ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියට Elakiri Comic Battle Arena III එක අද අරගෙන ආවා. ගියපාර Battle එක දැක්ක අය නම් මේක වෙන්නේ කොහොමද කියලා හොදට දන්නවා. අලුතෙන් ආපු කට්ටිය පහල ලින්ක් එකෙන් කලින් දාපු ත්රෙඩ් වලට ගිහින් බලලා ආවා නම් මේක ගැන දල අදහසක් ගන්න පුලුවන් වෙයි.
ගියපාර අපේ තරගෙට ආවේ MARVEL Universe එකෙන් Quicksilver සහ DC Universe එකෙන් Flash. බහුතරයගේ චන්දයෙන් තරගය දිනුවේ Flash
අද තියෙන්නේ මන් කොමික් වලින් වැඩියෙන්ම ආසා කරන චරිත දෙක අතර Battle එකක්
BATTLE OF KINGS
BATMAN Vs. CAPTAIN AMERICA
BATMAN Vs. CAPTAIN AMERICA
තරගේ පටන් ගන්න කලින් දෙන්නා ගැනම පොඩ්ඩක් විස්තර කරන්නම්
Batman - Bruce wayne
DC කොමික් වල ජනප්රියම චරිතය කිව්වොත් වැරදි නෑ. කුඩා කල තමන්ගේ මව් පියන් ඝාතනයට ලක්වීමත් සමගම අපරාධ මැඩලන්න ගෝතම් නගරයට එන සුපිරිවීරයෙක් තමයි බැට් මෑන්. Wayne Industries හී හිමිකරු වන අතර Hand 2 Hand Fighting වලට අතිදක්ශයෙක්. කිසිදු සුපිරි බලයක් නොමැති වුවත් තමන් සතු දැනුම හා තාක්ශනය භාවිතා කොට ඕනෑම කෙනෙකුන් සමග සටන් කිරීමට හැකියාවක් ඇති සුපිරි වීරයෙක්. JLA හී නායකයා.
විශේෂතා - exceptional martial artist, combat strategy, inexhaustible wealth, brilliant deductive skill, advanced technology
Captain America - Steven Rogers
Marvel Universe එකේ සිටින විශේෂිතම චරිතයක් තමයි කැප්ටන් කියන්නේ. තමන් තරුණ කලදී හමුදා පරීක්ෂනයක ප්රථිපලයක් වශයෙන් මෙම සුපිරි වීරයා බිහි වෙනවා. පරීක්ෂනයෙන් අවසානයේ ඔහුට සාමන්ය මිනිසෙකුට වඩා අධික කාය ශක්තියක් හිමි වෙන්වා. ඒ වගේම ඔහුටම විශේෂිත ආයුධයක් ලෙස ඔහු වයිබ්රේනියම් වලින් නිශ්පාදිත පලිහක් kභාවිතා කර්නවා. Hand 2 Hand fighting වගේම Gun Fighting වලත් උපරිමේට ගිය පුද්ගලයෙක්. Avengers හී නායකයා ලෙස කටයුතු කරයි.
විශේෂතා - strength, endurance, agility, speed, reflexes, durability, and healing are at the zenith of natural human potential.
තරගයේ ස්වභාවය
1 hour Preparation Time
No Special Weapons
No HellBAT Armour for Batman
Battle Arena - Earth
Last edited:









