මන්දාකිණියක්‌_මනසෙන්_කෙතරම්_ඈත_පිහිටියේ&

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මන්දාකිණියක්‌_මනසෙන්_කෙතරම්_ඈත_පිහිටියේ&

    මන්දාකිණියක්‌ මනසෙන් කෙතරම් ඈත පිහිටියේද? - නලින් ද සිල්වා

    අතීතයට බලපාන පරි සංකල්ප නිර්මාණය යන්න තවදුරටත් පැහැලි කළ යුතු වෙයි. බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කර තවම අවුරුදු සියයක්‌ නැත. එහෙත් බෞද්ධයනට සක්‌වළ දස දහස්‌ ගණනක්‌ අවුරුදු දෙදහස්‌ පන්සියයකට පෙරද තිබී ඇත. සක්‌වළක්‌ හෙවත් චක්‍රාවාටයක්‌ යනු මන්දාකිණියක්‌ යෑයි අපි කිසිසේත් නොකියමු. මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයන්නට උත්සාහ ගත් අවස්‌ථාවෙහි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වළකනු ලැබූ හ. බෞද්ධයන් එවැනි විශ්වයක්‌ ගැන හුදු ආධ්‍යාත්මික ශක්‌තියෙන් පමණක්‌ දැන සිටි අවධියක බටහිරයන්ගේ විශ්වය සෞර්ය ග්‍රහ මණ්‌ඩලයටත් කුඩා විය.

    මා මෙයින් පෙන්නුම් කිරීමට තැත් කරන්නේ අවුරුදු දෙදහස්‌ පන් සියයකට පෙර බෞද්ධයන්ගේ විශ්වවේදී දැනුම බටහිරයන්ගේ දැනුමට වඩා ඉතා උසස්‌ මට්‌ටමක තිබූ බව නොවේ. අවුරුදු දෙදහස්‌ පන් සියයකට පෙර බටහිරයන්ට මන්දාකිණි හෝ ඉතා විශාල විශ්වයක්‌ හෝ නොතිබුණු බවය. එවැනි තත්වයක ඊනියා මහා පිපිරුමක්‌ ගැන කතා කිරීම පවා අනවශ්‍යය. එහෙත් අවුරුදු දෙ දහස්‌ පන් සියයකට පෙර බෞද්ධයනට අති විශාල විශ්වයක්‌ තිබුණා පමණක්‌ නොව ඒ විශ්වය කලක දී ප්‍රසාරණය වන තවත් කලක දී සංකෝචනය වන විශ්වයක්‌ද විය.

    ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක්‌ විය. එපමණක්‌ නොව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාසය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක්‌ ඇත. ඒ විශ්වයට ආරම්භයක්‌ ඇත. එයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ ගැන ආකෘතියක්‌ තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක්‌ අගක්‌ නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.

    බටහිරයන් කැලණිය විශ්ව විද්‍යාලයයේ විශ්වය නොපිළිගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ ආකෘතියෙන් අපට බොහෝ කලකට පෙර ඇති විණි යෑයි කියන උද්ධමනයද, පසුව ඇති වූ මන්දනයක්‌ සහිත ප්‍රසාරණයද දැන් ඇතැයි කියන ත්වරණයක්‌ සහිත ප්‍රසාරණයද තේරුම් ගත හැකිය. එපමණක්‌ නොව, තව ටික කලකින් නැවතත් මන්දනයක්‌ සහිත ප්‍රසාරණයක්‌ වන බවද ඉන් පසු ප්‍රසාරණය සංකෝචනයකට පෙරළෙන බවද අපට අනාවැකියක්‌ පළ කළ හැකිය. අපේ අනාවැකි සඵල වන්නේ දැයි දැන ගැනීමට අපි පුල පුලා බලා සිටිමු.
    එහෙත් අපට මෙහිදී අදාළ වන්නේ එය නොවේ. බටහිරයන් අවුරුදු සියයකට පෙර මන්දාකිණි ගැන දැන ගැනීමට පෙර ඔවුන්ට මන්දාකිණි වීද? මන්දාකිණි යනු විදුලි බල්බ නොවේ. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය නිර්මාණය කිරීමට පෙර ලොවෙහි විදුලි බල්බ නොවීය. ඔහු විදුලි බල්බය නිපදවා ඒ ගැන දැන ගැනීමට පෙර ලොවෙහි කිසිවකුටත් විදුලි බල්බ නොවීය. එහෙත් මන්දාකිණි ගැන එසේ කීමට හැකි දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත.

    ඒ ප්‍රශ්නයට අපි පැහැදිලි පිළිතුරක්‌ දෙමු. දැනට අවුරුදු සියයකට පෙර බටහිරයන් මන්දාකිණි යන සංකල්පය නිර්මාණය කිරීමට පෙර ඔවුන්ට මන්දාකිණි නොවීය. තෝමස්‌ අල්වා එඩිසන් විද්වතා විදුලි බල්බය හා අදාළ සංකල්පය නිර්මාණය කිරීමට පෙර බටහිරයන්ට විදුලි බල්බ නොවීය. එමෙන්ම බටහිරයන් මන්දාකිණි යන සංකල්පය සහිතව ප්‍රථම වරට මන්දාකිණියක්‌ නිරීක්‍ෂණය කරන තුරු ඔවුන්ට මන්දාකිණි නොවීය.

    මෙහිදී පැහැදීලි කරගත යුතු කරුණ නම් වෙනත් කිසිවකුට නොව බටහිරයන්ට ඉන් පෙර මන්දාකිණි නොවූ බවය. එහෙත් ඔවුන් ඒ ප්‍රථම මන්දාකිණිය නිරීක්‍ෂණයට කිරීමට පෙර විශ්වයේ මන්දාකිණි නොවී දැයි පඬිවරු අසනු ඇත. අප කියා සිටින්නේ නිරීක්‍ෂකයන් නොමැතිව කිසිවකුට සාපේක්‍ෂ නොවී මන්දාකිණි නොපවතින බවය. එසේ නම් ඉන් පසුව නිරීක්‍ෂණය කරන ලද මන්දාකිණි ඒ ඒ මන්දාකිණි වලින් ආලෝකය නිකුත් කරන අවස්‌ථාවල හෝ එයට පෙර හෝ නොපැවතියේද යනුවෙන් නැවතත් බටහිරයන්ගෙන් ඉගෙන ගත් පඬියන් ප්‍රශ්න කරනු ඇත.

    ඒ ප්‍රශ්නයට අප දෙන පිළිතුර සංකීර්ණ වෙයි. බටහිරයන් පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කරගන්නේ අතීතයටද බලපාන පරිදීය. එබැවින් ඔවුන්ට සාපේක්‍ෂව මන්දාකිණි ඉතා ඈත අතීතයේ සිට පවතියි. විශ්වයේ මන්දාකිණියක්‌ පළමුවෙන් නිර්මාණය වූයේ කෙදීනකද එදීන සිටම අවුරුදු සියයකට මෙහා ජීවත් වන බටහිරයන්ට මන්දාකිණි තිබී ඇත. එසේ වුවත් බටහිරයන්ට එසේ ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි ඇත්තේ ඔවුන් අවුරුදු සියයකට පමණ පෙර පළමු මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති කර ගැනීමෙන් පසුවය.

    වෙනත් වචන වලින් කියන්නේ නම් අවුරුදු සියයකට එහා ජීවත් වු බටහිරයන්ට මන්දාකිණි තිබී නැත. එහෙත් අවුරුදු සියයකින් පමණ මෑතක සිටින බටහිරයන්ට (ඈත්තටම මන්දාකිණි ගැන අසා ඇති බටහිරයන්ට) ඉතා ඈත අතීතයේ සිටදීම මන්දාකිණි ඇත. එමෙන්ම අවුරුදු සියයකට පමණ පෙර සිටි බටහිරයන්ට මෙන්ම ඉන් පසුව සිටින අති විශාල බටහිරයන් පිරිසකටද බෞද්ධයන් දන්නා සක්‌වළ නැත. ඒ සක්‌වල ඇත්තේ බෞද්ධ පොතපත කියවා ඇති බටහිරයන් අතළොස්‌සකට පමණයය.
    අප නැවතත් අවධාරණය කරන්නේ බටහිරයන්ගේ මන්දාකිණියක්‌ හා බෞද්ධයන්ගේ චක්‍රාවාටයක්‌ යනු එකක්‌ම නොවන බවය. එබැවින් බෞද්ධයනටද චක්‍රාවාට තිබී ඇති නමුත් මන්දාකිණි තිබී නැත. එයින් කියෑවෙන්නේ අවුරුදු සියයකට පමණ පෙර ලෝකයේ කිසිවකුට මන්දාකිණි නොතිබුණු බවය එහෙත් පඬියන් නැවතත් අසනු ඇත්තේ ඉන් පෙර විශ්වයේ මන්දාකිණි නොතිබිණිද යන්නය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නොවී නිරපේක්‍ෂව විශ්වයේ අසවල් එක තිබිණිද නැත්ද යන ප්‍රශ්නයම අර්ථ ශූන්‍ය ප්‍රශ්නයකි. මෙහි විහිළුවක්‌ද වෙයි. නිරපේක්‍ෂ යන්න නිරපේක්‍ෂව යෙදීය හැකි නොවේ. නිරපේක්‍ෂ වන්නේද නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂවය නිරපේක්‍ෂව නිරපේක්‍ෂ වීමක්‌ ගැන කතා කළ හැකිද?
    විශ්වයේ යමක්‌ තිබෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂවය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නොවී පවත්නා යමක්‌ ගැන කතා කිරීමම විහිළුවකි. එසේ නම් අවුරුදු සියයකට පමණ පෙර බටහිරයන්ට සාපේක්‍ෂව මන්දාකිණි පැවතීමට පෙර ඒ මන්දාකිණි විශ්වයේ නොතිබිණිද යන ප්‍රශ්නය කිසිවකු අසනු ඇත. අවුරුදු සියයකට පෙර සිටි බටහිරයන්ට කිසි නෙක මන්දාකිණි නොපවතින්නටත් අවුරුදු සියයකින් මෙහා සිටින බටහිරයන්ට ඉතා ඈත අතීතයේ සිට මන්දාකිණි පැවතීමටත් හේතුව ඒ අවස්‌ථාවේදී බටහිරයන්ට සියලු මන්දාකිණි පහළ වීම දැයි පඬියකු අසනු ඇත.

    පඬියා නොදන්නවාට ඔහු අසන්නේ පිළිතුරක්‌ ඇති ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළිතුර ඔව් යන්නය. එහෙත් එහි තේරුම විශ්වයේ සියලු මන්දාකිණි ඒ අවස්‌ථාවේදී, එනම් අවුරුදු සියයකට පමණ පෙර, විශ්වයේ භෞතිකව (ද්‍රව්‍යමයව) නිර්මාණය වූ බව හෝ ප්‍රාදුර්භූත වූ බව හෝ නොවේ. ඒ අවස්‌ථාවේදී බටහිරයෝ විශ්වයේ මන්දාකිණි සංකල්පීයව අතීතයට බලපාන පරි නිර්මාණය කළහ. අපට වැදගත් වන්නේ මේ සංකල්පීය නිර්මාණයය.

    සංකල්පය නිර්මාණය වන්නේ සිතෙහිය. එහිදී සිත අනෙක්‌ ඉන්ද්‍රියද, එනම් බටහිරයන් පංචෙන්ද්‍රිය ලෙස ගන්නා ඉන්ද්‍රියද, ආධාරයට ගනියි. දුරේක්‍ෂයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ඈත මන්දාකිණියක්‌ දෙස ඇසෙන් බලන්නේ මනසෙහි නිර්මාණය වන්නා වූ සංකල්පයද සමගින්ය. සංකල්පයද සංජානනයද එකට ඇති වෙයි. සංකල්පයකින් තොරව සංජානනයක්‌ හෝ සංජානනයකින් තොරව සංකල්පයක්‌ හෝ ඇති නොවෙයි.
    වචනයෙන් හෝ චින්ත රූපයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්මාණය කෙරෙන සංකල්පයකින් තොරව සංජානනයක්‌ නැත. සංජානනයක්‌ නොමැතිව ඊනියා බාහිර වස්‌තු නැත. ඒවා බාහිර වස්‌තු ලෙස ගත්තද ඒවා අපේ මනස විසින් අනෙක්‌ ඉන්ද්‍රියයන් ආධාර කරගනිමින් ග්‍රහණය කරගනු ලැබුවද ඒවාහි සංකල්ප ඇති වන්නේ මනසෙහිය. අප බාහිර වස්‌තුවක්‌ යනුවෙන් හඳුන්වන්නේ අපේ භෞතික ශරීරයෙන් බාහිරව අවකාශයෙහි පවතින්නේ යෑයි අප විසින් සැලකෙන වස්‌තුවකි.

    මේ බාහිර වස්‌තු අවකාශයෙහි අපේ සිරුරෙන් ඈත් වී පවත්නා වස්‌තු ලෙස අප සලකන්නේද සිතෙනි. අවකාශය, සිරුර, වස්‌තුව ආදී මේ සියල්ල සංකල්ප නොමැතිව අපට සාපේක්‍ෂව නොපවතියි. අපට ප්‍රශ්නය වී ඇත්තේ මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නොගැනීමට අපට බටහිරයන් පුරුදු කර තිබීය. මනසද ඉන්ද්‍රියයක්‌ ලෙස ගත හොත් ඊනියා බාහිර වස්‌තුද මනසෙහි නිර්මාණ බව පෙනී යනු ඇත. මන්දාකිණිය පිළිබඳ සංකල්පය ඇති වන්නේ මනසෙහිය. අපට මනසෙන් තොරව මන්දාකිණියක්‌ නැත. මනසක්‌ නැති හබල් දුරේක්‍ෂයට මන්දාකිණි තිබේද?

    එපමණක්‌ නොව මනසෙන් තොරව මනසක්‌ද නැත. මනස නම් සංකල්පය ද මනසෙහි නිර්මාණයකි. මනස යනු කුමක්‌ දැයි බටහිරයන්ට, එනම් ඊනියා නූතනවාදීන්ට, මාක්‌ස්‌වාදීන්ට, ලිබරල්වාදීන්ට, පශ්චාත් මාක්‌ස්‌වාදීන්ට, පශ්චාත් නූතනවාදීන්ට හා වෙනත් නොයෙකුත්වාදීන්ට කිසිදීනෙක තේරුම් ගත නොහැකි සංකල්පයක්‌ බවට පත් වී ඇත්තේ ඔවුන්ට බාහිරව මිස වෙනත් ආකාරයකට ඊනියා වස්‌තු දෙස නොබැලිය හැකි බැවිනි. මනස යනු මනසෙහිම ඇති වන සංකල්පයක්‌ බව බටහිරයන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ සුසමාදර්ශී විප්ලවයකින් නොව චින්තන විප්ලවයකින් පසුවය.

    ඊනියා අවකාශයෙහි මන්දාකිණි ඇත්තේ අපේ සිරුරට බොහෝ ඈතින්ය. ඒ දුර මැනෙන්නේ ආලෝක වර්ෂ වලිනි. එහෙත් මන්දාකිණියකට මනසෙන් ඇති දුර කොපමණද? සංකල්පයක්‌ ලෙස ගත් කල මන්දාකිණිය ඇත්තේද මනසෙහි බැවින් මන්දාකිණියකට මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. මෙහි දුර යනු ඊනියා අවකාශයෙහි ඇති දුරක්‌ නොවන බව පැහැදීලි විය යුතුය. මුළු ලොවම ඇත්තේ බඹයක්‌ පමණ වූ මිනිස්‌ සිරුර තුළ යෑයි බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි දැයි අපට සිතාගත හැකිය. එයද මනස විසින් කෙරෙන සිතා ගැනීමක්‌ බව අමතක නොකළ යුතුය.
    අපට දැන් ප්‍රශ්න නැතිවා නොවේ. එක්‌ පැත්තකින් මනසද නිර්මාණයක්‌ පමණකි. මනස යනුවෙන් යම් කිසිවක්‌ පවතින බව හා සියල්ල මනසෙහි නිර්මාණ යනුවෙන් පවසන්නේ විඥානවාදීයෝ වෙති. අපි විඥානවාදීහු නොවෙමු. අපට සදාකාලිකව හෝ යථාර්ථයක්‌ ලෙස හෝ පවතින මනසක්‌ නැත. මනසක්‌ ඇතැයි ගන්නා අය නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත්තේද නැත්තේද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ නොදෙති. එවැනි ප්‍රශ්නවලට මනස ඇත්තේද නැත, නැත්තේද නැත ආදී පිළිතුරු වලංගු නොවේ.

    - නලින් ද සිල්වා
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඔය මෑන්ට මැන්ටල් කේස් එකක් ලු නේද :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,335
    1
    57,376
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්ලාම් අන්තවාදීන්ට අනුව කුරානෙ ඔක්කොම දේවල් ලියවිල තියෙනව. විද්‍යාවෙන් හොයාගන්න හැමදේම කුරානෙ තියෙනවලු.
    නලින්ද සිල්වා කියන්නෙත් ඒවගේම කතා තමයි. ඕනෙ ප්‍රශ්නයක් අහන්න නලියගෙ කුරානෙ උත්තර තියෙනව.
     
    • Like
    Reactions: DjAtrocity

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉස්ලාම් අන්තවාදීන්ට අනුව කුරානෙ ඔක්කොම දේවල් ලියවිල තියෙනව. විද්‍යාවෙන් හොයාගන්න හැමදේම කුරානෙ තියෙනවලු.
    නලින්ද සිල්වා කියන්නෙත් ඒවගේම කතා තමයි. ඕනෙ ප්‍රශ්නයක් අහන්න නලියගෙ කුරානෙ උත්තර තියෙනව.

    මිනිහගේ ප්‍රධානම තර්කය දැණුම සංස්කෘතියට සාපේක්ශයි, නිරපේක්ශ දැණුමක් හෝ වාස්ථවික යථාර්ථයක් කියල එකක් නෑ කියන එක.

    නලින් ට අනුව 'බටහිර' විද්‍යාව ගොඩනැඟී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පාදක කරගෙන, නැතුව එය නිරපේක්ශ යතාර්ථය නෙමෙයි (මිනිහට අනුව නිරපේක්ෂ යථාර්ථයක් නෑ)

    ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පාදක කරගෙන, 'බටහිර' විද්‍යාව ගොඩනැඟී ඇති ආකාරයටම, වෙනත් චින්තන පාදක කරගෙන වෙනත් විද්‍යාවන් ගොඩනැඟිය හැකියි, සහ එසේ ගොඩනඟන විද්‍යාවන්ගෙනුත් රොකට් අරින්න, TV හදන්න පුළුවන්, සහ එසේ ගොඩනැඟිය යුතුයි කියල තමායි පොර කියන්නෙ. ඒ අනුව සිංගල බවුද්ධ චින්තනය මත පදනම්වූ විද්‍යාවක් ගොඩනැඟීම ගැන තමයි මිනිහගෙ struggle එක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එතකොට බෞද්ද දැනුමත් සංස්කෘතියට සාපේක්ෂයි කියලද කියන්නේ... එක නිරපේක්ෂ සත්‍ය නෙමෙයිද.?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එතකොට බෞද්ද දැනුමත් සංස්කෘතියට සාපේක්ෂයි කියලද කියන්නේ... එක නිරපේක්ෂ සත්‍ය නෙමෙයිද.?

    මිනිහට අනුව ඔව්!
    ඔය ලිපිය කියවලා බලපන්. හැම දේම මනසේ නිර්මාණ. උඹ නැත්නම් එලකිරි.කොම් නෑ වගේ එකක්. හැබැයි කල්පනා කරල බැලුවම ඒක බොරු කියන්නත් බෑ.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මිනිහට අනුව ඔව්!
    ඔය ලිපිය කියවලා බලපන්. හැම දේම මනසේ නිර්මාණ. උඹ නැත්නම් එලකිරි.කොම් නෑ වගේ එකක්. හැබැයි කල්පනා කරල බැලුවම ඒක බොරු කියන්නත් බෑ.

    අනේ ඌයි උගේ මැටි තර්කයි මම හිතන්නේ මේකේ ඉන්නේ අර ඔරියා මූද දන්නේ නෑ :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ ඌයි උගේ මැටි තර්කයි මම හිතන්නේ මේකේ ඉන්නේ අර ඔරියා මූද දන්නේ නෑ :lol::lol:

    මම ලියපු අවුරුද්දෙ (2004) maths II paper එක (applied ගණන් තියෙන එක) හදල තිබ්බෙ නලින් ද සිල්වා.

    උඹට ඊට වඩා පුළුවන් ඇති නේද?

    අර දාල තිබ්බ research papers වල තිබ්බ අඩුපාඩු මොනවද බන්?
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මම ලියපු අවුරුද්දෙ (2004) maths II paper එක (applied ගණන් තියෙන එක) හදල තිබ්බෙ නලින් ද සිල්වා.

    උඹට ඊට වඩා පුළුවන් ඇති නේද?

    අර දාල තිබ්බ research papers වල තිබ්බ අඩුපාඩු මොනවද බන්?

    Out of topic :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Out of topic :lol::lol:

    nope. totally on the topic.
    can you point out flaws in any of his research papers quoted in this thread? then i'll back off.

    (btw, i'm an atheist so i don't accept buddhist philosophy but i'm with nalin that theoretically we "can" construct a science of our own, which actually works based on sinhala buddhist framework)
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    The University Teachers Associations of the Kelaniya University has decided to keep away from academic activities on the 21st to protest against improper acts of its Dean of the Faculty of Science Prof. Nalin de Silva.

    The Teachers’ Association states Prof. Nalin de Silva abuses lecturers of the Science Faculty in indecent language and acts to embarrass them. They also claim that Prof. Nalin de Silva’s statements and actions ridicule scientific method and has created a very bad impression about the University of Kelaniya in general and the Faculty of Science in particular, among the public and the scientific community. The association has organized a special meeting in the faculty on the 21st morning, engage in a protest walk from the Faculty to the Administrative building and keep away from academic activities on that day.

    Administrative sections have not taken any steps regarding the unbecoming acts of Prof. Nalin de Silva states the Teachers’ Association and eh intention of eh protest campaign on the 21st is to draw attention of the administrative sections for the issue said Joint Secretary of the Teachers’ Association Prof. Hemanthe Sirisena.

    49 academics of the Science faculty of University of Kelaniya had earlier signed a petition against Prof. Nalin de Silva. Also, the Sri Lankan Association for the Advancement of Science (SLAAS) has labeled Professor De Silva as a pseudo scientist. Recently Prof. Nalin de Silva claimed he identified arsenic in rice grown in Sri Lanka through God Natha.

    He is also accused of maintaining double standards as he criticizes the West and the Western education but has sent his children to the West to obtain higher education. Some also have claimed that Prof. Nalin de Silva should have retired but holds on to the post of Dean of the Faculty. He was born on 20th October, 1944 which means he is 67 years old.

    Source <<<

    ඔන්න ලොක්කගේ වැඩ කිඩ :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    The University Teachers Associations of the Kelaniya University has decided to keep away from academic activities on the 21st to protest against improper acts of its Dean of the Faculty of Science Prof. Nalin de Silva.

    The Teachers’ Association states Prof. Nalin de Silva abuses lecturers of the Science Faculty in indecent language and acts to embarrass them. They also claim that Prof. Nalin de Silva’s statements and actions ridicule scientific method and has created a very bad impression about the University of Kelaniya in general and the Faculty of Science in particular, among the public and the scientific community. The association has organized a special meeting in the faculty on the 21st morning, engage in a protest walk from the Faculty to the Administrative building and keep away from academic activities on that day.

    Administrative sections have not taken any steps regarding the unbecoming acts of Prof. Nalin de Silva states the Teachers’ Association and eh intention of eh protest campaign on the 21st is to draw attention of the administrative sections for the issue said Joint Secretary of the Teachers’ Association Prof. Hemanthe Sirisena.

    49 academics of the Science faculty of University of Kelaniya had earlier signed a petition against Prof. Nalin de Silva. Also, the Sri Lankan Association for the Advancement of Science (SLAAS) has labeled Professor De Silva as a pseudo scientist. Recently Prof. Nalin de Silva claimed he identified arsenic in rice grown in Sri Lanka through God Natha.

    He is also accused of maintaining double standards as he criticizes the West and the Western education but has sent his children to the West to obtain higher education.Some also have claimed that Prof. Nalin de Silva should have retired but holds on to the post of Dean of the Faculty. He was born on 20th October, 1944 which means he is 67 years old.

    Source <<<

    ඔන්න ලොක්කගේ වැඩ කිඩ :lol::lol:

    totally off topic.

    my original question still stands.
    can you point out flaws in any of his research papers quoted in this thread? then i'll back off.

    (btw, i'm an atheist so i don't accept buddhist philosophy but i'm with nalin that theoretically we "can" construct a science of our own, which actually works based on sinhala buddhist framework)
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක්‌ විය. එපමණක්‌ නොව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාසය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක්‌ ඇත. ඒ විශ්වයට ආරම්භයක්‌ ඇත. එයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක්‌ ගැන ආකෘතියක්‌ තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක්‌ අගක්‌ නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.

    :lol::lol:

    රහතන් වහන්සේ දැක්ක එක මෙයා කොහොමද දැක්කේ දේසනාව අනුව තියරි එක හදන්නේ :lol::lol:
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    මොහු ගොඩක් දේවල් වෙනස් විදිහට හිතන කෙනෙක්. අපුරු චින්තනයක් තියෙන මනුස්සයෙක් ( දේශපාලනය හැර :D )
    මේ ලිපියේ කියල තියෙන දේ වැරදි කියල කාටද තර්ක කරන්න පුළුවන්? මේ මනුස්සයට ගරහන්න කලින් කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න බැලුවොත් හොඳ නැද්ද ?
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    අනික බුද්ද දේසනාවෙම තියනවා දෙයක් ඇහුව පමනින් විශ්වාස කරන්න එපා කියලා මෙයා කියන ඒව මොකෝ මේ ගිහිල්ලා බලලා සාක්ශි එක්ක ඔප්පු කරනවාද මෙයා ? :lol::lol: