උඹේ ඉවසීම අගය කරනවා මචන් ...
ප්රශ්නේ මුල ඉදන්ම බැලුවොත් උඹට propose කරන දවස් වල කෙල්ල වෙන affair එකක් තියෙන්න ඇති ..නමුත් ගෙදර බලපෑම නිසා උඹට කැමති වෙන්න ඇති ...උඹ පවුලේ කාගෙවත් ආශ්රයක් නැතිව , කෙල්ලෙක්ගෙ ආදරයක් නැතිව ඉදලා ලස්සන කෙල්ලෙක් set උනාම එයාට බොක්කෙන්ම ආදරය කරලා ..එක සාමාන්යයි ...නමුත් ආදරය සහ විවාහය කියන්නේ සම්පුර්ණයෙන්ම දෙකක් මචන් ....ආදරය කරලා තමයි විවාහ වෙන්නේ ...විවාහ වෙන්න ආදරය කරලා වැඩක් නෑ ..උඹ කෙල්ල එක්ක විවාහ වෙන්න කලින් කරේ විවාහ වෙන්න ඉන්න නිසා ආදරයක් ඇති උන එක ..උබට කලින් අත්දැකීම් නැති නිසා එක සාධාරණයි ...
උඹට කලින් ආදරය පිළිබද අත්දැකීම් අඩු නිසා තමයි උඹ මුල ඉදන්ම උඹේ ආදරයට සමානව එයාගෙන් ආදරය බලාපොරොත්තු වෙන එක ..එක වැරදි ..ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි ...උඹ කවදාවත් එයාගෙන් පරණ කොල්ලා \ කොල්ලෝ ගැන අහලා නැතිව ඇති කියලා මම හිතනවා ..එයාව තේරුම් ගන්නේ නැතිව උඹ එයාට කොහොම ආදරය කලත් වැඩක් නෑ ..කෙල්ල එයාගේ ආදරය අහිමි උන එක ගැන දුක් වේවි ඉන්න ගමන් තමයි උබත් එක්ක විවාහ වෙලා තියෙන්නේ ...මම කෙල්ලට ගරු කරනවා උඹලාගේ පලවෙනි රාත්රියේ උඹත් එක්ක එකට නොහිටියාට ..මොකද එයා ඇත්තටම ආදරය කරේ වෙන කෙනෙක්ට ..එහෙම තියෙද්දී උඹත් එක්ක හිටියා නම් වැඩක්ම නෑ ...
නමුත් කාලයත් එක්ක කෙල්ලගේ හිතින් එයාගේ පරණ ආදරය අමතක වෙනවා ..නමුත් ඒ කාලය තුල උඹේ ආදරය පෙන්නේ , දැනෙන්නේ නෑ එයාට ..නමුත් උඹේ ඉවසීම යම් තැනකදී නැතිවෙලා මේ ප්රශ්නේ කෙල්ලගේ දෙමාපියන්ට යනවා ..එතැනදී දෙමාපියෝ ඇවිල්ලා කෙල්ලට උපදෙස් දෙනවා ..එතන තමයි turning point එක ...එයාගේ පරණ ආදරය ගැන දැන් ලොකුවට හැගීමක් නෑ ..එත් දැන් උඹ මේ කෙල්ල වෙනුවෙන් ඉවසපු , දුක් විදපු දේවල් මතක් වෙනවා ..දැනෙනවා ..එතකොට උඹ ගැන දුකක් ,අනුකම්පාවක් ඇති වෙනවා ....උඹ ගැන නියම ආදරයක් ඇති වෙනවා එයාගේ හිත තුල ...ඒ නිසා තමයි එයාගෙන් උන අඩුපාඩුව තේරුම් අරගෙන උඹ ගාවට සබැ ආදරයෙන් ලං වෙන්නේ ...
උඹ ගොඩක් දුක් වින්ද කලින්..ගොඩක් ඉවසුව ..එත් දැන් උඹ ගොඩක් වාසනාවන්තයි ..මොකද උඹේ බිරිද දැන් උඹට සැබෑවටම ආදරය කරනවා ...උඹ හැමදාමත් බලාපොරොත්තු උන ආදරය උඹට ලැබෙනවා ..දැන් එයාගේ හිතේ වෙන කවුරුවත් නෑ ..උඹ විතරයි .....උඹ කලින් උන ප්රශ්නත් එක්ක ගොඩක් කලකිරිලා ඉන්නවා ඇති ...එත් උඹ පැරදිලා නෑ බන් ..උඹේ wife දැන් උඹට ඇත්තටම ආදරය කරනවා ..උඹත් එයට කලින් වගේම ලං වෙයන් ..දවසින් දවස උඹලා අලුතින් යාලු උන පෙම්වතුන් යුවලක් වගේ ආදරය විදින්නන පටන් ගනී ...ගොඩක් proposal marriage වල සුන්දරත්වය තියෙන්නේ විවාහ උනාට පස්සේ ....එයාලා ආදරය පටන් ගන්නේ විවාහ උනාට පස්සේ ......සුභ පතනවා ..