අර්ශස්

සතුරෙකු මෙන් හිංසා කරන අර්ශස්
අද සමාජයේ බහුලව පැතිරී ඇති ලෙඩක් වන්නේ අර්ශස් ය. මේ රෝගය මාරක වන්නේ උපද්‍රව බහුල වුණොත් පමණි. ගැම් වහරේ අර්ශස්, දුර්නාම, ගුද කීල, අරිසස් ගාය, මූලග්ගාය යන නම් වලින්ද මෙය හදුන්වයි. මේ රෝගය සිවුපා සතුනට නැත. මිනිස් ගුද මාර්ගය ගුරුත්වාකර්ශණයට නිතරම හසු වන බැවින් එය මිනිසාට උරුම වී ඇත. ලේ යන අර්ශස් රක්තාර්ශස් නම් වේ. ලේ නොයන අර්ශස් ශුෂ්කාර්ශස් නම් වේ.


arsas-article.png



අර්ශස් රෝගය හට ගන්නා හේතු :-
1.ව්‍යායාමයේ නොයැදීම
2.දහවල් නිදා ගැනීම
3.වාත වේග, මුත්‍ර වේග හා මලවේග දරා සිටීම
4.මත්පැන් බීම
5.සැප යහන් ඇසුරු කිරීම
6.තෙල් බහුල ආහාර වැඩිපුර ගැනීම
7.මල බද්ධය
8.අක්මාවේ ආබාධ
9.ගර්භාෂයේ අර්බුද
10.ගර්භණීභාවය
11.මුත්‍රගල්
12.සෙංගමාලය
මෙය බෙහෙත් බලයෙන් පමණක් සුවකිරීමට බැරි රෝගයකි. ආහාර හා විහරණ අකුරටම පිළිපැදීමෙන් පමණයි.
- ලේ යන අර්ශස් වලට,
•බිං කරල් හැබ කලං 6 යි, කලාදුරු අල කලං 6 යි, වතුර පත 8-1 ට සිදුවා පෙරා සීනි දමා බොන්න.
•කොහිල අල, ගොටුකොල, රතුලූනු, සූදුරු කසාය බොන්න.
•කෙළිද ඇට කසායට ඉගුරු පිටි දමා බොන්න.
•රතුලූනු කලං 6 යි, අරළු, බුළු, නෙල්ලි, එනසාල් හා ඉගුරු පියළි කලං 6 යි, කසාය කොට සීනි මී පැණි දමා බොන්න.
•වැල් මදට, මානෙල් අල, ඉඹුල් ලාටු, ලොත් පොතු, කළු තල, සුදු හදුන් මේවා චූර්ණ කොට එළු කිරි සමග බොන්න.
- ලේ නොයන අර්ශස් වලට,

•මගුල් කරද මුලේ පොතු, සාරණ මුල්, රත්නිටුල් මුල්, අරළු, තිප්පිලි, වියළි ඉගුරු කලං 3 බැගින් වතුර පත 8-1 ට සිදුවා සහිද ලුණු දමා උදේ සවස බොන්න.
•තිරැස්සවාලු මුලේ පොතු, අරළු, නෙල්ලි, මුද්දරප්පලම් කලං 3 බැගින් පත 8-1 ට සිදුවා පෙරා උදේ සවස බොන්න.
- අර්ශස් ගෙඩි වල ගෑමට,

•වියැළි කහ කුඩු කර දළුක් කිරි වලින් අඹරා ගාන්න.
•රතුලූනු, පෙණෙළ කොළ කෝමාරිකා අඹරා ගාන්න.
•සර්ව විශාදි තෙල් හ ගිතෙල් සම පමණ ගාන්න
- අර්ශස් ගෙඩි තැවීමට,
•බේත් අනෝදා කොළ කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා තවන්න.
•අලුත් ගොම පොට්ටනියකින් තවන්න.
•අරළු කොළ, ගම්මාළු කොළ, තැම්බූ වතුරින් තවන්න.
- දුම් ඇල්ලීමට බේත්,

•තිප්පිලි, අමුක්කරා, නික කොළ, එළබටු ගෙඩි මේවා සම ව ගෙන, තළා වියළා තබා, ගිතෙල් ඉස, පොල්කටු අගුරට දමා දුම් ඇල්ලීම සුදුසුය.
•තනිකර කපුරු හෝ දුම්මල දුම ද ඇල්ලීම සුදුසු ය.
•එළබටු ගෙඩි මදක් තළා, වියළා තබාගෙන එය පොල්කටු අගුර මත දමා ඉන් නැගෙන දුම් අර්ශස් ගෙඩිවලට අල්ලන්න.


කෙදි බහුල ආහාර අර්ශස් රෝගියාට ඉතා හොදය. කොහිල, හබරල, ඉදුණු බෙලි, කිඩාරම් අල, මඩු පිට්ටු ඌරු මස්, සාරණ, කංකුන්, රතුලූණු, කොස්, බණ්ඩක්කා, වැටකොලු වැනි ආහාර විශේෂ යි.
හරක් මස්, බල කරවල, පාන්, කෝපි අර්ශස් රෝගියා අගුණයි.​
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,467
    16,257
    113
    good post. +
    අඩෝ මේ ලගදි එකෙක් කිව්වා උගේ බඩවැලුත් එලියට එනවලු සමහර වෙලාවට :baffled:
     
    good post. +
    අඩෝ මේ ලගදි එකෙක් කිව්වා උගේ බඩවැලුත් එලියට එනවලු සමහර වෙලාවට :baffled:

    ඔව් මචන් ..එහෙම වෙනවලු තමා ..මමත් අහල තියනවා :sorry::sorry:
    මේ බෙහෙත් ටික ට්‍රයි කරලා බලන්න කියපන් මචෝ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,467
    16,257
    113
    ඔව් මචන් ..එහෙම වෙනවලු තමා ..මමත් අහල තියනවා :sorry::sorry:
    මේ බෙහෙත් ටික ට්‍රයි කරලා බලන්න කියපන් මචෝ
    :) එල.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේකට තව හොද බේතක් තමයි ප්‍රාණජීව තෙල්. උදේ හවස තෙල් මේස හැන්ද ගානෙ බිව්වනම් පට ගාල හොද වෙනවාලු.මේක බොන්න තමයිලු බැරි පට්ට තිත්තලු.
     
    • Like
    Reactions: Cyb3rtr0j4n