මන්දාකිණියක්_මනසෙන්_කෙතරම්_ඈත_පිහිටියේ&
මන්දාකිණියක් මනසෙන් කෙතරම් ඈත පිහිටියේද? - නලින් ද සිල්වා
අතීතයට බලපාන පරි සංකල්ප නිර්මාණය යන්න තවදුරටත් පැහැලි කළ යුතු වෙයි. බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කර තවම අවුරුදු සියයක් නැත. එහෙත් බෞද්ධයනට සක්වළ දස දහස් ගණනක් අවුරුදු දෙදහස් පන්සියයකට පෙරද තිබී ඇත. සක්වළක් හෙවත් චක්‍රාවාටයක් යනු මන්දාකිණියක් යෑයි අපි කිසිසේත් නොකියමු. මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයන්නට උත්සාහ ගත් අවස්ථාවෙහි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වළකනු ලැබූ හ. බෞද්ධයන් එවැනි විශ්වයක් ගැන හුදු ආධ්‍යාත්මික ශක්තියෙන් පමණක් දැන සිටි අවධියක බටහිරයන්ගේ විශ්වය සෞර්ය ග්‍රහ මණ්ඩලයටත් කුඩා විය.
මා මෙයින් පෙන්නුම් කිරීමට තැත් කරන්නේ අවුරුදු දෙදහස් පන් සියයකට පෙර බෞද්ධයන්ගේ විශ්වවේදී දැනුම බටහිරයන්ගේ දැනුමට වඩා ඉතා උසස් මට්ටමක තිබූ බව නොවේ. අවුරුදු දෙදහස් පන් සියයකට පෙර බටහිරයන්ට මන්දාකිණි හෝ ඉතා විශාල විශ්වයක් හෝ නොතිබුණු බවය. එවැනි තත්වයක ඊනියා මහා පිපිරුමක් ගැන කතා කිරීම පවා අනවශ්‍යය. එහෙත් අවුරුදු දෙ දහස් පන් සියයකට පෙර බෞද්ධයනට අති විශාල විශ්වයක් තිබුණා පමණක් නොව ඒ විශ්වය කලක දී ප්‍රසාරණය වන තවත් කලක දී සංකෝචනය වන විශ්වයක්ද විය.
ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්තියෙන් දුටු විශ්වයක් විය. එපමණක් නොව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාසය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක් ඇත. ඒ විශ්වයට ආරම්භයක් ඇත. එයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්ටකප්ප විවට්ටකප්ප විශ්වයක් ගැන ආකෘතියක් තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක් අගක් නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.
බටහිරයන් කැලණිය විශ්ව විද්‍යාලයයේ විශ්වය නොපිළිගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ ආකෘතියෙන් අපට බොහෝ කලකට පෙර ඇති විණි යෑයි කියන උද්ධමනයද, පසුව ඇති වූ මන්දනයක් සහිත ප්‍රසාරණයද දැන් ඇතැයි කියන ත්වරණයක් සහිත ප්‍රසාරණයද තේරුම් ගත හැකිය. එපමණක් නොව, තව ටික කලකින් නැවතත් මන්දනයක් සහිත ප්රසාරණයක් වන බවද ඉන් පසු ප්‍රසාරණය සංකෝචනයකට පෙරළෙන බවද අපට අනාවැකියක් පළ කළ හැකිය. අපේ අනාවැකි සඵල වන්නේ දැයි දැන ගැනීමට අපි පුල පුලා බලා සිටිමු.
එහෙත් අපට මෙහිදී අදාළ වන්නේ එය නොවේ. බටහිරයන් අවුරුදු සියයකට පෙර මන්දාකිණි ගැන දැන ගැනීමට පෙර ඔවුන්ට මන්දාකිණි වීද? මන්දාකිණි යනු විදුලි බල්බ නොවේ. තෝමස් අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය නිර්මාණය කිරීමට පෙර ලොවෙහි විදුලි බල්බ නොවීය. ඔහු විදුලි බල්බය නිපදවා ඒ ගැන දැන ගැනීමට පෙර ලොවෙහි කිසිවකුටත් විදුලි බල්බ නොවීය. එහෙත් මන්දාකිණි ගැන එසේ කීමට හැකි දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත.
ඒ ප්‍රශ්නයට අපි පැහැදිලි පිළිතුරක් දෙමු. දැනට අවුරුදු සියයකට පෙර බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඔවුන්ට මන්දාකිණි නොවීය. තෝමස් අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය හා අදාළ සංකල්පය නිර්මාණය කිරීමට පෙර බටහිරයන්ට විදුලි බල්බ නොවීය. එමෙන්ම බටහිරයන් මන්දාකිණි යන සංකල්පය සහිතව ප්‍රථම වරට මන්දාකිණියක් නිරීක්ෂණය කරන තුරු ඔවුන්ට මන්දාකිණි නොවීය.
මෙහිදී පැහැදීලි කරගත යුතු කරුණ නම් වෙනත් කිසිවකුට නොව බටහිරයන්ට ඉන් පෙර මන්දාකිණි නොවූ බවය. එහෙත් ඔවුන් ඒ ප්‍රථම මන්දාකිණිය නිරීක්ෂණයට කිරීමට පෙර විශ්වයේ මන්දාකිණි නොවී දැයි පඬිවරු අසනු ඇත. අප කියා සිටින්නේ නිරීක්ෂකයන් නොමැතිව කිසිවකුට සාපේක්ෂ නොවී මන්දාකිණි නොපවතින බවය. එසේ නම් ඉන් පසුව නිරීක්ෂණය කරන ලද මන්දාකිණි ඒ ඒ මන්දාකිණි වලින් ආලෝකය නිකුත් කරන අවස්ථාවල හෝ එයට පෙර හෝ නොපැවතියේද යනුවෙන් නැවතත් බටහිරයන්ගෙන් ඉගෙන ගත් පඬියන් ප්‍රශ්න කරනු ඇත.
ඒ ප්‍රශ්නයට අප දෙන පිළිතුර සංකීර්ණ වෙයි. බටහිරයන් පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගන්නේ අතීතයටද බලපාන පරිදීය. එබැවින් ඔවුන්ට සාපේක්ෂව මන්දාකිණි ඉතා ඈත අතීතයේ සිට පවතියි. විශ්වයේ මන්දාකිණියක් පළමුවෙන් නිර්මාණය වූයේ කෙදීනකද එදීන සිටම අවුරුදු සියයකට මෙහා ජීවත් වන බටහිරයන්ට මන්දාකිණි තිබී ඇත. එසේ වුවත් බටහිරයන්ට එසේ ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි ඇත්තේ ඔවුන් අවුරුදු සියයකට පමණ පෙර පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කර ගැනීමෙන් පසුවය.
වෙනත් වචන වලින් කියන්නේ නම් අවුරුදු සියයකට එහා ජීවත් වු බටහිරයන්ට මන්දාකිණි තිබී නැත. එහෙත් අවුරුදු සියයකින් පමණ මෑතක සිටින බටහිරයන්ට (ඈත්තටම මන්දාකිණි ගැන අසා ඇති බටහිරයන්ට) ඉතා ඈත අතීතයේ සිටදීම මන්දාකිණි ඇත. එමෙන්ම අවුරුදු සියයකට පමණ පෙර සිටි බටහිරයන්ට මෙන්ම ඉන් පසුව සිටින අති විශාල බටහිරයන් පිරිසකටද බෞද්ධයන් දන්නා සක්වළ නැත. ඒ සක්වල ඇත්තේ බෞද්ධ පොතපත කියවා ඇති බටහිරයන් අතළොස්සකට පමණයය.
අප නැවතත් අවධාරණය කරන්නේ බටහිරයන්ගේ මන්දාකිණියක් හා බෞද්ධයන්ගේ චක්‍රාවාටයක් යනු එකක්ම නොවන බවය. එබැවින් බෞද්ධයනටද චක්‍රාවාට තිබී ඇති නමුත් මන්දාකිණි තිබී නැත. එයින් කියෑවෙන්නේ අවුරුදු සියයකට පමණ පෙර ලෝකයේ කිසිවකුට මන්දාකිණි නොතිබුණු බවය එහෙත් පඬියන් නැවතත් අසනු ඇත්තේ ඉන් පෙර විශ්වයේ මන්දාකිණි නොතිබිණිද යන්නය. නිරීක්ෂකයකුට සාපේක්ෂ නොවී නිරපේක්ෂව විශ්වයේ අසවල් එක තිබිණිද නැත්ද යන ප්‍රශ්නයම අර්ථ ශූන්‍ය ප්රශ්නයකි. මෙහි විහිළුවක්ද වෙයි. නිරපේක්ෂ යන්න නිරපේක්ෂව යෙදීය හැකි නොවේ. නිරපේක්ෂ වන්නේද නිරීක්ෂකයන්ට සාපේක්ෂවය නිරපේක්ෂව නිරපේක්ෂ වීමක් ගැන කතා කළ හැකිද?
විශ්වයේ යමක් තිබෙන්නේ යම් නිරීක්ෂකයකුට සාපේක්ෂවය. නිරීක්ෂකයකුට සාපේක්ෂ නොවී පවත්නා යමක් ගැන කතා කිරීමම විහිළුවකි. එසේ නම් අවුරුදු සියයකට පමණ පෙර බටහිරයන්ට සාපේක්ෂව මන්දාකිණි පැවතීමට පෙර ඒ මන්දාකිණි විශ්වයේ නොතිබිණිද යන ප්රශ්නය කිසිවකු අසනු ඇත. අවුරුදු සියයකට පෙර සිටි බටහිරයන්ට කිසි නෙක මන්දාකිණි නොපවතින්නටත් අවුරුදු සියයකින් මෙහා සිටින බටහිරයන්ට ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි පැවතීමටත් හේතුව ඒ අවස්ථාවේදී බටහිරයන්ට සියලු මන්දාකිණි පහළ වීම දැයි පඬියකු අසනු ඇත.
පඬියා නොදන්නවාට ඔහු අසන්නේ පිළිතුරක් ඇති ප්රශ්නයකි. ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්නය. එහෙත් එහි තේරුම විශ්වයේ සියලු මන්දාකිණි ඒ අවස්ථාවේදී, එනම් අවුරුදු සියයකට පමණ පෙර, විශ්වයේ භෞතිකව (ද්‍රව්‍යමයව) නිර්මාණය වූ බව හෝ ප්රාදුර්භූත වූ බව හෝ නොවේ. ඒ අවස්ථාවේදී බටහිරයෝ විශ්වයේ මන්දාකිණි සංකල්පීයව අතීතයට බලපාන පරි නිර්මාණය කළහ. අපට වැදගත් වන්නේ මේ සංකල්පීය නිර්මාණයය.
සංකල්පය නිර්මාණය වන්නේ සිතෙහිය. එහිදී සිත අනෙක් ඉන්ද්‍රියද, එනම් බටහිරයන් පංචෙන්ද්‍රිය ලෙස ගන්නා ඉන්ද්‍රියද, ආධාරයට ගනියි. දුරේක්ෂයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ඈත මන්දාකිණියක් දෙස ඇසෙන් බලන්නේ මනසෙහි නිර්මාණය වන්නා වූ සංකල්පයද සමගින්ය. සංකල්පයද සංජානනයද එකට ඇති වෙයි. සංකල්පයකින් තොරව සංජානනයක් හෝ සංජානනයකින් තොරව සංකල්පයක් හෝ ඇති නොවෙයි.
වචනයෙන් හෝ චින්ත රූපයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්මාණය කෙරෙන සංකල්පයකින් තොරව සංජානනයක් නැත. සංජානනයක් නොමැතිව ඊනියා බාහිර වස්තු නැත. ඒවා බාහිර වස්තු ලෙස ගත්තද ඒවා අපේ මනස විසින් අනෙක් ඉන්ද්රියයන් ආධාර කරගනිමින් ග්‍රහණය කරගනු ලැබුවද ඒවාහි සංකල්ප ඇති වන්නේ මනසෙහිය. අප බාහිර වස්තුවක් යනුවෙන් හඳුන්වන්නේ අපේ භෞතික ශරීරයෙන් බාහිරව අවකාශයෙහි පවතින්නේ යෑයි අප විසින් සැලකෙන වස්තුවකි.
මේ බාහිර වස්තු අවකාශයෙහි අපේ සිරුරෙන් ඈත් වී පවත්නා වස්තු ලෙස අප සලකන්නේද සිතෙනි. අවකාශය, සිරුර, වස්තුව ආදී මේ සියල්ල සංකල්ප නොමැතිව අපට සාපේක්ෂව නොපවතියි. අපට ප්රශ්නය වී ඇත්තේ මනස ඉන්ද්‍රියයක් ලෙස නොගැනීමට අපට බටහිරයන් පුරුදු කර තිබීය. මනසද ඉන්ද්‍රියයක් ලෙස ගත හොත් ඊනියා බාහිර වස්තුද මනසෙහි නිර්මාණ බව පෙනී යනු ඇත. මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති වන්නේ මනසෙහිය. අපට මනසෙන් තොරව මන්දාකිණියක් නැත. මනසක් නැති හබල් දුරේක්ෂයට මන්දාකිණි තිබේද?
එපමණක් නොව මනසෙන් තොරව මනසක්ද නැත. මනස නම් සංකල්පය ද මනසෙහි නිර්මාණයකි. මනස යනු කුමක් දැයි බටහිරයන්ට, එනම් ඊනියා නූතනවාදීන්ට, මාක්ස්වාදීන්ට, ලිබරල්වාදීන්ට, පශ්චාත් මාක්ස්වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට හා වෙනත් නොයෙකුත්වාදීන්ට කිසිදීනෙක තේරුම් ගත නොහැකි සංකල්පයක් බවට පත් වී ඇත්තේ ඔවුන්ට බාහිරව මිස වෙනත් ආකාරයකට ඊනියා වස්තු දෙස නොබැලිය හැකි බැවිනි. මනස යනු මනසෙහිම ඇති වන සංකල්පයක් බව බටහිරයන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ සුසමාදර්ශී විප්ලවයකින් නොව චින්තන විප්ලවයකින් පසුවය.
ඊනියා අවකාශයෙහි මන්දාකිණි ඇත්තේ අපේ සිරුරට බොහෝ ඈතින්ය. ඒ දුර මැනෙන්නේ ආලෝක වර්ෂ වලිනි. එහෙත් මන්දාකිණියකට මනසෙන් ඇති දුර කොපමණද? සංකල්පයක් ලෙස ගත් කල මන්දාකිණිය ඇත්තේද මනසෙහි බැවින් මන්දාකිණියකට මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. මෙහි දුර යනු ඊනියා අවකාශයෙහි ඇති දුරක් නොවන බව පැහැදීලි විය යුතුය. මුළු ලොවම ඇත්තේ බඹයක් පමණ වූ මිනිස් සිරුර තුළ යෑයි බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි දැයි අපට සිතාගත හැකිය. එයද මනස විසින් කෙරෙන සිතා ගැනීමක් බව අමතක නොකළ යුතුය.
අපට දැන් ප්‍රශ්න නැතිවා නොවේ. එක් පැත්තකින් මනසද නිර්මාණයක් පමණකි. මනස යනුවෙන් යම් කිසිවක් පවතින බව හා සියල්ල මනසෙහි නිර්මාණ යනුවෙන් පවසන්නේ විඥානවාදීයෝ වෙති. අපි විඥානවාදීහු නොවෙමු. අපට සදාකාලිකව හෝ යථාර්ථයක් ලෙස හෝ පවතින මනසක් නැත. මනසක් ඇතැයි ගන්නා අය නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත්තේද නැත්තේද යන ප්‍රශ්නයට පිළිතුරක් නොදෙති. එවැනි ප්‍රශ්නවලට මනස ඇත්තේද නැත, නැත්තේද නැත ආදී පිළිතුරු වලංගු නොවේ.
- නලින් ද සිල්වා

)