ගුඩ් මෝර්නිං තෝන්තු කුකුලනී...
ඊයේ මැච් එක ගැන මගේ අදහස නම් කන්ඩායම් දෙකම උපරිමෙන් කොරා. ඇෆ්ගන් උන්ගේ මිස්ෆීල්ඩ් වගේ පෙනිච්චා කීපයක් අනෙක්ස්පෙක්ඩට් ඒවා. එක බෝක්කුවක් හන් හද්ද චා. බවුන්ස් වෙලා හිය හතරේ ඒවා එහෙම කරන්න දෙයක් නෑ. ඇෆ්ගන් බඩා කීපරයා පට්ට සෑපක් දෙන්නේ. උගේ ටිකක් ලොකු සීන් වගේ. අර අවුට් එකට කෑ ගහපු විදිය දැක්කා නේ. කෝලියට, ශකිබ් අල් හසන්ට වගේ කෑ ගැහුවා නම් බැට් පාරක් කනවා ඕකා. කොහොමත් ඌ බැට් පරක් කන දවස වැඩි ඈතක නෙමෙයි.
බෝලින් ගැන කීවොත් අපේ අලුත් බෝලෙන් ඉස්සෙල්ලම ඇන්ජිව බෝල් කරවපු එක බොහොම හොඳයි. ඌ පස්සට දැම්මා නම් ඌට නෙලනවා. හේරා සුපිරි බෝල අතක් දානවා. ඒ වගේම ඊයේ ඇෆ්ගන්පකාලා හොඳටම හිර කරේ දුෂ්මන්තයා. ඌ පට්ට හයියෙන් බෝල් කරනවා. කොච්චර හයියෙන්ද කියනවා නම් තව අවුරුදු 03ක් ඔය වේගෙන් ඌ බෝල් කරොත් අනිවා උට ඉන්ජරීස් එනවා. ඒක නවත්වන්න බෑ. හරිහමන් පුහුණුකරුවෙක් යටතේ ඌව පුහුණු කරවලා උගෙන් වැඩක් ගන්න ඕනේ. කොහොමත් ෆාස්ට් බොලර් කෙනෙක්ට අවුරුදු 30-32 වගේ තමා උපරිම.
බැටින් ගැන කියනවා නම්.. අර මෝඩ තිරිමාන්නයාගේ විකට් එක ගියාට පස්සේ තිසරව එවපු එක බොහෝම හොඳ වැඩක්. ඒත් උගේ කරුමෙට ඌ රන් අවුට් උනා නේහ්. ස්පිනර්ස්ලට ගහන්න උ තමා හරියන්නේ. උස්සලා බෝලේ බවුන්ඩ්රියෙන් එලියට දාන්න පුළුවන්, දිල්ශාන් කියන ක්රීඩකයා වයසෙන් මංඉන එක නරකයි. දිල්ශාන් වයසයි තමා. ඒත් තිරිමාන්නයට බෑ තවම දිලී එක්ක දුවන්න. ඌට හති..
බලමු අපි දිල්ශාන් Vs ගේල් මොනා වේවිද කියලා..