෴♥Elakiri Comic Battle Arena III♥෴

WHO WILL BE THE WINNER

  • BATMAN

    Votes: 8 72.7%
  • CAPTAIN AMERICA

    Votes: 3 27.3%

  • Total voters
    11
  • Poll closed .

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියට Elakiri Comic Battle Arena III එක අද අරගෙන ආවා. ගියපාර Battle එක දැක්ක අය නම් මේක වෙන්නේ කොහොමද කියලා හොදට දන්නවා. අලුතෙන් ආපු කට්ටිය පහල ලින්ක් එකෙන් කලින් දාපු ත්‍රෙඩ් වලට ගිහින් බලලා ආවා නම් මේක ගැන දල අදහසක් ගන්න පුලුවන් වෙයි.

    ගියපාර අපේ තරගෙට ආවේ MARVEL Universe එකෙන් Quicksilver සහ DC Universe එකෙන් Flash. බහුතරයගේ චන්දයෙන් තරගය දිනුවේ Flash

    12Comtriv.jpg

    අද තියෙන්නේ මන් කොමික් වලින් වැඩියෙන්ම ආසා කරන චරිත දෙක අතර Battle එකක්

    BATTLE OF KINGS
    BATMAN Vs. CAPTAIN AMERICA

    ultimate-fan-fights-batman-vs-captain-america-reaction-384799.jpg

    තරගේ පටන් ගන්න කලින් දෙන්නා ගැනම පොඩ්ඩක් විස්තර කරන්නම්

    Batman - Bruce wayne

    DC කොමික් වල ජනප්‍රියම චරිතය කිව්වොත් වැරදි නෑ. කුඩා කල තමන්ගේ මව් පියන් ඝාතනයට ලක්වීමත් සමගම අපරාධ මැඩලන්න ගෝතම් නගරයට එන සුපිරිවීරයෙක් තමයි බැට් මෑන්. Wayne Industries හී හිමිකරු වන අතර Hand 2 Hand Fighting වලට අතිදක්ශයෙක්. කිසිදු සුපිරි බලයක් නොමැති වුවත් තමන් සතු දැනුම හා තාක්ශනය භාවිතා කොට ඕනෑම කෙනෙකුන් සමග සටන් කිරීමට හැකියාවක් ඇති සුපිරි වීරයෙක්. JLA හී නායකයා.

    විශේෂතා - exceptional martial artist, combat strategy, inexhaustible wealth, brilliant deductive skill, advanced technology

    Captain America - Steven Rogers

    Marvel Universe එකේ සිටින විශේෂිතම චරිතයක් තමයි කැප්ටන් කියන්නේ. තමන් තරුණ කලදී හමුදා පරීක්ෂනයක ප්‍රථිපලයක් වශයෙන් මෙම සුපිරි වීරයා බිහි වෙනවා. පරීක්ෂනයෙන් අවසානයේ ඔහුට සාමන්‍ය මිනිසෙකුට වඩා අධික කාය ශක්තියක් හිමි වෙන්වා. ඒ වගේම ඔහුටම විශේෂිත ආයුධයක් ලෙස ඔහු වයිබ්‍රේනියම් වලින් නිශ්පාදිත පලිහක් kභාවිතා කර්නවා. Hand 2 Hand fighting වගේම Gun Fighting වලත් උපරිමේට ගිය පුද්ගලයෙක්. Avengers හී නායකයා ලෙස කටයුතු කරයි.

    විශේෂතා - strength, endurance, agility, speed, reflexes, durability, and healing are at the zenith of natural human potential.

    තරගයේ ස්වභාවය

    1 hour Preparation Time
    No Special Weapons
    No HellBAT Armour for Batman
    Battle Arena - Earth
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තරගයේ ස්වභාවය

    1 hour Preparation Time
    No Special Weapons
    No HellBAT Armour for Batman
    Battle Arena - Earth
    ඇයි කැපා කියලා ලොකුයිද.. උටත් Vibranium Shield එක තියලා එන්න කියපන්.. :angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බැට්මෑන් තමයි

    ඒත් මාර්වල්වලින් මම කැමතිම චරිතය කැප්ටන් ඇමරිකා

    ලෑස්ති වෙන්න තියෙන කාලය වැඩි වුනොත් බැට්මෑන්ට දිනන්න ගතවෙන කාලය තවත් අඩුවෙනවා
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ඇයි කැපා කියලා ලොකුයිද.. උටත් Vibranium Shield එක තියලා එන්න කියපන්.. :angry:

    Hell bat armour eka thibbot captain ta winadiyak wath fight karanna bari wei :dull:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    2736934-capadvantage.png

    ගේමක් නම් ආයුධ බෑ අතින් පයින් ආවොත් අනිවා බැට්මෑන්ට මැරුම් කන්නයි වෙන්නේ මොකද කියන්නේ? කැප්ටන් ඇමෙරිකා ට ආයුධ ඕන වෙන්නේ නෑ ඒත් බැට්මෑන් ට නම් ආයුධ නැතුව සටන් කරන්න අමාරු වේවි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,471
    113
    Panadura
    2736934-capadvantage.png

    ගේමක් නම් ආයුධ බෑ අතින් පයින් ආවොත් අනිවා බැට්මෑන්ට මැරුම් කන්නයි වෙන්නේ මොකද කියන්නේ? කැප්ටන් ඇමෙරිකා ට ආයුධ ඕන වෙන්නේ නෑ ඒත් බැට්මෑන් ට නම් ආයුධ නැතුව සටන් කරන්න අමාරු වේවි

    :eek: :baffled: :cool:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    2736934-capadvantage.png

    ගේමක් නම් ආයුධ බෑ අතින් පයින් ආවොත් අනිවා බැට්මෑන්ට මැරුම් කන්නයි වෙන්නේ මොකද කියන්නේ? කැප්ටන් ඇමෙරිකා ට ආයුධ ඕන වෙන්නේ නෑ ඒත් බැට්මෑන් ට නම් ආයුධ නැතුව සටන් කරන්න අමාරු වේවි

    බැට්මෑන් සුපිරි වීරයෙක් වෙන්නේ ඔහුගේ බුද්ධිමත්කමට අමතරව සටන් හැකියාව හා ඔහුගෙ ගැජට් ටික නිසා.ඒ නිසා ගැජට් ටික නැතුව සටනක් කරන එක අසාධාරණයි.එහෙම නම් තෝර්ගෙ ෆයිට් එකකදි මිටිය පාවිච්චි කරන්නත් බෑ
    හැබැයි කොහොම වුනත් ඩිසි යුනිවර්ස් එකේ ඉන්න හොදම හැන්ඩ් ටූ හැන්ඩ් කොම්බැට් ඇබිලිටි එකක් තියෙන එක්කෙනෙක් බැට්මෑන්. කැප්ටන් ඇමරිකාගේ ශක්තිය එක්ක වුනත් ආයුධ නැති බැට්මෑන්ව පරද්දන්න අමාරුයි
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    2736934-capadvantage.png

    ගේමක් නම් ආයුධ බෑ අතින් පයින් ආවොත් අනිවා බැට්මෑන්ට මැරුම් කන්නයි වෙන්නේ මොකද කියන්නේ? කැප්ටන් ඇමෙරිකා ට ආයුධ ඕන වෙන්නේ නෑ ඒත් බැට්මෑන් ට නම් ආයුධ නැතුව සටන් කරන්න අමාරු වේවි
    කොමික් වල නම් Batman දිනනවා.කතා දෙකක් නැහැ..

    Movie එකේ කැපා මුවි එකේ බැට් මෑන් ට ගහනවා.
    bt we are talking about comics right ?

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බැට්මෑන් සුපිරි වීරයෙක් වෙන්නේ ඔහුගේ බුද්ධිමත්කමට අමතරව සටන් හැකියාව හා ඔහුගෙ ගැජට් ටික නිසා.ඒ නිසා ගැජට් ටික නැතුව සටනක් කරන එක අසාධාරණයි.එහෙම නම් තෝර්ගෙ ෆයිට් එකකදි මිටිය පාවිච්චි කරන්නත් බෑ
    හැබැයි කොහොම වුනත් ඩිසි යුනිවර්ස් එකේ ඉන්න හොදම හැන්ඩ් ටූ හැන්ඩ් කොම්බැට් ඇබිලිටි එකක් තියෙන එක්කෙනෙක් බැට්මෑන්. කැප්ටන් ඇමරිකාගේ ශක්තිය එක්ක වුනත් ආයුධ නැති බැට්මෑන්ව පරද්දන්න අමාරුයි
    ඇත්ත.. සාදාරනයි..
    කැපා වගේද බැට් මෑන්.. අරූ Super-Soldier Serum එකක් ගහන්
    දැන් පොර වෙන්න හදනවා.:P.බැට් මෑන්ගේ Martial Arts ගැන
    කියන්න ඕනි නැහැනේ..:rofl::rofl:

    ඇතිද.. තව ඕනිද marvel fans :lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367

    :yes::yes: