දුක් විඳින ජනතාවගේ
"අප දන්නෙමු,
නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි.
ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී....
නුඹලාගේ දරැවනට,
දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.
ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා....
මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය.
ලෝකයක් අධ්‍යාපනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු.
කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු...
නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී...
ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි
ඒ නුඹලාගේ හැටිය.
නමුත් අවාසනාවනම්..
ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති.
බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු.
අප පුදුම නොවන්නෙමු....
"ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...

Last edited: