා ඕපන් කරන එකනම් මහම මහා මෝඩකමක්.

    Amsterdam wala highway nuth mehe ewa wageda bung?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me gaani maara dial ekak ne. nikan maara ammak thiyenne ona occhara gemak denna koccahra hoda pakshiyek unath. open karnana apu ewunta wasa nondiya ithn. like expecting to fuck a virgin and getting a whore instead :P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    me gaani maara dial ekak ne. nikan maara ammak thiyenne ona occhara gemak denna koccahra hoda pakshiyek unath. open karnana apu ewunta wasa nondiya ithn. like expecting to fuck a virgin and getting a whore instead :P

    ඔය එයාගේ ගේ හදාගත්තෙත් මහින්දට කඩේ ගිහින් වෙන්න ඇති.එහෙම තමා බන්..දුප්පත්කම නිසා තමා ලංකාවේ මිනිස්සු එක එක අයගේ අතකොලු වෙලා තියෙන්නේ.:sorry:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔය එයාගේ ගේ හදාගත්තෙත් මහින්දට කඩේ ගිහින් වෙන්න ඇති.එහෙම තමා බන්..දුප්පත්කම නිසා තමා ලංකාවේ මිනිස්සු එක එක අයගේ අතකොලු වෙලා තියෙන්නේ.:sorry:

    Duppath kamak nisa newei ban samaharu politics genne upathinma.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔය එයාගේ ගේ හදාගත්තෙත් මහින්දට කඩේ ගිහින් වෙන්න ඇති.එහෙම තමා බන්..දුප්පත්කම නිසා තමා ලංකාවේ මිනිස්සු එක එක අයගේ අතකොලු වෙලා තියෙන්නේ.:sorry:

    ehema kaden gihin hari ae manussaya eheamawath wadak kara gattha nam attatama sathutui. ai bung api mona side ekata chande dunnath hama daama wale nee:baffled: