ඒ විශ්වය රහතන් වහන්සේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් දුටු විශ්වයක් විය. එපමණක් නොව ඒ විශ්වය අද බටහිරයන් කතා කරන ඊනියා මහා පිපුරුම හා සම්බන්ධ දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වයට වඩා මට විශ්වාසය. මහා පිපිරුම හා ප්‍රසාරණය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ විශ්වයක ආකෘතියකි. එහි දෙවියන් වහන්සේ හෙවත් මැවුම්කරුවකු නැත. එහෙත් මැවීමක් ඇත. ඒ විශ්වයට ආරම්භයක් ඇත. එයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයයේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප විශ්වයක් ගැන ආකෘතියක් තනා ඇත. ඒ රහතන් වහන්සේ දුටු මුලක් අගක් නැති විටෙක ප්‍රසාරණය වන තවත් විටෙක සංකෝචනය වන විශ්වයකි.
රහතන් වහන්සේ දැක්ක එක මෙයා කොහොමද දැක්කේ දේසනාව අනුව තියරි එක හදන්නේ
මචන් මෙතන තියෙන්නෙ චින්තන වෙනසක්. න්‍යායාත්මක වෙනසක්.
බටහිර විද්‍යාව ගොඩ නැඟෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සිතීමේ ක්‍රමය (ඒක රේඛීය චින්තනය) පාදක කරගෙන. ඒකයි විශ්වයේ ඇරඹුමක් ඇත, එය big bang එකකින් පටන්ගත්තා කියල තියරියක් ගොඩනඟන්නෙ. ඉතාම ගොරහැඩි විදිහට කිව්වොත්, මණ්දාකිණි එකින් එකින් ඈතට ගමන් කරනවා කියන වර්තමාන නිරීක්ශණයට( තරු වලින් නිකුත් වන ආලෝකයේ Doppler shift එක බලල) අදාල ත්වරණය අනුව ආපස්සට ගනන් හදල මෙන්න මේ දවසේ මුළු විශ්වයම point mass එකක් විදිහට තිබිල පිපිරුණා කියන එක තමයි big bang theory කියන්නෙ. ඕක ඇත්ත හෝ බොරු ප්‍රවාදයක්.
ඒ ආකාරයටම, බවුද්ධ චින්තනය මත පදනම්ව, විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත, එය ප්‍රසාරණය වී, නැවත ගුරුත්වය යටතේ සංකෝචනය වී, නැවත ප්‍රසාරණය වී... යන පද්ධතියක් කියල ප්‍රවාදයක් ගොඩනඟන්නත් පුළුවන්.
ඒකත් ප්‍රවාදයක්
නිරපේක්ශ යථාර්තය නෙමෙයි.
පොර කියන්නෙ ඒකයි
මෙන්න මේක කියවපන්.
http://cds.cern.ch/record/924065/files/0601536.pdf
Last edited:



passe kiyawanna bump