බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් කියන්න යන එක නම් ආතල් එකක් නම් නෙමේ

    එදත් බිලා දෙයියනේ කියලා ගෙදර ආවා . ඊට පස්සේ ආයිත් ගියා රාගම යාලුවෙක් ගේ ගෙදර වෙඩින් එකේ වැඩ කොහොමද බලන්න ..... එහෙත් බෝතල් ... හයියෝ හැමිනෙනවා ඉතිං

    ඒ ටිකත් ඉවර කරලා මනාලයා එක්ක ටවුන් එකට ගියා බඩු වගයක් ගන්න ..... එකත් අරගෙන කෙල්ලගේ ගෙදර ගිහින් කෙල්ලට දීලා යාළුවා වත් ගෙදරින් දාලා එන්න පිටත් උනා .... එතකොට රැ 12 පහු වෙලා

    කඩවත පහු කරලා ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට ආවා . කන්දක් තියෙනවා නගින්න පන්සලක් එක්ක ..... කොන්ක්‍රීට් පාරක් .

    කොහොම හරි කන්ද ටිකක් නැගගෙන එනකොට බල්ලෙක් ඉන්නවා පාරේ මම යන පැත්තේ ..... මම උට ඉඩ දීලා අයින් කරන කොට මුත් හැරුනා බයික් එකේ පැත්තටම .....

    කොන්ක්‍රීට් එක ඉවර වෙනවත් එක්කම තණකොළ තියෙන්නේ ගැට්ටත් එක්කම පාරේ අයිනේ ..... හරිම තන්තෝසයි ඉතින් බයික් එකේ ඉස්සර රෝදේ කොන්ක්‍රීට් එකෙන් පැන්න ආයිත් ගන්න යද්දී ගැට්ටට හිර උනා ..... බයික් එක රේස් උනා වැටුනා

    කොහොම හරි පාරේ මැද වැටිලා හිටියා මට මතක විදියට විනාඩි 15 ක් වගේ නැගිට ගන්නත් බැරුව වගේ ....... කල්පනා කරේ වැටිලා ඔලුව හෙල්මෙට් එකත් එක්ක පාරේ කොන්ක්‍රීට් එකේ වැදී වැදී ඉස්සරහට ගිය හැටි ..... චිත්‍රපටියක් වගේ ... ටික වෙලාවකින් හරියටම ඇස ඇරලා බැලුවා පාරට සමාන්තරව වැටිලා පේනවා පාර කන්ද උඩට වෙනකන් පන්සලත් එක්කම.

    වාඩි උනා පාරේ ... පැත්තකට වැටිලා තිබ්බා බයික් එක. මම නැගිටිනකන් පාරේ කව්රුවත් ගියේ නැ ... ඒ මදිවට කරුවල ...... බැලුවා බල්ලා කෝ කියලා උත් නැ පෙන්න ........ ටිකක් ඇවිදලා බැලුවා ... ඇවිදින්න පුළුවන් ....... ගියා බයික් එක ලගට ....... ඉස්සුවා ..... සෙල්ෆ් ගහන්නේ නැතුව කික් ස්ටාර්ට් ගැහුවා දෙපාරක් බඩු ස්ටාට් උනා .... ආයිත් යනකොට ටිකක් දනවා අත් දෙකම . හප්පා තුවාල වෙලා .... පට්ටම තන්තෝසයි

    නිකං එලියට ගියත් ග්ලවුස් දාගෙන යන මම කරුමෙට එදා රාගම යද්දී දාගෙන ගියේ නැ වැස්ස නිසා

    මගේ වාසනාවන්ත කම කියන්නේ එදා වයිෆ් ගේ අම්මත් ගෙදර ........ හප්පේ ආතල් කෝටියයි :lol::lol:

    බයික් පදිනවානම් සැම විටම ග්ලවුස් , sandles දෙකක් පාවිච්චි කරන්න.

    ෆුල් ෆේස් එක නැත්නම් මගේ මුණ ඉවරෙටම ඉවරයි .... එහෙනම් භයානක වැඩි ... ජිවිතේ උනත් නැති වෙන්න තිබ්බා .....

    මෙන්න ෆොටෝ

    තාමත් තුවාල කැළැල් නැති වෙලා නැ

    අනිත් දවසේ වෙඩින් එකට ගියේ අත් දෙකම බැදගෙන ..... ආතල් ඉතිං

    11162510_815159068532916_4641571171758905845_n.jpg

    11204928_815160495199440_32393231871282192_n.jpg

    කොන්ක්‍රීට් එකට ඇතුල්ලුන හෙල්මට් එක .... මේක බාග හෙල්මෙට් එකක් උනානම් හිතහන්කෝ මුණට වෙන දේ

    11295685_815159135199576_4417276704870728137_n.jpg

    11261728_815159548532868_5124965786414079254_n.jpg

    මේ වැටුන තැන ..... කොන්ක්‍රීට් එකත් කැඩිලා බයික් එකේ footrest එකටයි crash bar එකටයි
    10389973_815160528532770_6944213282693645788_n.jpg

    11377352_815160558532767_2327277748920681426_n.jpg

    11252721_815161048532718_7232341633712538657_n.jpg

    බයික් එකේ සිරීම්

    10524595_815434698505353_2377531811372286985_n.jpg

    11231271_815434655172024_865515946694327783_n.jpg

    දැන් නම් මේක නැ ... මේක දුන්නා සල්ලි හදිස්සියක් වෙලා දැනට සති දෙකකට කලින් .... දැන් තියෙන්නේ HUNK 2010 බයික් එකක්
     
    • Like
    Reactions: Roxxx

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    ඔය මිස් ගැන එදා කතා කරපු වෙලාවෙත් අහුවා වගේ මතකයි... මං දන්නෑ නේ මාමේ :no:

    :dull: බතලගොඩ වැව පාරට හැරෙව්වහම 5 වෙනි නැත්නම් 6 වෙනි ගෙදර...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගොඩක් කට්ටිය දැන් හැම මගුලටම දාන්නේ සෝඩා. හැබැයි පි නම් එදත් අදත් ඒ ඒ වර්ග වලට හියන සැන්ඩිය තමයි දන්නේ.

    එකයි ඔතන ලයිම් කෝඩියල්, ටොනික් එහෙම තියෙන්නේ.

    :shocked: සෝඩා මට නම් හරි යන්නෙම නෑ..... එක්කෝ කෝක්.... නැත්නම් පලතුරු බීමක්..... :D :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked: සෝඩා මට නම් හරි යන්නෙම නෑ..... එක්කෝ කෝක්.... නැත්නම් පලතුරු බීමක්..... :D :P

    උබ අරක්කු බොනවානම් අරක්කු රහත් එක්ක බීපන් ... මට නම් soda නැත්නම් වතුර තමා sandi වලට ........

    වොඩ්කා නම් මැන්ගෝ නෙක්ටා එක්ක බොනවා

    Blended Scotch Whisky රහ බලලා Sprite එක්ක sandi කරනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සිරාම ආතල් කතා සෙට් එකක් තියෙනවනේ.. මටත් බීපු කාලේ වුන දේවල් තියෙනවා.. මතක් වෙන හැටියට දාන්නම්.. :)

    :shocked: උඹ කලින් බිව්වද....?? එදා මෙහේ ආව දවසේ.....?? :rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැනට අවුරුදු 10ක ඉඳන් වගේ බොනවා.. ජීවිතේටම දෙපාරයි කට් උනේ.. කබ්බා නෑවා..

    පල්වෙනි පාර මීට අවුරුදු 3කට වගේ උඩදි පන්නිපිටිය පැත්තේ හෝල් එහෙක නයිට් හෝම් කමින් එක. අපේ සෙට් එකේ හොඳම යාළුවා. කෝම හරි අපි 4 දෙනෙක් වගේ බොන්න සෙට් උනා... මම ඇත්තටම එදා උදේ ඉඳන් වැඩ... දවසටම කෑවේ නෑ.. යාන්තම් හවස 5ට පේස්ට්‍රී එකක් බඩට දා ගත්තා... කොහොම හරි නාගෙන ඔඩිකොලෝන් ගාගෙන නළුවා වගේ ගියා ඉතින්..:cool:

    බොන්න බලද්දි චිකන් බයිට් නෑ...:no: ඉවර වෙලා.:dull:එළවළු තම්බපුවා තිබ්බේ... :growl:බෝතලේ රට විස්කි එකක්.නම මතක නෑ.. කොහොම හරි කයිය ගගහ ශොට් 4ක් දාන්න ඇති.. එතනින් එහාට මට මුකුත් මතක නෑ... :baffled:

    කොහොම හරි ලීටරේ බෝතලේ 4 දෙනා ගහලා මම එහෙම්ම ඔළුව ගහගෙන නිදිලු මෙසේ..:oo: පස්සේ කොහොම හරි යාළුවෙක් බත් එකක් බෙදන් ඇවිත් කන්න දීලා.වෙරි මතේ ඒකෙනුත් කාලා ටිකක්. අයිස් ක්‍රීමුත් කාලා.. හැබැයි මට මෙලෝම සිහියක් නෑ... මතකත් නෑ...:no:

    කොහොම හරි පාර්ටි එක ඉවර වෙන්න ලං වෙලා මම කබරයා පාරක් ඇරලා මේසේ හේදිලා යන්න..:baffled::baffled::baffled: මිනිස්සුත් ඉස්සරහ නෝන්ඩි...:( පස්සේ මොකද කරන්නේ අපේ යාළුවෝ සෙට් එකේ වේටර් කොළුවෙක් අල්ලගෙන මාව පිටි පස්සේ මේසයක් උඩට එකන් ගිහින්... මේසේ උඩ දානවලු හිටු කියලා.. මට මෙලෝ දෙයක් මතක නෑ..:dull:

    දැන් කබ්බා ඇඟේ ඉඳන් නාලා.. පාර්ටිය ඉවරයි.. මිනිස්සු ඔක්කොම ගිහින්.. රෑ 11.30 ට වගේ.. මගේ යාළුවෝ සෙට් එක ඉන්නවා... දැන් ඉතින් මෙහෙම ගෙදර යන්න යැ.. යන්න සිහියත් නෑ... :no:පස්සේ යාළුවෝ ටික හොර්ස් පයිප්පයක් අරන් මව හෝදලා මේසේ උඩ දාගෙන... මගේ ඇඳුම් ඔක්කොම ගලෝලා.ඒ ටිකත් හෝදලා... දැන් ජොකා පිටින්..:dull:

    මට වතුර දාන ටික නම් හොඳට මතකයි.. වතුර සීතල වැඩි කමට මාව ගැහෙන්න අරන්.. අපේ එවුන් යමේට බය වෙලා... වතුර වැටෙනවා සීතල දැනෙනවා මතකයි බට් මට වෙරි නිසා නැගිට ගන්න බෑ.. මළා වගේ ඉන්නවා මේසේ උඩ.. ඒ අස්සේ මගේ කම්මුලට ගහනවා මගේ නම කිය කිය නැගිටපන් බන් නැගිටපන් බන් කිය කිය...... මට ඒවත් හොඳට ඇහුනා...:yes: මොන...:( මම මැරිලා වගේ.. අපේ එවුන් බය වෙලා මාව හොස්පිටල් එක්කන් යන්න හදලා...

    පස්සේ යාන්ත්ම් වත්තම් කරගෙන් කාර් එහෙක දාගෙන මාළඹේ බෝඩිමකට එක්කන් ඇවිලා.. උඩ තට්ටුවට අරන් ඇවිත් තියෙන්නේ මල කඳ ගෙනියනවා වගේ උස්සගෙන... ආපු ගමන් මෙට්ටෙත් කබ්බා දාපිය..:baffled: එහෙම්ම කබ්බා ගොඩේ දොයි...:love:

    උදේ නැගිට්ටා ට හිකෙයි ඔළුව රිදෙනවා පැලෙන්න.. මැරිලා වගේ.. :dull:ඇඟත් රිදෙනවා.. එහෙම්ම නා ගත්තා...:) යාළුවගේ කාර් එකේ ගෙදර එන ගමන් ගැහුවා තැඹිලි එකක්.. මගදි ඒකත් කබ්බා ගියා...:dull: යාන්ත්ම් ගෙදර ආවා..

    අම්මෝ මැරිලා වගේ ඉන්නකොට අක්ක ඇවිත් බැන බැන කට්ට සම්බෝලෙකුයි බතුයි දුන්නා.. කෑම දකිද්දිත් මට අප්පිරියාවේ හිටියේ... යාන්තම් ශේප් උනා.. පස්සේ මම මාස 2ක් වගේ බිව්වේ නෑ... බොන එක නවත්තනවා කියලා හිතුවට ආයෙත් බොනවා...

    මම ජොකා පිටින් හිටපු ශොටෝස් මම කබ්බා ගොඩේ ජොකා පිටින් වැටිලා හිටපුවා හිටපුවා යාළුවෝ වීඩියෝස් ෆොටෝස් අරන්...:shocked: එක කැරියෙක් මගේ ෆෝන් එකෙන්ම ඒවා ආගෙන වයිබර් එකෙයි වට්ස් ඇප් එකෙයි ප්‍රොපයිල් පික් එකට දාලා..:growl: උදේ දකිද්දි මට ගූ ගිය නැති ටික විතරයි..:dull::dull::dull: රෙදි නෑ ඉතින්...:( අදටත් කට්ටිය සෙට් උනාම ඕක ඇදගෙන මාව නෝන්ඩි කරනවා...

    ඔන්න ඔහොමයි පලවෙනි මරණය සිද්ධ උනේ...

    මේකේ පෝස්ට් කියෙව්වාට පස්සෙ බොන්න හිතුනේ මට විතරද?

    උඹට ෂුවර්ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක වුනේ අපි බොන්න ගිහිල්ලා නෙමෙයි... යනගමන් බීලා.. අපි 2008 දි ගියා පදවියේ තියෙන ශ්‍රීපුර කියන ගමේ ඉස්කෝලෙකට පොත් පත්, පාසල් උපකරණ දෙන්න.. දවස් කීපයක් නවතින්න ගියේ.. ඉතිං ඇතිවෙන්න දේවල් අරන් ගියා.. ඒ කාලේ යුද්දේ සැරටම තියෙන කාලේ.. කැබිතිගොල්ලෑව හරහා යන්න තියෙන්නේ.. කට්ටියට කලින්ම උපදෙස් දීලා තිබුනා කුනුවෙන්න ගහලා එන්න එපා මොකද මැදවච්චියේ චෙක් පොයින්ට් එකක් තියෙනවා කියලා. ඒකත් නිකං ඕමන්තෙයි මුරපොල වගේ එකක්.. ඉතිං කට්ටිය ලාවට වගේ තමයි අනුමත වුනේ.. මැදවච්චිය පැන්න විතරයි සෙට් එක ඉතිං ඇරියස් කවර් කරන්න ගත්තා.. කැබිතිගොල්ලෑවේ එක තැනක නවත්තලා ගහනකොට ආමි එකේ කොල්ලෙක් ඇවිල්ලා කිව්වා මහත්තයා මෙතන බොන්න එපා.. මේ හරියේ තමයි බස් බෝම්බේ පිපුරුවේ කියලා.. යකෝ බීපුවත් බැස්සා.. ඉතිං ඔහොම එක දිගට යනකොට කට්ටියට හොඳ ගානට වැදිලා.. එලවන එකත් හොඳට ගැසුවා.. මොකද ඒ කාලේ ට්‍රැෆික් පොලිසිය තියා මොකෙක්වත් නෑ.. ආමි එකෙන් විතරයි ඉන්නේ.. පාර හොඳටම කැඩිලා .. පාර දැපැත්තේ පුරන් වෙච්ච වෙලවල්.. අපි 100න් 100ට වගේ බංකර්..පාරක් නෑ වගේ සමහර තැන් වල.. තාර ගැලවිලා.. ඉතිං අපේ වාහනේ එලවන එකාට ඔය අතරේ කෝල් එකක් ආවා.. ඒ පැත්තේ ඒ වුනාට සිග්නල් තිබ්බේ නෑ යුද්දේ කාලේ.. ඌට කෝල් එක ආවේ කොහොමද කියලා අපි අදටත් දන්නේ නෑ.. ඉතිං මූ වෑන් එක අයින් කරලා නැවැත්තුවා.. අයින් කරා කිව්වට වාහනේ ටිකක් ගැස්සිලාඇල වුනා වගෙත් තේරුනා අපිට.. පාරත් කචල් නිසා කවුරුත් ගනන් ගත්තේ නෑ.. මහ සද්දෙන් කුනුහරප සින්දු ටිකක් කියනවා..ඒත් එකෙක්ටවත් හරි හමන් සිහියක් නෑ.. මෙන්න ටිකකින් ආමි එකේ කොල්ලෝ දෙන්නෙක් වෙපන් උස්සන් දුවන් එනවා අපි ඉස්සරහට.. අම්මටසිරි අපි හිතුවා බඩු හරි.. බීලා කියලා මාට්ටු වෙලා අරන් යන්න එනවා කියලා.. එකෙක් දඩිබිඩි ගාලා ඇවිල්ලා මහත්තයලට අවුලක් නෑ නේද.. මොකද වුනේ.. අපේ කට්ටියට මම එන්න කිව්වා කලබල නොවී ඉන්න කිව්වා.. අපිට නිකං මෝල් වගේ මොකද්ද පොර කියන්නේ කියලා.. ඊට පස්සෙ උන් දෙන්නා වාහනේ තල්ලු කරන්න කතා කරනවා.. අපි බැලුවා යකෝ මුන් බීලද කියලා.. ඇහැව්වා මොකෝ අයියේ අවුල කියලා.. අනිත් පොර කිව්වා අවුල බලන්න තිබ්බා තව අඩි දහයක් විතර ගියා එහාට ගියානම් කියලා.. එතකොට අපි බැලුවා වාහනේ අයින් කරපු පැත්ත.. යකෝ අරූ වාහනේ අයින් කරලා තියෙන්නේ වෙල මැද්දට... පොඩ්ඩක් එහායින් ගහලා තියෙනවා මෙන්න මේ මාර්ක් එක...

    danger_mines.jpg

    ආමි එකේ සෙට් එක දැකලා අරූ වාහනේ අයින් කරලා නවත්තන හැටි.. ඌ කැපුවලු කෙලින්ම වෙලට වාහනේ පාරේ ඉඳන්.. වාහනේ නැවතිලා තියෙන්නේ බ්‍රේක් ගහලා නෙමෙයි.. අරූ ගියර් එක මාරු නොකර නිකංම බ්‍රේක් ගහපු නිසා.. පස්සේ කට්ටියට තේරුනා අපි ඉන්න තත්වේ.. අපිට කිව්වා ආතල් ගත්තට කමක් නෑ සිහිය තියෙන කෙනෙක්ට ඩ්‍රයිව් කරන්න දෙන්න කියලා.. :(

    මේ තියෙන්නේ බස් බෝම්බේ පිපුරුනා කියපු හරිය..

    wnsyv.jpg

    මේ අර වෙලට වැටෙන්න කලින් ගත්ත පින්තූර.. පේනවනේ ගත්ත එකා කොච්චර ලස්සනට අරන්ද කියලා පින්තූර ටික..

    14mgawn.jpg
    [/IMG]

    2zsb5f4.jpg
     
    Last edited:
    • Like
    Reactions: laMir

    අම්මෝ තව ටිකෙන්
    avatar10247_2.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මෝ තව ටිකෙන්
    avatar10247_2.gif

    ඊට පස්සේ අතරමගදි ලොකු කාලතුවක්කු දෙකක් අරන් ආමි වාහන ටිකක් යනවා.. මූ ආපහු උන්ට ඕවර්ටේක් කරන්න හදනවා මේ පටු පාරේ.. ටිකකින් අන්තිම ජීප් එක පාර හරහට නවත්තලා අපිට කිව්වා ටිකක් ඉඳලා එන්න.. නැත්නම් ඈතින් එන්න කියලා.. :lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඊට පස්සේ අතරමගදි ලොකු කාලතුවක්කු දෙකක් අරන් ආමි වාහන ටිකක් යනවා.. මූ ආපහු උන්ට ඕවර්ටේක් කරන්න හදනවා මේ පටු පාරේ.. ටිකකින් අන්තිම ජීප් එක පාර හරහට නවත්තලා අපිට කිව්වා ටිකක් ඉඳලා එන්න.. නැත්නම් ඈතින් එන්න කියලා.. :lol::lol:

    :lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඊට පස්සේ අතරමගදි ලොකු කාලතුවක්කු දෙකක් අරන් ආමි වාහන ටිකක් යනවා.. මූ ආපහු උන්ට ඕවර්ටේක් කරන්න හදනවා මේ පටු පාරේ.. ටිකකින් අන්තිම ජීප් එක පාර හරහට නවත්තලා අපිට කිව්වා ටිකක් ඉඳලා එන්න.. නැත්නම් ඈතින් එන්න කියලා.. :lol::lol:
    :lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ කන බොන උදවියගෙන් මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.

    Champagne බීල තියනවද?මොකද්ද එකේ තියන විශේෂත්වේ?
    ඔය ගොඩක් දේවල් සමරන්ඩ, dates වලදී එහෙම Champagne බොනවා දැකල තියනව.

    ඈඹුල් දිව හාරවන ගතියක් තියෙන්නෙ. මල ජරාවක් ඕකනම්. අප්පිරියයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඈඹුල් දිව හාරවන ගතියක් තියෙන්නෙ. මල ජරාවක් ඕකනම්. අප්පිරියයි

    පිස්සුද බං.. ශැම්පේන් පට්ට රසයිනේ.. අනිත් එක වයින් වගේ නෙමෙයි sparkling ගතිය නිසා බොනකොට අමුතු ආතල් එකක් එනවා.. උඹ බොන්න ඇත්තේ එහෙනම් ඩ්‍රයි ශැම්පේන් එකක් වෙන්න ඇති... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    පට්ට ආතල් එකක් ගත්ත ට්‍රිපක් බං ඒක.. වල් ඌරු මස් කිලෝ 5 කුයි.. එවෙලෙම ගලවපු මන්යොක්කා බකට් එකකුයි.. පදවිය වැවෙන් අල්ලපු ගමන් බැදලා ගත්ත වැව් මාලුයි එක්ක කට්ටිය ගැසුවා ගැසිල්ලක්... ආතල් සාගරයයි.. :lol:
     
    Status
    Not open for further replies.