විසඳන්න පුලුවන්ද
ඔන්න මෙකයි ප්රශ්නෙ. ඔන්න එක පන්තියක් තියනවා. ඒ පන්තියේ ගණන් පීරියඩ් එක පටන්ගන්න වෙලාව. ඉස්සෙල්ලාම පතිය පටන් ගත්ත ගමන් ගනන් සර් කරන්නෙ ගෙදර වැඩ බලන එක. ළමයෙක් ගෙදර වැඩ කරලා නැතිනම් එයාව පන්තියෙන් එලියට යවනවා..නැවත පන්තියට එනු බෑ. ඔන්න ඊට කලින් දවසේ සර් දුන්නෙ හරිම අමාරු ගනනක්. ළමයි කවුරුවත් මේ ගාන හදලා නෑ.
ඔන්න සර් පන්තියට ආවා. ළමයි කවුරුවත් ගාන හදලා නැති බව දැනගත්තා.ගානත් අමාරු ගනනක් නේ...ඒක නිසා සර් කල්පනා කෙරුවා අද විශේශයක් කරන්න.
සර් පන්තියෙන් අහඹු ලෙස ළමයි දහ දෙනෙක් තෝරා ගත්තා. "ල්මයි' මම ඔය ගොල්ලන්ට ගැටලුවක් දෙනවා..ඒකට ඔය ලමයින් ගෙන් 9 දෙනෙක් හරියට උත්තර දුන්නොත් අද කවුරුවත් පන්තියෙන් එළයට යවන්නේ නෑ. නැත්තම් මම හැමෝම පන්තියෙන් එළියට යවනවා. හරි දැන් ඔය ගොල්ලෝ උසේ පිළිවෙලට හිටගන්න." මෙහෙම කියලා සර් ගැටලුව දුන්නා... දැන් අපි බලමු ඒක මොකක්ද කියලා.
සර් ගාව එක සමාන නමුත් පාට වලින් වෙනස් පොත් 10 ක් තියනවා..පාට වලින් වෙනස් කිව්වෙ මේවා සමහරක් කහ පාට සමහරක් නිල් පාට. දැන් මේවා උස අඩුවන පිලිවෙලට උස අඩුවන දිශාව දෙස බලාගෙන පේළියට ඉන්න ලමයින්ගේ ඔලු උඩින් ඒවා නොවැටෙන ලෙස තියනවා. තමන්ගෙ ඔලුව උඩ තියෙන පොත තමන්ට පේනෙ නෑ. ආපස්සට හැරෙන්නත් බෑ. නමුත් උසේ පිළිවෙලට හිටගෙන ඉන්න නිසා තමන්ට ඉදිරියෙන් ඉන්න හැමෝගෙම පොත් පෙනවා. දැන් උසම එක්කෙනාගෙ ඉන්දන් මිටිම එක්කෙනා දක්වා පිලිවෙලට තමන්ගෙ ඔලුව උඩ තියෙන පොතේ පාට කියන්න ඕනෙ. කියන්න පුලුවන් එක්කො කහ පාට , නැත්නම් නිල්පාට කියලා විතරමයි. වෙන කිසිම ශබ්දයක් පිට කරන්නත් බෑ. වෙන කිසිම අන්ග චලනයකින් වෙන එක්කෙනෙකුක කිසිවක් හඟවන්නත් බෑ. දැන් කොහොමද මේ අය අවම වශයෙන් නව දෙනෙක් තමන්ගෙ ඔලුව උඩ තියෙන පොතේ පාට දැනගත්තෙ.