Marvel Cinematic Universe - TV Series

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Agents of S.H.I.E.L.D.


    12189879_532200316938746_6692539683533107316_n.jpg


    අධ්‍යක්ෂණය : Jed Whedon
    රචනය : Bear McCreary
    විකාශන අයිතිය : ABC (American Broadcasting Company)
    විකාශ වී ඇති කතා මාලා ගණන : 3
    විකාශනය ඇරබු දිනය : 2013 සැප්තැම්බර් 24


    ලොව පුර මිලියන 12 කට අධික රසිකයින් පිරිසක් නරබන මෙම කතා මාලාව Marvel Cinematic Universe එකට අදාල විකාශ වූ පලමු TV කතා මාලාවයි. Iron Man 3 වලින් පසු මේ දක්ව සුදුවූ සිදුවීම් වලින් සමන්විත් වෙයි. Marvel Cinematic Universe වල Phase 2 වලට අදාලව මෙම කතා මාලාව විකාශනය වූ අතර Phase 3 වලදී විකාශය වීමට ඉඩ ඇත. කතා මාලා වල මේ දක්වා සාරාංශය නම්,
    Season 1 - Phil Coulson ගේ නැවත පැමිණීමෙන් ඔහු එක රැස් කරගන්නවා කුඩා කණ්ඩායමක් විශේෂ බලයන් ඇති පුද්ගලින් ලොව පුර සොයා ගැනීම සදහා.
    Season 2 - HYDRA මැඩපැවැත්වීමට උත්සහ කිරීමත් සමග Coulson හට උසස්වීමක් ලැබෙනවා අධ්‍යක්ෂක වශෙයෙන් කඩ වැටුණු S.H.I.E.L.D. නැවත ගොඩ ගැනීමට. ඒ S.H.I.E.L.D.හි රහසිගත HYDRA සදහා වැඩ කරන නිලදාරීන් සොයා ගැනීමට.
    Season 3 - Coulson සහ Daisy ප්‍රදානත්වයෙන් ආරම්භ කරනවා මෙහෙයුමක් ලොව පුර සිටින Inhuman ලා සොයා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Agent Carter


    12047158_532740340218077_1573089537536878095_n.jpg


    අධ්‍යක්ෂණය : Tara Butters, Michele Fazekas, Chris Dingess
    විකාශන අයිතිය : ABC (American Broadcasting Company)
    විකාශ වී ඇති කතා මාලා ගණන : 1
    විකාශනය ඇරබු දිනය : 2015 ජනවාරි 6


    Marvel Cinematic Universe වල 1940s සිදුවීම් මාලාවක් පාදක කර ගනිමින් ඇරබුනු මෙය Captain America: The First Avenger චිත්‍රපටයේ සිදුවීමෙන් පසු ඇති වූ කතාවක් වේ. MCU Phase One වලට අයත් වේ. මේ දක්වා කතා සාරාංශය නම්,
    Season 1 : Howard Stark සොයා එනවා ඔහුගේ දැනට සිටින එකම විශ්වාසවන්තයා වන Peggy Carter ව. ඒ ඔහු විසින් නිර්මාණය කල න්‍යෂ්ටික මාත්‍රාවක් යම් කෙනෙකු විකිනීමට යාම වළක්වාලීමට. ඒ සදහා ඔහු ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා වන Edwin Jarvis ද Carter ගේ සහයට යොදවනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Daredevil


    12195838_532768866881891_1316875368009770983_n.jpg


    අධ්‍යක්ෂණය : Steven S. DeKnight (Season 1), Douglas Petrie, Marco Ramirez (Season 2)
    විකාශන අයිතිය : Netflix
    විකාශ වී ඇති කතා මාලා ගණන : 1
    විකාශනය ඇරබු දිනය : 2015 අප්‍රේල් 10


    Marvel Television හා Netflix එකතුව නිෂ්පාදනය කල මෙය පළමු අදියරේ කොටස් 13 කින් සමන්විත වේ. Marvel Cinematic Universe යත වන අතර මෙහි සිදුවීම් The Avengers චිත්‍රපටයට පසු සිදු වූ සිදුවීම් වේ. මේ වනතෙක් කතා සාරාංශය නම්,
    Season 1 : Matt Murdock වෘතියෙන් New York වල Hell's Kitchen හි නීතිඥයකි. Matt කුඩා කාලේ රිය අනතුරකදී කිරණශීලී රසායනික ද්‍රව්‍යයක් ඇහැට වැටීමෙන් අන්ධ වෙනවා. නමුත් ඔහුට ඒ එක්කම යම් කිසි බලයක් ලැබෙනවා. ඒ අසාමාන්‍ය ඉව සහ කන් ඇසීමේ බලයක්. Matt ගේ තාත්ත බොක්සිං ක්‍රීඩකයෙක්. තාත්තාට ඕන වුනේ මේ Matt ව ඔහුට වඩා සාර්ථක පුද්ගලයෙක් කරන්න. කාලයත් එක්ක Matt ගේ බලාපොරොත්තු වෙනස් වෙනවා. ඔහු සටන් කලාව ඉගෙන ගෙන අයුක්තියට එරෙහිව තම බලයද උපයෝගී කරගෙන සටන් කරනවා. දවල් කාලයේදී නීතිඥයකු ලෙසද රාත්‍රියේදී හදුනා නොගත් vigilante කෙනෙකු ලෙස අසාධාරණයට එරෙහිව සටන් වදිනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Jessica Jones


    12390950_547504822074962_6314927280624305660_n.jpg


    අධ්‍යක්ෂණය - Melissa Rosenberg
    විකාශන අයිතිය - Netflix
    විකාශ වී ඇති කතා මාලා ගණන - 1
    විකාශනය ඇරබු දිනය - 2015 නොවැම්බර් 20


    Marvel Television හා Netflix සමග නිෂ්පාදනය කෙරුණු පළමු කතා මාලාවේ කොටස් 13 කින් සමන්විත වන අතර මෙය Marvel Cinematic Universe වලට අයත් වේ.
    Season 1 - සුපිරි වීරවරියකුගේ ජීවතයක් ගතකරමින් සිට එය ශොකාන්තයක් බවට පත් වූ Jessica Jones උත්සහ කරනවා ඇයගේ පුද්ගලික ජීවිතය නැවත ගොඩ නාග ගැනීමට New York City හි Hell's Kitchen කාර්යාලයක් පිහිටුවමින් අයගේ බලයන් හා හැකියාවන් උපයෝගී කරගෙන පෞද්ගලික රහස් පරීක්ෂකයකු ලෙස.