
නෑ බං මට මම විකුණන දේවල් ශුවර්. අනික කටින් කියලා නෙවෙයි, මේ හැම දේම ලිඛිතවම දෙනව මචෝ මම. මට කියලා මචෝ හැමෝ එක්කම කියන්න පුළුවන් දේවල් තියෙනවනෙ. මට කීහෑකි පියවර අංක එක., මේ දේ කරන්න. දෙවන පියවර. මේ දේ කරන්න. තුන්වන පියවර ලෙස මෙය කරන්න. හතර., පහ., හය., .... අවසාන පියවර වශයෙන් ඔබට ලැබෙන අයිතමය විකුණා ලැබෙන මුදල පසුම්බියේ දමාගන්න.

ඉතින් බං එහෙම කීවම මොකටද බිස්නස් එකක් කරන්නේ. හැමෝටම පුළුවන් නෙ තනි තනියම ගෙන්නගන්න. නැද්ද මචෝ මම කියන්නෙ...

දැන් අපි කවුරුහරි ෆෝන් කඩේකට ගිහින් අහනවද මේ ෆෝන් එක ඔයාට එන්නෙ කොහොමද, ගන්නෙ කොහෙන්ද, කීයක් ලාබද අරව මේවා. මංදා මම නම් අහන්නෙ නෑ. මට වටිනව නම්, ගණන් සාධාරණයි නම්, විශ්වාසයි නම් මම ඒ දේ ගන්නවා මචෝ.

මට පට්ටම අප්සට් බං මම හොරයක් බොරුවක් නොකර අවංකවම කරන සාධාරණ බිස්නස් එකට එක එක ඒවා කියන එක. හොර කරන උන්ට මොනවා කීවත් ගාණක් නෑ. මොකද ඌට ඕන කොහෙන්හරි ගාණ කඩාගන්න. ඉන් පස්සෙ මිනිස්සු මොනවද උට කියන්නෙ, ගත්ත කෙනාට මොකද වුනේ, වගකීමක් දීමක්.. කිසි දෙයක් ගැන වගේ වගක් නෑ. මම එහෙම නෙවෙයි මචෝ. හරිම සාධාරණව මේ දේ කරන්නේ. අනික ඇඩ් එක දාන්නෙත් හැම දේම කියල.

ධාර්මිකව හරි හම්බ කරන දෙයක් එක රැයින් නැත්තටම නැති වෙලා ගියත් මට දුක නෑ මචන්. ඒත් මිනිස්සුන්ට ගිනි දීල, රවට්ටලා, මුලා කරලා කෝටි ගණන් හෙව්වත් තමන්ගෙම හිත දන්නවා කරන හොර වැඩ.

ඒ තරම් අවංකව කරන බිස්නස් එකට මට වචනයක් හරි කීවෙ මෙයා විතරයි මචෝ. ෆෝන් ගත්ත අයගෙන් මම කතා කරලත් අහනව මොකද ෆෝන් එක, මුකුත් ප්‍රශ්ණ තියෙනවද කියලා. සමහර ලඟ පාත අයට කතා කරලා ඇහුවාම කියනවා මට මේකේ මේ මේ දේ කරගන්න තේරෙන්නේ නෑ කියලා. මම අරන් එන්න කියලා ඒ දේවල් කරලත් දෙනව. ඒ තරම් සාධාරණව මචන් මම ව්‍යාපාරය කරන්නේ.

මංදා මට හවස සිරාවටම අවුල් ගියා. කමක් නෑ ඉතින් දැන් කාලේ සාධාරණව දෙයක් කරන්න නේ අමාරු. ලංකාවෙ ගොඩක් අයගෙ එක අවුලක් තියෙනවා බිස්නස් වලදි. අන්දලා දෙන එකට බොහෝවිට අහු වෙනවා, හැබැයි කස්ටමර්ගෙ පැත්තෙන් හිතලා ඕනෙවටත් වඩා වගකීම් සහ සේවා දෙන්න ගියාම එක්කෝ නිකම්ම කස්ටමර්ස්ලාගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. නැති නම් බලන් ඉද්දි දියුණු වෙනවා. මංදා බං.

තරහෙන් කිසිම දෙයක් කිව්වේ නෑ හිතේ අවුලෙන් ටයිප් කලේ.

මගෙන් උඹට වැරදි දෙයක් කියවුනා නම් සමාවෙයන් යාලුවා.