සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 2)

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 2)

    සිංගවල ජොබක් සෙට් කරගන්න එක ගැන දාපු පලවෙනි පෝස්ට් එක කියව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න.

    අද පුලුවන් තරම් කොටසක් දාන්න බලන්නම්. එදා කෙනෙක් අහල තිබුන මෙහෙ ඉදන්ම ඉන්ට්වීව් සෙට් කරගෙන ජොබ් එකටම එන්න බැරිද කියල. එන්න පුලුවන්. බැරි නෑ. හැබැයි හැමෝටම සෙට් වෙන්නෙ නෑ. ඒජන්සියකින් නම් අමාරුයි. ඔයාගෙ යාලුවෙක් වැඩ කරන තැනකට යාලුව උඹව රෙකමන්ඩ් කරල වගේ නම් එහෙම සෙට් කරගන්න ලේසි.. මම දන්න කීප දෙනෙක්ම එහෙම ඇවිත් තියෙනව.. ඒත් ඒජන්සි කාරයො නම් එහෙම කරන එකක් නෑ ගොඩක් වෙලාවට.

    ජොබ් වීසා වර්ග සහ ඕන කරන පඩිය ගනනය කරන විදිය.

    මෙහෙ ජොබ් වීසා වර්ග කීපයක්ම තියෙනව. පඩියෙ ප්‍රමානය, සුදුසුකම් මත තමා වෙනස් වෙන්නෙ.

    මම වැදගත් ඒවා හතරක් ගැන කියන්නම්.
    1) Work permit for foreign domestic worker
    2) Work Permit
    3) S Pass
    4) Employment Pass


    Work permit for foreign domestic worker
    ගෙවල් වල සේවිකාවන් විදියට එන අයට මේක තමා සෙට් වෙන්නෙ. ගැහැනු අයට විතරයි මම දන්න විදියට මේ විදියට එන්න පුලුවන්. අවුරුදු 20-50 අතර අයට විතරයි එන්න පුලුවන්. අධ්‍යාපන සුදුසුකම් විදියට සාමන්‍ය පෙල සමත් වෙලා තියෙන්න ඕන. ලොකු පඩියක් නම් හම්බ වෙන්නෙ නෑ. ඒත් වියදමකුත් නෑ. ගෙදරක වැඩ කරනකොට, කෑම බීම, ඇදුම් බෙහෙත්, ඔය හැම එකම ගෙදරින් දෙන්න ඕන. ඉතින් මහ වියදමක් නෑ.
    දවස් 6 වැඩ, ඉරිද විතරයි නිවාඩු තියෙන්නෙ. ඒ දවස් වලට ඉතින් මෙයාල එලියෙම තමා ඉන්නෙ. ගොඩක් අපචාරී ක්‍රියාවන්වලට එහෙමත් සමහර අය (හැමෝම නෙමේ හොද අය ඉන්නව ) යොමු වෙනව එදාට. නිදහසක් එහෙම නැති රස්සාවක් ඉතින්


    Work permit
    මේක තම සුදුසුකම් අඩුම (පඩියත් අඩුම ) එක. සාමන්ය පොඩි පොඩි ජොබ් වලට එන අයට මේක තමා සෙට් වෙන්නෙ. වියදම එහෙමත් හැබැයි අඩුයි මොකද ඉන්න තැන වැඩ කරන තැනින් දෙන්න ඕන. එත් ඉතින් ලංකාවෙ වගේ නෙමේ මරවල වැඩ ගන්නව. එපා වෙනව ඇති. අනික මෙහෙ අනතුරු එහෙමත් සමාන්‍යෙන් වෙනවා. වැඩිය එලියට ලීක් වෙන්නෙ නෑ. පත්තරේක වත් යන්නෙ නෑ. නිදහස එහෙමත් අඩුයි. ජොබ් එක මාරු කරන්න බෑ. ආපු එකේම ඉන්න ඕන. කට්ට තමා. එන විදිය නම් දන්නෙ නෑ මම.

    S Pass
    මධ්‍යම මට්ටමේ අඩ්‍යාපනයක් තියෙන අයට තියෙන කැටගරියක්. ඩිප්ලෝමාවක් හරි උපාදියක් හරි තියෙන්න ඕන. අවම වැටුප ඩොලර් 2200 ගෙවන රස්සාවක් වෙන්න ඕන. ඩොලර් කිවෙ සිංගප්පූරු ඩොලර්. Work permit අරන් එන කෙනෙක්ට එයාගෙ කලත්‍රයාව එක්කගෙන එන්න බෑ. හැබැයි S Pass එකෙන් එන කෙනෙක්ට පුලුවන් එක්කගෙන් එන්න. ඒ වුනාට අවම වැටුප 5000 වෙන්න ඕන. එච්චර නැත්නම් කලත්‍රයාට දරුවන්ට වීස ගන්න බෑ. කලින් ඒව වගේ නෙමෙ සාමන්යෙන් නිදහස තියෙනව ජොබ් එක මාරු කරන්න එහෙම. අවුලක් වෙන්නෙ නෑ. හැබැයි සමහර වැඩ වලදි කරදරයි. සිම් එකක් එහෙම ගන්නකොට 200 ඩිපොසිට් එකක් තියන්න ඕන. සමහර ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ. ගෙවල් ගන්න ගියාම ටිකක් අමාරුයි. ගෙවල් අයිති කාරයො වැඩි මනාපයක් නෑ. බැරි නෑ. මාත් මුලින්ම ආවෙ මෙකකට තමා. ගේකුත් ගත්ත රෙන්ට් එකට අවුලක් නැතුව.

    Employment Pass

    වෘත්තීය සුදුසුකම් තියෙන අයට තියෙන කැටගරිය තමා. වැඩි පඩියක් ඕන කරනව මේකක් ගන්න. කැම්පස් එකෙන්ම අවුට් උන ගමන් එන එකෙක්ට ඩොලර් 3300 පඩියක් ඕනව වෙනව EP එකක් ගන්න. වයස, පලපුරුද්ද වැඩි වෙන්න වෙන්න, අවම ගානත් ඉහල යනව. ඒ ගාන නැතුව EP ගන්න බෑ. S Pass එකක් තමා ගන්න වෙන්නෙ. හැබැයි නිදහස පිලිගෑනීම වැඩි මේකක් ගන්න පුලුවන් නම්. මම 1987 ඉපදුනේ. මට ගිය අවුරුද්දෙ EP එකක් ගන්න 4800 ඕන. ඒ වගේ ගනන් වෙනව.
    මේ සයිට් එකට ගිහින් එක එක ගනන් දාල බලන්න උඹලගෙ වයස සහ පලපුරුද්ද අනුව අවම ගාන දැනගන්න.
    https://services.mom.gov.sg/sat/satservlet
    ඕකෙ රිසල්ට් එකට EP සහ S PAss දෙකම එනව නම් තව අඩු කරල දාල බලන්න. ඔහොම ගිහින් මාරු වෙන තැන හොයාගන්න. ඒක තම අඩුම ගාන EP එකක් ගන්න.

    උඹල ජොබ හොයනකොට අවශ්‍ය අවම පඩිය දානකොට ඕවා හොදට මීටර් කරන් හිටපල්ල. ඩිග්‍රි එකක් තියෙනව නම් EP එකම ගන්න බලපල්ල. අවශ්‍ය ගාන විදියට EP එකෙ අඩුම ගාන හරි ටිකක් වැඩියෙන් හරි කියන්න. සිරා ජොබක් නම් ඔය ගානට වඩා දෙනව. ඒත් පලවෙනි එක සුවර් නෑ. හම්බ වෙන එකට යමල්ල. ඊට පස්සෙ මාස 6ට වඩා ඉදල එතන වෙන එකකට පැනපල්ල හොද මදි නම්. පනින තරමට හොයන්න පුලුවන්. එහෙම කියල පැන පැන ඉන්න එපා වීස එක කෙල වෙනව. අඩුම එක තැනක මාස 6ක් ඉන්න. ඊට පස්සෙ පනිනව නම් පැනපල්ල.

    ඔෆර් එකක් සෙට් උනාම වීසා එකට කරන්න ඕන දෙවල්.

    ගොඩක් වෙලාවට ඔෆර් එක එනකොට මාසෙ ඉවර වෙන්න ලං වෙලා තියෙන්න පුලුවන්. ඒජන්ට් හරි කම්පැනි එකේ HR එකට හරි ඉවර වෙන දවස කියල තියන්න එදා වෙන්න කලින් දාන්න කියල. නැත්නම් උබට ආයෙ ලංකාවට ඇවිත් යන්න තමා වෙන්නෙ. කියල කරගන්න පුලුවන්. මාසෙ ඇතුලත ජොබක් සෙට් වෙන්නෙ නැත්නම් වීස එක දික් කරන්න ඇප්ලයි කරන්න පුලුවන්. හැමෝටම හම්බ වෙන්නෙ නෑ. අපි තාම දන්නෙ නෑ උන් මොන පදනමෙන්ද extension දෙන්නෙ කියල.

    කම්පැනියෙන් මුලින්ම උබව ගන්න ඇප්ලිකෙශන් එකක් දානව. MOM එකෙන් ඒක බලල ඇපෘව් කරනව උඹෙයි, දාපු කම්පැනියෙයි අවුලක් නැත්නම්. එහෙම කරල තෙනව තාවකාලික අවසර පත්‍රයක්. IPA කියල කියන්නෙ (In Principal Approval). ඕකෙන් රස්සාව කරන්න බෑ. හැබැයි ලංකාවෙදිම ඉන්ටවීව් කරගෙන ඕක අරන් සිංග එනව නම් එයාපෝට් එකෙදි වචනයක්වත් අහන්නෙ නෑ. රිටන් ටිකට් එකවත් බලන්නෙ නෑ. කෙලින්ම එන්න පුලුවන්.

    ආවම ඕන නම් මෙඩිකල් එක කරන්න ඕන. දැන් හැබැයි ඒක ඉල්ලනව අඩුයි. ඊට පස්සෙ MOM එකට ගිහින් ඇගිල්ල තියල එන්න දවසක් දෙනව. එදාට උබලගෙ ඔක්කොම සහතික ටික අරන් යන්න ඕන. ඒජන්සියෙන් හරි, කම්පැනියෙන් හරි බලල ඔක්කොම සෙට් කරල දෙනව. යන්න විතරයි තියෙන්නෙ. ගිහින් බඩු ටික දීල ඇගිල්ල තියල එන්න තියෙන්නෙ. උඹල ප්ලේන් එකේ එනකොට දෙනව පුරවන්න ෆෝම් එකක්. ඕකත් ඕන කරනව. නැති කරගන්නෙ නැතුව ඉදපල්ල ඒක. ඊට පස්සෙ උඹට මෙහෙ වැඩ කරනන් පුලුවන්. IPA එකෙන් වැඩ කරන්න බෑ. නීති විරෝදි. ඒ වුනත් කරන උන් නම් ඉන්නව. ඇගිල්ල තියල ඇවිත් සතියක් වගේ ඇතුලත පාස් එක එනව. ඊට පස්සෙ ඉතින් හරි.


    ජොබ් කන්ට්‍රැක්ට් සාකච්චා කරන එකේ සැලකිය යුතු දේවල්

    වෙලාව අරන් හරියට කියවපල්ල... වෙලාව අරන් හරියට කියවපල්ල... වෙලාව අරන් හරියට කියවපල්ල... කොච්චර කීවත් මදි. මුල ඉදන් අගටම කියවල බලල මිසක් සයින් කරන්න එපා. සමහර කම්පැනි වල උඹල කන්ට්‍රැක්ට් එකට ඉවර වෙන්න කලින් අයින් වෙනව නම් මාස දෙකකට කලින් කියල , මාස දෙකක පඩි දෙන්න ඕන. කාල වරෙන්කෝ එහෙම එකකට අවුරුදු දෙකකට වගේ කන්ට්‍රැක්ට් එක ගැහුවොත් කොහොමට හිටීද? හොදට බලපන් ඒවා. ඉන්සුවරන්ස් එක බලපල්ල. නිවාඩු කීයද කියල බලන්න. සමහර එජන්ටල කම්පැනි සතුටු කරන්න අඩුවෙන් නිවඩු දෙන්නෙ උඹලට. එහෙම ඒව මග අරින්න බලන්න. අඩුම ගානෙ ලෙඩ නිවඩු 14, සහ ඇනුවල් 12 වත් ගන්න බලන්න. මෙහෙ කැශුවල් ලීව් කියල එක්ක නෑ. වයිෆ්/ හස්බන්ඩ් එක්කගෙන එන්න ඉන්නව නම් ඒවට ස්පොන්සර් කරනවද බලන්න. නැත්නම් සොරි තම ඊට පස්සෙ. උබ වැඩ කරන තැනින් උබෙ වයිෆ්/ හස්බන්ඩ් ට ස්පොන්සර් කරන්න ඕන. නැත්නම් අමාරුයි ගේන්න. සමහර උන් උබේ වීස එක ගන්න ඕන හින්ද වැඩි පඩියක් දාල උබට අඩු පඩියක් ගෙවන්න කතා කරනව. ඒක නීති විරොදී. උබල අවුලක් නැත්නම් ගනිල්ල. MOM එකෙන් බලන්නෙ නම් නෑ ඕව. එත් බැලුවොත් උබටත් එක්ක තමා කෙල වෙන්නෙ.

    ටිකට් ගන්න එක සහ රටට එන විදිය.


    මුලින් IPA එක ඇවිත් නම් තියෙන්නෙ ලොකු අවුලක් නෑ. රිටන් ටිකට් එකක් ඕන නෑ එන්න. ඒත් එකක් අරන් ආපහු එන්න හිතගෙන ඉන්න දවසට. ලංකාව පැත්තෙන් පටන් ගන්න ටිකට් ගනන් අඩුයි. සිංග වලින් පටන් ගන්න රවුන්ඩ් ට්‍රිප් ගාන වැඩි. ටැක්ස් සීන් එකක්ලු. ටිකට් එකෙ දවස් වෙනස් කරගෙන ගියත් ලාබයි. මම නම් එහෙමයි කරන්නෙ. හැම සැරේම රිටන් එක දාගෙන එන්නෙ. ලංකාවෙ විදෙශ සේවා එකෙන් කචල් දායි සමහර විට. හැබැයි දැන් උන් දන්නව. මොකද IPA එකෙන් උබලට විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙන්න බෑ. මොකද ඒක ජොබ් වීස එකක් නෙමෙ තාම. දන්නෙ නැති උන හිටියොත් කෙල වෙන හින්ද ටිකක් කලින් එන්න. බය වෙන්න එපා කේස් දැම්මත් උන් අන්තිමට එවනව. IPA අරන් නම් එන්නෙ මෙහෙදි නම් කිසි අවුලක් නෑ. මතක ඇතුව අර එම්බාකේශන් කාඩ් එක අරන් එන්න. IPA තිබුනට automated counter වලින් එන්න බෑ. නෝමල් එකෙන් ම එන්න ඕන.
    නිකන් ජොබ් හොයන්න එනව නම් වැඩේ පොඩ්ඩක් ගේම ගහන්න ඕන. ටිකට් එක ගනිල්ල සතියකට. ලංකාවෙන් කියන්න ඕන ට්‍රිප් එකක් යනව කියල. මෙහෙදි එහෙමයි. ඉන්නෙ කොහෙද ඇහුවොත් හොටෙල් එකක නම් ඉන්නෙ ඒකෙ නමයි, යලුවෙක් ගෙ ගෙදර නම් ඉන්නෙ ඒ ඇඩ්‍රස් එකයි කියල එන්න ඕන. ඇතුලට ආවම ටිකට එකට එහාට දාගන්න. වීස දෙනව මාසෙකට. ඒ වුනාට මාසෙම ඉන්න ආවම එක එක කතා. ඊට වඩා ලෙසි ඔය විදියට එන එක. ඉස්සර නම් මාසෙම දාගෙන ආවට කේස් නෑ. දැන් ටිකක් කේස්. යන්නෙ කොහෙද ඇහුවොත් කියන්න තැන් ටිකක් බලාගෙන වරෙල්ල. එහෙම අහන එකක් නෑ. මගෙ වයිෆ් මුලින්ම ආවෙත් ඔහොම. මොනවත්ම ඇහුවෙ නෑ.

    එනකොට ඇති වෙන සල්ලි ගෙනෙල්ල. මාසයක් ඉන්න ඕන. ජොබක් සෙට් උනත් පඩි හම්බ වෙන්න තව මාසයක් යනව. මාස දෙක අදින්න ඕන. යාලුවෙක් ගෙ ගෙදර ඉන්නව නම් වියදම් අඩුයි. මම එනකොට 1.5 වගේ ගෙනාව. යාලුවෙක්ගෙ ගෙදර හිටියෙ. උන් කන්න එහෙම දුන්න. එහෙම වෙලත් 1ට ලං වෙන්න ගියා මට මතක විදියට. හොටෙල් එකක හිටියොත් නම් විකිනෙනව ඉතින්.

    මේක අදත් මාගල වගේ. ඉතුරු ටික ආයෙ දවසක් දාන්නම්. අදට ඇති. නීතිමය විස්තර මම සිංග ගවමන්ට් සයිට් එකෙන් ගොඩක් ගත්තෙ. කොපි කරා තමා. කෑ ගහගෙන එන්න එපා කොපි කරල දැම්ම කියල ඕන ගොනෙකුට කොපි කරන්න පුලුවන් කියල. එකෙක්වත් කරේ නැති හිංද තමා කරේ. අනිත් ඒවා අපේ අත්දැකීම. මේ කියපුව මම බොහොම කෙටියෙන් කිවෙ. තෙරුනෙ නැති ඒව අහන්න. මම කියන්නම් දන්න විදියට.

    ඊලග එකෙන්

    • රටෙ එහෙ මෙහෙ යන විදිය සහ ඕන කරන ඇප් එහෙම
    • ජීවන වියදම සහ ගොඩ දාගන්න විදි
    • නිවඩු, නීති වගෙ දේවල්
    • ඒජන්සි සහ ඩිරෙක්ට් කන්ට්‍රැක්ට් අතර වෙනස්කම්

    කියන ඒව ගැන කියන්නම්.

     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    එළකිරි බොස්!!
    ඉතුරු ටිකත් නිවාඩු පාඩුවේ දාපන් මචන්:D
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    thanks machan :)
    +
    ජීවන වියදම සහ ගොඩ දාගන්න විදි waiting...... :yes:

    එළකිරි බොස්!!
    ඉතුරු ටිකත් නිවාඩු පාඩුවේ දාපන් මචන්:D


    දිග වැඩි උනාම එපා වෙනව ලියන්නයි කියවන්නයි දෙකම. මේ සතියෙ ලියල දාන්නම් මචෝ
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    දිග වැඩි උනාම එපා වෙනව ලියන්නයි කියවන්නයි දෙකම. මේ සතියෙ ලියල දාන්නම් මචෝ

    එලකිරි
    අදට බුම්ප් එකක්
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    එල අයියා. මම කලින් පොස්ට් එකත් බැලුවා එලකිරි.. මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ ඩිග් එක මම NSBM එකේ කරන්නෙ. ඩිග් එක ඔපෙර් කරන්නේ අයර්ලන්ඩ් ඩබ්ලින් එකේන්.Awarding Body / Institution / University එක විදියට දාන්නේ NSBM කියලද? University collage of dublin කියලද?... මට මේ ගැන පොඩ්ඩක් කියන්නකො. කලින් රෙප් දීලලු දැන් දෙන්න බැහැ...:no::no::no:.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    හිතුවක්කාරයා;19581195 said:
    එල අයියා. මම කලින් පොස්ට් එකත් බැලුවා එලකිරි.. මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ ඩිග් එක මම NSBM එකේ කරන්නෙ. ඩිග් එක ඔපෙර් කරන්නේ අයර්ලන්ඩ් ඩබ්ලින් එකේන්.Awarding Body / Institution / University එක විදියට දාන්නේ NSBM කියලද? University collage of dublin කියලද?... මට මේ ගැන පොඩ්ඩක් කියන්නකො. කලින් රෙප් දීලලු දැන් දෙන්න බැහැ...:no::no::no:.

    මචන් ඒ ගැන නම් අයිඩියා එකක් නෑ. දන්න එකෙක් හෙල්ප් එකක් කරයි.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    UI Development walata job kohomada? 2 year experience athi neda?

    කලින් ත්‍රෙඩ් එකේ බගී කියල තිබුන ජොබ් තියෙනව කියල. අවුරුදු දෙක ඇති මදි ගාන. ගොඩ දාගන්න පුලුවන්. ට්‍රෙනින් එහෙම තියෙනව නම් ඔක්කොම දාල 3ක් හදමු..
     

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    කලින් ත්‍රෙඩ් එකේ බගී කියල තිබුන ජොබ් තියෙනව කියල. අවුරුදු දෙක ඇති මදි ගාන. ගොඩ දාගන්න පුලුවන්. ට්‍රෙනින් එහෙම තියෙනව නම් ඔක්කොම දාල 3ක් හදමු..
    thanks bro:D