‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘

    ‘‘මම දෘෂ්‍යාබාධිතයෙක්. දෘෂ්‍යාබාධිතයෙකු කියන්නේ ඇස් දෙකක් නැති කෙනෙකුටයි. නමුත් මම කියන්න කැමතියි මට ඇස් දෙකක් තිබෙනවා. ඒ තමයි මගේ පෙම්වතිය. ඇගේ නම ඩිලානි බුද්ධිකා. ඇය මට හමුවන්නේ විශ්ව විද්‍යාලයට ගිය අලුත. අපේ වසරේමයි. අපි එකට ඉගෙන ගත්තේ. මා වගේ නොවෙයි ;ඇයට ඇස්පෙනීම තිබෙනවා. මගේ ඇස් පෙනෙන්නේ නෑ කියා ඇගෙන්වත් ඇගේ පවුලේ අයගෙන්වත් කිසිම බාධාවක් වුණේ නෑ.

    IMG_6972.jpg


    IMG_6975.jpg


    11825965_1474931976153612_3893018466784892925_n.jpg




    මට පොතක් කියවන්න උවමනා වූ විට ඇය තමයි මගේ පුස්තකාලය වුණේ. ඕන පොතක් මට පටිගත කර දෙන්නේ ඇයයි. කොහේ යන්න අවශ්‍ය වුවහොත් මට ආලෝකය වූයේ ඇයයි. ඇයට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ගැනීමට තිබූ අවස්ථාව කැප කරමින් මට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ගැනීමට උදව් කළා.‘‘ යැයි දෙබරවැව ජනාධිපති විද්‍යාලයයේ ගුරුවරයකු ලෙස කටයුතු කරන සංඛ හසින්ත (29) මහතා කීවේය.

    දෘෂ්‍යාබාධිතයකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනවේදී උපාධි ධරයෙකි.

    ඇස් නොපෙනුන ද උත්සාහයෙන් ඉගෙනීම් කටයුතු කළ ඔහු ඉංග්‍රී මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කර ගෞරව උපාධිය හිමි කර ගන්නේ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ද සමගිනි.

    ලියනආරච්චිගේ දොන් සංඛ හසන්තගේ පියා බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කළේය. මව රැකියාවක් නොකළ අතර දරුවන්ගේ වැඩ කටයුතු කළාය. සංඛට සහෝදරයෙකු ද සිටියි.

    බදුල්ල උව මහා විද්‍යාලයයෙන් ද, තංගල්ල ප්‍රාථමික විද්‍යාලයයෙන්ද, තංගල්ල මහා විද්‍යාලයයෙන් සහ බදුල්ල ධර්මදූත මහා විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය සිදු කළේය.

    හොඳන් ඇස් පෙනීම තිබුණත් හදිසියේ 2002 වසරේ සි ඇස් පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත්තේ රෙටිනයිටිස් පිග්මෙන්ටෝසා රෝගය නිසාය. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ දෙවරක් කළත් පෙනීම නැතිවී ගිය නිසා අධ්‍යාපන කටයුතු හරි හැටි කර ගැනීමට නොහැකි වූ ඔහු තෙවැනි වර කලා අංශයෙන් උසස් පෙළ ලියා විශ්ව විද්‍යාල සුසුදුසක් ලැබීය.

    ඉංග්‍රීසි පාඨමාලා, පරිගණක පාඨමාලා හැදෑරු සංඛ බ්‍රේල් ක්‍රමය ද ඉගෙන ගත්තේය.

    තමා මුහුණ දුන් අත්දැකීම් ගැන සංඛ මෙසේ කීවේය.

    ‘‘ කුඩා කළ මට හොඳින් පෙනීම තිබුණා. 2002 වසරේ දි රාත්‍රියට පෙනීම අඩු වුණා. ඉන් පසු මා බදුල්ල රෝලට ගොස් වෛද්‍යවරුන් මුණ ගැහුනා. මට වැළඳී ඇති රෝගය රෙටිනයිටිස් පිග්මෙන්ටෝසා බව වෛද්‍යවරුන් හඳුනාගත්තා. දෘෂ්ඨි විතානයේ අබාධයක් නිසා ක්‍රම ක්‍රමයෙන් පෙනීමේ තත්ත්වය අඩු වීම තමයි රෝගයේ ලක්ෂණය. 2002 වසරේ දී අඳුරට පමණක් නොපෙනීමේ තත්ත්වය එන්න එන්න වැඩි වුණා.

    පන්ති කාමරයේ ඈත තියෙන කළු ලෑල්ල පෙන්නේ නැති වුණා. මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් කළේ. නොපෙනීමේ ප්‍රශ්නය නිසා 2005 සහ 2006 දෙවසරේ උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යා අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබුණේ නෑ. ඉන් පසු මොනවා කරන්නද කියා මට හිතා ගන්න බැරි වුණා.

    2008 දී මම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කළා. 2008 පෙබරවාරි මාසයේ මම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව හදාරන්න ගියා. එතැනදි මුණ ගැහුනා අබේවීර කියා කථිකාචාර්ය කෙනෙක්. අධයාපනයේ ඇති වටිනාකම ගැන ඔහු මට ලොකු පෙළඹවීමක් කළා. එම වසරේම ජූලි මාසයේ බදුල්ල කාර්මික විද්‍යාලයයට ගිහින් තවත් ඉංග්‍රීසි පාඨාමාලාවක් හැදෑරුවා. සබරගමු විශ්ව විද්‍යාලයයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලවත් හැදෑරුවා.

    ඒ කාලයේ මං කල්පනා කළා කලා අංශයෙන් උසස් පෙළ කරන්න. ඩිලාන් නලීන් කියන මල්ලි මට ඇහෙන්න පොත්පත් කියවන්න ඉරිදිපත් වුණා. 2009 වසරේ මම විශ්ව විද්‍යාල සුසුදුකම් ලැබුවා.

    2010 වන විට ඇස් පෙනීම බොහෝම දුර්වල වුණා.. විශ්ව විදයාල සුසුදුකස් ලැබීමත් සමග මා ලොකු ගැටළුවට මුහුණ දුන්නා සාමාන්‍ය ආකාරයෙන් පොත් පත් වැඩ කරන එක ගැන. බ්‍රේල් ඉගෙන ගන්න බණ්ඩාරවෙල සුදර්ශි පාසලට ගියා. බ්‍රේල් ලිවීම ඉක්මණින් ඉගෙන ගත්තත් කියැවීම අපහසු වුණා. ඉන් පසු පරිගණක ඉගෙන ගන්න යොමු වුණා. කථන මෘදුකාංගයක් (ස්ක්‍රීන් රීඩිං සොෆ්ට්වෙයාර්) ආදාරයෙන් මා පරිගණකය භාවිත කරනවා. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක උපදේෂකවරයකු වන අශෝක බන්දුල වීරවර්ධන මහතාට දුරකතනයෙන් කතා කර මගේ ගැටළුව කී විට ඔහු එම මෘදුකාංගය මට තැපෑලෙන් එව්වා.

    ඇස් නොපෙනී යෑම මට ලොකු අබියෝගයක් වුණා. උත්සාහ වන්තයාට තමයි වාසනාවේ දොර ඇරෙන්නේ කියන දේ තමයි මා අදහන්නේ.

    විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ ශ්‍රාස්ත්‍රවේදී උපාදිය හැදෑරීමටයි. ළමයින් 600ක් අතරින් හොඳම 60 දෙනා අතරට මා තේරී පත් වුණා. ඒ අනුව අධ්‍යාපන පීඨයට තේරී අධ්‍යාපනවේදී උපාධිය හැදෑරුවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ මා ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තා. 2015 අප විශ්ව විද්‍යාලයයෙන් පිරිනමන කනකරත්න සම්මානය මට හිමි වුණා.

    සමාජ සංවර්ධන වැඩ වලට යොමු වූ මා අනිත් අය වෙනුවෙන් විවිධ වැඩසටහන් කරනවා කථන මෘදුකාංගය භාවිත කරමින් පරිගණකයේ වැඩ කරන ආකාරය ගැන පාසල් මට්ටමින් වැඩමුළු පැවැත්වුවා. රණවිරු සේවා අධිකාරිය සමග එක් වී දෘෂ්‍යාබාධිත රණවිරුවන්ට දින 10ක වැඩ සටහනක් කළා. දැනට දෙබරවැව ජනාධිපති විද්‍යාලයයේ ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. මා උගන්වන්නේ. ඉංග්‍රීසි විෂය.

    උත්සාහ වන්තයාට වාසනාවේ දොරටු ඇරෙන බව මා නැවත කියනවා. අධ්‍යාපන නිසා පුද්ගලයාට සමාජයේ ගෞරවය හිමි වෙනවා. අධ්‍යාපනය කියන රන් දොරෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියා තරුණයන්ට මා කියනවා.

    මගේ බලාපොරොත්තුව ආචාර්ය උපාධිය හදාරා විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු වීමයි.

    මගේ අම්මා, තාත්තා, මල්ලි, පෙම්වතිය ඇතුළු ඥාතීවන් සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා. මට මෙතෙක් අත දුන් ගුරුවරුන් බොහෝ ඉන්නවා. ඒ සියලු දෙනා බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඔවුන් නිසා තමයි අද මා මේ තත්ත්වයෙන් ඉන්නේ.

    මගේ ආදර සම්බන්ධතාවයට දැන් වසර පහක් පමණ වෙනවා. ඉදිරියේ දී අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.‘‘

     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘
    මේ වාක්‍යය හිතට වැදුනා... :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pau as penne nathuwa yanawa kiyanne eth niyama uthsahawanthayek.. :yes: Aththatama me wage kellek labenna pin karanna one..
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ai ban mehema kello apita set wenne natte.set wunoth wenne podi aduwak hari karoth nahayen adana un mona karumayakda manda
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    ඇස් නොපෙනෙන මිනිසුන් කරන වැඩ දැක්කම පෙනෙන අපි මොනවද කරන්නේ කියල හිතෙනවා. SLIIT එකේ ඉද්දි අපි මේ අය වෙනුවෙන් මෘදුකාංගයක් හැදුවා.අපි හැදුවේ සිංහලෙන් ටයිප් කරන කොටම වචනෙන් වචනේ කියවන එකක්. එක ඕනෙම word editor එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. එක දැම්මේ Sri Lanka Council For the Blind කියන තැන ඉන්න අයට. එයාල තමයි ලංකාවේ හැම බ්‍රේල් පොතක්ම හදල ප්‍රින්ට් කරන්නේ. විශේෂෙන් ම සිංහල හා දමිල මාද්‍ය පොත්.


    එතනට ගියාම අපිට ඇඩුනා.. එතන පරිගණක වල mouse නැ. monitor ඔෆ් කරලා තියෙන්නේ. අපිට හෙන අමුතුයි. ඇත්තනේ.. එයාලට monitor ඕනේ නැ.. mouse ඕනේ නැ. එයාල key board shortcuts පාවිච්චි කරන්නේ.

    screen reading software එකකින් ඔක්කොම කියනවා. එකෙන්ම english වචනත් කියවනවා. හැබැයි සිංහල ඒවා කියවන්න බැ. එකට තමයි අපි හදල දුන්නේ.

    ඉතින් මේ කතාව කියවනකොට, ඔය වගේ ඉගෙන ගන්න තියෙන අමාරුව මතක් වෙද්දී , එක දන්න මනුස්සයෙක් විදිහට.. ඇහැට කඳුලක් ආවේ නැතුවා නෙවෙයි.

    කියල තියෙනවා වගේ "ඇය"ත් ඇගේ දෙමව්පියනුත් දාහකින් හොයාගන්න බැරි හරිම දුලබ මිනිස්සු. :)
     
    • Like
    Reactions: HSW

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ape school eke Music karapu sirta as penne na. a unta hariyatama ka gahana ekata athe thiyena ewagen damala gahanawa. Dilshan wage mara taraget ekak thiyenne :LOL:
    anith welawta TV radio hadanawa. maarai