ඊයේ ෆුල් මෙමරි ලොස් බන්... නැගිටලා ගෙදර ආපු හැටි මතකත් නෑ.. රෑට කාපුවා මතකත් නෑ... එද්දි ගේ ඉස්සරහ අයියත් නෝන්ඩි බන්... පස්සේ පොර ගේ ගාවට වෙනකන් ආවා සපෝර්ට් එකට.. රෑ 8ට විතර කර කැවෙන්න ගත්තා නිකන් පිස්සු වගේ..ඒ වෙලේ නිදා ගන්න බන් ඕන.. බට් නිදා ගත්තා නම් ගෙදරට නෝන්ඩි.. කම්පියුටරේ ඉස්සරහ හිටියා මොනවත් කරලම ඉන්න බෑ.. බැරිම තැන කඩේට පොඩ්ඩක් යනවා කියලා ළඟ හිතවත් යාළුවෙකුගේ ගෙදර ගියා.. එහේ විනාඩි15ක් විතර කයියක් ගහලා ආවා එන්න.. රෙද්ද ඒත් වෙරි.. ෆේස්බුක් චැට් එක ඇරගෙන චැටක් දාන් හිටියා කෙල්ලෙක් එක්ක... ටිකක් වෙරි බැස්ස... උදේ නැගිටලා බලද්දි ඒකි එක්කත් මරු කියෝලා.. උදේ සොරි කියලා මැසේජ් එකක් දම්මා..
රෑ ගෙදරට පේන්න බත් පොඩ්ඩක් බෙදාගෙන කකා ඉද්දි අම්මා අහපි මොකෝ බත් පොඩ්ඩක් කන්නේ කියලා.. වහ කනවා මම හිතුවා එවෙලේ මාට්ටුම තමයි කියලා...
අද ඇඟට ටිකක් අමාරුයි... බීලා මෙහෙම චොර වෙන එකට නම් මම හෙනම අකමැතී අප්පා... ඊටත් අම්බ වෙරි උනාම පට්ට පදිරි.. කබ්බා නැති උනත් මෙමරි ලොස්.. බියර් එකේ නම් හීනි ආතල් එක මරු.. මේ අරක්කු නම් හරියන්නේ නෑ අප්පා... මට ඇති වෙලා ඉන්නේ. මට මේ බොන එක නවත්ත ගන්න ඕන.. අඩු ගානේ බියර් එකක් ඉඳලා හිටලා ගන්න තැනට...
ඒත් බොන හැත්තක් අප්පා මට ඉන්නේ.. කසින් ඉඳන් යාළුවා වෙනකම් බොනවා... බෑ කිව්වත් ගනින් ගනින් කියල පොවනවා... ඒයෙත් කසින් අයියා කෙනෙක් එක්ක ගහුවේ.. මම ශොට් 3ක් 4ක් ගහලා ශේප් පිට හිටියා.. මූ කියපි කෝ උඹ බීලා නෑනේ කියලා.. මොන රෙද්දක්ද කියලා මම ඇරියා බෝතලේට...
අනේ දෙවියනේ... මේ මාසේ ඉතුරු දවස් ටිකවත් නොබී ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
චොප්පේ අයියා...
කුජීතයෑ..අම්බානක බොන සෙට් එකක් මැද කුමක් හෝ කියා එක දවසක් හෝ නොබි සිටීමෙ හැකියාව හොද බෙබෙක් සතු වියයුතු යෑ...
ඒ වෙලේ නිදා ගන්න බන් ඕන.. බට් නිදා ගත්තා නම් ගෙදරට නෝන්ඩි.. කම්පියුටරේ ඉස්සරහ හිටියා මොනවත් කරලම ඉන්න බෑ.. බැරිම තැන කඩේට පොඩ්ඩක් යනවා කියලා ළඟ හිතවත් යාළුවෙකුගේ ගෙදර ගියා.. එහේ විනාඩි15ක් විතර කයියක් ගහලා ආවා එන්න.. රෙද්ද ඒත් වෙරි.. ෆේස්බුක් චැට් එක ඇරගෙන චැටක් දාන් හිටියා කෙල්ලෙක් එක්ක... ටිකක් වෙරි බැස්ස... උදේ නැගිටලා බලද්දි ඒකි එක්කත් මරු කියෝලා.. උදේ සොරි කියලා මැසේජ් එකක් දම්මා..
රෑ ගෙදරට පේන්න බත් පොඩ්ඩක් බෙදාගෙන කකා ඉද්දි අම්මා අහපි මොකෝ බත් පොඩ්ඩක් කන්නේ කියලා.. වහ කනවා මම හිතුවා එවෙලේ මාට්ටුම තමයි කියලා...


උඹ එනවද.....?? සිරාවටම.....??


නොබී හිටියොත් හිතන්නේ ලොකු කම කියලා... එක ශොට් එකක් හරි දාගන්න වෙනවා ඉතින්... බැලුවේ හිමිහිට බියර් එකට විතරක් සෙට් වෙන්න... දැන් නම් අරක්කු වහ කදුරු වගේ.....



