~~~~උගන්ඩා මහ සටනැ කතා වත්තුව~~~~

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    උබලනෙ බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් , හිටපු රාජ්ය නායක කොහෙ ගියත් මොක කෙරුවත් උබලට මොකද කහනව්ද??? 46% පොනිලට බදු ගෙව ගෙව මහින්දට බනිනව මහ ගොබ්බ ටොයි රැලක්,:lol::lol::lol::lol:

    යටි හිටේ පොඩි බයක් තියෙනවා රාජපස්ස හුටුමානන් වහන්සේ ආයිත් ජනාදිපටි වෙලා ලක්ඩිව වහල්ලුන්ගෙන් ස්වයංපෝශිත කොරලා රට වහල්සේසත් කොරයි කියලා. :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මහින්ද බද්ද.
    මහින්දට පුක දුන්නට ගහලා තියෙන්නේ අපිටත් එක්ක.
    ණය අරං කොරා නං දැන් ගෙවපන්
    :lol:
    උබල වගේ රට ගොන්නුන්ට ඒ කතාව හොදයි, :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යටි හිටේ පොඩි බයක් තියෙනවා රාජපස්ස හුටුමානන් වහන්සේ ආයිත් ජනාදිපටි වෙලා ලක්ඩිව වහල්ලුන්ගෙන් ස්වයංපෝශිත කොරලා රට වහල්සේසත් කොරයි කියලා. :(:(
    කොහොමද මහින්ද ආයෙ ජනාධිපති වෙන්නෙ????? ලොල් දන්න දෙයක් කියවපන් බන්. කතාව දේශපාලනෙන් දන්න රෙද්දකුත් නැ ඒ උනාට, :lol::lol::lol::lol:
     

    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    pattta

    :lol:
    එකල්හි අප මහා ශ්‍රී රෝහණ ජනරංජන ත්‍ර්‍රී සිංහලද්ධීශ්වර පරම පූජනීය මහින්දෝත්තම රාජපක්ශ මහරජාණෝ "සම්පත් රන් කහවනු බලය නම් කිමැයි... සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුම බැවින් රජ කම දී බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරමියි.. "" යන උතුම් අධිඨනින් අනුප්‍රාප්තික සිරි හිටං ලේකම්තැනට රාජ්‍ය භාර දී සියලු සම්පත් අතහැර මැදමුලනේ භාවනායෝගීව කල් ගත කරන්නාහුය....
    එකල ලොව පුරා මහින්දෝත්තම රජුන්ගේ කීර්තිය පැතිර තුබූ බැවින් රා හලට පැමිණෙන බේබද්දන්සේ නා නා විධ රාජ්‍යන්ගේ නායකයෝ ද නායිකාවෝ ද කුමාර කුමාරාධීහුද.. ඇමැතියෝද සිටුවරුද දෙවියෝද බ්‍රහ්මයෝද දිවා රෑ නොබලා එතුමා බැහැදැක්මට නා නා විධ දේශන්ගෙන් පැමිණියාහ...
    මෙසේ එක් දිනක් මිනී මස් කමින් රාජ්‍ය විනාශ කරමින් සිටි දුශ්ඨයා පලවා හැර ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරමින් අප්‍රිකානු භූමියේ ආස්චර්‍ය බඳු වූ සත් රුවන් වැසි වසින්නා ශ්‍ර්‍රී සමෘද්ධිමත් දේශය වූ උගන්ඩානු මහා අධිරාජ්‍යයේ රාජෝත්තම යුවේරි කගහුතා මුසවානි මහා අධිරජ තෙමේ තම රාජාභිෂේක සැමැරුම සමරන්නට යෙදිණ..
    ශ්‍රීමත් රාජපක්සෝත්තම රජුන් නොමැතිව මට කුමන අභිශේකයක් දැයි සිංහනාද කර මාලිගාවේ මල්බඳුන් පොලොවේ ගසා රාජපක්ස මහ රජුන් වහා කැඳවාගෙන එවයි කියා බෝයිං 747 අහස්‍යාන්තරයක තම රාජපුරුශයන් යවා උගන්ඩා රාජ්‍යයට රාජපක්ශ රජුන් බෑ බෑ කියද්දිම ගෙන්වා ගත්තේ අසෝක අධිරජුට පසු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ රජු වූ නිසාවෙන් බව කිව මනාය....
    රාජපක්ස රජුන් වහන්සේ තම ආර්‍යාවන් හා යුව රජු වූ නාමල් කුමරුන් ඇතුලු පිරිස සමග කම්පාලා මහ නුවරට සැපත් වන්නාහ..
    ගුවන් තොටේ මහ නැටුම්ය...
    ශක්‍රයා වැඩියා සේ පිළිගැනුම්ය..
    මින් රල ගං වෙරලට රැස්වීය....
    අප මහ රජුන්ගේ තේජසින් කම්පාලා අහස්‍යන්ත්‍රාංගනයේ විදුලි බුබුලු ලැජ්ජාවෙන් මිරිකී පිපිරී ගියහ...
    පිළිගැනුම් නර්තන ඉදිරිපත් කරන්නා වූ දෙවඟනුන් බඳු යුවතියෝ රාජපක්ස රජුන්ගේ ස්‍රී විභූතිය දැක එන්රික් පැමිණියාක් මෙන් තිසරපට ගලවා මහින්දෝත්තමයන් ඉදිරිපිට වන්දනාවේ යෙදුනාහ....
    මෙසේ කගහුතා රජුන් ව්සින් අපමහ රජුන් පිළිගෙන දසදහසක් ජනතාව මද්‍ය්‍යයේ මාළිගයට කැඳවාගෙන ගියහ...
    මේ අතරතුර කගහුතා රජුගෙන් රාජ්‍ය පැහැර ගැනීමට විපක්සනායක තෙම සතරකන්මන්ත්‍රණ කරන්නට වන්නාහ...
    කගහුතා රජුගේ අභිශේකය පැවැති මොහොතේ විපක්සනායක තෙමද රජු නම් මමයි කියා කම්පාලාව වටලන්නට විය.. ජනයා කීතු කීතු කර දමමින් මාලිගයට සතුරු හමුදාවෝ කෑමක් පසුපස එන කපුටන් මෙන් පැමිණියාහ..
    ජනතා හිතැති කගහුතා රජු "මා නිසා මගේ ජනයා පීඩාවට පත් වීම නොවටී කියා රජකම අතැර යාමට ආභරණ ගලවා සරමක් ඇඳ ටන්කා පෙට්ටියට වස්ත්‍ර දමන්නට විය...
    මේ අසාධාරණය ඉදිරියේ දණ්ඩෙන් පහරලත් නාගයකු මෙන් කෝප වූ අප මහා මහින්ද මහ රජාණෝ... " අයුක්තිය අසාධාරණය රජකරන ලෝකයේ යුක්තිය සාධාරණය වෙනුවෙන් දිවි හෙලා සටන් වදිමියි...."" මාළිගයේ ජනෙල් දොරක එල්ලී සතුරු හමුදාවට සිය ශක්‍රවයාගෙන් තෑගි ලැබුනු වශී බෝලය පෙන්වා සිංහනාද කර අභීතව සටනට යන්නාහ.... සාටකය සුළඟට සැලෙයි....
    දකුණින් නාමලයෝය... වමෙන් සේනාධිපති ගෝඨාය...
    රාජ්‍ය චතුරාංගනී සේනාව සමග අප මහ රජාණෝ මුවෙකු පසුපස යන චීටෙකු මෙන් සතුරු හමුදා ඉදිරියට යන්නාහ...
    මේ අතර කුඩා කුමරුන් වූ යුධතාක්සන ශිල්පයේ කෙළ පැමිණි රෝහිතාභිධානයන් දුටු ජනී ජනයා මවිත කරමින් ජනවාරි පලවෙනිදා මල්වෙඩි දමන්නාක් මෙන් සතුරු හමුදා මතට හෙණගෙඩි මෙන් රොකට් ප්‍රාහාර එල්ල කරන්නාහ...
    අභිසේකයට පැමිණි ලොව සුපතල සුරපුර වන් රාජ්‍යන් වූ සෝමාලියාව.,ඉතියෝපියාව.. කෙන්‍යාවාදී රටවල රජුන් මවිත කරමින් අපමහ රජානෝ බජිරාඕ මස්තානි හි බජිරාඕ බල්ලාඩි මෙන් සටන් කරන්නාහුය... දෙව්ලොව සෙන්පති තෝර් ටත් වඩා වේගයෙන් කඩුපත හසුරවන්නාහ...
    රජිනි කාන්ත් සේ එක පා පහරින් සතුරන් තූ තූ කරන්නාහ....
    වයසනම් කිමැයි කියා සතුරන් අතරට පැන අයන් මෑන්..මහා හල්ක් අධිරජු සේ සටන් කළ අප මහ රජාණෝ සතුරන් නසා අවසානයේ කගහුතා මහ රජු නැවත සිහසුනේ පිහුටුවන්නාහ...
    .
    මෙයින් මහත් ආහ්ලාදයට පත් කගහුතා රජාණෝ රන්රිදී මුතු මැණ්ක් අභරණ තෑගි කර අවසානයේ තම රාජ්‍යයෙන් කොටසක් වෙන්කර බයියාරාජ්‍යය නමින් නම් කර මහින්දෝත්තමයන්ට පූජාකර අපි එක්ව රාජ්‍යය විචාරමුයි කීවේය...
    .
    බලය නම් නැතිවන සුළුය.. මිත්‍රත්වය නම් අමරණීයම වන්නේය යැයි කගහුතා රජුගේ දියණිය ඔසවා නිකට මිරිකා සුරතල් කර බිමින් තබා අපි යනවායැයි සිනා මුසු මුහුණින් පවසා ගම්වැද කිසිත් නොවූවාසේ වනයට වදින වන අලියෙකු සේ සිංහනාද කර නැවත ලංකාපුරයට පැමිණ භාවනාවෙන් මැදමුලනේම බෝ තුටින්.. බෝ දන සේවය කරමින්.. පන්සල් යමින් කල් ගත කළහ...
    .
    උගන්ඩා මහ සටන කතා වත්තුව නිමියේය....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    කොහොමද මහින්ද ආයෙ ජනාධිපති වෙන්නෙ????? ලොල් දන්න දෙයක් කියවපන් බන්. කතාව දේශපාලනෙන් දන්න රෙද්දකුත් නැ ඒ උනාට, :lol::lol::lol::lol:

    මහින්ද හුටුමානන් වහන්සේගේ වමත් සාවක අධෝමුඛ සෝදක විමල් වීරවන්ස මැටිතුමාට තමාගේ වසී භාවයට අනුව උපන්දිනද හැඳුනුම්පත්ද පාස්පෝර්ට්ද සෑදිය හැකිනම්, අධෝ වන්දනීය වූ මහා බලැති මහින්ද හුටුමානන් වහන්සේගේ හැකියාවන් අසම සමය, කැමති රූපයක් කැමති නමකින් මවා ගැනීමට හුටුමානන් වහන්සේට අහැකිය. මෙවැනි බලසම්පන්නයෙකු අන් හැකියාවන් ගැන කවර කතාද. මේ වැනි මාහැඟි බලසම්පන්න මහින්ද හුටුමානන් වහන්සේගේ යලි සංපාත්තිය ඉදිරියේ, නිවටයින් සම්මත කල විවස්තාවන් කේසර කුංචනාදයකට බය වී පලා යන රට කජු පොතු වැනිය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හුටුමානන් වහන්සේගේ වමත් සාවක අධෝමුඛ සෝදක විමල් වීරවන්ස මැටිතුමාට තමාගේ වසී භාවයට අනුව උපන්දිනද හැඳුනුම්පත්ද පාස්පෝර්ට්ද සෑදිය හැකිනම්, අධෝ වන්දනීය වූ මහා බලැති මහින්ද හුටුමානන් වහන්සේගේ හැකියාවන් අසම සමය, කැමති රූපයක් කැමති නමකින් මවා ගැනීමට හුටුමානන් වහන්සේට අහැකිය. මෙවැනි බලසම්පන්නයෙකු අන් හැකියාවන් ගැන කවර කතාද. මේ වැනි මාහැඟි බලසම්පන්න මහින්ද හුටුමානන් වහන්සේගේ යලි සංපාත්තිය ඉදිරියේ, නිවටයින් සම්මත කල විවස්තාවන් කේසර කුංචනාදයකට බය වී පලා යන රට කජු පොතු වැනිය
    අපරාදෙ බ ඉරාගෙන ලියන්ඩ ගිය කාලෙ, මෙලොකෙ වැඩක් නැ,:confused:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13173738_10153395001241467_4907828159397372118_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    හිටපු ජනාධිපති රාජපක්ෂ චීනයේ සංචාරයක යෙදෙනෙ බව කී නමුත් එය සිදු වූයේ නැත. රාජ්‍ය බලයේ අනුහසින් සියක් ආවතේවකරුවන් පිරිවරා ලොවපුරා සංචාරයේ යෙදුණූ රාජපක්ෂට බලය අහිමිවීමෙන් පසු කිසිදු රටකින් නිල ආරාධනයක් තවම ලැබී ද නැත. දුකකි.

    ඊට සහමුලින්ම වෙනස්ව හිටපු ජනාධිපතිනි කුමාරතුංග බලයෙන් ඉවත්වී වසර දහයකට පසුත් අන්තර් ජාතික සමාජ දේශපාලන භූමිකාවක් රඟපායි. ඊට හේතුව ඇය බල දේශපාලන භූමිකාවෙන් ඉවත් වි රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය සිය ක්ෂේත්‍රය බවට පත් කර ගෙන සිටින නිසා ය‍.

    රාජපක්ෂ තවම බලය පස්සේ දුවයි. තමා රටෙහි නායකයා වන බවට වහසි බස් දොඩයි. ජාතිවාදය කර පින්නාගෙන සිටී. බලයෙන් පහ වූ එවැනි දේශපාලඥයකු රතු පලස් දමා පිළිගන්නේ කව්ද?

    දැන් එවැනි එක් රාජ්‍ය නායකයකු රාජපක්ෂයට හමු වී තිබේ. ඒ උගන්ඩාවේ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනිය.මුසෙවෙනි තිස් අව්රුද්දක් පුරා උඩන්ඩාව පාලනය කරයි. මුසෙවෙනි වත්මන් ලෝකයෙහි ඒකාධිපතියන් අතර හයවැන්නා ලෙස පෝබස් සඟරාව විසින් නම් කරන ලද්දේද දෙතුන් වසරකට පෙරය. ලෝක දූෂන වාර්තාවෙහි මුසෙවෙනිගේ උගන්ඩාව ඉන්නේ රටවල් 167න් 137වන ස්ථානයේ ය. නැගෙනහිර අප්‍රිකාවෙහි දූෂිතම රාජ්‍ය උගන්ඩාවය. මුසෙවෙනි දූෂණය කොතරම් ද යත් 2012 වසරහිදී යුරෝපා රටවල් ගණනාවක්ම එරටට දෙන ආධාර නතර කළහ. පදවි ප්‍රාප්තිය දිනට පෙර දා මුසෙවෙනි ක‍ළේ තමා සමඟ ජනාධිපතිවරනයට තරඟ කළ විපක්ෂ නායක කිසා බෙසිග්යේ අත් අඩංඟුවට ගෙන සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීම ය.
    අහෝ! රාජපක්ෂට යන්න වෙන තැනක් තිබුනේම නැත්ද?

    මහජන මුදල් ප්‍රකෝටි ගණනින් නාස්ති කැරෙන එවැන්නකුගේ පදවි ප්‍රාප්ත උළෙලට මහින්ද රාජපක්ෂ සහභාගි වූ සතියෙහිම වන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතීන් ඇමතුවාය. ජනපති සිරිසේන ලංඩනයෙහි ලෝක දූෂණ විරෝධී සමුළුව ඇමතුවේය.

    කොතරම් කුරිරු ඉතිහාසීය සරදමක්ද?

    රාජපක්ෂ අපෙක්ෂා කළේ ජිවිත කාලයම ජනාධිපති ලෙස සිටීමටය.එබැවින් ඔහු උගන්ඩාවට ගොස් මුසෙවෙනිගෙන් ඉගෙන ගත යුතුව තිබුණේ බලයෙන් පහවීමට පෙරය.මන්ද යත් මර්දනය අතින් මුසෙවෙනි රාජපක්ෂය වඩා දරුණූ සහ දක්ෂ නිසාය. කලින් සන්නද්ධ කණ්ඩායමක නායකයා වූ මුසෙවෙනි මුලින්ම බලය අල්ලා ගත්තේ ජන්දයෙන් නොව කුමන්ත්‍රණයක් මගිනි.

    තමන් ලද ආරාධනය ගැන මුසෙවෙනි අහස උසට ප්‍රසංසා කරමින් රාජපක්ෂ මුසාවාද ප්‍රකාශයක් නිකුත් කළේය. මේ ඉන් උපුටා ගත් වැකියකි:

    “උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 61% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.”
    රාජපක්ෂ කියන මේ සියයට 61ක ජන්දය 2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ලද ජන්ද වැනිය. නැතහොත් නිදහස් සහ සාධාරණ නොවූ ජනපතිවරණයක විපාකයකි. මුසෙවෙනි පස්වන වරට ජයගත් මේ ජන්දය පැවැතියේ පසුගිය පෙබරවාරි 18දාය.

    දේශීය මැතිවරණ නිරික්ෂකයෝ එකී ජනාධිපතිවරණය දූෂිත බව වාර්තා කළහ. යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු අන්තර් ජාතික නිරික්ෂකයෝ ජනපතිවරණය සාධාරණ නොවූ බව සනාථ කැරෙන සාධක විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධ කළෝය‍. මැතිවරණ කාලය අතරතුර දින පහක් සියළුම සමාජ ජාල නිල වශයෙන් තහනම් කරන ලදී. විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ ආචාර්ය කිසා බෙසීග්යේ ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ගණනාවක් ජනාධිපතිවරණ කාලය තුළදීම අවස්ථා ගණනාවකදීම අත් අඩංඟුවට ගැනුණි. ජනපතිවරණය රජයේ වියදමින් බඳවා ගන්නා ලද දහස් ගණනාවක් මුසෙවෙනි වෙනුවෙන් ජන්ද වැඩට යොදවා තිබුණි.

    රාජපක්ෂ ද සහභාගිවීමට නියමිත මුසෙවෙනි පදවි ප්‍රප්ත උළෙල වෙනුවෙන් උගන්ඩාවෙහි දේශපාලන මර්දනය දැන් උත්සන්න කර තිබේ. ඒ කිසිදු දේශපාලන සංවාදයකට ඉඩ නොතබනු පිණිසය. පසුගිය අප්‍රෙල් 29දා ශ්‍රේෂඨාධිකරණ තීන්දුවක් මගින් ප්‍රධාන විපක්ෂය වන “ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා මණ්ඩපය” ට පෙළපාලි පැවැත්වීම, මහජන රුස්වීම් පැවැත්වීම, මාධ්‍ය ව්‍යාපාර සහ නිවේදන නිකුත් කිරීම යළි දන්වන තුරු තහනම් කරන ලදී. දැන් එම විපක්ෂ නායකයින් නොනිල නිවාස අඩස්සියකට පත් කර තිබේ. තොරතුරු ඇමැති මැයි 05දා නිවේදනක් නිකුත් කරමින් විපක්ෂ ක්‍රියාකාරකම් සජිවීව වාර්තා කරන මාධ්‍යයනහි අවසරපත් නැතිවිය හැකි” බවට තර්ජනය කළේය.

    2015 ජනවාරි 08දා කුමන හෝ උප්පරවැට්ටියකින් ජය ගැනීමට රාජපක්ෂ සමත් වූයේ නම් මෙරට තත්වය ඊටත් නරක් වන්නට නොතිබුනිද? මුසෙවෙනි රාජපක්ෂට මේ ඇරයුම එවන්නට ඇත්තේ අවශ්‍ය වුවහොත් වැඩදාන හැටි පෙන්වීමට විය යුතුය.

    අයියා මල්ලී වාගේය. මුසෙවෙනි ජනමාධ්‍ය මර්දනය අතින්ද රාජපක්ෂට නොදෙවෙනිය. ඔහු සජිවී විකාශ බලයෙන් නතර කරයි. එළෙස බලයෙන් නතර කරන ලද නිවේදයින්ට බඩ පිරෙන්න දෙන්නේ රාජපක්ෂ පෝරියල්ය. අරාබි වසන්තයට බියවූ මුසෙවෙනි ‘මහජන බලය’, “ආඥාදායකයා’, ‘කඳුළු ගෑස්’, සහ ‘ඊජිප්තුව’ වැනි වචන ජංගම දුරකථන කෙටි පනිවිඩ මගින් යැවිම තහනම් කළේය.

    රාජපක්ෂ උදම් අනන මුසෙවෙනිගේ ජන්ද සියයට 61 ලබා ගත්තේ එහෙමය.

    මුසෙවෙනි යටතේ එච්අයිවී ඒඩ්ස් මර්දනය කළ බවට රාජපක්ෂ සිය නිවේදනයෙන් ප්‍රංශසා කරයි. එසේ නමුත් ‘ ද ලාන්සෙට්’ නම් ලොව ප්‍රධාන පෙළේ සුව සේවා සමීක්ෂණ සඟරාව කියන්නේ එච්අයිවී-ඒඩ්ස් මැඩළීම අතින් උගන්ඩාව ව්‍යාජ සහ අසම්පුර්ණ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇති බවයි. අද පවා උගන්ඩාව පෙළෙන මහත්ම උවදුරක් වන්නේ එච්අයිවී – ඒඩ්ස්ය.

    මුසෙවෙනි තිස්වසරකට පෙර බලයට පැමිණි අවදියෙහි ඔහු ඉදිරිගාමී දේශපාලනයක් පෙන්නුම් කළ නමුත් ඉක්මනින්ම රාජපක්ෂ වර්ගයේ ඊටත් වඩා දරුණූ අර්ධ අඥාදායකයකු බවට පිරිහි ගියේ ය. ඊට හේතුව වූයේ බල තන්හාවය.

    අඥාදායකයකුගේ පදවි ප්‍රප්ත උළෙලට යෑම සාධාරණ කරනු පිණිස කරුණු සොයන රාජපක්ෂ මුසෙවෙනි ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබඳ උපාධිධරයෙක් බවද සිය නිවේදනය මගින් අපට කියයි. විදෙස් සංචාරයන්හි යෙදෙන මෙරට රාජ්‍ය පාලකයින් හෝ හිටපු පාලකයින් එම රටවල රාජ්‍ය නායක නායිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හුවා දක්වනු ඔබ කවදා හෝ දැක තිබේද? මේ වනාහී සිය කිල්ලෝටයේ ඇති හුණූ වසා ගැනීමට රාජපක්ෂ දරණ බාල කපටිකමකි.

    මුසෙවෙනි ගැන කීමට මීට වඩා බොහෝ රස කතා තිබේ. අඩුම වශයෙන් ඔහු සිය වයස ගැනවත් ඇත්ත කියන්නේ නැත. සිය දෙමාපියන් නූගතුන් බැවින් උපන් දිනය සටහන් නොකරන ලදැයි කියන මුසෙවෙනි තමා ඉපදුනේ 1944 දී බව කියයි. නමුත් විපක්ෂය කියන්නේ ඔහු ඊට වඩා පස් වසරකින් වැඩි මහල් බවයි.

    රාජපක්ෂ සමහර විටට මුසෙවෙනිගෙන් ඉගෙන ගන්නට ඇත. ඒ ජනාධිපතිධූරකාල සීමාව ඉවත් කර ගත් 18වන සංසෝධනය ගෙන එන්නටය. මුසෙවෙනි 2005 දී ව්‍යවස්ථාව සංසෝධනය කර ගත්තේ තමාට ඇති තාක් කල් ජනාධිපතිධුරය දැරීම පිණිසය. ඒ සඳහා ව්‍යවස්ථාව සංසෝධනය කර ගැනීමට අවශ්‍ය තුනෙන දෙකේ ජන්ද ලබා ගැනීම පිණිස පාර්ලිමෙම්න්තුවේ මංත්‍රීවරු 307 දෙනාගෙන් 201කට උගන්ඩා සිලිං ලක්ෂ පනහ බැගින් අල්ලස් දුන්නේ එළිපිටමය. ජරාව දී මංත්‍රීන් බා ගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ ද ඊට දෙවෙනි නැත.

    පස්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්විම ගැන මුසෙවෙනි කියන්නේ ‘ මං හදාපු කෙසෙල් වත්තේ කැන් වැටෙන්න පටන් ගන්න කොට දාල යන්නේ කෙසේද’ කියාය. උගන්ඩාව මුසෙවෙනිගේ කෙසෙල්වත්තය. රාජපක්ෂටත් ඔහු හොදවායින් කෙසෙල් ටිකක් කන්නට දෙන්නට ඉඩ තිබේ.

    ලැජ්ජා නැතිකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුය.!

    සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

    Excellent.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හුටුමානන් වහන්සේගේ වමත් සාවක අධෝමුඛ සෝදක විමල් වීරවන්ස මැටිතුමාට තමාගේ වසී භාවයට අනුව උපන්දිනද හැඳුනුම්පත්ද පාස්පෝර්ට්ද සෑදිය හැකිනම්, අධෝ වන්දනීය වූ මහා බලැති මහින්ද හුටුමානන් වහන්සේගේ හැකියාවන් අසම සමය, කැමති රූපයක් කැමති නමකින් මවා ගැනීමට හුටුමානන් වහන්සේට අහැකිය. මෙවැනි බලසම්පන්නයෙකු අන් හැකියාවන් ගැන කවර කතාද. මේ වැනි මාහැඟි බලසම්පන්න මහින්ද හුටුමානන් වහන්සේගේ යලි සංපාත්තිය ඉදිරියේ, නිවටයින් සම්මත කල විවස්තාවන් කේසර කුංචනාදයකට බය වී පලා යන රට කජු පොතු වැනිය
    මේ කතාවෙන් උබ ගැන දෙකක් කියන්ඩ පුලුවන් මට.
    1, උබ එක්කො කුරුසයෙක් නැත්තන් ආගම ගැන කිසිම හැගීමක් නැති නිවටයෙක්.
    2 උබ හෙන මොඩයෙක් 'කෙසර කුoචනාදය' සහ රට කජු පොතු ,:lol::lol: o/l පාස්ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තාමත් බලේට එන්ඩ තටමන්නේ අපුච්චා

    යකෝ ඒකා එක පාරයි පැරදුනේ.ඒකට බලපන් පොනිලා.94 ඉඳන් පරදිනවාඅ.මේ පාර යන්තම් බළලෙක් ලවුවා කොස් ඇට බා ගත්තා.ඌට පඹයා හිටියේ නැත්නම් මේපාරත් පරාජය තමා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    අපරාදෙ බ ඉරාගෙන ලියන්ඩ ගිය කාලෙ, මෙලොකෙ වැඩක් නැ,:confused:


    මහින්ද හුටුමානන් වහන්සේගේ ගුන වර්නන කරන්න විනාඩියක් දෙකක් වෙන් කරන්න බැරිනම් මන් දේස ද්‍රොහියෙක්.

    මේ කතාවෙන් උබ ගැන දෙකක් කියන්ඩ පුලුවන් මට.
    1, උබ එක්කො කුරුසයෙක් නැත්තන් ආගම ගැන කිසිම හැගීමක් නැති නිවටයෙක්.
    2 උබ හෙන මොඩයෙක් 'කෙසර කුoචනාදය' සහ රට කජු පොතු ,:lol::lol: o/l පාස්ද?

    1) ඔතන සිංහල බාසාව විතරයි තියෙන්නේ.
    2) සා.පෙ.පෙ බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හුටුමානන් වහන්සේගේ ගුන වර්නන කරන්න විනාඩියක් දෙකක් වෙන් කරන්න බැරිනම් මන් දේස ද්‍රොහියෙක්.



    1) ඔතන සිංහල බාසාව විතරයි තියෙන්නේ.
    2) සා.පෙ.පෙ බන්
    සිoහල ඔනෙ නම් සිoහලෙන් ලියපන් වමත් සාවක, වන්දනීය වූ මහා බලැති ,අසම සම, ඔය වචන මොනවද. උබ අඩුම ගානෙ අසම සම කියන්නෙ කාටද කියලවත් දන්නවද??? මොඩය වෙන්ඩ එපා උබ කිස්තියානි කියල අනිත් ආගම් වලට පහර ගහන්ඩ එපා, අපි බනින්නෙ නැනෙ උබේ අගමේ වචන දාගෙන ඒක හින්ද හැදියන්,
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සිoහල ඔනෙ නම් සිoහලෙන් ලියපන් වමත් සාවක, වන්දනීය වූ මහා බලැති ,අසම සම, ඔය වචන මොනවද. උබ අඩුම ගානෙ අසම සම කියන්නෙ කාටද කියලවත් දන්නවද??? මොඩය වෙන්ඩ එපා උබ කිස්තියානි කියල අනිත් ආගම් වලට පහර ගහන්ඩ එපා, අපි බනින්නෙ නැනෙ උබේ අගමේ වචන දාගෙන ඒක හින්ද හැදියන්,

    Hodatama ridila
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    සිoහල ඔනෙ නම් සිoහලෙන් ලියපන් වමත් සාවක, වන්දනීය වූ මහා බලැති ,අසම සම, ඔය වචන මොනවද. උබ අඩුම ගානෙ අසම සම කියන්නෙ කාටද කියලවත් දන්නවද??? මොඩය වෙන්ඩ එපා උබ කිස්තියානි කියල අනිත් ආගම් වලට පහර ගහන්ඩ එපා, අපි බනින්නෙ නැනෙ උබේ අගමේ වචන දාගෙන ඒක හින්ද හැදියන්,

    ඔව් ඔව් මම කිස්තියනි :lol::lol:

    PS: ඔව් අසම සම කියන එකේ තේරුම දන්නවා.
    එවැනිම කෙනෙකුට සමයි. අනිත් අයට සමාන කරන්න බැරි නිසා අසමයි.

    අපේ මහින්ද හුටුමානන් වහන්සේ, උගන්ඩාවේ ජනාධිපති වැනි අයට සමයි. මහත්මා ගාන්ධි මැන්ඩලා වැනි අය සමග බැලුවම අසමයි. එබැවින් අසම සමයි :love::love:
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒකනම් ඇත්ත පොනිලගෙ පුදුම මොලේ බද්ධ 46% නිවට ටොයියො තාම දත නියවනව පව් අප්ප.:lol::lol:
    13151752_1131716676895416_2523679516849906921_n.jpg


    මේ බිල නම් වැරදිලා දාපු එකක්ද කොහෙද
    අපිටනම් ඒකක 90 පැනපු ගමන් 500ක් තව වැඩි පුර ගෙවන්න ඕන
    එතකොට 1400ක් විතර සෙට් වෙන්න ඕන
    මේ බිලේ ඒකක 95ක් පාවිච්චි කරලත් අටසිය ගානක් ඇවිල්ල තියෙන්නේ
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අර පොටෝ එක කොහොමද.. උකන්ඩාවිය උකන්ඩ කියලා තමා කියනවා..ඇමිනෙනවා..
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    යකෝ ඒකා එක පාරයි පැරදුනේ.ඒකට බලපන් පොනිලා.94 ඉඳන් පරදිනවාඅ.මේ පාර යන්තම් බළලෙක් ලවුවා කොස් ඇට බා ගත්තා.ඌට පඹයා හිටියේ නැත්නම් මේපාරත් පරාජය තමා.

    පොනිලගෙන් වැඩක් නෑ පොන්ස්.. අපේ අපුච්චා බලපන්.. මුන් දෙන්නම සේම් ෆීචර්ස්.. දෙන්නම බලේ ඉන්ඩ ව්යවස්තාව එඩිට් කලා... දෙන්නම විපක්ශෙ මාධ්ය මර්ධනය කරනවා..දිනුවට පසු විපක්ශ නයකයින්ව හිරේ දාන්වා..ඒකාදිපති වරු...

    මෙහෙ මිනිස්සු වෙනස්..උගන්ඩා වල වගේ කැරලි නෑ.. කොහොම උනත් අපුච්චාට පැරදුනාට පස්සෙ වත් අර චන්ද්‍රිකා ඉන්නවා වගේ රාජ තාන්ත්‍රික විදියට ඉන්ඩවත් තිබ්බා.එයා යූ එන් ඇමතුව දැන් ගිය සතියෙත්.. ඒත් අපුච්ච උගන්ඩා..ඉදකිං