ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි #
ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක්
ෆෝන් එකයි-ෆැක්ස් එකයි කොම්පියුටරයයි තියෙනවනං බිස්නස් කරන හැටි මං දන්නවා
රවී ඩී සිල්වා සභාපති Grupo Canela
අභියෝග එන තරමට ඒවාට ඇලුම් කරන ඔහු, ඒවා ජයගැනීමෙන් ඉමහත් ආස්වාදයක් ලබයි. වැටෙන හැම මොහතක, හිටියාට වඩා හොඳින් නැඟිටින විදිය කල්පනා කරයි. මේ සියලු ගුණයන් එක්වූ කල ඔහු දැවැන්තයෙක් වූයේය.ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක් වේ නම් ඒ ඔහු ය. රවී ඩි සිල්වාය. මේ ඔහුගේ කතාවයි.
• රවී ඩි සිල්වා... ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයේ එතරම් කියැවෙන නමක් නෙවෙයි නේද...
ඒ මං වැඩිපුර ලංකාවෙ රැඳෙන කෙනෙක් නෙවෙයි නිසා. ඇෙමරිකාවේ බිස්නස් කරන, පාරම්පරික ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් මම. 1955 අරඹපු G.P. De Silva සමාගම මගේ තාත්තගේ. මමත් කාලයක් ඒ සමාගමේ වැඩ කළා. Grupo canela මගේ ම සමාගම. ඇරැඹුෙව් මීට 15 වසරකට පෙර, ඇමෙරිකාවේදි.
• මොකක්ද ඔය නමේ අර්ථය...
මේ නම කියැවෙන්නෙ ස්පාඤ්ඤ බසින්. Grupo කියන්නෙ සමූහයට. Canela කියන්නෙ කුරුඳුවලට. මෙතැන සමූහය තමයි, ලංකාවේ දකුණු පළාතේ කුරුඳු නිෂ්පාදකයෝ සහ සැපයුම්කරුවෝ. ඔවුන්ගේ කුරුඳු ලෝකෙට ගෙන යන නියමුවා මං. මඟ පෙන්වන්නා සහ රැකවලාත් මං.
• ලංකාවේ කුරුඳු ලෝකෙට ගෙනියන ඔබ නිසා, කොයිතරම් මුදලක් ලංකාවට එනවද...
අවුරුද්දකට ඩොලර් මිලියන පන්සියයක්. ඇමෙරිකා විතරක් නෙවෙයි, මැක්සිකෝව, කොලොම්බියා, පේරූ, ගෞතමාලා, ඉක්වදෝර්, සැල්වදෝර්, හොන්ඩියුරාස්... ඔය හැම රටකට ම සියයට හැත්තෑවකට වඩා කුරුඳු යවන්නෙ මං. කුරුඳු ගන්න කැමැත්තෙන් ඉන්න තව තවත් රටවල් - ප්‍රාන්ත හොය හොයා ගිහින් ලංකාවේ කුරුඳු ප්‍රචලිත කරන එකයි දැන් මං වැඩිපුර කරන්නේ.
• වසරකට කුරුඳු කන්ටේනර් කොයිතරම් ප්‍රමාණයක් ලංකාවෙන් යනවද...
සියයක් විතර. ඒ සියල්ල දකුණේ කුරුඳු.
• Grupo Canela සමාගම, මෙරට තුන් හතර දෙනකු අතේ පමණක් තිබූ කුරුඳු අපනයනයට වෙනස් මුහුණුවරක් දුන්නා කියලද ඔබ කියන්නේ...
නැහැ, කුරුඳු අපනයනයේ මෙරට තිබූ බල අධිකාරිය බිඳලම දැම්මා. කොම්පැණි තුන හතරක් අතේ මේ ව්‍යාපාරය තිබූ කාලෙ ගමට සල්ලි ගියේ නැහැ. අද අපේ සමාගමට කුරුඳු දෙන ගම්මානවල ජනතාව හුඟක් දියුණු වෙලා. කුරුඳු තලපු කටුමැටි ගෙවල්වල හිටි අය ගේ දොර හදාගෙන, වාහනයක් අරගෙන. කොටින් ම දැන් ඒ අය කියන්නෙ ‘අපි සිංහලෙන් Export කරනවා...’ කියලා.
• මොකක්ද ඒ කතාව...
ගමේ සැපයුම්කරුවන්ට තිබූ ලොකු ම බාධාව තමයි, භාෂාව. ඒ නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගැනුම්කරුවන් සොයා ගැනීම මෙතෙක් ඔවුන්ට තිබූ ලොකු ම ප්‍රශ්නයක්. Grupo Canela නිසා ඔවුන්ට දැන් සිංහල කතා කරන, ඕනෑම දේකට ඉදිරිපත්වන ශ්‍රී ලාංකිකයෙක් ඇෙමරිකාවේ ඉන්නවා. ඒ මං. ‘අපි ඇමෙරිකාවට කුරුඳු Export කරන්නෙ සිංහලෙන්...’ ඒකයි, ගම්වල අය එහෙම කියන්නේ.
• ඔබ හම්බකරන මුදල්වල ප්‍රතිලාභ ලැබෙන්නෙ ලංකාවට ද... ඇමෙරිකාවට ද...
ඇෙමරිකාවේ පදිංචිවෙලා බිස්නස් කරද්දි ඒ ප්‍රතිලාභ යන්නෙ ඇමෙරිකාවට. නමුත් මං මේ කරන ව්‍යාපාරයෙන් සියයට සියයක ප්‍රතිලාභ එන්නෙ ලංකාවට. ලංකාවේ කුරුඳු ඇමෙරිකාවට විකුණලා ඒ සල්ලි එවන්නෙ මෙහාට. ගම්වලට. ඩොලර් වලින් පිබිදෙන්නෙ අපි විතරක් නෙවෙයි, අපේ රටේ කුරුඳු තලන ගම්මාන. මේ රටේ ආර්ථිකය.
අපනයන ක්ෂේත්‍රයට මේ තරම් දායකත්වයක් සපයන ඔබ සමාගමට ලැබුණු ඉහළ ම සම්මානය කුමක් ද...
ඉහළම තබා කිසිම සම්මානයක් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මම ඉන්නෙ ඇෙමරිකාවේ. මේ රටට විදෙස් විනිමය ආවට අපේ සමාගම සැඟවිච්චි ගාණයි. කුරුඳුවලින් value added….නිෂ්පාදනවලට යොමු වී තිබෙන නිසා ඉදිරියේදි සමහරවිට අපව ඇෙමරිකාවේ වාණිජ මණ්ඩලයෙන් ඇගැයීමකට ලක්වේවි. ලංකාවේ තරගවලට අපිට ඉදිරිපත් වෙන්න බැරි, ඍජුවම අපනයන කරන්නෙ නැති නිසා. බලාගෙන යනකොට අපි රටවල් දෙකකට වැඩ කරන ඒත් ඒ දෙකට ම අයිතිත් නැති ව්‍යාපාරයක්.
• ඇයි ඔබ ලංකාවට අයිති නැහැ කියන්නෙ...
අපේ සමාගම ඇෙමරිකාවේ. මෙහෙ ගම්මානවල කුරුඳු නිෂ්පාදකයො සහ මේ රටේ ම අපනයනකරුවන් පිරිසක් හරහා තමයි ඇමෙරිකා කුරුඳු එවන්නේ. අපි ගන්නෙ ඒ සැපයුම්කරුවන්ගෙන්. මේක වක්‍ර ක්‍රියාවලියක්. ඉතින් අපි, මේ රටේ ඍජු අපනයනකරුවන් ගොඩට වැටෙන්නෙත් නැහැ.
• දුකයි ද ඔබට මේ තත්වය ගැන...
ඇත්තටම ඔව්. අපි හැංගිලා ගිය සමාගමක්. ඒත් රටට ඩොලර් මිලියන ගණන් උපයා දෙන සමාගමක්. ලාංකිකයෙක් හැටියට පුංචි වේදනාවක් තිබෙනවා තමයි.
• එතකොට ලංකාවෙ Grupo Canela කාර්යාලයක් නැතිද...
තිබෙනවා. නමුත් එයින් අපනයන කටයුතු කෙරෙන්නෙ නැහැ. එහෙම කළොත් අප වටා ඉන්න අපනයනකරුවන්ට සාධාරණයක් නැහැ. අපේ අපනයනකරුවන්ට ඇෙමරිකාවෙන් අපි ලබා දෙන ඕඩර්, නැව්ගත කිරීම්, ලිපි ලේඛන සියල්ල සකසා දෙන්නෙ ඒ ආයතනයෙන්.
• බිස්නස් කියන්නෙ ඔබට තාත්තාගෙන් ලැබුණු උරුමයක් ද...
එංගලන්තෙ university of London වල උසස් අධ්‍යාපනය ලබලා ලංකාවට ඇවිත් මං තාත්තගෙ GP De Silva සමාගමේ Export අංශය බාර ගත්තා. ඒ වෙද්දි, ව්‍යපාරය මං යනකොට තිබූ විදියෙමයි. ලොකු වෙනසක් නැහැ. මං වැඩ පටන්ගත්තා. අවුරුදු තුනක් යනකොට ලංකාවේ අංක එකේ කුළුබඩු අපනයන සමාගම බවට මම ව්‍යාපාරය ගෙනාවා. තාත්තාගෙන් ලැබුණු දේ මගේ ඇඟේ තිබෙනවා. ඒ නිසාම තාත්තා කළාට වඩා ඉදිරියට ගිය ආයතනයක් බවට පත් කිරීමේ උවමනාවයි එදා පටන් මට තිබුණේ.
• සමහර ලොකු ව්‍යාපාරිකයො ගොඩනැඟෙන්නේ තමන්ගෙ සැපයුම්කරුවන්ට ‘පොලු’ තියලා. මේ ගැන ඔබ මොනවද කියන්නෙ...
ඩොලර් මිලියන හත අට වටිනා කුරුඳු කන්ටේනර් ගණන්, අදත් මට ලංකාවෙන් එවන්නෙ ණයට. ඒ කන්ටේනර්වල තෙත් වූ - ඩැමේජ් වූ කුරුඳු පෙට්ටි තුන හතරක් තිබෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම වුණා කියලා සමහර සමාගම් වගේ, මං ඒවාට මුදල් අඩු කරන්නෙ නැහැ. ගෙවීම් ප්‍රමාද කරන්නෙත් නැහැ. අවුරුදු පහළොවක් තිස්සේ මේ ව්‍යාපාරය කෙරුණේ එහෙමයි. ඒ තමයි විශ්වාසය. තමන්ගෙ සැපයුම්කරුවන්ට බොරු කළොත් ව්‍යාපාරිකයකුට පැවැත්මකුත් නැහැ.
http://grupocanelausa.com/company.html
• අලුත් ව්‍යාපාර අවස්ථා හා අලුත් අදහස් පිළිබඳ ඔබ නිතර සිතන කෙනෙක් ද...
ඔව්. ලෝකයේ අලුත්වන ව්‍යාපාරික ප්‍රදර්ශන, සමුළු - සම්මේලන නිරන්රෙයෙන් සොයන - නරඹන - සහභාගි වන කෙනෙක් මම. ඇත්තට ම මගේ බිරිඳත් මේ Trade fair වලට යනවාමයි. අපි ඒවායින් ඉගෙන ගන්නා දේ බොහෝමයි. ඇයටත් දේපළ වෙළෙඳාම් නියෝජිත කටයුතු පිළිබඳ ඇෙමරිකන් ලයිසන් එක තිබෙනවා. මුල් කාලයේ දරුවොත් බලාගෙන ඇය ඒ වෘත්තියෙත් නියැළුණා. අනික කුරුඳුවලට අමතරව අපේ ගම්මිරිස්, කරාබුනැටි හා කැපූ පොල් අපනයනකොට බෙදාහරින ව්‍යාපාරයකුත් තිබෙනවා. එය බාරව ඉන්නෙ මගේ ලොකු පුතා. ගැළපෙන අලුත් ව්‍යාපාර පිළිබඳ අපි නිතර වෙහෙසෙනවා.
• එතකොට ඔබේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩය වන ‘කුරුඳු’ පිළිබඳ සොයා බලන්නෙ කොහොමද...
අවුරුද්දට දෙපාරක් අපි සැපයුම්කරුවන් මුණගැසීමට ලංකාවට එනවා. ප්‍රමිතිය නැතිනම් මේ ව්‍යාපාරය කරන්න බැහැ. ඒ බව ඔවුන් දන්නවා. ප්‍රමිතිය පිළිබඳ විශ්වාසය ඔවුන් සුරකිනවා. ඒ වගේම ලෝකයේ කුරුඳුවලින් තැනෙන නව නිෂ්පාදන සහ ඒවාට අමුද්‍රව්‍ය සැකසිය යුතු අලුත් විධි ගැන අපි ඔවුන් දැනුවත් කරනවා. මේක නිරන්තර බැඳීමක් එක්ක කෙරෙන ව්‍යාපාරයක්.
• අරමුණු සහ ඉලක්ක කරා යෑම... ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහ කරන්න...
මං 2001 අවුරුද්දෙ ව්‍යාපාරය ඇරැඹුවේ වර්ග අඩි 5000 ක පුංචි ගබඩාවක් කුලියට අරගෙන. අද මට ඇමරිකාවේ වර්ග අඩි ලක්ෂයකට කිට්ටු ගබඩා සංකීර්ණ තිබෙනවා. ප්‍රාන්ත කිහිපයක කාර්යාල තිබෙනවා. “මොනවා නැතත් ටෙලිෆෝන් එකයි ෆැක්ස් මැෂිමයි කම්පියුටරයකුයි තිබුණොත් ඇති... බිස්නස් කරන හැටි මං දන්නවා...’ කියන අධිෂ්ඨානයයි එදා මට තිබුණේ. අභියෝග බාර ගත්තා. අවදානම ගත්තා. ඉලක්කයට යන තුරු මං ආපහු හැරුණෙ නැහැ.
• ජීවිතේ බාර ගත්තු ලොකු ම අභියෝගය කුමක් ද...
ලක්ෂ විස්සක් අරන් ඇමෙරිකා ගිය එක. ලෝකෙ බලවතාගේ රෙට් මටයි කියලා බිම් අඟලක්වත් නැතිව රුපියල් ලක්ෂ විස්සකින් මං ගොඩනැඟුණා.
• කොහොමටත් ඔබ ව්‍යාපාර කළා. ඒත් ඇයි මේ තරම් අඩු ප්‍රාග්ධනයක් අරන් යන්න හිතුවේ...
මගේ සහෝදර සහෝදරියෝ කවුරුවත් කැමැති වුණේ නැහැ මං යනවට. මට තිබුණු ආදරේ නිසා ඒ අය මාව නවත්වාගන්න ඕනෙ නිසා මට සල්ලි දුන්නෙත් නැහැ. මං මගේ පැජරෝ ජීප් එක ලක්ෂ පණහකට විකිණුවා. ඒකෙන් විස්සක් තමයි ගෙනිච්චේ. මදි වුණොත් ලංකාවෙන් ගෙන්වාගන්න මට සල්ලි තිබුණා. ඒත් මට අවශ්‍ය වුණේ නැහැ.
• මොකක්ද ඔබේ Business Style එක...
මං බිස්සන් එක සතුටක් කරගත්තු කෙනෙක්. පැය විසිහතර ම වැඩ කළත් මට වෙහෙසක් නැහැ. අවුරුදු පහළොවක් තිස්සේ මං මේ ජීවිතයට පුරුදු වෙලා. මෙහේ දවල් වරුවම වැඩ කරලා මං රෑ වෙනකල් බලාගෙන ඉන්නෙ සැපයුම්කරුවො එක්ක සම්බන්ධ වෙන්න. ලංකාවට දවාලෙ මෙහෙ රෑ. ඉතින් මං දවසේ වැඩිහරියක් ඉන්නෙ ඇහැරගෙන. ඇඟෙන් ම එන ‘උණක්’ නිසා මට එහෙම නොකරත් බැහැ. ඒ තමයි මගේ විදිය.
• ඔබ ඇෙමරිකානුවන්ටත් රස්සා හදපු ශ්‍රී ලාංකිකයෙක්...
මට ඒ ගැන ආඩම්බරයි. ඇෙමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අමතරව ඇෙමරිකානුවන් දහ දෙනෙක් විතර මා ළඟ වැඩ. ලාංකිකයන්ට වගේ ම සමානව මම ඔවුන්ටත් සලකනවා.
• Boss කෙනෙක් හැටියටත් ඒ ආඩම්බරය ඔබ විඳිනවා ඇති...
Boss කෙනෙක් කියනවට වඩා ව්‍යාපාර නායකයෙක් හැටියට මාව හඳුන්වන්නයි, මං කැමැති. මං Boss වෙලා පැත්තක ඉඳන් වැඩබලන සිරිත මගේ නැහැ. මමත් ඔවුන් එක්ක වැඩ කරනවා. අපි Team එකක්. එහෙ බඩු පෙට්ටි බාන කෙනා පවා මට කතා කරන්නෙ නම කියලා. ඒක එහෙ විදිය. මං ඒකට කැමතියි.
• ජීවිතයේ ලබපු ලොකු ම ජයග්‍රහණයත් ඇමරිකා සම්ප්‍රාප්තියද...
ඒක විතරක් නෙවෙයි, ඒ ගමන නිසා කිසිම කරදරයකින් තොරව මගේ පුතාලා තුන්දෙනාට ම හොඳම උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න මට පුළුවන් වුණා. ඒක තමයි මමයි බිරිඳයි, අම්මෙක් තාත්තෙක් හැටියට ලබපු ලොකු ම ජයග්‍රහණය.
• ඇෙමරිකාව කියන්නෙ දරුවන්ට හැදෙන්න හොඳ රටක් නෙවෙයි... මෙහෙම මතයක් රටේ තිබෙද්දී ඔබ පුතුන් තුන්දෙනෙක් ම ඇති දැඩි කළේ ඇමරිකාවේ...
කියන්න සතුටුයි, මගේ පුතාලා තුන්දෙනා ම ඉතාම ගුණ යහපත්. එයාලා මෙහෙන් යනකොට 12 - 9 - 6 වයසේ දරුවෝ. බෞද්ධයෝ හැටියට ඒ පරිසරයේ දරුවෝ හැදීම තරමක අභියෝගයක් වුණා තමයි. අපි හැම ඉරිදම ලංකාවෙන් ගිය හාමුදුරු දෙනමක් ගෙදරට වඩම්මලා අපේ දරුවන්ට දහම් පාසලක් හදලා දුන්නා. ඒ අවට ලාංකීය දරුවොත් ඒ දෙමව්පියො ගෙනැත් ඇරලුවා. මේ ළමයි ලොකු වෙනකල් ම හාමුදුරුවරුන්ගෙන් බුදු දහම - බෞද්ධකම ඉගෙන ගත්තා. අපිට පේනවා පුතාලට ලංකාව ගැන ලොකු හැඟීමක් තිබෙනවා. ඒ තුන්දෙනා ම මව් රටට ආදරෙයි. පුළුවන් විදියට රටට උදව් කරනවා.
• Grupo Canela... තාත්තගෙන් පුතාලට යන ව්‍යාපාරයක් ද...
එහෙම විය යුතුයි. දැනටමත් ඒ අය බිරිඳටයි මටයි උපරිම ලෙස උදව් කරනවා. ලොකු පුතා සහ පොඩි පුතා Loyola Mary Mount සරසවියේත්, දෙවැනි පුතා University of the west සරසවියේත් ව්‍යාපාර කළමනාකරණය ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර ව්‍යාපාරය කළමනාකරණය වැනි ක්ෂේත්‍ර හදාරනවා. ව්‍යාපාරයට වැඩ කරන ගමන් ඔවුන් අධ්‍යාපනයත් කර ගන්නවා. පදනමක් පසුබිමක් ඇතිව පුතාලා ව්‍යාපාරයට එන එක තමයි අපේ කැමැත්ත. ඔවුන් ඒ යුතුකම හොඳින් ඉටු කරනවා.
• තාත්තගෙන් උරුම වූ ව්‍යාපාරික ප්‍රතිපත්ති තවම ඔබේ ජීවිතය තුළ තිබෙනවද...
තාත්තා මට හැමදාම කියපු දෙයක් තිබුණා. ‘පුතා බිස්නස් කරන්න අවශ්‍ය මූලිකම දේ සල්ලි නෙවෙයි, විශ්වාසය. ගනුදෙනුකරුවාට සහ ඒ ගනුදෙනුවට විශ්වසනීයව වැඩ කරනවා නම් සල්ලි නැතත් පුතාට දියුණු වෙන්න පුළුවන්...’ තාත්තගේ මේ අවවාදය මගේ ජීවිත තේමාව වගෙයි. ඇත්තට ම මේ අවවාදයේ පිහිටා ජීවත් වීම නිසා මං සාර්ථක ප්‍රතිඵල ලබලා තිබෙනවා.
• ජීවිතයේ වැටෙන අවස්ථාවලදී ඔබ මුහුණ දෙන්නෙ කොහොමද...
හිටියට වැඩිය හොඳින් නැඟිටින්න පුළුවන් විදිය මං කල්පනා කරනවා. මං ලංකාවේ ඉඳන් ව්‍යාපාර කරන කාලේ යවපු කුරුඳුවලට ඇමරිකානුවන්නේ ඩොලර් ලක්ෂ පහක පමණ මුදලක් නොලැබී ගියා. ඒ වෙලාවෙ හිතට ටිකක් අමාරු වුණා. මානසිකව යම් ඇද වැටීමක් දැනුණා. හැබැයි ඒ පරාධීන සිතුවිලිවල එල්ලිලා ඉඳලා ඵලක් නැති බව මම ම හිතුවා. ඒ ප්‍රශ්නය ඔළුවෙන් අයින් කළා. ඇමෙරිකා යනවමයි කියලා හිතට ධෛර්යය ගත්තා. මං ලබපු පාඩුවට වඩා, ඇමෙරිකා ගිහින් අපේ ම සමාගමක් ඇරලා ලබපු වාසිය ඊට වඩා වැඩියි.
• තීන්දු තීරණ ගනිද්දි ඔබ හිතුවක්කාරයෙක්ද...
ඔව්. මං හිතුවක්කාරයෙක්. ඉක්මන් තීරණ ගන්නා කෙනෙක්. හිතුවක්කාර දේ වුණත් මං කරන්නෙ ඉතා හොඳින් හිතලා. ඇෙමරිකාව වගේ රටක බිස්නස් කරද්දි ඒ රටේ ආර්ථිකය තුළ අපිට හැසිරෙන්න වෙන්න ඉතාමත් පරිස්සමට. ඒ වගේම වේගයෙන්. වංචනිකයො කොහෙත් ඉන්නවා. මේ රටේදි යමක් වුණොත් අපේම අය ඉන්නවා. ඉඩමක් හරි විකුණලා පාඩුව පියවාගන්න පුළුවන්. නමුත් ලෝක බලවතාගේ රටේදි මට එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ.
• එහෙම මුහුණ දීපු අමිහිරි සිදුවීම් තියෙනවද...
බිස්නස් එක පටන් ගත්තු කාලෙ එරට ප්‍රබල ම කුරුඳු ගෙන්වන කැලිෆෝනියාවේ සමාගමක් මට තර්ජනය කළා. ප්‍රසිද්ධියේම විරෝධය පළ කළා. සමාගම වහලා යන්න කිව්වා. මොකද ඒ අය අවුරුදු ගාණක් කරපු වෙළෙඳාමට තවත් තරගකාරයෙක් එනවට ඔවුන් කැමැති වුණේ නැහැ.
• ඔබේ බිරිඳවත් කිව්ව නැද්ද ‘ආපහු ලංකාවට යමු..’ කියලා...
එයාගෙ හිත මටත් වැඩිය හයියයි. ඇයත් දකුණේ ප්‍රබල ව්‍යාපාරික පවුලක ලොකු දූ. ව්‍යාපාරයකදි ගත යුතු අවදානම ඇයට හොඳින් හුරුයි. ඕනෑම දැඩි තීන්දුවක් ගනිද්දිවත් සැලෙන කෙනෙක් නෙවෙයි ඇය. ඇගේ ඒ හයියකම මගේ ජීවිතය පුරාම නැඟී සිටි යෝධ ශක්තිය. එහෙම නෙවයි නම් ඇමරිකාවෙ ලොකුම කුළුබඩු සමාගම වෙන්න අපිට පුළුවන් වෙයිද...
• මේ රටේ කුරුඳු ක්ෂේත්‍රයේ ඔබ විප්ලවයක් ඇති කළා කියල ද මේ කියන්නෙ...
එක කාලයක් තිබුණා වතු හිමියෝ කුරුඳු ගලවලා තේ හිටවපු. ඒ තරමට මිල පහත වැටුණා. වතු හිමියෝ කලකිරුණා. Grupo Canela ආවට පස්සෙ ඔවුන්ට අඛණ්ඩ ස්ථාවර මිලක් ලැබුණා. අවුරුදු තුනක් ඇතුළත කුරුඳු මිල දෙගුණයක් ඉහළ ගියා. පැය 10 - 12 ක් දවසකට හොඳ තත්වයෙන් කුරුඳු තලන අපේ සමාගමට සම්බන්ධ කෙනකුට, දවසට රුපියල් පන්දාහක් පමණ උපයාගන්න පුළුවන්. දැන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආදයම් මාර්ගය කුරුඳු. ඒ විතරක් නෙවෙයි, පාසල් අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වූ බොහෝ දෙනෙක් අද මම නිසා, Grupo Canela නිසා, දක්ෂ අපනයනකරුවො බවට පත්වෙලා. ඒකම විප්ලවයක්... සතුට පිරුණු විප්ලවයක්.
• කිරි හොද්ද රසකරන කුරුඳුවලට ලෝකෙ ඔය තරම් ම ඉල්ලුමක් තිබෙනවද...
ඇමෙරිකානුවන් කුරුඳු වැඩිපුර ම ගන්නෙ තම්බපු පානයක් විදියට. හරියට අපි තේ බොනවා වගේ, දියවැඩියාවට, පිළිකාවට සහ ශරීරයේ බර අඩු කරගන්න වගේ ම ඖෂධ හදන්න... ලස්සන වෙන්න... යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නත් ඔවුන් කුරුඳු භාවිත කරනවා. ලංකාවෙ තමයි ආසියාවෙන් ම හොඳ සැර සුවඳ කුරුඳු තිබෙන්නේ. ලංකාවෙ කුරුඳුවලට ඔවුන් කියන්නෙ ‘True Cinnamon’ කියලා. වියට්නාමයෙන් සහ ඉන්දුනීසියාවෙන් එන ‘කැෂියා’ කුරුඳු ගෙන්වීමත් දැන් තහනම් කරලා. ‘කැෂියා’ කුරුඳුවල පිළිකා කාරකයක් තිබෙන බව ඔප්පුවෙලා. ඒකයි ලංකාවෙ කුරුඳුවලට මේ තරම් ඉල්ලුම.
• කුරුඳු කියන්නෙ ඔබට සල්ලි උපයන අමුද්‍රව්‍යයක් පමණයි ද...
කුරුඳු කියන්නෙ මට හැඟීමක්. කුරුඳු එක්ක බැඳිලා තියෙන්නෙ ඩොලර් විතරක් නෙවෙයි. මගේ රටේ ගැමියන්ගෙ ජීවිත. අනික කුරුඳු රස මං නිරතුරු විඳිනවා. උතුරු සහ දකුණු ඇමරිකාවෙ මාව හඳුන්වන්නේ El - Ray De Canela නමින්. ඒ කියන්නෙ ස්පාඤ්ඤ බසින්, ‘කුරුඳු රජා’. ඇෙමරිකානුවන් එහෙම කියන්නෙ ඔවුන්ට මගෙන් ලැබෙන්නෙ ඉස්තරම් ම කුරුඳුවල රසයයි ගුණයයි නිසා. ඒ දේ මට ලැබෙන්නෙ මගේ රටින්. ඉතින් කුරුඳු මට හැඟීමක් නෙවෙයිද...
• ජීවිතය විඳින්න වෙලාවක් තිබෙනවද...
රට රටවල සංචාරය. ඒක මමයි බිරිඳයි එකම විදියට විඳින්න පුරුදු වෙච්චි ක්‍රමයක්. විශේෂයෙන් වෙලාක් නැති නිසා, වෙළෙඳ ප්‍රදර්ශන වගේ දේට යද්දි අපි දවස් කිහිපයක් සංචාරය සඳහාත් වෙන් කර ගන්නවා. බිස්නස් එකයි දැනුමයි - වින්දනයයි සියල්ල ඒ ගමන් වලදි එකවර ලැබෙනවා. මගේ බිරිඳ රූපත් මමත් ඉන් ලබන්නෙ අසීමිත සතුටක්.
• ඔබ ඉගෙන ගත්තෙ කොහේද...
අම්බලන්ගොඩ ධර්මාශෝකයේ. ඒ කාලෙත් මං බොහොම නිවුණු දරුවෙක්. හැබැයි බිස්නස් ගැන ආසාව හිතේ තිබුණා. ඒ නිසාම ඒ ළමා කාලෙත් බිස්නස් වැඩවලට මං තාත්තා එක්ක කොළඹ ආවා. මං උසස් පෙළ හොඳින් සමත් වුණා. උසස් අධ්‍යාපනයට තාත්තා මාව එංගලන්තයට යැවුවා. මං මිත්‍රශීලී කෙනෙක්. හිටියෙ කොතැනද එතැන මට හොඳ පිරිසක් හිටියා.
• ඔබෙන් කෙනකුට ගන්න පුළුවන් ජීවිතාදර්ශය කුමක් ද...
මං ඉස්කෝලෙ යන කාලෙ පටන් සිහිනයක් ඉලක්කයක් හඹා ගිය කෙනෙක්. අවුරුදු 25 යි මං තාත්තගෙන් ව්‍යාපාරයට සම්බන්ධ වෙනකොට. හරිම දේ හරිම වෙලාවට කරන්න. කරන දේට කැප වෙන්න. සතුටින් වැඩ කරන්න සහ වැඩකිරීම සතුටක් කරගන්න. ඒක ඉලක්ක කරා යන ජීවිතයකට හරි පහසුයි.
• ආයේ ලංකාවට පදිංචියට එන්න අදහසක් නැද්ද...
තව කාලයක් වැඩ කරලා හිතන්න ඕනෙ දෙයක් ඒක. අපි මහන්සි වන තරමට, නිහඬව හරි මේ රටට යමක් ඉපැයෙනවා. තව තවත් රැකියා අවස්ථා හදන්න අපේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න අපේ ව්‍යාපාර තවත් පුළුල් කළ යුතුයි. ඒ දැක්ම ඔස්සේ මගේ බිරිඳත් බිනුක, තිශුල සහ සජන පුතාලා තුන්දෙනාත් පූර්ණකාලීනව වැඩ කරනවා. ඇත්තට ම තව පුළුවන් උපරිම කල් වැඩකළ යුතුයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක