මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා
වෙහෙසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා...
පාන්දරින් නැගිටලා... දෙවියන් වැඳ පුදලා...
දරුවන් මුව සිඹලා... ගිනි මැලය දල්වලා...
යකඩ ගිනියම් කරලා... ගොනුට ලාඩම් හදලා...
ගැලට පණ උපදවලා... දවසෙ වැඩ අරඹාලා...
දඬු අඬුව තදකළා... යකඩෙ ඊට හයි කළා...
දෑත වාරුව යොදලා... පීර කිරි කිරි ගාලා...
පිහිය හැඩ වැඩ දාලා... මුවත පන්නර තියලා...
හැදුවෙ කම්මලෙ කියලා... මාගෙ වරුණෙ පෙන්නලා...
අඩ ඇණය ඇදවෙලා... යකඩ පට්ටම ගෙවිලා...
බර බාගෙ පෙරළිලා... මා ලඟට පැමිණිලා...
මම වරුණෙ පෙන්නලා... කඩි මුඩියෙ වැඩ කළා...
බර බාගෙ නැගිටලා... යළි යෑම අරඹලා...