වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :oo: අපිත් බයික් පදිනවා..... ඔය මගුල් නටන්නේ නෑ නේ.... කෝල් එකක් ආවොත් අයින් කරලා නවත්තලා කතා කරනවා...... :D :yes:

    අපිට නම් ඔ්වට වෙලාවක් නෑ බයික් ගත්තම . . . ගියර් 6ක් තියෙනවා, පිලිවෙලට 6ම දාගන්නේ කොහොමද කියලා තමා බලන්නේ . . . ෆෝන් ඔ්ෆ් කරලා තමා බයික් එකට නගින්නේ . .

    guy_martin_3.png
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    අපිට නම් ඔ්වට වෙලාවක් නෑ බයික් ගත්තම . . . ගියර් 6ක් තියෙනවා, පිලිවෙලට 6ම දාගන්නේ කොහොමද කියලා තමා බලන්නේ . . . ෆෝන් ඔ්ෆ් කරලා තමා බයික් එකට නගින්නේ . .

    :oo: ඉතින් ඈයි දැන් ඕක අපිට කියන්නේ.......?? :rolleyes::confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: අපිත් බයික් පදිනවා..... ඔය මගුල් නටන්නේ නෑ නේ.... කෝල් එකක් ආවොත් අයින් කරලා නවත්තලා කතා කරනවා...... :D :yes:

    ඒ ඉතිං උඹ වගේ කාර් එකක් පැදලා තියන එකෙක් බයික් එකක් පදිනවනම් විතරයි බං. බයික් විතරක් පදින එව්න්ගේ අර කියපු රිඇක්ෂන් ඔක්කොම බලාගන්න පුලුවන්. ටිකක් ඕවර්ටේක් කරන්නේ නැතුව උන්ගේ පස්සෙන් ගිහින් බලපංකෝ.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    D17A2 VTEC-E (American) මෝලක් විකිනීමට ඇත!

    1,668 cc (American)

    127HP

    RPM redline 6,800 rpm
    VTEC Turn On at 3,200 rpm

    ලංකාවේ ධාවනය කර නොමැත. ඕවහෝල් කර ඇත.
    එන්ජින් අංක RMV පරීක්ශා කළ හැක (වියදම ඔබ සතුයි :) )

    අනෙකුත් උපාංගද දැකීමට හා මිලදී ගැනීමට ඇත.

    ප්‍රොජෙක්ටුවක් සඳහා ගෙනවිත් මුදල් නැති කමින් අතහැර දමා ඇත.

    68689d1252467270-04-d17a2-motor-only-24k-miles-sale-dscf1363-ia.jpg

    photo by google

    එළකිරි කුකුළන්ට තබාගෙන දිවීමට අඩුවට ඉල්ලීමටද හැක!
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පැය 3.5න් :shocked::shocked:

    යකෝ පැය 3 හමාරකින් ? මොකේද ආවේ..? උඹ තාම හතින් ඉන්නවද ? :baffled:

    මොකක්????:shocked::shocked::shocked:

    soluna ekenda awe ... overhaul ekak athalanga :baffled:

    ඔවු බොලල්ලා. සොලූනාවෙ තමයි. අවම වේගය 60යි. උපරිම වේගය 110යි.
    අනුරාධපුර - පාදෙණිය - වාරියපොල - නාරම්මල - පස්යාල - හොරණ. දුර කිලෝමීටර් 210යි.

    ගිය පෝය දවසෙත් ආවා. එන්න පැය 6ක් විතර ගියා. තව ලෙඩ සෙට් එකකුත් පත්තු වුනා අන්තිමට වැඩට යන්නත් නෑ.
    ඒ සෙතේම මේ සතියෙනත් වෙයි කියලා තමයි ටිකක් හයියෙන් එන්න වුනේ. රෑ ආවෙ. 8.25ට එහෙන් පිටත් වුනේ. රෑ12.15 වෙද්දි ගෙදර. තේ බොන්නයි අම්මලාට බඩු වගයක් ගන්නයි විනාඩි 15ක් මග රස්තියාදු වුනා.

    රස්සාවට යාමේ වුවමනාවත් වැඩිපුර පැයක් හරි නිදාගැනීමේ උවමනාවත් නිසා තමා මේ සන්තෑතිය වුනේ. ඕවර් ටෙක් කරද්දි ඒකට ඉඩ නොදී පිස්සු කෙලපු ඩැයිබරයෙක් සහ ජීවිත අත් ඇරපූ පූස් තඩියෙක් එලොව යෑම හැරෙන්න වෙන ආපදාවක්නං වුනේ නෑ.
    වාහනේට ලොකු වදයක් දුන්නෙත් නැහැ හැබැයි. පාරෙ වාහන අඩු නිසා ගියර් මාරු කරන්න වුනේ අඩුවෙන්.

    ඒ මොක වුනත් මේ විදියට ආපහු යන්න බලාපොරොත්තුවක් නෑ. :baffled: අර පූසා මැරිච්ච එක හිතට ලොකුවට දැනුනා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :shocked: :shocked: අම්මටසිරි උඹ ලේලන්ඩ් එකක් එලවන් ආවද.....?? :love: :love: :D :P

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ..... :growl: මෝඩ මූසලයෙක්...... :frown: ඔහොම එලවනවා නම් තනියම වර..... වාහනේ යන අනිත් උන්වත් අමාරුවේ නොදා...... :angry:

    පූසෙකුත් යට කරන් නේද ආවේ.....?? :frown: :( :growl: මේ පූසෙක් සෙට් උනා නම් අනිවා කාර් එකට දෙහි ගෙඩි හතරක් යට කරපන් පුටේ..... තොට ඕක කියන්න මම ඊයේ කෝල් කරා.... ෆෝන් ඕෆ් රෙද්ද..... :growl:

    ඒක නෙවේ පැය තුනහමාරේ හපන්කම කරේ උදේද.....?? :oo: මමත් පැය 2.45 න් 210Km ඈදලා තියෙනවා..... හැබැයි උදේ පාන්දර 3.45ට විතර පිටත් වෙලා..... FB15 :love: :D

    යා බන් පූසා එලොව ගියා. මග නවත්තලා පාරෙ තිබුණ ටැප් එකකින් රෝද හතරම හේදුවා. වාහනේ ගෙට ගත්තෙම දෙහි සීන් එක කරලා. :yes:

    හපන්කමද ගොන්කමද මන්දා කරේ රෑ. :baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :shocked::shocked:

    හිමින් යමන් මොන හදිස්සිය තිබ්බත්.... අපි කොච්චර පරිස්සමින්, ශුවර් එකෙන් ගියන් පාරෙ යන අනිත් උන් ගැන අපිට සහතික දෙන්න බෑ.....

    එකම එක කැ.වේ වෑන් කාරයෙක් විතරයි හම්බ වුනේ. :cool:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මදි මදි මදි . . .
    අැවරේජ් ස්පීඩ් එක 62.85kmph . . . හොඳටම මදි පර්ෆෝමන්ස් . . .

    ගන්නවා නම් මෙන්න චැලේන්ජ් එක . . .
    නුවර - අනුරාධපුර = 141km = පැය 1 විනාඩි 20 යි
    අැවරේජ් ස්පීඩ් = 105 kmph

    බයි ද වේ . . .අනිත් උන් ඔක්කොම උඹට බනී . . .
    මං එහෙම නෑ . . . උඹ සතුටු වෙන්න ඔ්නි කොහෙවත් අැන ගන්නෙ නැතිව අාපු එකට . . .
    හොඳට සිහිය තියන් යන්න පුලුවන් එකෙක්ට විතරයි ඔහොම යන්න පුලුවන් . . .
    උඹම කල්පනා කරලා බලපන් අතර මගදි දැක්ක වාහන, කෙල්ලො, බිල්ඩින් උඹට මතකද කියලා . . .
    නැතුව අැති බොහෝවිට . . .
    මොකද ඔය අමනුස්ස මෝඩ් එක අැක්ටිව් උනාම ඩ්‍රයිවින් වලට අත්‍යාවශ්‍ය කරුණු විතරයි ඔලුවේ වැඩ කරන්නේ . . .

    ඉස්සරහින් යන වාහනේ වේගය Study කරා, Overtake කරන්න අවශ්‍ය වේගය ගණනය කරා, ගියර් එක සිලෙක්ට් කරා, ඉස්සර කරා . .

    ඉස්සරහින් ගිය වාහනේ පාට, අැලෝවීල් වල වර්ගේ, අැතුලේ හිටපු උන් වගේ අනවශ්‍ය කෙහෙල්මල් ඔලුවට ගන්නේ නෑ . . .

    ඔ්ක ප්‍රැක්ටිස් කරන්න කරන්න හෙමින් ගියත් ඔලුව ඔය විදියට වැඩ කරන්න හුරු වෙනවා . . .

    තව වාසි ගොඩක් තියෙනවා . . . එ්වා කවදාහරි උඹටම තේරෙයි . . .

    මං නිකන් රෙප් කපා ගන්න ඔ්නි නෑ . . .

    කොහොමත් දැන් මේකේ ඉන්න උන් මට බනී . . .

    මට ගානක්වත් නෑ එ්වුනාට . . .

    Speed dosen't kill . . . . Reckless Driving Kills ! !

    තැන්කූ බන්. උඹ කියන කතාව ඇත්ත.

    ඒත් මම සාමාන්‍යෙයන් ගොඩක් වේගෙන් වාහාන එලවන්නේ නෑ. හැබැයි මම ඩ්‍රයිවින් කරනකොට ඒක පට්ට විදියට එන්ජෝයි කරනවා. ඒ නිසා මීටරෙන් පිට යන්නේ නෑ. ඒ ආසාව නිසා තමා ඔටෝ ලඩි ගන්නෙ නැතිව මැනුවල් එකක් ගත්තේ.

    උඹේ රෙකෝඩ් චැලෙන්ජ් එක සොලූනාවෙන් කරන්න බැරිවෙයි මහේෂයෝ :baffled:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ඔවු බොලල්ලා. සොලූනාවෙ තමයි. අවම වේගය 60යි. උපරිම වේගය 110යි.
    අනුරාධපුර - පාදෙණිය - වාරියපොල - නාරම්මල - පස්යාල - හොරණ. දුර කිලෝමීටර් 210යි.

    ගිය පෝය දවසෙත් ආවා. එන්න පැය 6ක් විතර ගියා. තව ලෙඩ සෙට් එකකුත් පත්තු වුනා අන්තිමට වැඩට යන්නත් නෑ.
    ඒ සෙතේම මේ සතියෙනත් වෙයි කියලා තමයි ටිකක් හයියෙන් එන්න වුනේ. රෑ ආවෙ. 8.25ට එහෙන් පිටත් වුනේ. රෑ12.15 වෙද්දි ගෙදර. තේ බොන්නයි අම්මලාට බඩු වගයක් ගන්නයි විනාඩි 15ක් මග රස්තියාදු වුනා.

    රස්සාවට යාමේ වුවමනාවත් වැඩිපුර පැයක් හරි නිදාගැනීමේ උවමනාවත් නිසා තමා මේ සන්තෑතිය වුනේ. ඕවර් ටෙක් කරද්දි ඒකට ඉඩ නොදී පිස්සු කෙලපු ඩැයිබරයෙක් සහ ජීවිත අත් ඇරපූ පූස් තඩියෙක් එලොව යෑම හැරෙන්න වෙන ආපදාවක්නං වුනේ නෑ.
    වාහනේට ලොකු වදයක් දුන්නෙත් නැහැ හැබැයි. පාරෙ වාහන අඩු නිසා ගියර් මාරු කරන්න වුනේ අඩුවෙන්.

    ඒ මොක වුනත් මේ විදියට ආපහු යන්න බලාපොරොත්තුවක් නෑ. :baffled: අර පූසා මැරිච්ච එක හිතට ලොකුවට දැනුනා.

    පූස චප්ප උනෙ නැත්තම් ගොඩක් වෙලාවට ඉම්පැක්ට් එකක් දරාගන්න පුළුවන්.

    මගෙ අතින් වැදුන පොඩි පූසෙක් වැනට් එකට ගාල්ල හයිවේ එන්ට්‍රන්ස් එකට එන පාරෙ. ස්පීඩ් එක 80+ මිසක් අඩු නෑ විසි වෙලා සිහි නැතුව තිබ්බෙ අල්ලල දාගත්ත වෑන් එකටම කටින් ලේ පොඩ්ඩකුත් ඇවිත් හිතුවෙ ඉවරම තමයි කියල.

    එතන ඉඳන් වෙට් ගාවට ගිහින් නවත්තද්දි(5km වගේ දුර) මූ නැගිටල පස්සෙ ශීට් එකේ චූත් දාල ඒක උඩ තිබ්බ බත් පැකට් එකත් බිම දාගෙන ඉරාගෙන කනව මහ කැ* වැඩේ :)

    බේරන්න ගිහින් ගහක යනවට වඩා එක අතකින් නේද....?
     
    • Like
    Reactions: ~WickZ~

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔවු බොලල්ලා. සොලූනාවෙ තමයි. අවම වේගය 60යි. උපරිම වේගය 110යි.
    අනුරාධපුර - පාදෙණිය - වාරියපොල - නාරම්මල - පස්යාල - හොරණ. දුර කිලෝමීටර් 210යි.

    umbe welawa hodnai oya town deka athare tiyanaw lankawe jarama wadiyenma boruwata hari traffic waradi liyana police 2kak una welawat pare indala na ra hinda shape wenna athi.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උඹට උඹේ ඩ්‍රයිවින් විශ්වාසනම් එච්චරයි බන්. නොසැලකිලෙන් එලෙව්වොත් තමයි අනතුරු වෙන්නේ.

    එත්

    උඹේ වාහනේ වයසේ හැටියට ඔය තරම් වදයක් වාහනේට දුන්න එක ගැන අනුමත නොකරමි.. තව අවුරුදු කීපයක් පදින්න තියන පාන් කෑල්ලට ඔය හැටි වැඩ දෙන්න එපා මීටපස්සේ. රේස් පදින්න වෙනම වාහනයක් ගනින්. ගෙදර පාවිච්චි කරන වාහනේට ඔය හැටි වැඩ දෙන්න එපා.. හයිවේ එකක 120 ට යනවා වගේ නෙවෙයි සාමාන්‍ය පාරක නිතර ගියර් මාරු කර කර යන එක.

    පවුල් පන්සල් වෙච්ච එවුන් ටිකක් යැපෙන්නන් ගැන හිතල වාහන එලවපල්ලා.. අපි 100% ක් හරියට ගියත් ලංකාව වගේ රටක අනතුරක් වෙන්නේ කොයිවෙලේද කියන්න බැහැ .

    හ්ම්. අවුරුදු 15ක් වයස :baffled:
    මම සාමාන්‍යෙයන් ඔය වගේ යන්නෙ නැහැ අයියෙ. 60-70 වගේ තමා උපරිම ගියොත්. එදා එද්දිනං නිතර ගියර් මාරු කරන්න වුනේ නෑ රෑ නිසා. කොහොම වුනත් ආයෙ මේවගේ ගමනක් මේකේන් යන්න බලාපෙරොත්තුවක් නෑ :no:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    umbe welawa hodnai oya town deka athare tiyanaw lankawe jarama wadiyenma boruwata hari traffic waradi liyana police 2kak una welawat pare indala na ra hinda shape wenna athi.

    හිටියා හිටියා. එහෙන් මෙහෙන් හිටියා. එත් මම වේගෙන් ආව එක ඇරෙන්න ඉරක් හරි කැපුවෙ බැරිම වෙලාවක විතරයි. මාසෙකට පාරක් වගේ ඔය පාරෙ යන හින්දා බාප්පල ඉන්න තැන් කටුවට වගේ මතකයක් තිබුණා. අවුලක් වුන්නෑ. ඒත් ඒ චෑන්ස් එක හැමදාම හම්බෙන එකක් නෑ :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තැන්කූ බන්. උඹ කියන කතාව ඇත්ත.

    ඒත් මම සාමාන්‍යෙයන් ගොඩක් වේගෙන් වාහාන එලවන්නේ නෑ. හැබැයි මම ඩ්‍රයිවින් කරනකොට ඒක පට්ට විදියට එන්ජෝයි කරනවා. ඒ නිසා මීටරෙන් පිට යන්නේ නෑ. ඒ ආසාව නිසා තමා ඔටෝ ලඩි ගන්නෙ නැතිව මැනුවල් එකක් ගත්තේ.

    උඹේ රෙකෝඩ් චැලෙන්ජ් එක සොලූනාවෙන් කරන්න බැරිවෙයි මහේෂයෝ :baffled:

    ඔය රෙකෝඩ් එක තියන්න මම උඹට සොලූනාවේ ලංකාව වටේ ගිහින් එන්න පුලුවන් තරන් පෙට්‍රල් ගොඩක් පිච්චුවා බන් . . . ඔය රෙකෝඩ් එක තිබ්බේ Subaru Legacy B4 RSK එකකින් . . .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගරාජ් ළමයිනේ.. පොඩි උදවුවක් ඕනේ..

    මේකයි සීන් එක.... නිර්ණාමිකව මොබයිල් ෆෝන් එකකට එස් එම් එස් එකක් යවාගන්න මොනා හරි ක්‍රමයක් තියනවාද:shocked:....ඒ කියන්නෙ යැව්වෙ කවුද, කින්දමන්ද කියල හොයාගන්න බැරි විදියට එස් එම් එස් එක යවාගන්නයි ඕනේ... නෙට් එකේ මොකක් හරි සයිට් එකක් තිබ්බද එහෙම එස් එම් එස් යවන.... ඒ වගේ මතකයක් තියනවා

    මේක ත්‍රෙඩ් එකට අදාල කටුවක් නම් නෙවේ... ඒත් මට කටුවක් වෙලා තියන දේකට ප්‍රතිඋත්තරයක් දෙන්නයි මේක හොයන්නෙ....:sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගරාජ් ළමයිනේ.. පොඩි උදවුවක් ඕනේ..

    මේකයි සීන් එක.... නිර්ණාමිකව මොබයිල් ෆෝන් එකකට එස් එම් එස් එකක් යවාගන්න මොනා හරි ක්‍රමයක් තියනවාද:shocked:....ඒ කියන්නෙ යැව්වෙ කවුද, කින්දමන්ද කියල හොයාගන්න බැරි විදියට එස් එම් එස් එක යවාගන්නයි ඕනේ... නෙට් එකේ මොකක් හරි සයිට් එකක් තිබ්බද එහෙම එස් එම් එස් යවන.... ඒ වගේ මතකයක් තියනවා

    මේක ත්‍රෙඩ් එකට අදාල කටුවක් නම් නෙවේ... ඒත් මට කටුවක් වෙලා තියන දේකට ප්‍රතිඋත්තරයක් දෙන්නයි මේක හොයන්නෙ....:sorry:

    SMS gateway ekakin yawanna puluwan .. free nam nae

    smsglobal.com
     
    • Like
    Reactions: RIDER89

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    විභාගය අවසන් වූ අතර, ඒ අතරතුර මහප්පා වහන්සේ පසුගිය බදාදා උදෑසන අභාවප්‍රාප්ත වූ බව සන්වේගයෙන් එලකිරියට දැනුම් දෙමි. හෙට මලගේ. දැන් ටිකකට කලින් ආවෙ. රෑ වෙලා යන්න ඕන.:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගරාජ් ළමයිනේ.. පොඩි උදවුවක් ඕනේ..

    මේකයි සීන් එක.... නිර්ණාමිකව මොබයිල් ෆෝන් එකකට එස් එම් එස් එකක් යවාගන්න මොනා හරි ක්‍රමයක් තියනවාද:shocked:....ඒ කියන්නෙ යැව්වෙ කවුද, කින්දමන්ද කියල හොයාගන්න බැරි විදියට එස් එම් එස් එක යවාගන්නයි ඕනේ... නෙට් එකේ මොකක් හරි සයිට් එකක් තිබ්බද එහෙම එස් එම් එස් යවන.... ඒ වගේ මතකයක් තියනවා

    මේක ත්‍රෙඩ් එකට අදාල කටුවක් නම් නෙවේ... ඒත් මට කටුවක් වෙලා තියන දේකට ප්‍රතිඋත්තරයක් දෙන්නයි මේක හොයන්නෙ....:sorry:

    ඉස්සර නම් ගූගල් එකව්න්ට් එකෙන් පුලුවන් කමක් තිබුනා. දැන් කොහොමද දන්නෙ නෑ‍ :nerd:
     
    :(:(:(
     
    Status
    Not open for further replies.