+++එළකිරි දුම්රිය අංගනය+++
එළකිරියේ ඉන්න කෝච්චි පිස්සන්ට
ඒ හා බැඳුනු දේවල් ගැන,
ලංකාවේ දැනට ධාවනව වන සහ සේවයෙන් විශ්රාම ගිය දැවැන්තයන් ගැන,
එදා මෙදාතුර ලාංකීය දුම්රිය සේවය හා බැඳුන සිදුවීම් ගැන,
දුම්රිය සේවය හා බැඳුනු ගැටළු ගැන,
කොටින්ම කියනවා නම් සිල්පර කොටේ ඉඳලා දුම්රිය එන්ජිම දක්වා
සියළුම දේ කතා කරන්න මෙතෙන්ට එකතු වෙමු....
සංවාදයක් ඇති නොවුනාට පොඩි කාලේ ඉඳන් යකඩ යක්කුන්ට ආස කරපු එළකිරියන් සෑහෙන්න මේකෙ ඇති
....මං නම් මෙලෝ දෙයක් කෝච්චි ගැන දන්නේ නෑ
....නොදන්න දේවල් දැනගන්නත් එක්ක තමයි ත්රෙඩ් එක ඕපන් කලේ..
ප්රධාන දායකත්වය මිස්ටර් පෙරේරා මහත්මයාගෙන්.... ඒ වගේම වික්ස් ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා
එළකිරියේ ඉන්න කෝච්චි පිස්සන්ට
ඒ හා බැඳුනු දේවල් ගැන,
ලංකාවේ දැනට ධාවනව වන සහ සේවයෙන් විශ්රාම ගිය දැවැන්තයන් ගැන,
එදා මෙදාතුර ලාංකීය දුම්රිය සේවය හා බැඳුන සිදුවීම් ගැන,
දුම්රිය සේවය හා බැඳුනු ගැටළු ගැන,
කොටින්ම කියනවා නම් සිල්පර කොටේ ඉඳලා දුම්රිය එන්ජිම දක්වා
සියළුම දේ කතා කරන්න මෙතෙන්ට එකතු වෙමු....
සංවාදයක් ඇති නොවුනාට පොඩි කාලේ ඉඳන් යකඩ යක්කුන්ට ආස කරපු එළකිරියන් සෑහෙන්න මේකෙ ඇති
....මං නම් මෙලෝ දෙයක් කෝච්චි ගැන දන්නේ නෑ
....නොදන්න දේවල් දැනගන්නත් එක්ක තමයි ත්රෙඩ් එක ඕපන් කලේ..ප්රධාන දායකත්වය මිස්ටර් පෙරේරා මහත්මයාගෙන්.... ඒ වගේම වික්ස් ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා

ඒ සිද්ඬිය වෙච්චි ගමං මම එතනට ගියේ පුංචිගේ බොඩී එක හොයන්න. ඇන්ජිම වතුර පාරේ සැරට කැරකැවිලා වැටිලා තිබුනේ. මම හිතුවේ නෑ ඒක ගොඩගන්න පුළුවන් වේවි කියලා. ඔරිජිනල් Cowcatcher එක ගන්න දෙයක් තිබුනේ නෑ. ඒත් හරියටම අවුරුදු 03කට පස්සේ 2009-12-26 වෙනිදා 591 ගොඩ දාලා ආයේ සුනාමි ට්රේන් එකම අරගෙන මාතර ගියා.. W1 එකේ cowcatcher එකක් රීප්ලේස් කරලා තිබුනා. මම එදා මාතර හිටියේ. පුංචි ගේ අවුරුදු තුනේ පිංකමට ගිහින්. ඇන්ජිම බලන්න මම ඉස්ටේසමට ගියා..

...