එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
නෑ සිංහලු රෑ 9.30 ට වගේ කන්නේ වෙනදට. රෑ 12 ට 1 ට වගේ බිස්කට් පාරක් දානවා. උදේ 6.00 ට කිරි එක ගහනවා. 7.30 ට වගේ උදේට කනවා බං වෙනදට. :(:(

:nerd:
putthalam buruwo 4ka withara bara athi ne ehenam:lol:
ohomath kemak:dull:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෙදර තිබ්බා කිරි හට්ටියක් දුන්නා ගේම එකට ලැසී හැදුවා ඒකෙන් සහ ස්ටීම් කේක් හැදුවා තව. රෑට පින්තූර දාන්නම්. මට කොළොස්ටරෝල් මාජිනල් සිඞහලු ඇඩ්‍රස් නැතිවෙලා ඉන්නේ. :(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර තිබ්බා කිරි හට්ටියක් දුන්නා ගේම එකට ලැසී හැදුවා ඒකෙන් සහ ස්ටීම් කේක් හැදුවා තව. රෑට පින්තූර දාන්නම්. මට කොළොස්ටරෝල් මාජිනල් සිඞහලු ඇඩ්‍රස් නැතිවෙලා ඉන්නේ. :(:(:(
    මං මේ ලගදි බැලුවා .. කොලෙස්ටරෝල් 155යි .. සීනි 82 :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගෙදර තිබ්බා කිරි හට්ටියක් දුන්නා ගේම එකට ලැසී හැදුවා ඒකෙන් සහ ස්ටීම් කේක් හැදුවා තව. රෑට පින්තූර දාන්නම්. මට කොළොස්ටරෝල් මාජිනල් සිඞහලු ඇඩ්‍රස් නැතිවෙලා ඉන්නේ. :(:(:(

    :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12143271_1087249371292834_8997664318326817028_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං මේ ලගදි බැලුවා .. කොලෙස්ටරෝල් 155යි .. සීනි 82 :dull:

    මගේ Total Chlesterol 240 යි (cut off 240)
    LDL 155 යි බං (cut off 160)

    සතියකට දවසක් කිලෝමීටර් 1.5 වගේ පීනලා ඔය. බලහන් කටට බැලන්ස් නැහැනේ. ෆ්‍රයිඩ්‍රයිස් මයි කෑවේ පහුගිය කාලේ අනිවා සතිඅය දවස් දෙකක් ෆ්‍රයිඩ් රයිස්. උදේට බිත්තර රොටී දෙකයි පරාටා දෙකයි හැමදාම කෑවා. මහතත් නෑ බං මම. සිකිලා ඉන්නේ දැන්. අද කිලෝමීටර් 3 ක් විතර දිව්වා හවස. හැමදාම දැන් දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. අම්මා එහෙන් ගේම ඉල්ලනවා උදේටයි දවල්ටයි ගෙදරින් කෑම ඇන්න පල කියලා. ම්ම කඩෙන් බං කෑවේ දිගටම උදේටයි දවල්ටයි පව්නේ ඒ මනුස්සයා පොඩි කාලේ ඉඳන් හැමදාම පාන්දර නැගිට නැගිට උයලා උයලා තවත් අපි පව් දෙන්න ඕනේ නෑනේ. :(:(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lassi Drink - ලැසී බොමු

    ලැසී බොමු
    දතා නෑ, පොල් කොටේ නෑ, පොලා අයියත් නෑ. කෑම ත්‍රෙඩ් එක නන්නත්තාර වෙලා. ආයේ මොනවා හරි දාලා නග්ගලා ගන්න බැලුවා. මේකේ උන් ඉල්ලුවානේ බොන්න පුලුවන් බීම ජාති දාපල්ලා කියලා. අද හදන්න යන්නේ ලැසී. මේක රසවත් පානයක්. හදන්න මීකිරි ඕනේ. ගෙදරට මී කිරි හට්ටියක් ලැබුනා. කිරි හට්ටියට ගේම දුන්නා. මේක හදලා බීපු නැති උන්දැලා හදලා බලන්න. අනිවා අනික් දවසේ ගෙදරට කිරි හට්ටියක් ගෙනාවොත් උඹලා කිරි කන්නේ නැතුව දිගටම මේක හදලා බොන්න පුරුදු වෙනවා.

    අවශ්‍ය ද්‍රව්‍යය ( 6 දෙනෙකු සඳහා )

    මුදවපු කිරි අඬු කෝප්ප දෙකක්
    ෆ්‍රෙෂ් මිල්ක් ( මම ගෙනාවේ අඹේවෙල එක ) අඬු කෝප්ප 4 ක් (ලැසී එක මම ගත්තේ ටිකක් තුනීවට ඝනකමට ඕනේ නම් කිරි කෝප්ප 2 ක් වගේ දාපල්ලා )
    සීනි හැඳි කීපයක් රස අනුව
    අයිස් කැට 12 ක් පමණ
    කුඩු කර ගත් කරඳ මුංගු සහ කුරුඳු කුඩු ස්වල්පයක්
    Saffron (කුංකුම)
    රොස එසන්ස් බිංදු කීපයක්

    සාදන ක්‍රමය
    මේක ටිකක් පොෂ් පන්නයේ පානයක්. මොකද කිරි හට්ටියටයි, ෆ්‍රෙෂ් මිල්ක් වලටයි ගියාම හොඳ ගණන්.

    මුලින්ම බ්‍රෙන්ඩර් එකට මුදවපු කිරි, ෆ්‍රෙෂ් මිල්ක්, අයිස් කැට සහ සීනි සියල්ල දමා හොඳින් ක්‍රීම් එක වගේ කෑලි ඉතිරි නොවන තෙක් හොඳින් ගසා ගත යුතුයි. ඉන්පසු රස බලා සීනි මදි නම් තවත් පිටතින් සීනි ස්වල්පයක් එකතු කර ගන්න. පසුව එයටම රෝස එසනස් බින්දු කීපයක් දමා ගන්න.පසුව පානය කිරීමට ගන්නා වීදුරුවට වත් කර ගන්න. මෙහිදී උඩින්ම ලැසී එකේ පෙණ ගතිය එන්න ඕනේ නිසා වීදුරුවට වත් කරන විට තරමක් උඩින් වත් කරන බඳුන අල්ලා (යාරේ තේ දමන විදිහට) හෙමින් වත් කර ගන්න. අවසානයේ උඩින් කුඩු කර ගත් කරද මුංගු ( රත්තරං වගේ තමයි ග්‍රෑම් 25 හේ පැකට් එකක් රුපියල් 220 ක් බොල) සහ කුරුඳු කුඩු ස්වල්පයක්ද, තිබේ නම් saffron ස්වල්පයක්ද එකතු කර ගන්න (මේක සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන්නේ හෙන පොඩ්ඩක් 400 ක් විතර වෙනවා දැමීම අත්‍යවශ්‍යය නෑ. ඔය කෙඳි කෙඳි තියෙන්නේ පහල පින්තූර වල saffron)

    දැන් ඉතින් වගකියන්න තියෙන්නේ.

    තව එකක්. මේක ඕනේ නම් Banana Lassi, Strawberry Lassi, Mango Lassi etc. ලෙස තමාට අවශ්‍යය පළතුරක්ද කැබලි බ්‍රෙලෙන්ඩරයට දමා අර ඉහටහ් මිශ්‍රණය සමග ගසා ගැනීමෙන් තවත් රස වැඩි කර ගත හැක. සමහරු මුදවපු කිරි වෙනුවට යෝගට් එකතු කරනු ලබයි.

    5lxbmr.jpg

    2yuzwoy.jpg

    2mrwb9e.jpg

    • Like
    Reactions: Elysium and laMir

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:

    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කුක්කු ටොපි by sdrider

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    Green Tea Cocktail by dath kimbula

    සීනි සම්බල් by Dinushasankalpa

    රට ඉඳි කේක් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    පැටීස් by sriboysl

    පිට්ටු by laMir

    Cupcake with Chocolate Ganache Frosting by Elysium

    බිත්තර රෝල්ස් by CuteBaby

    Sweet Salad by tharinda76

    පරිප්පු වඩේ by polwattacom

    Apple Curry by U_knw_me

    සොසේජ් ඩෙවල් by U_knw_me

    පැස්ට by polwattacom

    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi

    පොල් රොටී by dwpsg

    අල රොටි හදමු by Nisansee

    චීස් කොත්තු by Ridila™

    පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_

    Jelly layers by U_knw_me

    චපාති by r.pathirana

    Mug Cake by paris

    අයිස් ක්‍රීම් by chamali2009

    ග්‍රිල් සැන්විච් by polwattacom

    ලැවරි‍ය by Rex921

    කඩල තෙල් දාමු by polwattacom

    සැන්ඩ්විච් tips by polwattacom

    කතුරු මුරුංගා හදමු by Nisansee

    Baked Potato with Garlic Bread by polwattacom

    ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු by Nisansee

    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස් by polwattacom

    බිත්තර නූඩ්ල්ස් හදමු by Deep Blue

    Marshmallow by Chamodi21

    අඹ පුඩිම (Mango Pudding) by tharinda76

    Nasi Goreng by tharinda76

    උළුඳු වඩේ by tharinda76

    බිත්තර රයිස් හෙවත් එග් බත් by thilan996

    ලැසී Drink by Ridila™

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මගේ Total Chlesterol 240 යි (cut off 240)
    LDL 155 යි බං (cut off 160)

    සතියකට දවසක් කිලෝමීටර් 1.5 වගේ පීනලා ඔය. බලහන් කටට බැලන්ස් නැහැනේ. ෆ්‍රයිඩ්‍රයිස් මයි කෑවේ පහුගිය කාලේ අනිවා සතිඅය දවස් දෙකක් ෆ්‍රයිඩ් රයිස්. උදේට බිත්තර රොටී දෙකයි පරාටා දෙකයි හැමදාම කෑවා. මහතත් නෑ බං මම. සිකිලා ඉන්නේ දැන්. අද කිලෝමීටර් 3 ක් විතර දිව්වා හවස. හැමදාම දැන් දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. අම්මා එහෙන් ගේම ඉල්ලනවා උදේටයි දවල්ටයි ගෙදරින් කෑම ඇන්න පල කියලා. ම්ම කඩෙන් බං කෑවේ දිගටම උදේටයි දවල්ටයි පව්නේ ඒ මනුස්සයා පොඩි කාලේ ඉඳන් හැමදාම පාන්දර නැගිට නැගිට උයලා උයලා තවත් අපි පව් දෙන්න ඕනේ නෑනේ. :(:(

    මේ කොත්තු බාස්.......කොලෙස්ටරෝල් වැඩි වෙලා නම් අර මම කියපු කරපිංචා සම්බෝලේ ටිකක් වැඩිපුර කන්න......පුළුවන් නම් දවසට තුන් වේලම....එතකොට ඉක්මනට කොලෙස්ටරෝල් අඩු වෙනවා........
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කොත්තු බාස්.......කොලෙස්ටරෝල් වැඩි වෙලා නම් අර මම කියපු කරපිංචා සම්බෝලේ ටිකක් වැඩිපුර කන්න......පුළුවන් නම් දවසට තුන් වේලම....එතකොට ඉක්මනට කොලෙස්ටරෝල් අඩු වෙනවා........

    :(:(:( දවසට තුන්වේල කන්න එක වේලයි ගෙදරින් කන්නේ. :(:(:(
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :(:(:( දවසට තුන්වේල කන්න එක වේලයි ගෙදරින් කන්නේ. :(:(:(

    මේ කොත්තු බාස්....අනිත් වේල් දෙකට කරපිංචා සම්බෝල හදල ඔතාගෙන යන්න......කොහොමත් කුස්සියෙමනේ ඉන්නේ.......ඒ නිසා අව්ලක් නෑ....ඔන්න ලොකු රස්සාවක් කලා නම් ඉතින් ඕක ඔතන් ගිහින් කන්න ලැජ්ජයි කියන්න තිබ්බ.......කඩේක කොත්තු දාන කොල්ලෙක් මොකක් කෑවත් කව්රුවත් එච්චර බලන්නේ නෑනේ....ඒ නිසා අව්ලක් නෑ..... දැනුත් මේ කොත්තු දාන ගමන් වෙන්නැති නේද.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කොත්තු බාස්....අනිත් වේල් දෙකට කරපිංචා සම්බෝල හදල ඔතාගෙන යන්න......කොහොමත් කුස්සියෙමනේ ඉන්නේ.......ඒ නිසා අව්ලක් නෑ....ඔන්න ලොකු රස්සාවක් කලා නම් ඉතින් ඕක ඔතන් ගිහින් කන්න ලැජ්ජයි කියන්න තිබ්බ.......කඩේක කොත්තු දාන කොල්ලෙක් මොකක් කෑවත් කව්රුවත් එච්චර බලන්නේ නෑනේ....ඒ නිසා අව්ලක් නෑ..... දැනුත් මේ කොත්තු දාන ගමන් වෙන්නැති නේද.......

    ඔව් කොත්තු දාන ගමන්. කොහෙද මාව ඇහැරුවනේ මේ මහ රෑ කොත්තුවක් දා ගන්න ඇවිත්.

    මේකෙනේ ඇන්ටි අම්මා මම පොඩි කාලේ ඉඳන් හැමදාම උදේ ඇහැරි ඇහැරි කෑම උයලා දුන්නා නිදි මරාගෙන. ඒ මනුස්සයට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න එපාය. මගෙන් ගේම ඉල්ලනවා කෑම ගෙනියනවා උදේටයි දවල්ටයි ආයේ උයලා දෙන්නම් කියලා කොළොස්ටරෝල් කේස් එක නිසා. මම එපා කිව්වා. උදේට ඉතින් බනිස් වත් කනවා. :(:(