
patta song eka.. kalekin dakke... ahanna oneහවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...
රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ
ඇගේ නොලැබීම ද මගේ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ...
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ...
-ග්‍රේෂන් ආනන්ද-
