අමරදේවයන්ගෙ ලස්සන සින්දුවක්

AnuradhaRa

Well-known member
  • අමරදේවයන්ගෙ ලස්සන සින්දුවක්

    මේ සින්දුව මටත් මීටර් වුණේ මේ ළඟකදි, කලින් අහල තිබුණෙ නෑ. උඹලත් අහල, හොඳද කියල කමෙන්ට් එකක් දාන්ඩ. ;)

    http://www.topsinhalamp3.com/songs/...gs/oba-ma-samaga-(me-maha-kanda)-mp3-song.php

    (ඔන්න මම ලින්ක් එක හරිගැස්සුව..)

    ඔබ මා සමඟ - අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද - බැලුවා හිඳ ගම් සිරස
    ඔබ මා අතැර - වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා - හොරැහින් මදෙස

    වෑ දිය නිල්ල - සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි

    නොකියූ රහස හද උතුරා - වාං දමයි
    මතකය සුවඳ - තවමත් මා සිතට දැනෙයි​
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    We are sorry, You are not authorized to view this page. You do not have permission to view this directory or page due to the access control list (ACL) that is configured for this resource on the Web server. Please use the following links to navigate through Top Sinhala Mp3.
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    We are sorry, You are not authorized to view this page. You do not have permission to view this directory or page due to the access control list (ACL) that is configured for this resource on the Web server. Please use the following links to navigate through Top Sinhala Mp3.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83

  • We are sorry, You are not authorized to view this page. You do not have permission to view this directory or page due to the access control list (ACL) that is configured for this resource on the Web server. Please use the following links to navigate through Top Sinhala Mp3.

    sorry වෙන්ඩ ඕන.. මෙන්න ලින්ක් එක හරියට දැම්ම

    http://www.topsinhalamp3.com/songs/...gs/oba-ma-samaga-(me-maha-kanda)-mp3-song.php
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කැත හිතක් බං උඹට තියෙන්නෙ..

    Capture.JPG
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අඩේ බන් මට මේ සින්දුව ඇහුවට පස්සේ දුකක් පාලුවක් වගේ ඇතිවුනා
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ බන් මට මේ සින්දුව ඇහුවට පස්සේ දුකක් පාලුවක් වගේ ඇතිවුනා

    අමුතු ගතියක් තියෙනව නේ.. පටන් ගන්නකොටම තියෙන වයලින් පාට් එකට හෙන ආස හිතෙනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ මේ නොකිය කියන්නෙ අමරදේවගෙ අනික් සින්දු කැතයි කියල කපපල්ල මුගෙ රෙප් :baffled: :baffled:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    We are sorry, You are not authorized to view this page. You do not have permission to view this directory or page due to the access control list (ACL) that is configured for this resource on the Web server. Please use the following links to navigate through Top Sinhala Mp3.
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    මේ මහ කන්ද.. මාරයි. එකේ ලොකු කතන්දරයක් තීනව. අමරදේවයන්ගෙ ආස සින්දුවක්..

    Source: http://www.sarasaviya.lk

    අලගල්ලේ කන්ද. සරෝජා විසූ ගම් පියසට නෑගම් පිවිසෙන මගේ නෙත ගැටුණේ අපූරු දසුනකි. මම ඒ සොඳුරු කඳු සිරස දෙස බලාගෙන උන්නෙමි. වනපෙත සිසාරා ඈතට විහිද යන තුරුලතා ගොමු සීමාව අභිබවා නැඟි අලගල්ලේ කන්දෙහි දර්ශනය, රඹුක්කන නගරයට රැගෙන පැමිණෙන්නේ අපුූරු සුන්දරත්වයක් යැයි නොයෙක් වර මට සිතිණි. ප්‍රිය බිරිඳ හා රඹුක්කන ග්‍රාමයට පිවිසෙන නොයෙක් වර මේ සිතුවිල්ලෙහි මම නිරන්තරයෙන්ම එල්බ සිටියෙමි. ඒ සෑම වරෙකම අලගල්ලේ කන්දෙහි සුන්දරත්වයෙහි ද ප්‍රතාපවත් බවෙහිද අඩුවක් මම කිසිදු දිනෙක නුදුටීමි.
    හදවතෙහි ඉපදුනු මේ සොඳුරු සිතුවිල්ල කාලයක් හදවතෙහිම සැඟ වී තිබිණි. වරෙක හදිසියේම මට රජරට සේවයෙහි වැඩසටහනකට යාමට සිදු වූවේ මේ අතරය. අමරදේවයන් ඇතුළු ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, නිව්ටන් ගුණසේකරත් ඇතුළු කලා සහෘදයෝ පිරිසක් එහි විය. මා ඇමතූ එකල රජරට සේවයෙහි ප්‍රධානියාව සිිටි සුධර්මන් අපූරු යෝජනාවක් කළේ එක්වරමය.

    Sunil-sarath-20140102.jpg
    ‘සුනිල් ගීයක් ලියමු. අමරදේව මාස්ටරුත් ඉන්නේ. එතුමා ගයාවි.’
    කාලයක පටන් හදවත පතුලෙහි සැඟව ගත් ඒ සොඳුරු සිතුවිල්ලට පණ ලැබුණි. නුවර කලාවිය වැව්බැඳි රාජ්‍යයේ සොඳුරු බව මා හදවත සසල කළෙහිය.

    ඔබ මා සමඟ - අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද - බැලුවා හිඳ ගම් සිරස
    ඔබ මා අතැර - වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා - හොරැහින් මදෙස

    වෑ දිය නිල්ල - සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි

    නොකියූ රහස හද උතුරා - වාං දමයි
    මතකය සුවඳ - තවමත් මා හදට දැනෙයි

    පද - සුනිල් සරත් පෙරේරා
    ගායනය සහ සංගීතය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන්

    මගේ අනෙක් ගීීපදවලට මෙන් මේ ගේය පදවලට ද පොදු වූ කාලය, අනිත්‍යභාවය මේ ගීතයේ ද ගැබ් විය. මේ ජීවන ගමනේදී අපට ඉන් ඈත් විය නොහැකි වූවා සේ මගේ ගේය පදවලද එකී තේමාවලින් මට ඈත් විය නොහැකි විය. මම අලගල්ලේ කන්දට පණ දුනිමි. වැව් බැඳි රාජ්‍යයට, නුවර කලාවියට පණ දුනිමි. සිය සිතැඟි බැඳී ප්‍රේමය වෙනස් වී ගලා ගිය ද කලකට පෙර දුටු කන්ද එලෙසම වන අයුරු විස්තර කළෙමි. සොබා දහමේ සොඳුරු බව විචිත්‍රවත් ලෙස පද ගැලපීමි. ඒ ගැලපීම මත දාර්ශනික කවිතාව මතු කර ගැන්මට මම වෙහෙසුණෙමි.
    ‘නොකියූ රහස හද උතුරා - වාං දමයි’
    කියා ගැන්මට නොහැකිව හදවත තෙරපූ සොඳුරු ආදර සිතුවිලි වාං දමන්නට පටන් ගත්තෙහිය. ඒ වැව වාං දමන්නා සේ සිතුවිලි ද උතුරා ගලා යන්නේ නොවේදැයි මම සිත සමඟින් තර්ක විතරක කළෙමි.
    ‘පාළුව ලුහුබඳින කිරලා - හඬා වැටෙයි’

    amaradewa-20140102.jpg

    වැව් බැදි රාජ්ජයේ ඇසෙන කිරලාගේ නාදයට ඒ වැසියන් අකැමැති වුව ද ඒ ස්වරයෙහි වූ සංගීතයක් ඇතැයි මම සිතමි. ස්වභාව ධර්මය සංගීතයට ඇඳා ගැනීමට මම උත්සුක වීමි. එය අපූර්ව ගීතයක් විය. ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මියුරු සංගීතය හා ස්වරය මා හදවත සසල කළේය. ඒ් නිසාම මම මේ ගීතයට බෙහෙවින් ප්‍රිය වීමි. අමරදේවයන්ගේ ශෝකී බව ගැබ් වූ ස්වරය මගේ හදවත පමණක් නොව අප මහා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ හදවත ද සසල කර වූ පුවතක් මගේ හදවතෙහි තවමත් නින්නාද වෙයි. මේ පුවත මා සවනට කොඳුලේ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය හා ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රමය. ගීීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා ඒ අපූරු ළයාන්විතයා ද මා හදවත සක්මන් කරන බව අරුමයක් නොවේ.
    එක් දිනෙක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජාඇල නිවසෙහි එක් රැස් වූ අමරදේවයන්, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සිය සුහද හමුව අර්ථවත් කිරීමට මීවිතක මිහිරට ගී මිහිරක් ද එක් කළේ මෙතෙක් තිබූ අඩුව පුරවමිනි. අමරදේවයන්ගේ මියුරු ස්වර ගී මීවිත ද පැරැද විය. සංවේදී හදවත්හි සංවේදී හද කවුළු විවර කරමින් මේ ගීතය ගලා ගියේ සිනමා සක්විතිගේ නෙතඟ කඳුලින් තෙත් කරමිනි. සිනමාවේ මේ මහා පතාක යෝධයා සිය සහෘද රවීන්ද්‍රගේ උර තලයෙහි හිස හොවා ඉකි බිඳීමින් හැඬුවේ එහි සිටි සියල්ලන්ම සෝ සයුරෙහි ගිල්වමිනි.....
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ මහ කන්ද.. මාරයි. එකේ ලොකු කතන්දරයක් තීනව. අමරදේවයන්ගෙ ආස සින්දුවක්..

    නියමයි
    රෙප් 10+ :)
     
    AnuradhaRa

    Well-known member
  • We are sorry, You are not authorized to view this page. You do not have permission to view this directory or page due to the access control list (ACL) that is configured for this resource on the Web server. Please use the following links to navigate through Top Sinhala Mp3.

    ලින්ක් එක වැඩ යකෝ...
    මොනව කීනවද මංද :angry: