මම නම් හිතන්නේ 40000/= විතර වියදම් කරලා, skype, FB, twitter, WhatsApp, Viber ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් හොයනවා නං ගන්න තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකක් තමයි.
මම මුලින්ම හුවාවී එකක් ගත්තා ඇන්ඩ්‍රොයිඩ්, 32/= ඒක අවුරුද්දයි, lag වෙනවා, සැම්සුන් s duos, 33000/-, අවුරුදු එකහමාරක් විතර, core lte, 43000/= එකත් අවුරුද්දයි මාස 8 ක් විතර...... අඩුම ගානේ ෆෝන් එකේ බේසික් ෆන්ෂන් එක වෙන ඩයල් පෑඩ් එක ගන්නත් අමාරුයි සමහර වෙලාවට.
පස්සේ ඔක්කොම පැත්තකින් තියල ලුමියා 640 4G එකක් ගත්ත.... නියම පර්ෆෝමන්ස්. skype, FB, twitter, WhatsApp, Viber, සියල්ලම කන්ෆිගර් කරලා කිසිම lag එකක් නැතුව වැඩ. කලින් ෆෝන් එකකවත් ඔය ඔක්කොම දාල වැඩ කරන්න බෑ.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 රිලීස් කරාට පස්සේ ඇප්ස් ගැන තව හිතාවි. කොහොමත් ලුමියා එකක් ගන්නේ ඒක ගැන දන්නා කෙනෙක් බව මගේ විශ්වාසය සහ ඒ ගන්න තැනැත්තා තමන්ගේ වැඩේ කෙරෙනවාද යන්න ගැන සැලකිලිමත් වෙනවා මිසක් අලංකාරය ගැන වැඩිය නොසිතන බවයි මගේ හැඟීම.....