අපේ නිළියන්ගේ හපන් කම්
fb එකෙන් ගත්තේඅද ලොකු දුවගේ චෙස් තරඟ තිබුනේ මොරටුව පාසලේ. ඉවර වෙලා එන්න බලනකොට මරුටි කාර් එකක් හරියටම මගෙ කාර් එක ඉස්සරහින් පාර්ක් කරලා. මට කාර් එක ගන්න විදිහක් තිබුනෙ නැ. නම්බර් එක වත් ගහලා තිබුනෙ නෑ. ටිකක් හොයලා බලනකොට අයිතිකාරයා හොයාගත්තා. එතන තිබුන හොල් එකෙ ස්ටේජ් ඩ්රාමා එකක් යනවා. ඒ ඩ්රාමා එකේ ඩිරෙක්ටර් තමා මරුටි අයිතිකාරයා. එත් එතුමා ඩ්රාමා එක ඉවර වෙනකම් එන්න බැ කිව්වා. ඊට පස්සෙ මම කිව්වේ ඩ්රයිවින්ග් දන්න කෙනෙක්ට කී එක දෙන්න කියලා. එතන කීප දෙනෙක්ම හිටියා. එ ඔක්කොටම ඩ්රයිවින්ග් බැ කියලා කිව්වේ. එතන හිටිය සමහර නලුවො හිටපු විදිහට (මුනේ පියරු උලාගෙන ) එක හරි කියලත් හිතුනා. එතන හිටපු කිසිම කෙනෙකුට ඩ්රයිවින්ග් බෑලු. ඊට පස්සේ මගේ ඉල්ලීම උනේ මට යතුර දෙන්න, මම මගේ කාර් එක අරගෙන එයලාගේ එක තිබුන තැනින් දාන්නම් කියල. එත් එයාල කිව්වෙ මට ඩ්රාමා එක ඉවර වෙනකම් ඉන්න කියල. මම එ අයට පැහැදිලි කරන්න උත්සහා කලේ උදේම ගෙදරින් ආව නිසා හැකිතරම් ඉක්මනින් යන්න ඔනෙ කියල. එත් එ ඔක්කොම එයලාගේ වැඩේ ගැන විතරයි හිතුවේ. පස්සෙ මට සිදු උනා එතනට පොලිසිය ගෙන්න. පොලිසීය ඇවිත් වාහනේ අයින් කරන විට මම දුවත් එක්ක එතන පැයකටත් වැඩී. එතන හිටියේ එකම එක දන්න ඇක්ට්රස් කෙනෙක් විතරයි. ඒ සුසිලා. අර විකට නිලිය. උන්දැට පොලිසියෙන් ඇවිත් වාහනය අයින් කල එක මදි පුන්චි කමක් වගේ. අන්තිමට මට කියනවා අයේත් ස්කොලේ යන්නලු. මගේ දුවත් එක්ක පැයකටත් වැඩිය මාව රස්තියාදු කරපු ඒ උද්දච්ච රැලට මම අනුකම්පා කරමි. කිසිම දිනක මෙවන් හදවත් නැති මිනිසුන් ගේ විකාර රංගන නොබැලීමට සිතා ගත්තෙමි.







