~ ගිලෙන්නේ නැතුව නාන්න ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ ගිලෙන්නේ නැතුව නාන්න ~

    මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!

    මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.

    අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
    මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි .
    ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.හැබැයි වාරකන් එන්නත් දැන් දැන් ලගයි.කොහොම උනත් මුහුදේ නාන අයට නම් අපුරු තැනක්.
    අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
    මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
    වැඩි විස්තර දැනගන්න ගිහින්ම බලන්නකො…


    xMAd3Cg.jpg


    7nEp5qn.jpg


    nhCpsPc.jpg


    n5zulXg.jpg


    eob9Bow.jpg


    JPUg0uk.jpg


    LVTRfG6.jpg


    golwS61.jpg

     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පට්ටම තැනක් තමා:yes:. හැබැයි ටොපි කොලයක්වත් විසිකරන්ඩ බලං යන්ඩ එපා හරිම අපරාදයක් ඒක. :no:
    අනික තමා
    අපි බීල බැස්සම වතුරෙ ගැඹුර කොච්චර ද කියන එක බලපාන්නෙ නැති බවත් සිහියට ගන්ඩ වෙනව.:yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ටම තැනක් තමා:yes:. හැබැයි ටොපි කොලයක්වත් විසිකරන්ඩ බලං යන්ඩ එපා හරිම අපරාදයක් ඒක. :no:
    අනික තමා
    අපි බීල බැස්සම වතුරෙ ගැඹුර කොච්චර ද කියන එක බලපාන්නෙ නැති බවත් සිහියට ගන්ඩ වෙනව.:yes:


    ඒක ඇත්ත මචන් සිහි කල්පනාව කියන දේ වටිනවා..
    ප්‍රදානම දේ තමයි ගියාට කමක් නැහැ ..ගිහින් ඒ සුන්දරත්වය විදලා එන්න
    කාල බිලා හැමදේම එතන විසි කරලා එන්න එපා..
    ගිහින් ආතල් ගන්න තවත් පරපුරකට මේ ලස්සන දැක කියාගන්න
    ඉඩ තියල..

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පීනන්න නොදන්න මම වගේ උන්ට කියාපු තැන..:rofl:
    මමනම් තුන් පාරක් වගේ මුහුදේ නාල තියෙන්නේ..:(
    TFS..!