පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මං මුලාවී සිහින අතරේ...

මං මුලාවී සිහින අතරේ
සිතින් පියවර මනිමි අඳුරේ
නිවූ සිතුවිලි ඔබේ හසරැලි
කොහේ මගහැරුනේ
සොයා යන්නෙමි ඔබේ දෙනයන
මගේ මියුලැසියේ
ලබැඳියේ ලබැඳියේ...

මට උරුමකල
ලබැඳියේ නුඹ
මතකයන් රෑනක්
නෙතු කෙවෙනි අග කඳුළු සඟවා
තවත් විඳවනු බෑ
ලංවෙනා සඳ ලබැඳියේ නුඹ
දැනුනා සැනසීමක්
නොවන්නට හමුවන්න මෙලොවේ
නොවේ වෙන්වීමක්
ලබැඳියේ ලබැඳියේ...

-Centigradz-

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මං මුලාවී සිහින අතරේ
සිතින් පියවර මනිමි අඳුරේ
නිවූ සිතුවිලි ඔබේ හසරැලි
කොහේ මගහැරුනේ
සොයා යන්නෙමි ඔබේ දෙනයන
මගේ මියුලැසියේ
ලබැඳියේ ලබැඳියේ...

මට උරුමකල
ලබැඳියේ නුඹ
මතකයන් රෑනක්
නෙතු කෙවෙනි අග කඳුළු සඟවා
තවත් විඳවනු බෑ
ලංවෙනා සඳ ලබැඳියේ නුඹ
දැනුනා සැනසීමක්
නොවන්නට හමුවන්න මෙලොවේ
නොවේ වෙන්වීමක්
ලබැඳියේ ලබැඳියේ...

-Centigradz-

පට්ට..මේ දවස් වල නිතරම අහන සිංදුව.. :D
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    ගෝමර මාලා වත සරසාලා
    හැඩ වැඩ ගමනට ඉඟ නලවා
    වරලස මුදලා ඔසරිය ඇඳලා
    කෝල සිනහවෙන් මුව සරසා
    නුඹේ රුව දැකලා හිත මගේ සැලිලා
    යන්ට හිතයි මට දිවි හැරලා
    මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
    බහ දීපන් මට හිත සනසා

    .............................
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rohana Baddage...............


    ~කන්දේ ලන්දේ~

    images


    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ~
    පේනාතෙක් මානේ
    ..
    මන බැන්ඳේ වින්ඳේ~
    සුවපහසේ වාසේ ගම්මානේ..


    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ~
    ගං තීරේ ගුරු පාරේ සිරිදෙව් සිනාවේ..

    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී~
    සංකේත වූ වාසනාවේ ගම්මානේ..

    කන්දේ ලන්දේ..

    ඇල් හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ~
    පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ..
    මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ~
    යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ..

    කන්දේ ලන්දේ..


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සේපාලිකා තාමත් මේ මාවතේ...

    සේපාලිකා තාමත් මේ මාවතේ
    පිපුණාම සුවඳයි සිතේ
    ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා
    පියමැන්නා මතකයිද පාසල් වියේ...


    කවි පාඩමේ අකුරු බැරිවීලා
    තැලුවාම හැඬුවේ ඔයා
    දම්මී සුගත් වගේ අපේ ආදරේ
    නොදැනීම දෙසිතේම බොඳවී ගියා...


    පාසල් වියේ දෙන්නා එක පන්තියේ
    කිරිකෝඩු පෙම්වන්තයෝ
    බැඳි ප්‍රේමේ පාසලේදී අපි දෙන්නගේ
    ලියවීලා ඇත තාම සැමරුම් පොතේ...


    -ලක්ශ්මන් හිල්මි-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සොඳුර ජීවිතයේ ලගම හිත මිතුරියයි...

    සොඳුර ජීවිතයේ ලගම හිත මිතුරියයි
    වරෙක ඇය මට මගේ වැදූ මව හා සමයි
    දිවි මගේ ශක්තියයි
    සිරි යහනේ කුමරියයි
    සොඳුර ජීවිතයේ ලගම හිත මිතුරියයි...

    ඇය මැණික රකින නා රජු මමයි
    ගස මමද ගසේ අතු මැව්වේ ඇයයි
    ශක්තියයි මගේ දැරුවේ දරු ඵල ඇයයි
    නිවසේ සිරිකත ඇය ලොවේ රැජිනයයි...

    ඔබ රකිනු මැන ඔබේ මවද පණ වගේ
    ඔබ රකිනු මැන ඔබේ බිරීඳ පණ වගේ
    ඇයට නෑ අප හැර කෙනෙක් මේ ලොවේ
    කවුරු මැව්වද පුදුම වස්තුව ඇය...

    දුක සැපතදේ ඇය ඉඳි දිවි මගේ
    සයුර සේ සෙනෙහසද ඒ වගේ..
    කවුරු මැව්වද පුදුම වස්තුව ඇය
    ලොව එකලු කල ඇය ලොවේ රැජිනිය...

    -ලක්ශ්මන් හිල්මි-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
    ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුණා


    පිපි හාදු සුළඟේ මුවගාව ගැවසේ
    දෙතොලේ ලැඟුම් සොය සොයා
    සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ
    ළංවෙන්නමයි නෙත් පියා
    උදාවේ මා සෙනෙහේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ


    ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
    රෑ තුන් යමේ හිත් පුරා
    නොදොඩා ම දෑසේ කවි ගීත මැවුණේ
    දෙතොලේ සුසුම් උතුරලා
    උදාවේ මා සැඳෑවේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ


    -Kasun Kalhara
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී, යුගයෙන් බැඳි යුගයේ
    ලංවී වෙන්වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බඳුනේ

    දිවියේ අශා, ගැඹුරින් ගැඹුරේ,
    ළයගින් සනහා, අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්ම රැව්දීලා,
    ඔබ මා නෙතඟේ රැඳුනා

    ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා
    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
    අතරින් පතරේ වියැකීලා,
    සටනින්, අද මා දිනුවා


    360_wmarriage_1129_B.jpg


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිනයක් එයි ළඟදි වැටහෙනා
    මගෙ ලෝකෙ හැමදේ ඔබයි කියා
    එදිනේ පසුතැවෙන්නට ඔයානන් එපා
    සැන‍සෙනු බෑ ඔබේ දුක බලා
    මට වැඩියෙන් කෙනෙක් ආයෙමත් ළංවෙලා
    පෙම් කළොත් ඒක පුදුමයි තමා

    පෙරදී විඳි දුක යලිත් ලබා
    මඟදී අසරණ වෙතැයි සිතා
    දින කොපමණ ගියත් නොදැනි තව ගතවෙලා
    වෙනසක් නෑ ආදරේ සදා
    මට වැඩියෙන් කෙනෙක් ආයෙමත් ළංවෙලා
    පෙම් කළොත් ඒක පුදුමයි තමා

    ළංවී හිටිගමන් සනසලා
    මොහොතින් වෙනවා වෙනස් ඔයා
    පණමෙන් පරිස්සම් කරනවා හෑමදා
    ලැබුණොත් කවදහරි මට ඔයා
    මට වැඩියෙන් කෙනෙක් ආයෙමත් ළංවෙලා
    පෙම් කළොත් ඒක පුදුමයි තමා

    දිනයක් එයි ..............


    ගායනය :- රොෂාන් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළ නවතින තුරු නෙතින්
    සිනහ දුරකට ගෙනියමින්
    ආයෙ‍ නොයෙනා ජීවිතේ ළඟ
    නවාතැන් ගනු බෑ ඉතින්
    නුඹ මගෙන් සමුගත් දා ඉඳන්
    මං නැවතිලා මතකය ළඟින්

    අතීතය ළඟ කඳුළු වගුරන
    හිතක් නුඹ තව දනීනම්
    මං තරම් කවුරුවත් ම නෑ
    නුඹට පෙම් කළ ආදරෙන්

    ළඟට ඇවිදින් මොහොතකටවත්
    රැඳෙන තුරු සිහිනය අරන්
    තවම ඔය මඟ ඉන්නවා මං
    නුඹට ලියවුණ ජීවිතෙන්

    කඳුළ නවතින ................


    ගායනය :- රාජ් ඉලංගසිංහ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සල්ලි පොකුරු මිල්ලේ අහුරු...

    සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා
    පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
    සතුටු කදුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපිට ඕනා
    හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම දිරිය වීලා...


    මුහුදු වතේ රල රැල්ලේ පොර බදලා අපි ආවා
    නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා...


    රස්සාවට නගින උදේ බොන්ජෝර්නෝ කියලයි පිළිගන්නේ
    කම්හල් නැග බහින තුරා අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
    තියෙන විටදී අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
    කඩිසරකම තිබෙන තුරා අපේ දවස කල එලිවී එන්නේ...


    හඳ කොහේදෝ ගිහිල්ලදෝ හීන්සැරේ මඟ හැරලා
    අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදීලා...


    කටු වට කර තිබුනත් අපි අතින් කරෙන් වස්තු අරන් එන්නේ
    එහෙම ඇවිත් ගමේ බිමේ සේසතටම සින් වියදම් වෙන්නේ

    ආපු ගමන් ආයෙත් යං මිල්ලේ සොයන් අපි එනවා
    අද යනවා හෙට එනවා එහා මෙහා ඔහේ යනවා...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේ සුව සොයා යද්දී ආදරී දිව යයි...

    ආදරේ සුව සොයා යද්දී
    ආදරී දිව යයි
    ආදරේ සිත නතර වෙද්දී
    ඈ හැරී යලි එයි
    සාගරේ රළ පෙරලි පෙරලී
    වෙරසුව විමසයි
    සාගරේ වෙත බැළුම් හෙලමි
    මිරිගු පෙම සිහිවෙයි...

    ඔබෙන් ඉල්ලූ ආදරය මට
    ඔබ නොදුන් හන්දා
    ඇගෙන් ලංවු සොඳුරු සෙනෙහස
    මවෙත මං ගත්තා
    ඉතින් ලඳුනේ මවෙත වරදක්
    නැතැයි මට හැඟුනා...

    ලගින් ඉද්දී අගය නැතිවී
    නොවටිනා පරිදි
    දුරින් ඉද්දී අගය දැනුනේ
    ඔබ හටයි දුක් දී
    ඉතින් පැරදී යන්න මට බැහැ
    තව වරක් ලංවී...

    -සංගීත් විඡේසූරිය-
     
    • Like
    Reactions: DAMER