මී කිරි කෑම

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අවුරුදු කාලෙ පහු උනානෙ. නෑගම් ආව අය අය ගෙනාපු නානාප්‍රකාර තෑගි බෝග අතරේ කිරි හට්ටි තුන හතරක් නම් අනිවාර්යෙන් තියෙන්න ඇති. පැණි ටික දාගෙන එහෙමත් නැත්නම් සීනි ටිකක් ඉහගෙන කනව ඇරුණම ඔය දකුණෙ උදවිය නම් බත් එකට දාගෙන පොඩ්ඩක් කයි. ඇත්තටම මේ මීකිරි කන්න ඊට වඩා රසවත් ක්‍රම නැද්ද කියල හොයල බලන්න අනිවා අපි හිතුව. ඔන්න ඒ හෙවිල්ලේ ප්‍රතිඵල. මී කිරි වලින් හදන රසවත් කෑම බීම රෙසිපි 5ක්. මීකිරි නොකන අයත් මෙහෙම හදල දුන්නොත් නම් නොකා ඉන්න එකක් නෑ.

    1. Curd Rice



    Curd-Recipes-aniwa-01.jpg



    මී කිරි දාල බත් කන එක දකුණේ අයට නම් අරුමයක් නෙවෙයි උනාට මේ කර්ඩ් රයිස් එක ඊට පොඩ්ඩක් වෙනස්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. හාල් කප් 1/2
    2. මීකිරි කප් 1 1/2
    3. කිරි කප් (Fresh Milk)1/8 (අත්‍යාවශ්‍යම නැත)
    4. ලුණු රස අනුව
    5. කරපිංචා කොළ ඉත්තක්
    6. තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
    7. කපාගත් වියලි මිරිස් කරලක්
    8. සූදුරු තේ හැඳි 1/2
    9. අබ ඇට තේ හැඳි 1/2
    10. සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොල


    • හාල් ටික සෝදා වතුර කප් 1 1/2ක් එක් කර, ලුණු රස අනුව දමා බත උයාගෙන, එය යන්තමින් පොඩි කර නිවෙන්නට හරින්න.
    • නිවුනු පසු බත් වලට මී කිරි එක් කරන්න. කිරි පාවිච්චි කරනවා නම් එයත් එක් කරන්න.
    • වෙනම භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වෙන්න හරින්න. එයට අබ සහ සූදුරු එක් කර අබ පුපුරන විට ඉඟුරු, කරපිංචා සහ වියලි මිරිස් කරල් එක් කර තෙම්පරාදු කරගන්න.
    • මේ තෙම්පරාදුව මී කිරි එක් කල බතට දමා මිශ්‍ර කර කොත්තමල්ලි කොල උඩින් ඉස ගන්න.


    2. Dahi Chicken



    Curd-Recipes-aniwa-02.jpg



    මී කිරි දාල චිකන් හදල තියෙනවද? එක පාරක් හදල බැලුවොත් ආයෙ ආයෙ හදන්න හිතෙන තරම් රසයි මේ චිකන් එක නම්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. චිකන් 1Kg
    2. මී කිරි කප් 2
    3. චොප් කරගත් ළූණු ගෙඩියක්
    4. තලාගත් ඉඟුරු සුදු ළූණු තේ හැන්දක්
    5. කුරුඳු පොතු කෑල්ලක්
    6. කරාබු නැටි තුන හතරක්
    7. බේ ලීෆ් එකක්
    8. සූදුරු තේ හැන්දක්
    9. සැර අනුව මිරිස් කුඩු
    10. ගරම් මසාල තේ හැන්දක්
    11. කහ
    12. ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    13. සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල
    14. ලුණු
    15. සීනි තේ හැඳි 1 1/2
    16. ගී (Ghee)


    • මී කිරි එකට ගරම් මසාලා ගම්මිරිස්, මිරිස්, ලුණු, සීනි සහ කහ එක් කර මිශ්‍ර කරගෙන කපාගත් චිකන් එකට දමා හොඳින් කලවම් කර පැය භාගයක් වසා තබන්න.
    • ගී ටික රත් වෙන්නට තබා එයට සූදුරු, බේ ලීෆ්, කුරුඳු සහ කරාබු නැටි එක් කර එයටම ඉඟුරු සුදු ළූණු සහ චොප් කරගත් ළූණු ටික් එක් කර තෙම්පරාදු කරගන්න.
    • එයට චිකන් ටික එක් කර හොඳින් මිශ්‍ර කර පියනකින් වසා ගන්න. විටින් විට මිශ්‍ර කරමින් විනාඩි 25ක් පමණ පිස ගන්න. ග්‍රේවි ගතියට අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක් කරගන්න.
    • ලිප නිවා කොත්තමල්ලි කොල දමාගන්න.


    3. Mango dahi



    Curd-Recipes-aniwa-03.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. මී කිරි 300ml
    2. සීනි 75g
    3. ගාගත් හකුරු 75g
    4. වතුර 50ml
    5. පොඩි කර ගත් අඹ පල්ප් කප් 1
    6. බටර් 25g
    7. කොටු කපාගත් ඉදුණු අඹ ගෙඩියක්
    8. මිංචි කොල කීපයක්
    9. දෙහි ලෙල්ලක්


    • සීනි සහ හකුරු වතුරට දමා දෙහි ලෙල්ලත් එයට දමා ලිප තබා විනාඩි 3ක් පමණ තබා සීනි ටික දියකර ගෙන එය ලිපෙන් ඉවත් කර අඹ පල්ප් එකට මිශ්‍ර කරගන්න.
    • එයට මී කිරි එක් කර බීට් කරගෙන පැයක් ෆ්‍රීසරයක දමන්න. එළියට ගෙන නැවත බීට් කර පැයක් ෆ්‍රීස් කරගන්න. තුන් වතාවක් මෙසේ කරන්න.
    • බටර් ටික රත් කර එයට අඹ කැබලි එක් කරගන්න. එයට වෙනම හකුරු මේස හැඳි දෙකක් එක් කර හකුරු දිය වෙන තුරු ලිප තබා ගන්න. ෆ්‍රීස් කරගත් අඹ මී කිරි අයිස්ක්‍රීම් එක මතට අඹ කැබලි උණුවෙන් දමා මිංචි කොල වලින් සරසා පිළිගන්වන්න.


    4. Lassi



    Curd-Recipes-aniwa-04.jpg



    රස්නෙ කාලෙනෙ ලැසී (ලස්සි) එකක් කියන්නෙ තිබහ නිවන්න කියාපු බීමක්. මී කිරි වලින් ලැසී එකක් හදාගන්නෙ මෙහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. මී කිරි 750ml
    2. කැබලි කඩාගත් අයිස් කැට කප් 2ක්
    3. සීනි රස අනුව
    4. ලුණු ස්වල්පයක්
    5. වතුර 200ml


    • අයිස් කැට ටික බ්ලෙන්ඩර් එකට දමා එයට අනෙක් සියල්ල එක් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. සිසිල්වම පිළිගන්වන්න.


    5. Curd kebab



    Curd-Recipes-aniwa-05.jpg



    මි කිරි වලින් ස්නැක් එකක් හදමුද? රසම රස කෙබාබ් එකක් හදා ගත්තම හවසකට කන්න නියමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. මී කිරි 400ml
    2. පනීර් 100g
    3. තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
    4. චොප් කරගත් කජු මද 15ක්
    5. චොප් කරගත් වියලි මිදි මේස හැඳි 2
    6. කරදමුන්ගු කුඩු ස්වල්පයක්
    7. කෝන් ෆ්ලා
    8. චොප් කරගත් ළූණු තේ හැඳි 2


    • මී කිරි ටික මස්ලින් රෙදි කැබැල්ලක ඔතා යටින් බඳුනක් තබා ශීතකරනයේ රැයක් එල්ලා තියාගන්න.
    • තෙල් ස්වල්පයක් ලිප තබා එයට ඉඟුරු සහ ලූනු එක් කර ලූනු විනිවිද පේන ගානට එන තුරු තෙම්පරාදු කරගන්න.
    • මී කිරි ටික බෝල් එකකට දමා කෝන් ෆ්ලා හැර අනෙක් ද්‍රව්‍ය සියල්ලම එක් කර මිශ්‍ර කරගන්න.
    • අතින් කුඩා බෝල සාදා එය පැතලි කර වටේට කෝන් ෆ්ලා ස්වල්පයක් තවරා ගන්න. පාන් කුඩු වල දවටා පෑන් එකකට තෙල් දමා දෙපැත්ත රන්වන් පැහැ වනතුරු බැදගන්න.


    http://www.aniwa.lk/2017/05/15/1705152-curd-recipes/
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මීකිරි නම් ඉතින් හොද හිත මීකිරිම තමා.දැනට කාපු රසම මීකිරි.:love:

    කාපු එකාම තමා මචන් ඒක දන්නේ.තිස්සමහාරාමේ හොඳ හිත මීකිරි එකක් කාල නැත්නම් වැඩකුත් නෑ.:love::love::love: