වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Kattak set wenna yanne sinhalu...

    Ada service akata denma car aka ...

    Service buwa kiwwa cv joint tikak gewila kiyala...meka denma maru karana onada...kiyak yawida wedeta...
    Mama meka gena danne netha....

    Wahanaya..allion 240:)
    Udaw karapanko machanla...
    godak welawata oka duwanna puluwan thawa kal.. full kapala gannakota sadde sahenna wadi nam maaru karanna kaale hari. godak welawata eka paththak thamai gihin aththe. e side eka witharak maaru karala duwanna puluwan.

    mage eketh CV maaru kala 5,500 une eka side ekaka CV eka. Suzuki Swift 2003 1.3L HT51S ekak.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,341
    113
    මගෙනම් අදහස මාරුකරලා දාන්න කියලා සද්දෙ එනවනම්. ගනන් නම් දන්නෙ නෑ. සීවී ලක්ෂ එකාහමාරක් විතර දුවනව මං දන්න තරමින් අවුල් නොවී. අවුල් යන්න ප්‍රධාන හේතුව බූට් සවුත්තු වෙලා වැලි අනම් මනම් යන එක තමා.:yes:

    අපේ අනිත් කට්ටිය ආවම කියයි හරියට විස්තර. ග්‍රීස් එකකුත් එනව සීවී එකට වෙනම. ඒකත් එක්කම ගන්න.:)
    Aka thamai me mase mehemama duwala next monthma maru karanawa..auruduth laga nisa garage basla allanna amaruine..saddeth anne poddai yanthamata.boot nam hodai kiwwa...awath ahenmama maru karanawa ayeth ayeth galawanna bene neda...:)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,620
    3,341
    113
    godak welawata oka duwanna puluwan thawa kal.. full kapala gannakota sadde sahenna wadi nam maaru karanna kaale hari. godak welawata eka paththak thamai gihin aththe. e side eka witharak maaru karala duwanna puluwan.

    mage eketh CV maaru kala 5,500 une eka side ekaka CV eka. Suzuki Swift 2003 1.3L HT51S ekak.
    Ahenam mata okkotama 15k wath tiyagena wedeta bahinna wei...oka model aken model akata wenas wenawada machan....ada full service akak kala 19k giya alighnment check kala podi wenasak tibba athanata 950i..hehehe..20k owarai:) service akenuth cv joint maru karana weda karanawa kiwwa...eth tawa hoda thenak hoyala balana ona...:)
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    Ahenam mata okkotama 15k wath tiyagena wedeta bahinna wei...oka model aken model akata wenas wenawada machan....ada full service akak kala 19k giya alighnment check kala podi wenasak tibba athanata 950i..hehehe..20k owarai:) service akenuth cv joint maru karana weda karanawa kiwwa...eth tawa hoda thenak hoyala balana ona...:)

    Thamanma Kara ganna try karanna machan..:yes: .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටු වාසී ජනතාවනී...
    0002064B.gif


    සෑහෙන කාලෙකින් කටුවක් දාන්න යන්නේ මේක වේලි වේලි තියන නිසා...:yes::yes:

    කටුවක් කිව්වට මේක තනිකරම ඉල්ලන් කෑමක්.:baffled:
    ..........
    .........
    .........

    මේ වගේ වැඩක් වුනාම කලබල නැතුව කල්පනා කරලා වැඩේ ගොඩදාගන්න හැටි කියල කටු වලින් අපිට දෙයක් උගන්නපු පොල් මාමි ඇතුලු කටුවාසී සියලු දෙනාටම තමා මගෙ ස්තූතිය..

    මේක වුනේ පෙරේදා රෑ... :P ගමනක් යන්න ලංවෙලා හොඳට තියන කෑලි එහෙම ගලවන්න යන්න එපා කවුරුවත් ඔන්න..:P:P
    [/SIZE]

    කාලෙකින් හොද කට්ටක් රස වින්දා :D
    බොහෝම ස්තූතී හරිදු මල්ලි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරිදු මල්ලිගේ කටුව දැකලා නැවත හිතට කටු පිබිදීමක් ඇතිවුන නිසා මේ කට්ට ලියන්න හිතුවා. කට්ටක් කිව්වට මිත්‍රවරුණි මේක ටොම් මාමා කරගත්තු ගොංකමක්. :rofl:
    photodune-4615571-astonished-bizarre-man-blue-hair-s-620x330.jpg

    ඔව් ඔව් ටොම් මාමා ඉද හිටවත් ගොං කමක් කරගන්නවා තමයි. මතකනේ පහුගිය කාලේ :P ඒවා වැඩක් නෑ. දැන් නම් වැඩිය එලකිරි එන්නේ නැත්තේ නොසෑහෙන්න වැඩ තියන නිසා. මොකද මම කරන ජොබ් එකේ හැටියට ආදායමට වැඩිය හිතන්න ඕනේ ඒකට තියන කැපවිම ගැනනේ. හරි හරි ඒ බයිලා වලින් වැඩක් නෑ උන සීන් එක කියන්නම්කෝ..

    උඹලා දන්නවනේ ටොම් මාමා වාහන අරං විකුණලා පොඩි අමතර ගානක් හොයා ගන්නවා කියලා. දැන් නම් ඕකත් කරනවා අඩුයි. ඒත් පහුගිය කාලේ නම් කොලා. ඉතිං කාවවත් අමාරුවේ දාන්න බැරි නිසා ගත්තු වාහනයක ලෙඩක් එහෙම අහු වුනොත් ඒක හදලා තමයි විකුණන්නේ. ඉතිං ඔහොම මම ගත්තු fb13 වර්ගයේ කාර් එකක ෆ්ලෝබෝඩ් එකේ දිරුම් ටිකක් තිබුනා. දිරුම් කියන්නේ මේවගේ ground clearance මදි නිසා යට වැදිලම එන දිරුම්.
    nissan-sentra-b13_key_10.jpg

    ඉතිං ඔය ටික පාස්ස ගන්න නම් කාපට් එක ගලවන්න එපැයි. පාස්සන්න ගෙනියන්න කලින් එක දවසක් දෑ හැන්දෑයාමෙක ටොම් මාමා කාපට් එක ගලවලා දැම්මා. උඹලා දන්නවනේ කාර් එකක කාපට් එකක් ගලවනකොට තියන සනීපේ. සිට් ඔක්කොම ගලවලා console අරවා මෙව්වා ඔක්කොම ගලවලා හිටං ඉන්න ඕනේ. අපරාදේ කියන්න බෑ වෙනද වගේ නෙවෙයි අන්තිම ඇනේ වෙනකන් හොදට ගැලවුනා. එහෙම කිව්වේ ගොඩක් අය දන්නවා ඇතිනේ වාහනයක කාලයක් ගලවලා නැති ඇන ගලවනකොට එකක් හරි හිරවෙලා ආතල් එකක් දෙනවා කියලා...

    s-l225.jpg

    මේ වගේ කාපට් එකක් ඈ..

    ඔන්න ඉතිං ගලවලා ඉවර කරලා ආපහු ඩ්‍රයිවිංසීට් එක විතරක් හයි කරලා තිබ්බා. දැන් සිංහලු කාර් එකේ ඩෑෂ් බෝඩ් එක තිබුනට center console, cubby වගේ ගොඩක් කෑලි බෑලි ගේ ඇතුලේ පුරවලා තමයි තියන්නේ.
    $_1.JPG
    s-l300.jpg


    කාර් එක මදේ නැනි පොත්ත වගේ තියනවා. ආසාවේ බෑ අෆ්ෆා ඉස්සරහින් බැලුවම ඩිකිය ඇතුලේ පේනවා. ඩිකිය ඇරියම ඉස්සරහා පේනවා.
    501504d1177359360-nissan-intercleaning-etc-ser_gtrs-biggy-d-i-y-3_akw_pakwheels-com-.jpg


    ඔන්න පහුවෙනිදා උදෙන්ම මේක ටිංකරිං කරන තැනට අරං යන්න පිටත් වුනා. කිසී අව්ලක් නෑ ගම පැත්තෙන් යන්න පුලුවන් තැනක්..

    කතාව ඇති. ඔව් සිංහලු ඇති.. දැන් මේ සිංදුව අහමු.
    Country roads, take me home to the place I belong.
    West Virginia, mountain mamma, take me home, country roads.



    ඔන්න ඉතිං දවස් තුනකට විතර පස්සේ මෙන්න බොලේ කෝල් එකක් එනවා ගැරජ් එකේ අයියගේන්. හලෝ මල්ලි ... ගුඩ් මෝනිං . ඔයාගේ වැඩේ ඉවරයි ඇවිල්ලා අරං යන්න කියලා.
    images

    මමත් ඉතිං වැඩි ප්‍රමාදයක් නැතුව ගැරජ් එකට ගිහින් වාහනේ අරගත්තා.

    අව්ලක් නෑ පොර වැඩේ මරුවට කරලා තියනවා. ඒ පොරගේ හැටි කරන වැඩක් බොක්කෙන්ම කරනවා. ඒවගේම අම්බානෙකට සිගා ගහනවා. :baffled:
    මේක ඉතිං ගත්ත ගමන් මතක් වුනේ මේකට අන්ඩර්කෝට් එකක් ගෑවනම් හොදයි කියන එක තමයි. එතකොට ගන්න කෙනෙකුට දෙයියනේ කියලා තව අව්රුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන් නේ. ඉතිං මම ඔය ගමන්ම ටව්න් එකට යන්න පිටත් වුනා අන්ඩර්කෝට් එකක් ගන්න.

    යනවා තමයි. මෙන්න බොලේ සිග්නල් වැඩ කරන්නෙ නෑ :dull: අඩුම තරමේ ඩෑෂ්බෝඩ් එකේ වත් පෙන්නන්නේ නෑ. හුටා අරූ වයර් පුච්චලා වෙන්න ඕනේ. කියලා ඌටත් හිතෙන් බැන බැන වංගුවෙන් දැම්මා විතරයි මෙන්න බොලේ සුදු පටි මාමා කෙනෙක්. :nerd:
    2856773446.jpg

    පොර - ඔබ තුමා කොහෙද යන්නේ කෝ සිග්නල්.
    මම - ඒක තමයි මම මේ මේක ගැරජ් එකට දැම්මා ටිංකරින් කරන්න, එතනදි වයර් පුච්චලා වගේ දැන් සිග්නල් වැඩ කරන්නෙ නෑ කියලා කිව්වා. :frown:
    පොර - කාර් එක ඇතුලට ඔලුවත් දාලා හ්ම්.. ගාලා මගෙන් මොනවද කරන්නේ කින්දමන්ද කියලා අහලා, සිග්නල් ගැන නීතියත් කියලා හිටං යන්න කිව්වා. :D

    ඔන්න ඉතිං ටොම් මාමා අන්ඩකෝට් ටින් එකත් අරං යහතිං ගෙදරට සේන්දු වුනා.
    ආපු වෙලේ ඉදලා ටිංකරින් කරපු අයියට හිතින් බැන බැන පිච්චුන වයර් හොයන මෙහෙයුම දියත් කරා. :frown:
    හෙව්වා හෙව්වා කිසිම වයයර් එකක් පිච්චිලෑ නෑ කියහංකෝ. :dull: ඊටපස්සේ ෆියුස් බැලුවා. ඒවත් හොදයි :dull: දැන් ඉතිං මක් කොරන්නද, කමක් නෑ පස්සේ වයරිං බුවා ගාවට ගෙනිහින්වත් බලාගන්නවා කියලා හිතාගෙන අන්ඩර්කෝට් එක ගාන්න ගත්තා‍.:dull:

    ඔන්න ඉතිං අන්ඩකෝට් එක ටිනර් වලින් දියකරලා ගානවා ගානවා මේ මලදානේ නෙවෙයි ගෑවෙන්නේ. :dull: අන්තිමට වැඩේ පැත්තකින් තියලා අපේ IDG මලයා අමතලා ඇහුවා අන්ඩකෝට් ගාන්න කවලං කරන්නේ මොනවද කියලා. :D ඔන්න ඊටපස්සේ තමයි භූමිතෙල් සමග අන්ඩකෝට් ගෑමනාව පටන්ගත්තේ. :D වැඩේ ඉවර කරලා, දවසක් වේලෙන්න තියලා ඊලග දවසේ හවස කෑලිබෑලි තනියම සවි කිරීමේ මහා ව්‍යාපෘතියට අත ගැහුවා.
    කොටසින් කොටස තිබුන විදිහටම පිහද පිහද හයි කොරන්න ගත්තා. ගලවනවා වගේ නෙවෙයි සිහලු හයි කරන්න ගියාම තියන ආතල් එක කියලා නිම කොරන්න බෑ.:D
    සිග්නල් හදන්න යන්නත් වෙලාවක් නැති නිසා, තව දවස් දෙකක් කාර් එක එකම තැන තියන්න වුනා. :dull: මොකද ආයි ඕකේ ගිහින් අර සුදු පටි කාරයටම මාට්ටු වුනොත්.

    ඔහොම ඉන්නකොට ටොම් මාමට හීනෙන් වගේ පෙනුනා (හීනෙන්ම නෙවෙයි ඈ..) hazard light දාලා බලපං කියලා.
    දැම්මා තමයි................
    මෙන්න බොලේ යස අගේට ඒවා වැඩ :baffled:
    car-light.gif


    දැන් මොකද කරන්නේ සිංහලු සිග්නල් ලයිට් දාලා බන්න ඕනේ නේ? ඔව් ඔව් ඔන්න මීලග උත්කෘෂ්ට අවස්තාවේ සිග්නල් ලයිට් දාලා බැලුවා. :rofl: කිසි අව්ලක් නෑ ගින්දර වගේ වැඩ කියහංකෝ. :P

    හුටා...

    එහෙනම් මොකද වෙලා තිබුනේ :angry:

    වෙලා තිබුන දේ තමයි ටොමාගේ ගොංකම කියන්නේ. :frown: මට ටොමත් එක්ක එකසිය ගානට මල. මේකේ center console එකේ තියන hazard light ස්විච් එකේ ක්ලිප් එක ගැලෙව්වට පස්සේ සිග්නල්වත් හසාඩ්වත් මොන මල දානයක් වත් වැඩ කරන්නෙ නෑ යකූ :frown: අඩුම තරමේ ඩෑෂ්බෝඩ් එකේ සිග්නල් ලයිට් වත් වැඩ කරන්නෙ නෑ.
    sentra.JPG


    ඔය ටික අරූට (ටොමාට) කලින් හිතාගන්න බැරුව ගියානේ. :angry: ඉතිං ඌත් එක්ක මල පනින එක සාධාරන නැද්ද උඹලා කියන්නේ.

    ඔන්න ඕකයි සිහලු විස්තරේ. මේකෙන් උඹලට ගන්න තියන උපදේසේ.. මොකක්ද? ඇත්තටම කියනව නම් උපදේසෙයක් නැති තරම්. :P නමුත් මේ වගේ ගොන් වැඩ නොකරන්න මේක ආදර්ශයක් කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි වගේ කටුවක් දාල තියෙන්නෙ ටොම් මාමා..:D:D:D

    මං ඕක දැනගත්තෙ ඩෑෂ්බෝඩ් එක ගලවලා ගැරෙජ් එකට යන්න හදනකොට.:P හැබැයි එකපාරට හිතුනා හැසාර්ඩ් එකේ ස්විච් එක තමා කියල.:yes:
     
    Status
    Not open for further replies.