හිම සහ මම...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වැටෙනවා වැටෙනවා ඉවරයක් නැතුවම...පැය 24 ක් එක දිගටම...
    ඇහැට පෙන්නේ නැති තරමට ආකහෙන් වැටුනට මොකද, බලන්න එපැයි තරම...
    අඩි දෙකක් කිට්ටු වෙන්නම ගොඩ ගැහිලා...
    එක එක තාලෙට, එක එක රටා වලට...
    වෙලාවකට වැස්සක් වගේ...තවත් වෙලාවකට කුණාටුවක් වගේ...

    මගේ අතරමං උණු පුංචි කුරුල්ලෝ...උන්ගේ තටු වලටත් වැටිලා...
    ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු තිරිසන් අපාය...ජලය මිදෙන ශීතලට වඩා අඩු උෂ්ණත්වයක..වූල් පොරවන නැතුව...උණුසුම් පෝරණු නැතුව...කුස ගින්න නිවාගන්න මගක් හොයනවා...
    එක කුරුල්ලෙක් ඊයේ දාපු ගල් ගැහුණු පාන් කෑල්ල අමාරුවෙන් මතු කරගත්තා...අරගෙන ඈතට දුවගෙන ගියා..
    අනිත් උන් මිදුණ බත් ඇට අහුලනවා...තද හුළඟ එනකොට සීරුවෙන් ඉන්න මහා අරගලයක යෙදෙනවා...මිදුණු බත් ඇටයටකට පුංචි හොටෙන් අනිනවා...අලුත් බත් කොයි තරම් දැම්මත් ඒවා ටික වෙලාවකින් මිදෙනවා..උන්ට උණු බත් දෙන්න ගත්තු මගේ උත්සාහය බොහොම නිෂ්පලයි...

    කවුළුව ලඟට ගිහින් පහත බලාගෙන හිටපු වාර ගණන නම් දැන් මතක නැති තරම්...නිවාස සංකීර්ණයේ එළිමහන් වාහන නැවතුම් පොළ හිමෙන් වැහිලා...
    එහි සේවකයින් නොනවත්වා මාර්ගය හෙළි පෙහෙළි කිරීමේ කාර්යය කරනවා..ඊයේ හවස් වරුවේ ඉඳන්ම...එය ඒ මිනිසුන්ගේ ජීවිකාව....ශීතල ආහාරය කර ගැනීමෙන් දරු පවුලක කුස ගින්න නිවීම...
    රටේ නීතියට අනුව නිවාසයක හෝ සංකීර්ණයක හිමි කරුවන්, තමාට අයිති ඉඩමෙහි පදික වේදිකාව සහ අනිකුත් මාර්ගයන්හි හිම ඉවත් කල යුතුයි...
    එසේ නොකළ යමෙකුට සිදු වන අනතුර නීති මාර්ගයෙන් ක්‍රියා කල හැකි වරදක්...

    දැනට මරණ 8ක් වාර්තා වෙලා කියල තැනක දුටුවා...

    මට නැවත කි වතාවක් කවුළුව ලඟට යයිද මන්දා...
    අසාවෙන් බලාගෙන ඉන්න, සුරංගනා කතා වල තියන, බොහෝ සුන්දර යැයි අපි අනුමාන කරන දේ, හැබෑ ජීවිතයෙහි අතිශය කටුකයි...මේ හිම මෙන්ම...

    පුංචියට හැඩට ඉඳගෙන කරන හදියක මහත...හිම....

    බොහොම කම්මැලි කමින් මගේ phone එකෙන් ගත්තු පින්තූරයක්...
    2ex11mc.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් දවසම නිදි අක්කේ ඔව් නෙහ් මම දැක්කා නිවුස් වලට වහන ඇක්සිඩට් වෙලා නේ :(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම නම් දවසම නිදි අක්කේ ඔව් නෙහ් මම දැක්කා නිවුස් වලට වහන ඇක්සිඩට් වෙලා නේ :(

    ඔව්...එහෙම තමයි කියන්නේ...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සොහොන;19609919 said:
    හිම නැ එත් - ගනම් යන්නෙ -7 = -1 :( ඉක්මනට අප්‍රේල් එන්න කියලා පතනවා

    මෙහෙට මැයි වගේ වෙනවා, සාමාන්‍ය වෙන්න...(-) තියනකොට ඉතින් ජිවිතේ එපා වෙනවා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙට මැයි වගේ වෙනවා, සාමාන්‍ය වෙන්න...(-) තියනකොට ඉතින් ජිවිතේ එපා වෙනවා..

    මගෙ යාලුවෙක් ඉන්නවා dc වල ආලින්ටන් පැත්තෙ කතා කරලා බලන්න ඔනෙ කොහොමද කියලා මම නම් ඉතාලියෙ ඉන්නෙ :D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සොහොන;19609925 said:
    මගෙ යාලුවෙක් ඉන්නවා dc වල ආලින්ටන් පැත්තෙ කතා කරලා බලන්න ඔනෙ කොහොමද කියලා මම නම් ඉතාලියෙ ඉන්නෙ :D

    ආලින්ටන් කියන්නේ Virginia වල...DC වලට කිට්ටුයි...එහෙටත් මම හිතන්නේ ගොඩක් snow කරලා...කොහේ කොතන හිටියත් මල්ලි ජීවිතේට එන දුෂ්කරතා එක වගේ තමයි...යුරෝපා රටවල් සහ අනිකුත් දියුණු රටවල ඉන්න අය සැපසේ දුක් විඳිනවා...:D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ආලින්ටන් කියන්නේ Virginia වල...DC වලට කිට්ටුයි...එහෙටත් මම හිතන්නේ ගොඩක් snow කරලා...කොහේ කොතන හිටියත් මල්ලි ජීවිතේට එන දුෂ්කරතා එක වගේ තමයි...යුරෝපා රටවල් සහ අනිකුත් දියුණු රටවල ඉන්න අය සැපසේ දුක් විඳිනවා...:D

    එක ඇත්ත අකෙක මත් ඇමරිකාව ගැන හිතන් හිටියේ අම්මට සිරි ෆිල්ම් වල පෙන්නන විදියට පට්ට කියලා , එත් මොන දුකක් ද අක්කේ විදින්නේ සීතලට මිනිස්සු ඇදුම් කබා ඇදලා , ගෙදර හීටර් එක 70 වට එහා වැඩි කරනන් බැහැ, හොද නැහැ, එ මදිවට උණු වතුර නලා කොණ්ඩෙත් යනවා, වෙලාවටක්ට සීතල නිසාම කම්මැලි, එත් ඔන දෙවල් කරන්නම වෙනවා, මෙක මහ අපායක් වෙලාවටකට,
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    DEC_2343.jpg

    menna akke mehe oya inna thana kiyada 21 inch lu dan , oya eliyata giye nadda ? ada raa weddi adu wela yayi lu ane manda :sorry:

    කොයි තරම්ද කියල දන්නේ නැහැ මල්ලි..18 inch වගේ ඇති...අය්ය ගෙදර නැහැ, අතවශ්‍ය වැඩකට south වලට ගියා..ඒ හන්ද මම apartment එකෙන් එළියට ගියේ නැහැ...රෑ වෙද්දී අඩු වෙයි කියල කියනවා...අපේ Apt එකේ service හොඳයි, continuesly clean කරනවා..එත් එළිය නම් එපා වෙන්නම ඇති...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එක ඇත්ත අකෙක මත් ඇමරිකාව ගැන හිතන් හිටියේ අම්මට සිරි ෆිල්ම් වල පෙන්නන විදියට පට්ට කියලා , එත් මොන දුකක් ද අක්කේ විදින්නේ සීතලට මිනිස්සු ඇදුම් කබා ඇදලා , ගෙදර හීටර් එක 70 වට එහා වැඩි කරනන් බැහැ, හොද නැහැ, එ මදිවට උණු වතුර නලා කොණ්ඩෙත් යනවා, වෙලාවටක්ට සීතල නිසාම කම්මැලි, එත් ඔන දෙවල් කරන්නම වෙනවා, මෙක මහ අපායක් වෙලාවටකට,

    ඔයාල humidifier එකක් පාවිච්චි කරනවද? නැත්නම් පාවිච්චි කරන්න...එතකොට heater එක නිතර on කරන්න ඕනේ වෙන්නේ නැහැ...ඔව්..මේවයේ තියන එකම දේ මූලික පහසුකම් අපේ රටවලට වඩා ඉහලින් තියන එක සහ උගත්කමට තියන රැකියා අවස්ථා වැඩි කම..ලංකාවේ ව්‍යාපාරිකයෙක් වගේ ස්ථායි වෙලා ඉන්න කෙනෙක්ට නම් මේ වගේ රටවලට එන එක හරිම මෝඩ කමක්..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔයාල humidifier එකක් පාවිච්චි කරනවද? නැත්නම් පාවිච්චි කරන්න...එතකොට heater එක නිතර on කරන්න ඕනේ වෙන්නේ නැහැ...ඔව්..මේවයේ තියන එකම දේ මූලික පහසුකම් අපේ රටවලට වඩා ඉහලින් තියන එක සහ උගත්කමට තියන රැකියා අවස්ථා වැඩි කම..ලංකාවේ ව්‍යාපාරිකයෙක් වගේ ස්ථායි වෙලා ඉන්න කෙනෙක්ට නම් මේ වගේ රටවලට එන එක හරිම මෝඩ කමක්..

    නැහැ අක්කේ අපි ගෙවල් මරු කරා ඉතින් ගොඩක් බඩු දලා අවා ගිය අවුරුද්දේ , ඔව් අක්කේ මම නම් ලංකාවට යනන් ඉන්නේ මේ ඔක්කොම ඉවර වුනහම
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොයි තරම්ද කියල දන්නේ නැහැ මල්ලි..18 inch වගේ ඇති...අය්ය ගෙදර නැහැ, අතවශ්‍ය වැඩකට south වලට ගියා..ඒ හන්ද මම apartment එකෙන් එළියට ගියේ නැහැ...රෑ වෙද්දී අඩු වෙයි කියල කියනවා...අපේ Apt එකේ service හොඳයි, continuesly clean කරනවා..එත් එළිය නම් එපා වෙන්නම ඇති...

    ඔව් අක්කේ එහෙනම් හොදයි එලියට බහින්න එපා , අක්කේ මම නිකමට අහනෙන කුරුල්ලෝ නම් වෙන පලාතකට යයි ලෙන්නුන්ට මොකද වෙනෙන මැරෙනවා ඇති නේ :sorry:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නැහැ අක්කේ අපි ගෙවල් මරු කරා ඉතින් ගොඩක් බඩු දලා අවා ගිය අවුරුද්දේ , ඔව් අක්කේ මම නම් ලංකාවට යනන් ඉන්නේ මේ ඔක්කොම ඉවර වුනහම

    Humidifier ගොඩක් පොඩි ඒවා තියනවා..බලල ගන්න නංගිටත් පහසුවක් වේවි...ඒකෙන් humidity වැඩි කරනවා...එතකොට වියලි ගතිය නැති වෙනවා...කොහේ ගියත් මල්ලියේ මේ ජිවිතේ නම් දුකක් තමයි...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    Humidifier ගොඩක් පොඩි ඒවා තියනවා..බලල ගන්න නංගිටත් පහසුවක් වේවි...ඒකෙන් humidity වැඩි කරනවා...එතකොට වියලි ගතිය නැති වෙනවා...කොහේ ගියත් මල්ලියේ මේ ජිවිතේ නම් දුකක් තමයි...

    ඔව් අක්කේ බඩු ලොට් එකක් ම ගන්න ඉන්නේ ඉස්සරහට දන්නවනේ ඉතින් හෙක්, මම නම් ගොඩක් ඔෆ් කරලත් ෆුල් කිට් ඇදන් ඉන්නවා නංගිටත් දැන් සිතල පුරුදුයි , එත් මට නම් හෙන අවුල්, එක අතනින් මේ ජිව්තේ ධාරා ගැනිම ඉවසිම හොදට පුරුදු වෙලා ප්‍රගුණ වෙලා ඉන්නේ :sorry:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔව් අක්කේ එහෙනම් හොදයි එලියට බහින්න එපා , අක්කේ මම නිකමට අහනෙන කුරුල්ලෝ නම් වෙන පලාතකට යයි ලෙන්නුන්ට මොකද වෙනෙන මැරෙනවා ඇති නේ :sorry:

    උන් කොහෙවත් යන්නේ නැහැ මල්ලි...අය්ය කියන්නේ ගොඩක් කුරුල්ලෝ (ලෙන්නුත් එහෙම වෙන්න ඇති) වාහන අස්සට යනවා කියල...උන්ට ඒවා ඇතුලේ ඉන්න පුළුවන්ලු..හැබැයි ඉතින් උන්ටත් දරා ගන්න පුළුවන් මට්ටමක් ඇති...ඉන් පස්සේ ඉතින් අසරණයෝ මරෙනවත් ඇති...සංසාරේ තියන භයානකකම තමයි ඉතින්..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උන් කොහෙවත් යන්නේ නැහැ මල්ලි...අය්ය කියන්නේ ගොඩක් කුරුල්ලෝ (ලෙන්නුත් එහෙම වෙන්න ඇති) වාහන අස්සට යනවා කියල...උන්ට ඒවා ඇතුලේ ඉන්න පුළුවන්ලු..හැබැයි ඉතින් උන්ටත් දරා ගන්න පුළුවන් මට්ටමක් ඇති...ඉන් පස්සේ ඉතින් අසරණයෝ මරෙනවත් ඇති...සංසාරේ තියන භයානකකම තමයි ඉතින්..

    එක අත්ත අක්කේ මම කුරුල්ලෝ නම් දකින්නේ නැහැ ලෙන්නු නම් අපේ ගාරජ් එක වගේ පොඩි කැල්ලක් ඉස්සර තියේනවා එක උඩ ඉනන්වා, එත් උන් මැරුනත් එහෙම මැරිච්ච උන් නම් පෙන්න නැහැ, මම හිතන විදියට මේ ලොකේ අපායත් ද්වියලොකයත් මේ මිහිපිටමයි තියෙන්නේ, පරිසරයත් වගේම අපි හිතන විදිය ත් එ දෙය තිරණය වෙනවා , :cool:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එක අත්ත අක්කේ මම කුරුල්ලෝ නම් දකින්නේ නැහැ ලෙන්නු නම් අපේ ගාරජ් එක වගේ පොඩි කැල්ලක් ඉස්සර තියේනවා එක උඩ ඉනන්වා, එත් උන් මැරුනත් එහෙම මැරිච්ච උන් නම් පෙන්න නැහැ, මම හිතන විදියට මේ ලොකේ අපායත් ද්වියලොකයත් මේ මිහිපිටමයි තියෙන්නේ, පරිසරයත් වගේම අපි හිතන විදිය ත් එ දෙය තිරණය වෙනවා , :cool:

    ඒක ඇත්ත...
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    යකෝ අපි මෙහෙ රස්නේ මැරෙනවා
    තොපිට හිම වැටෙනවා
    මහ බලු හිම ඕයි
    :lol:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    යකෝ අපි මෙහෙ රස්නේ මැරෙනවා
    තොපිට හිම වැටෙනවා
    මහ බලු හිම ඕයි
    :lol:

    ඔහේ රස්නේ මැරෙනවා..මෙහෙ හීතලේ මිදෙනවා...ඔය දෙකම කටුකයි මලේ