කොමික්:Batman End Game-I (සිංහලෙන් )

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    මෙන්න elakiri එකේ කොල්ලෝ ඔක්කොටම මගෙන් නත්තල් තෑග්ගක්. අද ඉදන් මම ලෝකේ ප්‍රසිද්ද කොමික් කතා දන්නා සිංහලෙන් පරිවර්තනය කරලා ඔයාලට දෙනවා. ප්‍රදාන වශයෙන් DC සහ Marvel කොමික්ස් තමයි මගේ ප්‍රධාන ටාගට් එක. මුලින්ම චිත්‍රකතාව සිංහලෙන් එඩිට් කරලා දාන්න හිටියත් කොපිරයිට් ප්‍රශ්න සහ සැහෙන වෙලාව ගතවන නිසා සමස්ත කතාවේ බේසික් එක (ඔරිගීනල් කොමික් එකේ වැදගත්ම පිටු ටික) මේ විදියට පරිවර්තය කරලා දාන්න තීරණය කරා. හැබැයි ඉතින් මේ වැඩේටත් සැහෙන්න වෙලාවක් ගියා හොදේ.

    wqrxwy.jpg


    මගේ මුල්ම කතාව තමයි Batman: Endgame.. මේක 2014 අවුරුද්දේ තමයි පිටවුනේ. මේක අතිශය කතාබහට ලක්වුන චිත්‍ර කතාවක්. කොටස් කිහිපයකින් මේක පලකරන්නම්. අද පලවෙනි කොටස....

    ස්ථානය: වේන් මන්ධිරය
    වෙලාව : පස්වරු 4.30


    B4iv3T.jpg


    අන්තිමට කරපු සටනින් අපේ වීරයා හොඳ උනා විතරයි. වෙන් , ඇල්ෆ්‍රඩ් සහ ජුලියා ( ඇල්ෆ්‍රඩ්ගේ දුව ) හිටියේ ආගිය තොරතුරු කතා කරමින්.

    z59lXn.jpg


    එකපාරටම wonder women වේන් මන්ධිරයේ ජනේලයක් කඩාගෙන ඇතුලට ආවා. ඇයගේ ඉලක්කය උනේ?
    බ්‍රුස් වේන්ව!!!
    එත් ,....., එත් ඇයි?..
    මේ කිසි දෙයක් ගැන හිතන්නවත් හම්බුනේ නෑ. ඇය වේන්ගේ කමිසයෙන් ඇදගෙන එලියට පියාබලා ගියා.
    “ඩයානා මේ මොකද?” වේන් එහෙම ඇහුවේ ඩයානාගේ ග්‍රහණයෙන් බේරෙන්න හදන ගමන් .
    ඩයානාගේ උත්තරය උනේ- “මම උබට උත්තර දෙන්න බැදිලා නෑ ,, බ්රූස්.”

    EhFdg6.jpg


    බ්රූස් තමන්ගේ සාක්කුවේ තිබුන හයිපර් සොනික් උපකරණයක් wonder women ඔලුවට තියලා ක්‍රියාත්මක කළා.
    බ්රූස්ගේ උත්සාහය සාර්ථකයි. ඔහුට පුළුවන් උනා wonder women ගේ ග්‍රහණයෙන් මිදෙන්න. ඔහුව වැටුනේ පහලින් තිබුන උද්‍යානයේ ගසක් මතට.

    nomHL3.jpg


    “මොකද්ද මෙතන වෙන්නේ?” බ්රූස් ආයිත් ඇහුවා.
    “ඒක හරි සරලයි බ්රූස්. මේක අපි මීට සැහෙන කාලෙකට කලින් කරන්න තිබුන දෙයක්. ඒ ඔහේව ඉවරයක් කරලා දාන එක” wonder women උත්තර දුන්නේ ඇයගේ ඉනේ තිබුන පිහියක් එලියට අඳීන ගමන්මයි.
    ඒ වචන වල හරි බැරෑරුම් කමක් තිබුනා.
    “මේක විහිළුවක් වෙන්න බෑ. කොහොමත් wonder women විහිලු වලට කැමති කෙනෙක් නෙමයි “ බ්රූස් තමන්ටම කියාගත්තා.

    දැන් තමයි වෙලාව ....
    බ්රූස් වේන්ගෙන් බැට් මෑන්ට මාරුවෙන්න
    “ඇල්ෆ්‍රඩ් !!!!!!”
    “ෆෙන්දෘ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න”
    “රිලීස් ද සුට්!!!!”


    බැට් මෑන් ඇදුමට පුලුවන්ද ජස්ටිස් ලිග් සාමාජිකයෙක්ව නවත්තන්න?
    ඔහු ලෝකප්‍රසිද්ද බැට් මෑන්. ඔහුට කලින් ඉදන්ම සැලැස්මක් තිබ්බා මේවගේ දෙයක් වැරදිලාවත් උනොත් එකට මුහුණදෙන්න.

    MKvqbh.jpg


    මේක සාමාන්‍ය බැට් මෑන් ඇදුමක් නෙමෙයි. එක විශේෂ ඇදුමක්. සම්පුර්ණ ජස්ටිස් ලිගයත් එක්කම හැප්පෙන පුළුවන් ඇදුමක්.
    එක බැට් මෑන් නම්කරලා තිබුනේ.....
    "JL බස්ටර්” කියලා .
    ඇදුමක් නෙමෙයි මේක හරියට බැලුවොත් යොද රොබෝවෙක්.
    බැට් මෑන් සටනට සුදානම් ...
    ගෝතම් වලට සාදරයෙන් පිලිගන්නවා” බැට් මෑන් තමන්ටම කියාගත්තා.


    iUOIyg.jpg


    එක්කෙනෙක් wonder women. ඇය amazon වල ඉන්න දක්ෂතම රණශුරිය. ඇය ශක්තිමත් , වේගවත් .
    අනිත්පැත්තෙන් බැට් මෑන්. ලොව දක්ෂතම රහස් පරීක්ෂකවරයා. සටන් ශිල්ප 100 කටත් වැඩියෙන් ප්‍රගුනකරපු කෙනෙක්.
    සටන සැහෙන වෙලාවක් තියෙන්නට ඇති. අඩුම ගානේ පැයක් වත්.


    rPmn9t.jpg


    එකපාරටම wonder women කඩුවෙන් JL බස්ටර් එක හිල්කරන් යන්න පහරක් දුන්නා. එත් එක්කම බැට් මෑන් ලේ විලක් මැද පාරේ ඇදගෙන වැටුනා.

    wjwKAk.jpg


    ඔබ හිතනවාද එච්චර ඉක්මනට බැට් මෑන් පරදියි කියලා. කොහොමටවත් නෑ.
    ඒ සියල්ල එක්තරා රගපෑමක්. ඒ මොකද කියනවනම් බැට් මෑන් ලග ජස්ටිස් ලීගයේ හැමකෙනා වෙනුවෙන්ම සැලැස්මක් තිබුනා. ඔහු ඒ හැමකෙනාගේම දුරුවලකම් හොදින්ම දන්නවා. ඔහු දැනගෙන හිටියා wonder women ගේ වීක් පොයින්ට් එක. ඇය සටනක් පටන් ගත්තොත් නවත්වන්නේ දෙනාගෙන් එක්කෙන්කේ හරි මියගියොත් පමණයි. බැට් මෑන්ට තමන්වත් ඩයානාවත් දෙන්නවම බේරගන්න තියෙන එකම උපක්‍රමය ඇයට ඒත්තුගන්වන එක ඇය සටනින් දින්නා කියන වග. බැට් මෑන් හිතපු විදියටම සැලැස්ම සාර්ථක උනා. ඇය තමන්ගේ ජයග්‍රහණය සමරන අතරේ බැට් මෑන් රහසින්ම තමන්ගේ මුලස්ථානයට යන්න පිටත් උනා.

    QZa27N.jpg


    “ඇල්ෆ්‍රඩ් !! අනිත් අය කොහෙද? එයාලා පෙන්න ඉන්නවද?” බැට් මෑන් ඇල්ෆ්‍රඩ්ගෙන් ඇහුවා.
    “නැහැ සර්” ඇල්ෆ්‍රඩ් පිළිතුරු දුන්නේ ටිකක් කලබලෙන් .
    එකට හේතුවක් තිබුනා.
    එකට හේතුව තමයි ලොව වේගවත්ම මිනිසා !!!
    “ෆ්ලෑෂ්”
    ඔහුගේ වේගය නිසා ඇල්ෆ්‍රඩ්ට තියා කාටවත් ඔහුව පියවි ඇහෙන් දකින්නට බෑ

    “RUN RED” බැට් මෑන් රොබෝ ඇදුමට නියෝගයක් දුන්නා.
    ඒක ඇදුම අධිවේගී දත්ත සම්ප්රෙශයන කරන මොඩ් එකට පරිවර්තනය කරන්න දෙන නියෝගයේ රහස් වචනය. එකෙන් පුළුවන් ඕනෑම මිනිස් ක්රියාකරාමකට වඩා ඉක්මනට දත්ත සම්ප්රෙශයනය කරන්න. එකෙන් පුළුවන් ෆ්ලෑෂ් ගේ චලනයන් පවා කැමරාවට හසුකරගන්න.

    OLuXIX.jpg


    බැට් මෑන තමන්ගේ රොබෝ ඇදුමේන් දියරයක් විද්දා හරියටම ෆ්ලෂ් දුවගෙන එන පාර උඩට . එක ඉතාමත් ගර්ෂණය අඩු දියරයක්. එකේ ගර්ෂණය 0.000043 තරම් අඩු අගයක් වෙනවා. එවැනි අඩු ගර්ශනයක්මතින් දුවන්න තියා හිටගන්නවත් සාමන්‍ය මිනිසේකුට බෑ. එක නිසා ෆ්ලෑෂ් ගේ වේගය පාලනය කරගන්න බැරුව වේගයෙන් ලිස්සලා ගිහින් ලගම තිබුන ගොඩනැගිල්ලක හැප්පුනා.
    ෆ්ලෑෂ්ගේ වැඩේත් ඉවරයි.

    sOKUx0.jpg


    “තාම ඉවර නෑ බ්රූස්” බැට් මෑන්ට පිටිපස්සෙන් කටහඩක් ඇහුනා. හොදට පුරුදු කටහඩක්.
    “Aqua Man”
    “මේකනම් මහා පිස්සුවක්” බැට් මෑන් බෙරිහන් දුන්නා.
    “මුළු ජස්ටිස් ලිග් එකම මට විරුද්දව මෙහෙයවන්න පුළුවන් බලවතා කවුද?”
    Aqua man ත් එකක සටන එච්චර අමාරු එකක් උනේ නෑ. බැට් මෑන්ට පුළුවන් උනා ඔහුව ඉතා ඉක්මනින් තෙතමනය උරාගන්නා. විශේෂ ඉටි වර්ගයක ගිල්ලවන්න. Aqua manට වැඩ දාන්න පුළුවන් වතුර තියෙනකන් විතරයි කියලා බැට් මෑන් කලින්ම දැනගෙන හිටියේ.

    AwhmcN.jpg


    “මාස්ටර් බ්රූස් දැන්වත් ඔතනින් අයින් වෙන්න.”
    ඇල්ෆ්‍රඩ්ට එහෙම කියන්න හේතුවක් තිබුනා. ඔහු දන්නවා තව සාමාජිකයින් කිහිපදෙනෙක්ම ඉන්නවා කියලා ජස්ටිස් ලිග් එකේ.
    නමුත් බැට් මෑන් අයින් උනේ නෑ. ඔහු ඒ වෙනකොට හිටියේ ඉතාමත් ජන ශුන්‍ය ප්‍රදේශයක.
    “මේක තමයි සටනකට හොදම තැන”
    “ඊළගට එන්නේ සයිබෝර්ග් නම් මගේ ලගතියෙනවා ලෝකේ හොදම EMP එක.”
    “ඊළගට එන්නේ ග්‍රීන් ලැන්ටර්න් නම් මගේ ලගතියෙනවා citrine neutralizer එක.”
    “ඊළගට එන්නේ ..............”



    iXJHep.jpg


    බැට් මෑන්ට එක ඉවරකරන්න හම්බුනේ නෑ. ලොකු පහරක් බැට් මෑන්ට වැදුනා. ඔහු ගොඩනැගිල්ලක් කඩාගෙන විසිවෙලා ගිහින් වැටුනා.

    TknSBF.jpg


    “මේකද උබේ ඔය මහලොකු සුට් එක? සමාවෙන්න මගේ අතින් ඒක කැඩුනද මන්දා”
    ඒ වෙන කවුරුත් නෙමෙයි.
    “සුපර් මෑන්!!!!"
    "අපොයි, උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ. කියන්න කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ? කියනවා..” බැට් මෑන් බෙරිහන් දෙන්න පටන්ගත්තා.

    sKvzpT.jpg


    “කවුද ? කවුද නේද? හා..හා...හා... එක ටිකක් විතර හිනායන කතාවක්” කියන්නද?” සුපර් මෑන් හිනා වුනේ හරි අමුතු විදියට.

    qRPSn3.jpg


    ඒ හිනාව හොදට හුරුයි... බැට් මෑන් හොදට සුපර් මෑන් ගේ මුණ දිහා බැලුවා. වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැට් මෑන්ට වැඩිවෙලා ගියේ නෑ

    “හපොයි දෙවියනේ..... “
    ජෝකර්!!!!!!!!!!!


    VCxGw5.jpg


    “අන්න උබට තේරුණා , මෙදා පාර උබව බේරගන්න කවුරුවත් එන්නේ නෑ බ්රූස්”

    සුපර් මෑන් මහා හයියෙන් හිනා වේවි එහෙම කියනගමන් , ලොකු කොන්ක්‍රීට් තට්ටුවක් බැට් මෑන් උඩට ඇත ඇරියා.
    බැට් මෑන්ගේ ඇදුම හදලා තිබුනේ මිශ්‍ර ටයිටේනියම් ලෝහයෙන්. ඒක නිසා එවැනි පහරවල් වලට ඔරොත්තු දෙන්න ඒ සුට් එකට පුළුවන්.

    Qxp1WG.jpg


    බැට් මෑන් අත පුරවලා සුපර් මෑන් ගේ මුනට පාරක් ගැහුවා. ඒ පහර සුපර් මෑන්ට දරුනුවටම වැදුනා.
    එත් කොහොමද? බැට් මෑන් තමන්ගේ සුට් එකේ අතට “Red sun” කිරණ විහිදුවන ගැජට් එකක් සවිකරලා තිබුනේ. මම කලිනුත් කිව්වනේ. අපි මේ කතාකරන්නේ බැට් මෑන් ගැන. “yellow sun” කිරණ වලින් සුපර් මෑන් ශක්තිමත් වෙනවා වගේම “red sun කිරණ” වලින් සුපර් මෑන් දුරුවල වෙනවා කියලා බැට් මෑන් දන්නවා.

    cvYnIc.jpg


    ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වුණ ප්‍රශ්නය
    කවුරු දිනයිද?
    සුපර් මෑන් ද? බැට් මෑන් ද?


    සුපර් මෑන් තමන්ගේ හිට් විෂන් එකෙන් දිගට හරහට පහර දුන්නා. එත් ඒ හැම පහරකට බැට් මෑන් ගාවත් උත්තර තිබ්බා.

    49AzDw.jpg


    අන්තිමට සුපර් මෑන් බැට් සූට් එක ඇදගෙන අහසට පියබන්න පටන් ගත්තා...

    “හා හා.......Up Up in a way….”

    ඒ යන අතර මගදී සුපර් මෑන්, බැට් ආමර් එක කෑල්ලෙන් කෑල්ල ගලවල විසික් කරා.

    “බ්රූස් ,, කෝ මේ බ්රූස්?”

    දැන් JL බස්ටර් එකක් නෑ. ඉතුරුවෙලා ඉන්නේ නිකන්ම බ්රූස් වේන් විතරයි.
    “මැරෙන්න කලින් කියන්න මුකුත කියන්න තියෙනවද ?” සුපර් මෑන් බ්රූස්ගේ කනට කරලා ඇහුවා.

    spw4Vj.jpg


    තුක්.........
    බැට් මෑන් ,ගහපු කෙල පාර වැදුනේ , සුපර් මෑන්ගේ ඇස් වලට. ඒ කෙලවල තිබුනේ වැඩිහරියක් ක්‍රිප්ටනයිට්. සුපර් මෑන් JL බස්ටර් එක ගලවන වෙලාවේ බැට් මෑන් ක්‍රිප්ටනයිට් ඩස්ට් ටිකක් කටේ දාගන්න අමතක කරලා නෑ.
    ඒ පොඩි ක්‍රිප්ටනයිට් ටික සුපර් මෑන්ව සිහිය නැති කරන්න තරම් ප්‍රබල වුනා. බැට් මෑන් , සුපර් මෑන් දෙන්නම වැටුනේ ගොතම් වරාය තොටුපලට.

    “කවුරු දිනයිද? “
    “වෙන කවුද?”
    “බැට් මෑන් මිසක්”………………………………………………
    (මතු සම්බන්ධයි)



    වැඩේ හොදනම් ඉතින් අනිත් අයට බලාගන්න BUMP එකක් දාගෙන යන්න. රේප් දුන්නොත් නොගෙන ඉන්නෙත් නෑ.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machan comic translate karanakota, ara bubbles asse sinhala vachana dala, pdf vidiyata hadala deepan. ohoma kiyavanna bane ban.

    එක තමයි උඩින් ලියලා තියෙන්නේ..
    "මුලින්ම චිත්‍රකතාව සිංහලෙන් එඩිට් කරලා දාන්න හිටියත් කොපිරයිට් ප්‍රශ්න සහ සැහෙන වෙලාව ගතවන නිසා සමස්ත කතාවේ බේසික් එක (ඔරිගීනල් කොමික් එකේ වැදගත්ම පිටු ටික) මේ විදියට පරිවර්තය කරලා දාන්න තීරණය කරා"
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    මේ වැඩේ නම් එල මචන්.
    දිගටම කරගෙන යන්න පුලුවන් නම් පට්ට වටිනවා.

    ජයවේවා මචං.

    රෙප්++
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක තමයි උඩින් ලියලා තියෙන්නේ..
    "මුලින්ම චිත්‍රකතාව සිංහලෙන් එඩිට් කරලා දාන්න හිටියත් කොපිරයිට් ප්‍රශ්න සහ සැහෙන වෙලාව ගතවන නිසා සමස්ත කතාවේ බේසික් එක (ඔරිගීනල් කොමික් එකේ වැදගත්ම පිටු ටික) මේ විදියට පරිවර්තය කරලා දාන්න තීරණය කරා"

    නො 1 bAt man රසිකයෙක් වෙමි පිළිගනු මැනවි මගේ රේප් :yes:

    සහ මෙහි ඉදිරි දිගුවත් දෙනු මැනවි
    :yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක තමයි උඩින් ලියලා තියෙන්නේ..
    "මුලින්ම චිත්‍රකතාව සිංහලෙන් එඩිට් කරලා දාන්න හිටියත් කොපිරයිට් ප්‍රශ්න සහ සැහෙන වෙලාව ගතවන නිසා සමස්ත කතාවේ බේසික් එක (ඔරිගීනල් කොමික් එකේ වැදගත්ම පිටු ටික) මේ විදියට පරිවර්තය කරලා දාන්න තීරණය කරා"

    mehema public dana ekath thanam ban. anika ban lankave mona copyrights da. :P anika ban uba bubbles asse vachana dammoth ubata vistara karanna one na :yes: oya dala tiyyenava vage, ethakota kale yanne aduven.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    mehema public dana ekath thanam ban. anika ban lankave mona copyrights da. :P anika ban uba bubbles asse vachana dammoth ubata vistara karanna one na :yes: oya dala tiyyenava vage, ethakota kale yanne aduven.

    කොමික් වල කොපි රයිට්ස් වැටෙන්නේ script එකට.. graphics වලට නෙමෙයි.
    ඒ හැම දෙයක් ගැනම හොදට හොයල බලලා තමයි මචන් වැඩේ පටන් ගත්තේ.
    I know what Im doing bro
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොමික් වල කොපි රයිට්ස් වැටෙන්නේ script එකට.. graphics වලට නෙමෙයි.
    ඒ හැම දෙයක් ගැනම හොදට හොයල බලලා තමයි මචන් වැඩේ පටන් ගත්තේ.
    I know what Im doing bro

    okay, now you started this.
    wrong. you think they draw arts for free to let people post them on the internet?
    please read their terms and conditions before starting an argument

    did you remove the script in the bubbles? if so, it's considered as illegal.
    Modification or use of the Material or any other content on this Site for any purpose not permitted by these Terms of Use may be a violation of the Copyrights and/or Trademarks and is prohibited.

    you uploaded these images on internet and allow people to access them from multiple computers. it's illegal too.
    You may access and display Material and all other content displayed on this Site for non-commercial, personal, entertainment use on a single computer only

    you are not authorized to upload these on internet. sounds like you broke another term.
    The Material and all other content on this Site may not otherwise be copied, reproduced, republished, uploaded, posted, transmitted, distributed or used in any way unless specifically authorized by Warner

    sounds like very illegal to me.
    Using any Material on any other web site or networked computer environment is prohibited.

    and they sell comics on their site
    http://www.dccomics.com/comics
    so the above terms apply for comics too. :cool:

    http://www.dccomics.com/terms-of-use

    sounds like you have no idea what you are doing. it sounds like you didn't bother to read the DC comic terms, you just went and read some random forum posts and thought it's okay to post arts on internet.
    :P
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    okay, now you started this.
    wrong. you think they draw arts for free to let people post them on the internet?
    please read their terms and conditions before starting an argument

    did you remove the script in the bubbles? if so, it's considered as illegal.


    you uploaded these images on internet and allow people to access them from multiple computers. it's illegal too.


    you are not authorized to upload these on internet. sounds like you broke another term.


    sounds like very illegal to me.


    and they sell comics on their site
    http://www.dccomics.com/comics
    so the above terms apply for comics too. :cool:

    http://www.dccomics.com/terms-of-use

    sounds like you have no idea what you are doing. it sounds like you didn't bother to read the DC comic terms, you just went and read some random forum posts and thought it's okay to post arts on internet.
    :P

    උබ ඉන්ටනෙට් එකෙන්ද නිතිය ඉගෙන ගන්නේ?
    කොපිරයිට් නීතියේ තියෙනවා fair use කියලා එකක්. ලගපාත ලෝයර් කෙනක් ඉන්නවනම් අහලා බලපන් printed materials , fair use එකේදී බාවිතා වෙන්නේ කොහොමද කියලා. විසේශයෙන් education purpose එකේදී.
    fair use එකේ තියෙනවා trasformative සහ non trasformative කියල අතුරු නීති දෙකක්.
    පුලුවන්ම් ගිහින් කොපිරයිට් නිතිය ගැන හරියට ඉගෙනගෙන වරෙන්. උබ කියපු විදියට මම සිංහල අකුරු බබල් ඇතුලේ දැම්මනම් තමයි එක ඉලිගල් වෙන්නේ. එකම ප්‍රශ්නය මේක public ෆෝරම් එකක දාපු එක. මේක blog එකක වගේ දැම්මනම් , ඒ ප්‍රශ්නෙත් නැ.

    මේ උබලට වඩා කොමික් ගැනයි නිතිය දන්නා ෆකීර්ලා කරලා තියෙන්නෙත් මම කරපු දේම තමයි.