හොයියා හෝයියා...මා දැල් අදිමු.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම්... ඔය කියන මාදැල් එලන්නෙ මේ විදියටද මචං..
    තියරිය මේකද...

    kBVpmcr.gif


    මම දැලක් ඇදින තැනකට ගිහින් පොඩි සපෝර්ට් එකක් දීල තියනව, යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක... දකුණෙ හුම්මාන කිට්ටුව... තව වාද්දුවෙ බ්ලූ වෝටර් එක ලඟ එහෙම... පට්ට... හැබැයි මචන් මූදු රස්සාව කරන අයගෙ ගෙවල්වල කාන්තාවන්ට මාර රසට කෑම උයන්න පුළුවන්... තව අමතක නොවෙන කෑමක් කෑව පොඩි මාළු කූරියෝ උම්බලකඩ වගේ වේලලා... මාර රසයි... හීනියට හැන්දෑවට පොඩි ශොට් එකක් දාන්න නියමයි...

    :yes::yes::yes:

    හරියට හරි.මේක තමා තියරිය....මේ දැලේ මැද තමා මඩි දැල තියෙන්නේ.ඒක නිකන් ගොට්ටක් වගේ. මාළු ඔක්කොම ඒකෙ එකතු වෙනවා.
    ඉස්සර මිනිස්සු දැල් ඇද්දේ කඹේ ඉනේ ගැටගහගෙන එකම ස්වරයකට අඩි දෙකක් පස්සට ඇදල එක අඩියක් ඉස්සරහට තියනවා....

    ඔව් බන් ධීවර මිනිස්සුන්ගේ ගෑනුන්ට හොඳ රසට සැරට උයන්න නම් පුළුවන්.ඒ වගේම හැම පිරිමි කෙනෙකුටමත් වගේ පුළුවන් බන්...
    මාළු තැම්බුම් හොද්දයි, පොල් ගාලා බත් එකක් කෑවත් පට්ට රසයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන් ඇහුවේ මා දැළක් දාන්න ලක්ෂ 10, 20, 30 යනවා
    කියන්නේ ඇයි බන්... ? එක වරකට යන වියදමද , ඉනීශියල්
    කොස්ට් එකද ?

    ඔය වැඩේ සබැහින් දකින්න ආසාවක් ඇති උනා බන්..
    ට්‍රින්කෝ වලදී දැකලා තියෙනවා..ඒත් උනන්දුවෙන්
    බලන්න ගියේ නැහැ ..

    මහන්සියට ස්තූතියි උඹේ..:cool:

    ඉනිෂියල් කෝස්ට් එක නම් ඊට වඩා වැඩියි බන්...මොකද දැල් කුට්ටම් අලුතින්ම ගන්න ලොකු වියදමක් යනවා.

    දැල් වල නඩත්තුවට යන වියදම්. මොකද හැමදාම වගේ දැල් ඉරෙනවා, කෑලි මුට්ටු කරනවා, මහනවා.
    නයිලෝන් ලණු, කඹ නැතිවෙනවා, කැඩෙනවා අලුතින් ගන්නවා.....

    මණ්‌ඩරාළට රුපියල් 60,70 දාහක් පඩි දෙනවා.ලියන මහත්තයටත් ඒ කිට්ටු ගානක්.
    වැඩ කරන කෙනෙකුට 20,25 දාහක් පඩි.ඒ වගේ 30,40 මිනිස්සු ඉන්නවා.

    බෝට්ටු වලට තෙල් වියදම, එව්වයේ එන්ජින් රෙපයාර් අනං මනං වලට තව ගානක් යනවා.

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් වියදම්. ලොරියට යන ඩීසල්, ඩ්‍රයිවර්, ගෝල පඩි.
    ට්‍රැක්ටර් වලට යන වියදම්.එව්වට යන තෙල් සල්ලි.

    වාඩියේ දවස ගානේ 40,50 දෙනෙකුට කෑමට යන වියදම් ( හාල්, තුනපහ )

    කසිප්පු, බීඩි, ඉඳල හිටලා සීල අරක්කු ටිකකට යන වියදම්.
    එතකොට මාළු ලෝඩ් කරන ප්ලාස්ටික් බකට්, රෙජිෆෝම් පෙට්ටි දවස ගානේ ලේල්ලමේදී මාරු වෙනවා, නැති වෙනවා කැඩෙනවා....එව්වට යන වියදම්.

    මාළු අයිස් කරන්න දවස ගානේ අයිස් විශාල ප්‍රමාණයක් යනවා. එව්වට යන වියදම්.

    ධීවර් සංස්ථාවෙන් දැල් ආම්පන්න චෙක් කරන්න එද්දී එව්වට අත යටින් ගානක් දෙනවා....

    ඉතින් ඉන්න පිරිස වැඩි වෙන්න වෙන්න වියදමත් වැඩි.
    සමහර දවස් තියෙනවා මුළු දැලටම මාළු කිලෝ 40,50....එහෙම දවස් වලට වාඩියේ කන්නත් මාළුවක් ඉතුරු වෙන්නේ නැහැ.
    ඒ වගේ දවස් වලට කරෝල ටිකක් සල්ලිවලට ගන්නවා.

    ඔය වගේ එකතු වුනහම ඉතින් මාස 3,4 වියදම ලක්ෂ 40,50 විතර කිට්ටු වෙනවා බන්...
     
    • Like
    Reactions: Plusky

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ගමනේදී නම් හම්බුනේ නැහැ. කෝකිලායි වලදී වතාවක් දැලක පැටලුන ගල් ගැරඬියෙක් දැක්කා. උගේ වලිගෙ අග පැතලියි...

    වාලක්කඩියා කියල සර්පයෙක් ඉන්නවා...ඌ දැලක පැටලුනොත් ඒ මිනිස්සු දැල් කපල විසික් කරන්නේ. ඌ ඒ තරමටම මාරාන්තික විසයි....

    සරපයෙක්ද ඒ..
    නම් කොහෙන් හරි ඇහිල තියනව මට.. මේ සීන් එකක් දැනන් උන්නෙ නෑ මචං..
    එලකිරි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරපයෙක්ද ඒ..
    නම් කොහෙන් හරි ඇහිල තියනව මට.. මේ සීන් එකක් දැනන් උන්නෙ නෑ මචං..
    එලකිරි

    ලංකාවේ මාරාන්තික විෂ සර්පයෝ වර්ග 13 ඉන්නේ මුහුදේ බන්......ඈත දියඹේදී වාලක්කඩියෙක් කෑවොත් ගොඩට ආවත් බේරන්න අමාරුයි.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලංකාවේ මාරාන්තික විෂ සර්පයෝ වර්ග 13 ඉන්නේ මුහුදේ බන්......ඈත දියඹේදී වාලක්කඩියෙක් කෑවොත් ගොඩට ආවත් බේරන්න අමාරුයි.

    :dull::shocked::shocked:

    පුලුවන් උනොත් විස්තරයක් දාන්න මචෝ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes::yes:

    හරියට හරි.මේක තමා තියරිය....මේ දැලේ මැද තමා මඩි දැල තියෙන්නේ.ඒක නිකන් ගොට්ටක් වගේ. මාළු ඔක්කොම ඒකෙ එකතු වෙනවා.
    ඉස්සර මිනිස්සු දැල් ඇද්දේ කඹේ ඉනේ ගැටගහගෙන එකම ස්වරයකට අඩි දෙකක් පස්සට ඇදල එක අඩියක් ඉස්සරහට තියනවා....

    ඔව් බන් ධීවර මිනිස්සුන්ගේ ගෑනුන්ට හොඳ රසට සැරට උයන්න නම් පුළුවන්.ඒ වගේම හැම පිරිමි කෙනෙකුටමත් වගේ පුළුවන් බන්...
    මාළු තැම්බුම් හොද්දයි, පොල් ගාලා බත් එකක් කෑවත් පට්ට රසයි.

    images.png

    34-2.gif


    මඩි දැල කියන්නෙ මේකට වෙන්න ඇති


    මේ ත්‍රෙඩ් එකෙන් පස්සෙ ටිකක් ඒ ගැන හොයන්න හිතුනා... එහෙ මෙහෙ රිංගද්දි මේ පොටෝ එක දැක්කේ...

    උඹ දැන් ගොඩබිම් වගේම මුහුදත් ජයගත්තා එහෙනම් නේද...?
    ඊලඟට තියෙන්නෙ අහස... මොකෝ කියන්නෙ එයා බැලූන් පාරක්වත් දාමුද...?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    images.png

    34-2.gif


    මඩි දැල කියන්නෙ මේකට වෙන්න ඇති


    මේ ත්‍රෙඩ් එකෙන් පස්සෙ ටිකක් ඒ ගැන හොයන්න හිතුනා... එහෙ මෙහෙ රිංගද්දි මේ පොටෝ එක දැක්කේ...

    උඹ දැන් ගොඩබිම් වගේම මුහුදත් ජයගත්තා එහෙනම් නේද...?
    ඊලඟට තියෙන්නෙ අහස... මොකෝ කියන්නෙ එයා බැලූන් පාරක්වත් දාමුද...?

    මඩි දැල ඔය වගේ තමයි......එයාර් බැලූන් නම් ටිකක් ගණන් නේ....

    ඒ වුනාට මම ගැඹුරු වතුරට බයයි බන්....
    :dull::dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මඩි දැල ඔය වගේ තමයි......එයාර් බැලූන් නම් ටිකක් ගණන් නේ....

    ඒ වුනාට මම ගැඹුරු වතුරට බයයි බන්....
    :dull::dull::dull:


    අම්මෝ ඒ මොකෝ වතුරට බය... පීනන්න පුළුවන්ද...
    මමත් වතුරටනම් බයයි.. පීනන්න පුරුදුවුනා අවුරුද්දක් විතර, හරිගියේ නෑ...

    හ්ම්... එයා බැලූන් ටිකක් ගණන් තමා.. සීගිරිය පැත්තෙ රවුමක් දාන්න ආසයි උඩින්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උදේට මලු තැම්බුම් හොද්දයි, ගාපු පොල් එක්ක බත්.දවල්ට මාළු කිරි හොද්ද එක්ක බත්.රෑටත් එව්වමයි.ඉඳල හිටලා මිරිස් කරලක් බැදලා, පරිප්පුවක් හෝ එළවළුවක් උයනවා.

    උතින් හොදයිනෙ මචං.. මාලු කියන්නේ වස විසක් නැති හොදම කෑමක්...හැමදාම අලුත්ම මාලු කනව කියන්නේ ඉතින් මාර ෆිට්1ක්..අලුත් මාලු ටිකක් ලේ රහට කන්න තියනවා කියන්නේ ඉතින් ඇඩෙනවා...

    ජීවිතේ මොන තරම් පහසුද සහ ජීවිතේ අපිට මොන තරම් හොඳ දේවල් වලින් සංග්‍රහ කරලා තියෙනවද කියන දේ.
    මොකද සාධාරණ බව හැම තැනම නැහැ.

    මේක නම් සහතික ඇත්ත මචං....මට ඕක ගොඩක් වෙලාවට හිතිල තියනවා.. එහෙම වෙලත් ගොඩ වෙලාවට අපි ඒක අවබෝධ කරගෙන මහන්සියෙන් වැඩ කරනවා අඩුයි..

    සුපිරිම ත්‍රේඩ්1ක් මචං.. පට්ට එක්ස්පීරියන්ස්1 නේද.. මට නම් ඔහොම ගමනක් සිහිනයක්..
    TFS Rep++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Sira machan thread eka. Math inne muhuda kittuwa. Api iskole yana kale idan yanawa athal ekata set wela dal adinna.... Enakota malu tikak hambenawa hamotama.... Full athal ithin a kale....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Sira machan thread eka. Math inne muhuda kittuwa. Api iskole yana kale idan yanawa athal ekata set wela dal adinna.... Enakota malu tikak hambenawa hamotama.... Full athal ithin a kale....


    කොයි ඉසව්වෙද මචං උඹ...?