වැටෙනවා වැටෙනවා ඉවරයක් නැතුවම...පැය 24 ක් එක දිගටම...
ඇහැට පෙන්නේ නැති තරමට ආකහෙන් වැටුනට මොකද, බලන්න එපැයි තරම...
අඩි දෙකක් කිට්ටු වෙන්නම ගොඩ ගැහිලා...
එක එක තාලෙට, එක එක රටා වලට...
වෙලාවකට වැස්සක් වගේ...තවත් වෙලාවකට කුණාටුවක් වගේ...
මගේ අතරමං උණු පුංචි කුරුල්ලෝ...උන්ගේ තටු වලටත් වැටිලා...
ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු තිරිසන් අපාය...ජලය මිදෙන ශීතලට වඩා අඩු උෂ්ණත්වයක..වූල් පොරවන නැතුව...උණුසුම් පෝරණු නැතුව...කුස ගින්න නිවාගන්න මගක් හොයනවා...
එක කුරුල්ලෙක් ඊයේ දාපු ගල් ගැහුණු පාන් කෑල්ල අමාරුවෙන් මතු කරගත්තා...අරගෙන ඈතට දුවගෙන ගියා..
අනිත් උන් මිදුණ බත් ඇට අහුලනවා...තද හුළඟ එනකොට සීරුවෙන් ඉන්න මහා අරගලයක යෙදෙනවා...මිදුණු බත් ඇටයටකට පුංචි හොටෙන් අනිනවා...අලුත් බත් කොයි තරම් දැම්මත් ඒවා ටික වෙලාවකින් මිදෙනවා..උන්ට උණු බත් දෙන්න ගත්තු මගේ උත්සාහය බොහොම නිෂ්පලයි...
කවුළුව ලඟට ගිහින් පහත බලාගෙන හිටපු වාර ගණන නම් දැන් මතක නැති තරම්...නිවාස සංකීර්ණයේ එළිමහන් වාහන නැවතුම් පොළ හිමෙන් වැහිලා...
එහි සේවකයින් නොනවත්වා මාර්ගය හෙළි පෙහෙළි කිරීමේ කාර්යය කරනවා..ඊයේ හවස් වරුවේ ඉඳන්ම...එය ඒ මිනිසුන්ගේ ජීවිකාව....ශීතල ආහාරය කර ගැනීමෙන් දරු පවුලක කුස ගින්න නිවීම...
රටේ නීතියට අනුව නිවාසයක හෝ සංකීර්ණයක හිමි කරුවන්, තමාට අයිති ඉඩමෙහි පදික වේදිකාව සහ අනිකුත් මාර්ගයන්හි හිම ඉවත් කල යුතුයි...
එසේ නොකළ යමෙකුට සිදු වන අනතුර නීති මාර්ගයෙන් ක්‍රියා කල හැකි වරදක්...
දැනට මරණ 8ක් වාර්තා වෙලා කියල තැනක දුටුවා...
මට නැවත කි වතාවක් කවුළුව ලඟට යයිද මන්දා...
අසාවෙන් බලාගෙන ඉන්න, සුරංගනා කතා වල තියන, බොහෝ සුන්දර යැයි අපි අනුමාන කරන දේ, හැබෑ ජීවිතයෙහි අතිශය කටුකයි...මේ හිම මෙන්ම...
පුංචියට හැඩට ඉඳගෙන කරන හදියක මහත...හිම....
බොහොම කම්මැලි කමින් මගේ phone එකෙන් ගත්තු පින්තූරයක්...