ටින්ටින් කිව්වම නොදන්න කෙනෙක් නැති තරමට, ටින්ටින් කාටුන් කතා මාලාව අපේ රටේ ජනප්‍රියයි. ටින් ටින් කියන්නේ තරුණ ජනමාධ්‍යවේදියෙක්. මේ තරුණ ජනමාධ්‍යවේදී කොල්ලා, එයාගේ බල්ලා ස්නෝවි එක්ක එකතුවෙලා කරන වික්‍රමාන්විත ක්‍රියා තමයි මේ කතා මාලාවේ තියෙන්නේ.
ටින්ටින් කියන්නේ අවුරුදු ගානක් තිස්සේ ජනප්‍රියත්වය නොනැසී තියාගත් කාටුන් චරිතයක්. පොඩ්ඩෝ විදිහට ටින්ටින් බලපු හුඟක් අයගේ පොඩ්ඩන්ගේ පොඩ්ඩොත් මේ වෙද්දී ටින් ටින් බලනවා.
2016 ජනවාරි 10ට, ඒ කියන්නේ ඊයෙට, ටින්ටින්ට වයස අවුරුදු 87 සම්පූර්ණ වුණා. සුළු වයසක්යැ නේද 87 ක් කිව්වම??
ටින්ටින් කාටුන් චරිතේ නිර්මාණය කළේ බෙල්ජියම් ජාතික ජෝජ් රෙමී. මෙයාව හුඟක් අය දන්නේ හ්ර්ජ් කියන නමින්. ටින්ටින් කතාන්දර මුලින්ම එළි බැස්සේ Le Petit Vingtième කියන ළමා සඟරාව හරහා. ඒ 1929 ජනවාරි 10 වැනිදාවක.
1950 අවුරුද්දේ ටින්ටින්, ටින්ටින් නමින්ම සඟරාවක් විදිහට පළවෙන්න පටන්ගත්තා. ඒ අවුරුද්දෙම හ්ර්ජ් ටින්ටින් චිත්රාගාරේ විවෘත කළේ, ටින්ටින්ට, සඟරා පිටු අතරින් රුපවාහිනී මාධ්‍යට උසස්වීමක් ලබා දෙමින්.
විසි වැනි සියවසේ ජනප්‍රියතම රුපවාහිනි චරිතය වුණේ ටින්ටින්. භාෂා හැත්තෑවකින්, මිලියන 20ක් පිටපත් ටින්ටින් කතා මාලාව විකිණිලා තියෙනවා. ලොව පුරා එක්ලක්ෂ විසි එක වතාවක් ටින්ටින් කතා රුපවාහිනියේ විකාශය වෙලා තියෙනවා.
ඉතින් ටින්ටින් ට දැන් වයසයි. එත් බලන්නකෝ… අවුරුදු 87ක් වුණාට මේ කොල්ලගේ ආකර්ෂනේ නම් තවමත් ඒ වගේමයි.
ඉතින් “සුභ උපන්දිනයක් ටින්ටින්!
ටින්ටින් නිර්මාණය කළ ජෝජ් රෙමී හෙවත් හ්ර්ජ්.
හ්ර්ජ් විසින් අඳිනලද ටින්ටින් කටු සටහනක්.
Source:- http://gossipking.lk/2016/01/11/4773/
Last edited:



