ලොල්! හොඳ මාර්කටින් පාර! ලබන ආත්මෙ ඉපදෙන්නෙ කොහෙද කියලත් කිව්වද නංගි!!![]()
ඔහොම තමයි යකෝ මාත් හිතාගෙන හිටියෙ,මම ඕවා බොරු කියල අපේ බැච් එකේ කෙල්ලෙක් එක්ක වලියකුත් දාගෙන හිටියෙ.මේ ලගදි පට්ට සීන් එකක් වෙලා මම කොර වෙලා ඉන්නෙ.කේන්දරේ දුන්න ගමන් ඇදලා ඇරලා කියහන්කො මුලූ සීන් එකම සට සට ගාලා,යකෝ ඕ ලෙවල් රිසල්ට් එකත් හරියට කිව්වම කොහොමද ආතල් එක?වෙච්චි කරදර විපත්,අපේ හිතේ තියෙන ඒවා පවා ඇද්දම දුක හිතෙනවනෙ.මම ඕවා අහන්න ගියෙ නෑ අපෙ අපෙ අම්මා තමයි ගියෙ.මම ඉගෙනගන්නෙ මොනවද,ඉගෙනගත්තෙ මොනවද කොයි වගේ පොරක්ද මොනවද හිතේ තියාගෙන ඉන්නෙ ඔය ඔක්කොම කියලා එවලා.බුදු අම්මෝ දැන්නම් මම පිලිගන්නවා යම් තරමකට ඕවාත් ඇත්ත කියලා,ඒත් ඔය ටීවී වල කෑ ගහන උන්නම් ගොඩක් හොරු.හැබැයි ඔය බම්බලපිටියෙ ප්ලේස් එක නෙවෙයි අනුරාධපුරේ.13000ක්නම් වැඩියි පුතේ ඇත්තටම ඕවා කරන මිනිස්සු සල්ලි මෙච්චරක් දෙන්න කියලවත් කියන්නෙ නෑ.මේක ඇඩ් එකක්නම් නෙවෙයි,අනිත් එක අපෙ අම්මව අන්දන්නනම් බෑ ලොවෙත්.අනිත් එක එදාම දැකපු මිනිහෙක් අපි කරන්නෙ මොනවද කරේ මොනවද පවුලට උනු කරදර මොනවද මගේ අනාගත ප්ලෑන් මොනවද ඔක්කොම හරියට කියලා තිබුනා,මම ගියෙවත් නෑ යකෝ මම කොළඹ ඒ මනුස්සයා අනුරාධපුරේ මිනිහා කොහොමද මගෙ ඔලුවෙ තියෙන දේවල් දන්නෙ?තව අපේ සහෝදරීගෙ විභාග රිසාල්ට්,එයාට අමාරු සබ්ජෙක්ට්,කොටින්ම එදා ලෙඩක් හැදිලා ක්ලාස් ගිහින් තිබුනෙ නෑ ඒකත් කිව්වම කොහොමද වැඩේ?
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
e davas vala podi karadarayk vela vatuna ban 0 tama..passe ovata nknma yomu venavane...ape geval patheth nathi..jivitheta ghn nathi pathakata gya..gyama kiva rs 23k ekkada koheda bulath koleka thygena danaganna ona de gana hithagena yanna Kyla..yako gya gaman kiyanna gathane sn eke mula idala agatama...mona vdhta kivada Dane na..un adugane mava danneth na..mata uja siddiya hena amuthu ekk hnda kypu eka random kive na Kyla sure..mona krameta hari mage hitha kiyavala hari kivvaමොනව කරත් ඕව බොරු බන්! ඕව කියන උන් එක දෙයක් හරියටම point කරල කියන්නෑ! හොදට බලපන් උන් කරන ඕන දෙයක් කරේ කොහොමද කියල විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන්! බලපන් අර රාවණාට පනදෙන්න පුලුවන් කියල පිස්සු ගෑණියෙක් රඟපු රැඟිල්ලක්! දෙයියො හීනෙන් කිව්වලුඒ වගේ උන් හිතන් ඉන්නෙ අපිත් ඒ කාලෙ ගම්වල හිටිය වගේ මිනිස්සු කියල!! වැඩේ කියන්නෙ ඕව පිළිගන්න මිනිස්සුත් තාම ඉන්නවනෙ බන්!!
මම අම්මගෙන් අහලා හරියටම කියන්නම් මචන්Koheda bun place eka?
Anuradhapura koheda pora inney?




මේක ඇත්ත නම් එකෙන් අපිට වෙන බලපෑම මොකක්ද? අනතුරක් වෙනවා කියල කලින් කිව්වම ඒ අනතුර වලක්වා ගන්න පුළුවන් නේ. හැබැයි එහෙම උනොත් මේ කියපු එක බොරු වෙනවා. HashiniBM කියපු විදිහට කියපු කිසිම දෙයක් වෙනස් වෙලා නෑනේ.
විද්‍යාත්මක මතයක් තියෙනවා. මේ විශ්වයම වැඩ කරන්නේ පැටර්න් එකකට කියලා. ඒ අනුව අපි සිතන පතන හැම දේම අපි ලබන අත්දැකීම් මත තීරණය වෙනවා. ඒ නිසාම කිසිම සිද්ධියක් අහුඹුවක් වෙන්නේ නෑ. විශ්වයේ පැවැත්මේ අවසානය වෙනකන්ම සිදුවීම් පෙළගැස්විලා අවසානයි.![]()

මගේ යාලුවෙක් ගියා... එයාගේ කියපු දේවල් හරි කිව්වා...අනාගතය ගැන කියපු ඒවා ඇත්ත උනොත් මං කියන්නම්...![]()

හැඳුනුම්පත් අංකය දුන්නම මවුපියන්ගෙ නම් හොයාගන්න පුලුවන් තැනක් ජාවත්තෙ තියෙනව. එතන එකෙකුට ගාණක් දුන්නම ඕක හොයල දෙනව. ඉතිරි පල්හෑලි ඔක්කොම මනස්ගාත![]()


ඕක කර්ණමුන්ඩිය බන්ධනයක් (පෙරේතයෙක් වගේ කෙනෙක් අල්ලාගෙන විස්තර දැනගන්නවා වගේ දෙයක්) භාවිතා කරලා කරනවා කියල තමයි මම අහල තියෙන්නේ. අනාගතය ගැන අවිනිශ්චිත සහ වැරදි අනාවැකි පල කිරීමටත්(සැමවිටම) , අතීතයේ සහ වර්තමානයේ යම් යම් නිවැරදි කරුණු පැවසීමත් කලින් සදහන් කල ක්‍රමයේ ලක්ෂණයක්. ඒ කෙසේ වෙතත් නාඩි වාක්‍ය අහනවා කියන එකම කිසි තේරුමක් නැති දෙයක් කියලයි මට හිතෙන්නේ. එකට හේතු කිහිපයක් තියෙනවා ,
1.අපිට අපගේ අතීතය , වර්තමානය වෙන කෙනෙකුගෙන් අසා දැනගන්නට අවශ්‍යතාවයක් නොමැති නිසා.
2.1. අනාගතයේ සිදුවන දෙය නාඩි වාක්‍ය ඔස්සේ දැනගෙන එය වෙනස්කල හැකිනම් , එම පුස්කොලපොත් වල සදහන් එම කරුණු වැරදි යයි ඔප්පු වේ. (අසන්නා රැවටී ඇත)
2.2 අනාගතෙය් සිදුවන දෙය කිසිම ආකාරයකින් වෙනස් කල නොහැකි නම්(නාඩි වාක්‍ය සත්‍ය නම්), අනාගතය නාඩි වාක්‍යයෙන් ස්වායත්ත වීම. ( අසන්නා මෝඩයෙකි)




Mama gihin ahuwa 12000k gaththa
mage ammage nama / thaththage nama / dennagema rasswal kiwwa
kanawata neme, kelinma "me saasthrya ahana menawiyage mawa ge nama kiyala, kelinma kiwwa"
mage parana una dewal / prasna / kalin yalu wela hitapu kena gana kiwwa
mata oparation ekak karapuwa kiwwa
mata accident wenna thiyena awurudu masa kiwwa, 2k kiwwa widihatama una
mage wiwahaya kerena hati, husband ge namai gamai kiwwa
mama marena awurudda, welawa kiwwa
Mage ilaga awuruddu oparation ekak karanna wenawa kiwwa eka thanaka
eka mama thawama danne naha kiwwa
oka ahapu dawasema mama dhosthara gawata gihin check kala
aragollo kiyapu eka aththa una
mata oparation ekata date labuna, hariyatama ara gollo kiyapu masema thama oparation eka thiyenne
okkoma kiyala recording DVD ekak dunna
athithaye oya tharam dewal hariyatama kiwwa nisa mata nam 100%k wishwasai
dan kattiya math ekka randuwata enna epa adhagena
mama gihin MAGE salli walin MAGE jeewithe gana ahala aawe
oyalata boru kiyala hithenawa nam oyalath try karala balanna
PS-
Thawa mama giya athme ipaduna palatha, mage nama
mama karapu paw wada, ewa nisa me athme labena dewal
ilaga athme mama ipadena palatha, mage nama ehema kiwwa
Mama jeewithe karapu hodama wade thama othanata giya eka
MC eka gawa idan 3Wheel eke yanna thiyenne
ape agili salakuna aran tikakin kiyanawa apita kiyana welawa
api tamil danne nathhtam tamil walin kiyana eka translate karana kenata 1000k denna ona![]()
මමත් ඔතැනට ගියා ටික කලකට කලින්. මට නම් තේරුනේ උන් අපේ විස්තර අපෙන්ම අහගෙන හොඳ ගෙසින් ක්‍රමයකින් ආයෙත් අපිටම කියනවා වගේ එකක්. උදාහරණයක් කියන්නම්. උන් කියනවා එක වෙලාවක ඔයාගෙ නමට අකුරු තුනක් තියෙනව කියලා. අපි ඔව් කියනවා. ඊලඟට අහන්නෙ අපේ නම ගැන නෙවි අම්මගෙ හෝ තාත්තගෙ නම ගැන. ආයෙ ඔන්න එකපාරටම අපේ නමේ මුලකුර මේකයි කියලා අකුරු සෙට් කීපයක් වේගයෙන් කියන් යනවා. අපි නමට අදාල අකුර මේ සෙට් එකේ කියවෙනකොට අපි "ඔව්" කියනවා. බාග වෙලාවට අපේ ඉරියව් එහෙමත් හොදීන් බලන් ඇති නියම අකුර කියවෙනකොට expression වෙනස් වන විදිය හෙම. මම expressionless විදියට හිටි හින්දද කොහේ අකුර පවා උන් ඇහැව්වා. ඔන්න ඊලඟට කියනවා ඔයා සයන්ස් ලයින් එකෙන් ඉගෙනගෙන තියෙනවා කියලා. ඔව් නෑ උත්තර අනුව උන් අපේ වෘත්තිය ගෙස් කරනවා. ඔන්න එකපාරට නමේ අග අකුර මේකයි කියලා අර වගේ අකුරු සෙට් කීපයක් කියනවා. අපි උන්තරයක් දෙනවා. ඔන්න එකපාරට ඊලඟට කියනවා ඔයා ආණ්ඩුවෙ රස්සා කරනවා කියලා. උත්තරේ ඔව් නෑ අනුව උන් තව ජොබ ගෙස් කරනවා. ඊලඟට කියනවා ඔයාට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි ඔව් හෝ නෑ කියනවා. ඔයාගෙ නම මේක කියලා ඔන්න එකපාරටම නම කියනවා. අපි පුදුම වෙනවා.
ඒ උනාට මේ වෙනකොටත් උන් අපේ නමේ මුලකුර හා අග අකුර අපිට නොදැනෙන්න අපෙන් අහගෙන. නමේ අකුරුගානත් අහගෙන. නිකමට හිතන්න මුලකුට කයන්නෙ කොටසක්. අග අකුර රයන්නෙ කොටසක්. නමට අකුරු තුනයි නම්. නම කුමාර කියලා ගෙස් කරන එක එච්ච්ර අමාරු නෑ. අම්ම තාත්තගෙ නමත් එහෙමයි ගන්නෙ. අපිට දැනෙන්නෙ නෑ අපෙන්ම අහගන්නවා කියලා මොකද එකවෙලාවකට එකක්, තව වෙලාවකට තව එකක් අහන්නෙ. මේ එක එක විස්තර අහගන්න එකට උන් කියන්න ඔයාගෙම නාඩිය තියන පුස්කොලේ තෝරනව කියලා. උන් කියන එක වැරදුනොත් (මුලකුර වගේ එකක්) වෙන පුස්කොලයක් ගන්නවා අපිට පේන්න වෙන ප්‍රශ්නයක් අහනවා. එහෙම නේද උනේ?
දැන් ඔය අන්තිමට දෙන සීඩී එක ඔයා අහැහුවනම් ඒකෙ ඔය කිව්ව පුස්කොල තෝරන සීන් එක හෙවත් අපේ විස්තර අපෙන්ම ගන්න එක නෑ. සීඩී එකට රෙකෝඩ් කරන ටික කියන්නෙ අන්තිමට විස්තර ඔහ්හොම ගත්තට පස්සෙ. පස්සෙ දවසක ඒක අහනකොට අපිට හිතෙන්න අඩෝ මුන් ඔක්කොම හරියටම කියලා නෙ කියලා..මම හොරාට ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරල ගියේ. ඒ රෙකෝඩින් එකයි, ෆයිනල් සීඩී එකයි දාල බැලුවම වෙනස තේරෙනවා හොඳට.
මම මේ කිව්වෙ මට තේරුණ විදිය. වෙන කෙනෙක්ට මේක වෙනස්ව කියන්න ඇති. මම නම් රු6000 කින් යන්තම් ශේප් වෙලා ආවා. ඔක්කොම පරිච්චේද අහන්නෙ නැතිව.
මට අහන්න තියෙන්නෙ වාඩිවුනගමන් ඔයාගෙ නම මේක, අම්මගෙ නම මේක, තාත්තගෙ නම මේක, ජොබ මේක කියලා (අර සීඩී එකේ තියෙන්නා වාගෙ ) කියාගෙන ගියාද? නැතිනම් එක එක ප්‍රශ්න අහල ඔයාගෙන් උත්තර ගත්ත්ද? අර කිව්වා වගේ එක එක ඒවා ඇහුවද?
සමහරවිට කියවන රීඩර් අනුවත් මේක වෙනස් වනවා ඇති. ඔයාට කිව්වෙ අර කොලේ නම තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ද?
මම විවෘත මනසකින් මේක දිහා බැලුවෙ. මේක ඇත්ත හෝ බොරු කරන්න ඕන නෑ. මෙතනට ගිය තව කෙනෙක් විදියට අත්දැකීම දැනගන්න කැමතියි